Sunday, May 29, 2011

පිටින් කන්නෙ පරිස්සමට..!!!!! ( ඇත්තම ඇත්ත කතාවක් ) - 2 කොටස


මේකත් කොත්තු කතාවක් ම තමයි... සුපර් මාරියෝ වනාහී කඩෙන් කෑමට අසීමිත ආසාවක් ඇති, ඒ නිසාම සුපර් අම්මාගෙන් අන්ලිමිටඩ් බැනුම් අහන පොරකි... අදත් හවස කඩෙන් කොත්තුවක් ගෙනාවේ සුපර් අම්මටයි සුපර් තාත්තටයි ගෙදර කෑම තිබූ නිසාත්, මට විතරක් කෑම සෑදීමට වඩා කඩෙන් ගේන ‍එක අම්මියාට ලේසී නිසාත්ය...

ඔන්න ඉතින් සුපර් මාරියෝත් කලින් දවසක් යාලුවොත් එක්ක කාපූ අමතක නොවෙන "කෑම වේල" මතක් කරගෙනම කොත්තුව කන්න පටන් ගත්තා..




මේ පින්තූරෙ තියන එක වගේම තමයි පට්ට කොත්තුව... ඔහොම කනකොට ඉතින් එක පාරටම "ටකස්" ගාල සද්දයක් ඇහුනා.. මම ඒත් මස් කට්ටක් ද දන්නැති නිසා කෝකටත් කියල බැලුව මොකක්ද සද්දෙ කියලා... හුටා..!!! බලන කොට මෙන්න ටින්ටස් ඇනයක්...




මේන්න ඇණේ... කොහොමද බන්ඩියට ගියානම්... ඇණේ එක්ක කොත්තු ටිකත් පැත්තකට කරේ ආයේ නම් කොත්තු කන්නේ නෑ කියල හිතාගෙන... බලමු එහෙම ඉන්න පුලුවන් වෙයි ද කියලා...


මේ මට මෙහෙම උන දෙවෙනි වතාවයි... තව මට වෙච්ච කොත්තු සීන් එකක් තියනවා ඒකත් ලගදීම කියන්නම්...


කඩෙන් කන්නේ පරිස්සමට.....!!!!


ප.ලි - අහිතක් නැත්තම් කමෙන්ටුවෙන් පස්සේ ඔයාගේ බ්ලොග් එකේ                  ඇඩ්රස් එකත් දාලම යන්න....

Thursday, May 26, 2011

සුපර් මාරියෝ ගේ ලෝකයට ප්‍රොෆා ගානේ නවීකරණයක්..



අපේ ප්‍රොෆා අයියා ගැන මම කලින් පෝස්ට් එකක දැම්මා කට්ටියට මතකයි කියා සිතම්. (මතක නෑ කියල මම දන්නවා සුපර් මාරියෝගේ ලෝකයේ කට්ටිය - 2 බලන්න) මම මේකෙ ආයෙ දාන්න යන්නෑ දැම්මොත් එයා තරහ වෙනව කිව්ව නිසා...

මීට මාසයකට කලින් පොර මට කිව්ව "මල්ලී උබේ බ්ලොග් එකට මරු තීම් එකක් හම්බුනා" කියලා.. ඒත් දෙන්නටම ඒ දවස්වල කැම්පස් එකේ ෆයිනල් එක්සැම් නිසා වැඩේ කල් ගියා.. මොකද ඒ තීම් එක දැම්මාම තියෙන ඔක්කොම ගැජට්,විජට් නැතිවෙලා යනවා.. ඔන්න අද හවස ආයෙම අයියා අහනවා තීම් එක දැම්මද කියලා.. ෆලෝවර්ස් ලා නැති උනොත් අපරාදෙ නිසා මම වැඩේ අත ඇරල තිබ්බේ(මේ ලිපිය ලියන කොට ෆලොවර්ස් ලා 48 ඉන්නවා ).. මෑන්ස් ෆලොවර්ස් ල එක්කම බ්ලොග් එක ගොඩ දානව කියල මගෙ යූසර් නේම් පාස් වර්ඩුත් ඉල්ල ගත්තා.. 

වෙඩිමක් සෙට් වෙච්ච නිසා මට අම්ම එක්ක ඒකට යන්න උනා දැන් තමයි ගෙදර ආවේ.. ආයෙ මොනවද... ප්‍රොෆා අයිය බ්ලොග් එක ගොඩ දාලා ලොවෙත් නැති වෙන්න.. ඒත් එක්කම මෙහෙම මැසේජ් එකක් බුකියෙත් දාලා ඊ මේල් එකකුත් දාලා තිබ්බා 

තරහ වෙන්න එපාස්තූති කරල post දාන්න නම් ඕනෙ නැහැ. එහෙම කියන්නෙ මම blog වල ඉන්නෙ මගේ ඇත්ත නමින් නිසා. උඹලට නම් අවුලක් නැහැ ඇත්ත නමින් නෙවෙයි නෙ blog ලියන්නෙ. Low profile එකක් තියාගෙන වැඩකරන්නයි මම වැඩිපුර කැමති. තරහ වෙන්න නම් එපා..


ඒත් මෙච්චර උදවුවක් කරපු එක්කෙනාට මගේ මේ බ්ලොග් එකේ ඉඩක් 
වෙන් නොකර ඉන්න මගෙ පුංච් හිත ඉඩ දුන්නෙම නෑ...

මම එයා කියපු ටිකත් දැම්මෙ ප්‍රොෆා අයියගෙ නිහතමානී කම 
පෙන්නන්න...

මේක දැකල අයියෙ ඔයා තරහ වෙන එකක් නෑ කියල හිතනවා......!!!!





කට්ටිය මේක බලලා තව වෙනස් වෙන්න ඕන එව්වත් කිව්වනම් තමා හොද... 




ප.ලි. - ඊට පස්සේ, දාපු ටෙම්ප්ලේට් එකේ නොහිතපු අවුල් වගයක් ආපු නිසා ප්‍රොෆා අයියා ආයේ මහ රෑ බලලා මේ දැන් දාලා තියෙන ටෙම්ලේට් එක දාලා තිබුනා...



Tuesday, May 24, 2011

ඉරාජ් දුටු ශ්‍රී ලංකාවේ පොලීසිය...

ලංකාවේ පොලීසිය ගැන බොහෝ දෙනා තුල තිබෙන්නේ ප්‍රසන්න හැගීමක් නොවන බවනම් නොරහසක්... ‍පොලීසියේ හොදක් ඇහෙන්නේ ඉතා කලාතුරකින් වීමද නොරහසක්. බොහෝ විට විප්ලවකාරී ගීත නිර්මාණය කරන අය අතර ප්‍රමුඛ ස්ථානයක් උසුලන ඉරාජ්, ලංකාවේ පොලීසිය අමුතුම ආකාරයෙන් දැක තියන බවයි පේන්නේ..


මටත් අහම්බෙන් සෙට් වෙච්ච මේ සිංදුව ඕගොල්ල අහල තියනවද කියලනම් මම දන්නෑ.. කොහොම උනත් අහපු නැති කට්ටියට මෙන්න ඒක...

Wednesday, May 18, 2011

සුපර් මාරියෝගේ ලෝකයේ කට්ටිය - 2


සුපර් මාරියෝගේ ලෝකයේ කට්ටිය 1 කොටස කියවපු නැති කට්ටියට මෙන්න ඉස්සෙල්ලම ඒකට ලින්ක් එක...

 මුලින්ම කන්ද උඩරට පැත්තෙන් පටන් ගන්නම් කෝ... අර නුවර තියෙන තුනේ ඉස්කොලෙ මාරියෝ දන්න අය ඉන්නෙ දෙන්නයි.. උන් දෙන්නනම් මාරියෝත් එක්ක හොදටම ෆිට් උනත්, උන් දෙන්නට දෙන්නා නයි වෛරය.. මාර යාලුවො.. එකෙක් නම් දැන් ලංකාවේත් නැත. අනිත් එකා නම් කැම්පස් එකේ එකම බැච් එකේය.. පොර ගැන නම් කියන්න තියෙන්නේ චයිනිස් මාරයෙක් කියලාය... පොරගේ මොකක් හරි බඩ්ඩක් චයිනීස් යැයි කිව්ව විට පොරගේ මාරයා දැකගත හැකිය...

තවත් පහුගිය විභාග කාලයේ ෆිට් උන පොරකි ගරා යකා හෙවත් ලොකියා.. අමු රොක් පිස්සෙකි.. Counter Strike ගේම් එකේ ලංකාවේ Server එකේ Admin ට කොල් කර හෝ ගේම් එකට එන්ටර් වන ජාතියේ එකෙකි...

මේ අවුරුද්දේ ඉදලා අපේ බැච් එකට සෙට් වෙච්ච කෙනෙකි තාරකාවී අක්කා. ආදරේට කියනනේ කූඹිච්චී කියලාය. අමු කොච්චි කරලකි. මෙයාගෙන් ගුටි කාපු එකෙක් හොයාගැනීමට නොහැකි තරම්ය. කැමරා‍ එකත් අරං කණ්නාඩියක් ලගට ගොස් එක එක ජාතියේ ෆොටෝ ගැනීම මෙයාගේ විනෝදාංශයය..

මේ කට්ටිය මගේ බැච් එකේ අයය. දැන් මම කියන්න යන්නේ බෝඩිමේ ඉන්න තවත් ඩයල් දෙකක් ගැනය.

මුලින්ම කියන්නම් "මචං" ගැන. ඉස්කෝලෙ යන කාලෙ ආදරයට කිව්වේ ඇ_ඩා කියලාය (හිස් තැන පුරව ගන්න). පොරගේ රස කතා නම් එලිවෙනකම් අහගෙන් ඉන්න පුලුවන්ය. මේ ලගදීද හවසක අපේ ගෙදරට ගෙඩවූයේ හොද කුණු වචන දෙක තුනක් කියාගෙනය. වෙලාවට වැඩිහිටි කවුරුවත් අහලක සිටියේ නැත. කටින් වචනයක් පනිනකම් කියන්නේ මොනවද කියා ඔහුවත් නොදනී. මෙනවා උනත් සිරා පොරකි.

කුරුල්ලා.. ප්‍රසිද්ධ චරිතයකි. මොහු ගැන මම මීට පෙර කිහිපවතාවකදී සදහන් කර ඇත. කුඩා කල නම් අහිංසක පොරකි. දැන් නම් ලෝකෙ කාපු එකෙකි. සරලවම කියනවනම් හොරුන්ගෙත් හොරෙකි..... ඔහු හොරකම් කරන්නේ වෙන අය විසින් හොරකම් කරන ලද ඔහුගේම බඩුය. මොනව උනත් කාටවත් කරදරයක් නැති අහිංසක චරිතයකි.

ආහ්... කියන්න අමතක උනා.. මාරියෝගේ ලෝකයේ තවත් ගෞරවනීය චරිතයකි... ෂික් එයාගෙ නම කියන්න ම වෙනවා.. මෙලන්ග අයියා. නොකිව්වත් ඔය ලින්ක් එකට ගිය ගමන් පේනවා... මාරීයෝ මොකක් හරි කැම්පස් එකේ සබ්ජක්ට් එකක කේස් එකක් ආව ගමන් චැනල් කරන්නේ මෙයා තමයි. කට්ටිය මෙයාට ආදරයට කියන්නේ "ප්‍රො‍ෆා" කියලාය. නම දැක්කාම පොර ගැන දල අදහසක් ගන්න පුලුවන් නේද...?


තව කට්ටිය ඉන්නවා... ඒ අය ගැනත් ලගදීම කියනවා... නැත්තම් පොස්ට් එක දික් වෙනවනේ....

 

Sunday, May 15, 2011

Jetliner එකේ යන්න කැමති කට්ටියට මෙන්න Packages ටික..



අද මම හිතුව කට්ටියටම ටිකක් වටිනවයි කියල හිතෙන දෙයක් කියන්න.. මුලින්ම මට මේ තොරතුරු ටික දීපු නදුන් අයියට තෑන්ක්ස් පාරක් දෙන්න ඕනි.. වැඩිය මුකුත් නැතුව කෙලින්ම කාරනේට බහිමු..

Jetliner නැවේ වරකට යන්න පුලුවන් 375 දෙනෙකුට.
පහත තියෙන පැකේජ් වල කන බොන ගාස්තු එකතු කරල නෑ. නැවේ ගාන විතරයි දාල තියෙන්නෙ. කන බොන සැරසිලි වගේ කේස් වලට වෙනමම ගෙවන්න වෙනවා (නියමයි නේ..)


Package No 1: "Jetliner Night"



වෙඩින්, උපන් දින සාද වගේ ඒවලට හොදයිලු.
වරාය ඇතුලේ පැය 5ක කාලයක්, 375 දෙනෙකුට නොවැඩි ගණනකට 
රු 261,000/=
ඒ වගේම මේ කතාවත් පොඩියට කියන්න ඕන,
Please note that additional staying chargers along side berth in the Harbour - Rs 36,000/= per hour.   :D :D


Package No 2 : "Sunset Cruise"



ඇනිවර්සරි, ආයතන වල උත්සව, වෙඩින් වලට සුදුසුයි ලු.
පැය 1/2 ක යාත්‍රා කාලයක් සමග පැය 5ක පැකේජ් එකක්.
තව වැඩිපුර යාත්‍රා කිරීමට පැයකට රු 166 000 අය කෙරේ ( වේගය නොට් 12 )
ගාන ලක්ෂ 5යි.


Package No 3: "Touching Negambo"

යාත්‍රා කාලය පැය 3යි. නාවික සැතපුම් 12 වේගයෙන්.
තව වැඩිපුර යාත්‍රා කිරීමට පැයකට රු 166 000 අය කෙරේ ( වේගය නොට් 12 )
ගාන රු 691,000/= 

Package No 4: "Cruise to Bentota" 

යාත්‍රා කාලය පැය 8යි. නාවික සැතපුම් 12 වේගයෙන්.
බෙන්තොටට ගොස් නැවත කොළඔට පැමිනීමට මුදල රු 
1,439,000/= ( සාධාරනයි නේ....  ;-) )
තව වැඩිපුර යාත්‍රා කිරීමට පැයකට රු 166 000 අය කෙරේ ( වේගය නොට් 12 )


Package No 5: "Day out to Galle "


කොළඹ සිට ගාල්ලට ගොස් නැවත කොළඹට.. ගාලු වරායේ රැයක් ගත කිරීමටද හැකියාව ඇත.
Jetliner උපරිම වේගයෙන්ද මෙම ගමනේ දී ගමන් කරනු ඇත. කට්ටියට පොඩි සංග්‍රහයකුත් Jetliner එක ගානේ ලැබේ. (සැ.යු.-ප්‍රදාන ආහර වලට ගෙවිය යුතුය.)
රාත්‍රිය ගාල්ලේ නවතින්නේ නම් හෝටලයටද ගෙවිය යුතුය.

මූලික මුදල රු 3,076,000/= + ගාලු වරායේ නතර කිරීමට ආසන්න වශයෙන් රු 40 000/=

තව වැඩිපුර යාත්‍රා කිරීමට පැයකට රු 421 000 අය කෙරේ ( උපරිම වේගයෙන් )

Package No 6: "Maneuvering inside Harbour"



අධ්‍යාපනික ආයතන, ළදරු පාසල්, වැනි සීමාකාරී මුදලකට Jetliner නැවේ සහ ‍වරාය ඇතුලේ අද්දැකීමක් ගැනීමට කැමති කට්ටියට සුදුසුය.
වරාය ඇතුලේ නැවෙන් පොඩි රවුමක් ද යා හැක.

පැය 1/2 යාත්‍රා කාලයක් ඇතුලුව පැය 4ක පැකේජයකි.
මුදල 394,000/=

-අනෙකුත් පැකේජ-



Package No 7 : "Jetliner Night at VIP Lounge (At Alongside Berth - Maximum 50 Guests)"

i.
3 hours - Rs 159,000/=
ii.
4 hours - Rs 195,000/=
iii.
5 hours - Rs 230,000/=


Package No 9 : "Jetliner Night at Banquet Hall"
(at alongside berth - 250 Guests)

i.
3 hours - Rs 180,000/=
ii.
4 hours - Rs 219,000/=
iii.
5 hours - Rs 257,000/=


Package No 10 : "Coastal Cruise  1 1/2 sailing and 1 hour at Harbour Maximum 375 passengers  including children Rs 412,000/="



විශේෂාංග,

Navy Calypso Group – Performance for 3 hours Rs 7,500/=
Magician for childrens entertainment – Rs 10,000/= (Approx duration 01 hour)
Star lit sky effect by LED lights along the entrance corridor Rs. 15,000/=
Small Jet lights at Dancing floor & Open Deck - Rs. 5,000/=
DJ Console, DJ lights & Bubble Generator – Rs 3,000/=
Podium with 02 numbers Speakers - Rs 5,000/= (inclusive of amplifier)
3 Numbers LCD Televisions (42 ' ' ,40 ' ' , 35 ' ' ) screens - Rs.15, 000/=
Additional portable Chairs – Rs 100/= per chair
Large standing oil lamp – Rs 1000/=
Wi-fi onboard Rs 1000/= for package duration (available only in VIP lounge)
Cartoon/Children ' s Movies shown on LCD Television in Observation area - Rs 5,000/= (During Package duration)


සැ.යු. - මෙහි ඇති සියලුම පැකේජ සදහා උපරිම පිරිස 375(ලමුන් ඇතුලත්ව)
           එයට අඩු වුවද නැවේ ගාස්තු වල වෙනසක් නැත...




Saturday, May 14, 2011

අපේ ලෙක්චර් මැඩම් ගෙ පොඩි එකාගෙ රස කතා...



මේ පාර මම කියන්න හිතුවෙ අපේ කැම්පස් එකේ, ඒ කිව්වෙ Sri Lanka Institute of Information Technology ( SLIIT ) ඉන්න හැමෝම ගොඩක් කැමති ලෙක්චරර් කෙනෙක් ගෙ පොඩි එකා ගැන ඒ ලෙක්චරර් ම කියපු කතා ටිකක් කියන්න.

ඔන්න දවසක් ලෙක්චරර් මැඩම් ගේ හස්බන්ඩ් ගෙදර දානයක් තිබ්බලු. දානෙට දවස් කීපයකට කලින් මැඩම් ගෙ නැන්දම්මා ලැස්ති උනාලු මහගෙදර යන්න. ( නැන්දම්මත් ඉන්නෙ මැඩම්ලගෙ ගෙදරලු ) නැන්දම්ම ගියාම පොඩි එකා බලාගන්න විදියක් නැති නිසා මැඩම් පොඩි එකාට කිව්වලු ආච්චි අම්ම එක්කන් යන්න වෑන් එකක් එනවයි බබා එතකොට cry කියලා. ඔන්න වෑන් එක අවලු. නැන්දමමගෙ අතේලු බබා හිටියෙ. මැඩම් නුත් එතනම හිටියලු ඒ වෙලාවෙ බබා මොකද්ද කර‍න්නෙ බලාගෙන. බබා මැඩම් දිහා බලලා ඊට පස්ස නැන්දම්මා දිහා බලලා "ආච්චී.....අම්මා said බබා cry..." කිව්වලු. එනපොට හොදනෑ කියල මැඩම් ට තේරුන නිසා මැඩම් පොඩි එකා අරන් ගෙට දිව්වලු බබාට නැපි එකක් දාගෙන එන්නම් කියලා.....


ඔන්න මේ බබා ගෙ දෙවනි උපන් දිනේට බබා ඉන්න ඔන කොහොමද, කේක් කපන්නෙ කොහොමද, කවන්නෙ කෙහොමද, ඔය ඔක්කොම මැඩම් සති දෙකක් තිස්සේ පුරුදු කරාලු. ඔන්න ඉතින් උපන්දිනේ දවසෙ බබා ගෙනෙල්ල කේක් එක ලගින් තිබ්බ විතරලු "Happy B'Day බබා" කියල එයාම කියා ගත්තලු. කේක් එක කපාගෙන කපාගෙන ගියාලු. එයාම තනියම කෑල්ලකුත් කෑවලු. පොටො එකක් වත් ගහගන්න බැරි උනා කියල තමයි මැඩම් කිව්වෙ.


ඔය කිව්වෙ දෙවෙනි උපන්දිනේ උන කේස් එක. පළවෙනි උපන්දිනේ ටත් මාර කේස් එකක් වෙලා තියනව. මැඩමුයි හස්බනුයි හිතුවලු පලවෙනි උපන්දිනේ පිට රටක ගන්න ඔන කියලා. ඉතින් මැඩම් ඔක්කොම බුකින් වැඩ බාර ගත්තෙ හස්බන් ගෙ දැඩි විරොධය මතලු. ( හස්බන් මැඩම් ගෙ හැටි දන්න නිසා වෙන්න ඇති :-) )  ඔන්න ඔක්කොම කරල රට යන්න එයාර්පෝට් එකට ගියාමලු දැක්කෙ පෙඩි එකාගෙ ඩොක්‍යුමට්ස් ඉන්කම්ප්ලීට් කියල. හස්බන් ට හොදටම තරහ ගියාලු වැඩේට. අන්තිමට බබා අම්මලත් එක්ක ගෙදර යවල මේ දෙන්න රට ගියාලු. පොඩි එකාට රෙඩි කරපු පාර්ටි එක මේ දෙන්න සැමරුවලු. "පඩත්තල ගෑනු බැදගත්තම මෙහෙම වෙනවා...." කියල අන්තිමේ හස්බන් කිව්වලු.......

ඔන්න තවත් දවසක් මැඩම් බබා එක්ක ගංගාරාමෙට ගියාලු... එතකොට දැක්කලු අලියෙක් ගගක් වගේ චූ පාරක් දානවා. ඕක දැකපු පොඩි එකා පහුවෙනිදා උදේ ඇද උඩ ඉදන් "බබා... අලි චූ....." කිය කිය අලිය වගේ චූ ගොඩක් දාන්න ට්‍රයි කරනවලු. මැඩමුයි හස්බනුයි මාර ගේමක් දීලලු පොඩි මෑන් ට වැඩේ තේරුම් කරල දුන‍්නෙ....

ඔන්න අවුරුද්දට ඇදුම් ගන්න තුන්දෙනාම ප්‍රසිද්ධ රෙදි සාප්පුවකට ගියාලු.. ටිකක් වෙලා යද්දි බබාට චූ දාන්න ඔන කියල කිව්වලු. එපාර හස්බන් ගෙ අතින් මැඩම් බබාව ඉල්ලගෙන ලිෆ්ට් එක ලගට ගියාලු පහලට යන්න. ඔන්න එතකොට බබාට බිමට බහින්න ඔන කියලා බබා කිව්වලු. බැරිම තැන බබා බිමින් ඉන්දල ලිෆ්ට් එක එනකන් මැඩම් බලාගෙන හිටියලු.. ටික වෙලාවකින් බලද්දි ලිෆ්ට් එක ලග පහලට යවන්න දාල තිබ්බ රෙදි ගොඩින් වතුර පාරක් ගලාගෙන එනවලු. බබත් හිටියෙ එතනමලු.. මැඩම්ට වැඩේ තෙරුනාලු වෙලාවට ලිෆ්ට් එකත් ආවලු මැඩම් බබාවත් අරගෙන ටක් ගාලා ෂේප් උනාලු...........

මේ ඔක්කොම කතා ලෙක්චර් එක ඉවර වෙලා ඉතුරු වෙන වෙලාවෙ කියපු ඒවා.... මේ මැඩම් ගැනත් ටිකක් කියනවනම්, අපේ කට්ටිය මුලින්ම හිතුවෙ මේ මැඩම් ඉක්මනට තරහ යන නපුරු ඩයල් එකක් කියල... පස්සෙ තමයි තේරුනෙ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ගුරුවරියක් කියලා... උගන්නන විදියට අයේ මැරෙනකම් උගන්නපුවා නම් අමතක වෙන්නෙ නෑ.... අපේ කට්ටියම අසාවෙන් හිටපු සබ්ජක්ට් එක තතමයි මේ මැඩම් කරේ... ඒ කට්ටිය ඒකට ආස උනෙත් මැඩම් නිසා.. මේ මැඩම් ගෙ ලෙක්චර් එකක් වෙලාවෙ නිදාගෙන තියෙන්නෙ අපේ බැච් එකේ එකම එක්කෙනයි... එයත් හෙදට නෝන්ඩි උනා මැඩම් ඒක දැකපු නිසා...

මම මේක කියන්න හිතුවෙ අපිටත් තිබුන ඒ සුන්දර පොඩි කාලෙ අයෙත් එන්නැති නිසා ඒ ගැන ටිකක් කට්ටියට මතක් කරන්න....

Friday, May 6, 2011

පිටින් කන්නෙ පරිස්සමට..!!!!! ( ඇත්තම ඇත්ත කතාවක් )


කට්ටියට මේ පැත්ත අමතක වෙලත් ඇති...නේ!! මොනව කරන්නද එක්සෑම් එකක් තිබ්බ නොවැ. ඒවයින් මේවයින් වැඩක් නෑ මම කෙලින්ම කතාව කියන්නම්කො..

පහුගිය ටිකේ කුරුල්ලයි, අලුතින්ම බ්ලොග් කෙරුවාවට සෙට් වෙච්ච මචං නුයි, තවත් එකෙකුයි (පොරට අපි X කියල කියමු.) හිටියෙ එකට. මේ කතාව කියන්න යන දවසෙත් කට්ටිය සුපුරුදු පරිදි රෑ කෑමට කඩේට ගියේ 8.30 ට මට මතක විදියට. අවුරුද්ද ඉවර උන ගමන් නිසා සිංහල කඩ තාම වහල.. ඒ නිසා මුස්ලිම් කඩයකට ගියා දෙහිවල හන්දියට පොඩ්ඩක් වැල්ලවත්ත පැත්තට වෙන්න තියන....



සුපර් මාරියොයි, කුරුල්ලයි ප්‍රයිඩ් රයිස් කන්න තීරනය කරා. මචං නුයි X කියන පොරයි බිත්තර කොත්තු 2ක් ඕඩර් කරා. ඔන්න ඉතින් කට්ටිය කකා ඉන්න කොට එක පාරටම X නැගිටල ටැප් එක ලගට ගිහින් කට හෝදගෙන ආව.. එතකොටයි දැක්කෙ.. පොර බිත්තර කොත්තුවේ තිබ්බ ප්ලාස්ටර් කෑල්ලක් චිකන් කියල හිතාගෙන හොදට චොර වෙනකන් හපල.. රස වෙනස් වෙච්ච නිසා තමයි පොර බලල තියෙන්න මේ මොකද්ද කියල.. වේටර් කාරයට මේක පෙන්නුවම පොර ප්ලාස්ටරේ අයින් කරල  කිවුව දැන් මේකෙ මුකුත් නෑ කන්න කියල.. කුරුල්ල එහෙම මේකට කතා කරන්න ගියා.. ඒත් ප්ලාස්ටර් එක කාපු එකාට ගානක් නැති නිසා පොරත් වැඩේ අත ඇරල දැම්මා.. අන්තිමට කඩේ අයිතිකාරය පිලිගත්ත වැරද්ද ඒගොල්ලන්ගෙ කියල..  ඔන්න ඔහොම තමයි කට්ටියගෙ කෑම මේ ටිකේ.. කොහොම හරි අන්තිමට බලද්දි එක්කෙනෙක් රු 7000ක විතර කාල තියනව ඔය දවස් ටිකට..

කෑම ගැන කියනවනම් කතා තියනව එලි වෙතකන් කියන්න... රත්මලානෙ ඉදන් දෙහිවලට එන්න බස් එකට නැගල ටිකට් ගන්නව වෙනුවට කොන්ද ගෙන් චීස් කොත්තු 2ක් ඉල්ලපු හැටි සුපර් මාරියෝට තාමත් මතකයි... 

මොනව උනත් ඔයගොලල පිටින් කනවනම් ක‍න්නෙ පරිස්සමෙන්.. කන්නෙ මොනවද කියල සිහියෙන් කන්න..    :-)