Saturday, October 29, 2011

ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැගව ගියේ.....!!!

මේක මට ආපු ඊ මේල් එකක තිබ්බ කතාවක්.. සාමාන්‍යයෙන් එකම මේල් එක තුන් හතර දෙනෙක්ම එවනව මොකද එකම මේල් ටිකනෙ හැම තැනම කරකැවෙන්නෙ.. ඒත් මේක එහෙම ආවෙ නෑ.. ඒ කියන්නෙ ගොඩක් දෙනෙකුට මේක ඇවිල්ල නෑ කියල පොඩි නිගමන පාරකට එන්න පුළුවන්. ඒ නිසා හිතුනා මේ අමුතු කතාව ඕගොල්ලත් එක්ක බෙදා ගන්න.... ඔන්න අකුරක් වත් වෙනස් නොකර ඒ කතාව



මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න.
ඒත් එයාට ඒ බව තේරුණේ නෑ. පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මට කොයි තරම් හිතුනත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මගේ ලැජ්ජාවටම මම එහෙම කිව්වේ නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.



මේ වෙනකොට මම 11 වසරේ. මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය හඬමින් මිමිනුවා ඇගේ ආදරය බිදුණු බව. ඇයට මේ තනිකම දරාගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. මමත් ගියා. එතනදි ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා.
මම ආයෙත් ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට බැරි උනා මගේ ලජ්ජාව හින්දා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.


ඔහොම කාලය ගෙවුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම වසර. ඒ වෙනකොට ඇයට කෙනෙක් පෙම් කරා. ඔහු දිනක් ඇයට එන බව කීවත් ඇවිත් නෑ අසනීපයක් නිසා.
මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට ආත්ම ශක්තියක් නැති උනා.



ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනටත් ආවා. ඇය ඒ වන විට සුරූපී සිරුරකට හිමිකම් කීවා. ඇය ඇවිදින විට ඇගේ ලස්සන තවත් වැඩිවී පෙනුනා. ඇය උපාධිය ලබා ගන්න වේදිකාවට ගොඩ වූ විට මට හිතුනා ඇය මගේම උනානම් කියලා. ඒත් ඇයට ඒක නොදැනෙන බව මං හොඳාකාරව දැනන් හිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා.
අපි වෙන්වෙන්න කලින් ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕන උනත් මට ඇය යාලුවෙක් පමනක්ම නෙවෙයි ඊට වැඩි කෙනෙක් කියලා මට ඒ බව කියන්න ආත්ම ශක්තියක් නැති උනා. මම දන්නේ නෑ ඒ මොකද කියලා.


මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අලුත් ජීවිතයකට යනවා වෙනත් පුද්ගලයෙක් සමග. මට ඇයගේ වෙන්න ඕන උනත් ඇයට ඒක තේරුනේ නෑ. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මං ඇයට ආදරෙයි කියන්න හිතුනත් මෙවර මට ඒකට අවස්ථාවක් නැති උනා.

කාලය ගෙවී ගියා. මේ වෙනකොට මං ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා.


"මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ වගක් තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්."

මට කියන්න ඕන උනේ අපි කාට හරි ආදරය කරනවනම් ඒ බව කියන්න ලැජ්ජා වෙන්න එපා කියන එක. අපි ළඟට ආදරය කියන දේ නොයෙක් ආකාරෙයෙන් එනවා. ඒත් ඒ දේ අඳුන ගන්න අපිට බැරි උනොත් සමහර විට මුලු ජීවිත කාලයම පසුතැවෙන්න සිදුවෙන්න පුලුවන්. ඒ නිසා කවදාවත් ආදරය කියන එක ප්‍රකාශ කරන්න ලැජ්ජා වෙන්න එපා.

ඔන්න ඔහොම තමයි කතාව අවසාන උනේ... හැබැයි හිතේ තියන එක කියල අන්තිමේ තියන යාලු කමත් නැති කරගත්තොත් ඔන්න ඉතින් මේ සුපර් මාරියෝ නම් නෑ හොදේ.... හික් හික් හික්....

චාමික සිරිමාන්න අයියත් මෙන්න මෙහෙම කියල තියනවනේ... :D :D :D



මොනව උනත් කියන්න තියන එක කියලම දැම්මාම ඉවරයි කියලයි මට නම් හිතෙන්නේ... දෙකෙන් එකක් වෙයි නේ... නැත්තම් චාමික අයියා කියනව වගේ "කියන්න බැරි දේ - ලියා එවන්න" :)

කියවල ඉවර නම් කමෙන්ට් එකකුත් නොදා යන්න එපා හොදේ..... ඔන්න මම ගියා... ජය වේවා...!!!

සුපර් මාරියෝ යලිත් - Super Mario Returns :D :D :D


ඔන්න සෑහෙන්න කාලෙකට පස්සෙ ආවා මේ පැත්තට... කට්ටියට මතකද දන්නෑ මාව...!! විභාගෙත් ඉවර නිසා මේ ටිකේම කරේ මාස 4 පුරාවට එකතු කර ගත්ත ෆිල්ම් ටික බලපු එක.. :D ඔහොම ඉන්නකොට තමයි දේවා අයියා තරයේම කිව්වේ දැන් බ්ලොග් පැත්තට එන්න කාලෙ හරි කියලා..!! :P නැත්තම් මම කම්මැලි කම නිසාම වැඩේ ටිකකට නවත්තලයි තිබ්බේ...
 
බ්ලොග් එක ලියන එක නැවැත්තුවහම තමයි තියන ප්‍රතිචාර පෙනුනේ.. කීප දෙනෙක්ම ඇහුව‍ ඇයි දැන් බ්ලොග් එක වල් වැදිල තියෙන්නෙ කියලා...!! මේක මට විතරක් ‍උන දෙයක් නෙවෙයි...මාත් එක්කම එකට බ්ලොග් ලියපු "චාමිකගේ බ්ලොග් එක"( දැන් බ්ලොග් එකේ වැඩ නවත්තලා නේ ), "කුරුල්ලා", "මචං" හැමොගෙම බ්ලොග් පහුගිය කාලෙ වැඩ නිසා වේලි වේලි තමයි තිබ්බෙ.. කුරුල්ලා එයාගෙ බ්ලොග් එකේ ඇඩ්රස් එක හොයාගෙන තියෙන්නෙත් හෙන ගේමක් දීල කියලයි ආරංචිය...!! 
ඔන්න ඕවා තමයි ඉතින් විස්තර.. ලගදිම ආයෙ සෙට් වෙමුකො.. :D :D :D

Thursday, August 25, 2011

දෛවය සැබැවින්ම දෛවෝපගතය.....!!!!

කාලෙක‍ට පස්සෙ ඔන්න ආයෙත් ආව මේ පැත්තට... වැඩිය කතා නැතුව කියන්නම්කො කියන්න තියන කතාව.. මේක මට ආපු මේල් එකක තිබ්බ එකක්... 



මේක සිද්ධ උනේ මිට හුගාක් කාලෙකටඉස්සෙල්ලා. ස්විට්ස්ර්ලන්තේ..එහේ ගොවිපොළක් තිබුන දුප්පත් ගොවියෙකුට. මෙයාගේ නම ෆ්ලෙමින්.
 
දවසක් ෆ්ලෙමින් ගොවිපොළේ වැඩ කර කර ඉන්නකොට ඇහුන පොඩි ළමයෙක් උදව් ඉල්ලලා කෑගහන සද්දයක්..මෙයා දුවගෙන ගියා ඒ පැත්තට...ගිහින් බලනකොට මෙන්න පොඩි දරුවෙක්. ගොවිපොළට ටිකක් ඈතින් තියෙන වගුරක එරිල. ගිලෙන්න යනවා

ඉක්මන් කරපු ෆ්ලෙමින් බොහොම වෙහෙස වෙලා මේ පොඩි එකාව බේරගත්ත. පොඩි එකත් කව්දෝ මිනිහෙක් එක්ක ඊට පස්සේ යන්න ගියා.
ඊට පහුවෙනිදා ෆ්ලෙමින්ගේ ගේ ඉස්සරහ එකපාරට බොහෝම ලස්සන අශ්ව කරත්තයක් ඇවිත් නැවැත්තුව. ඒකෙන බැහැල ආවේ බොහෝම වංශවත් විධියේ වැදගත් විධියේ මහත්මයෙක්.

ඇවිත් මෙයා ඇහුව, "ඔබතුමාද ඊයේ පොඩි දරුවෙක්ව බේරගත්තේ මඩේ එරෙන්න ගිහින්?" 
ඔව් මහත්මයා....
 
බොහෝම කෘතඥ ලෙස සිනාසුනු වංශවත් මහත්මයා. බොහෝම සතුටුයි. ඊයේ ඒ ඔබතුමා බේරගත්තේ මගේ පුතා.මම ඔබ තුමාට කොහොමනම් ස්තුති කරන්නද. කලගුණ සලකන්නද? කියමින් ලොකු මුදල් ප්‍රමාණයක් ෆ්ලෙමින් වෙත දෙන්නට සැරසුණා...
බොහෝම ස්තුති මහත්මයා. එත් මට ඔය මුදල් බාරගන්න බෑ. මම ඒ දේ කළේ කිසිම වාසියක් ලාභයක් බලාගෙන නෙවේ....
 
එතකොටම වගේ පුංචි කොලුගැටයෙක් ගෙදර ඉස්සරහ දොරෙන් එබිලා බලල ෆ්ලෙමින්ගේ ඇගේ දැවටෙන්න ගත්ත.. මේ ඔබතුමාගේ පුතාද? ඔව් මහත්මයා...ඉස්කෝලේ යනවද? අනේ නෑ මහත්තයෝ. බිම බලාගනිමින් මදක් පැකිලී ෆ්ලෙමින් උත්තර දුන්නා..
 
හොඳයි...අපි එහෙනම් මෙහෙම කරමු....මේ පොඩි දරුවත් මගේ දරුවාගේ වයසෙමයි...මම මේ දරුවාව මගේ දරුවා යවන ඉස්කොලෙටම දාන්නම්....මගේ දරුවට වගේම මෙයාගේ ඉගෙනීමටත් සම්පුර්ණයෙන් වියදම් කරන්නම්....මේ දරුවත් ඔබ තුමා වගේ යහපත් මනුස්සයෙක් විදියට ලොකු උනොත් මට කවදාවත් මෙයාට වියදම් කරපු එක ගැන දුක වෙන්න ඕන වෙන්නේ නෑ...
 
ඉල්ලීමට ෆ්ලෙමින් කැමැත්ත පළ කළේය...
 
ඉන්පසු ෆ්ලෙමින් ගේ පුතාද රටේ ඉහලම පාසලකින් අධ්‍යාපනය හදාරා...පසුව ප්‍රංශයේ විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ලබා ..වෛද්‍ය විද්‍යාව හදාරන්නට විය... 
  
පසු කලෙක පෙර කී වන්ශාධිපතියාගේ දරුවාට නියුමෝනියා රෝගය සෑදී ඔහු මරණාසන්න විය...එවකට නියුමෝනියාව යනු බෙහෙත් නැති මාරාන්තික රෝගයකි..එහෙත් එකල ෆ්ලෙමින්ගේ පුතාද නියුමෝනියාවට ඖෂධයක් සොයමින් පරීක්ෂණ කරමින් සිටියේය..ඔහු මෙම ඖෂධය ඔහුට ලබාදී ඔහුව සුවපත් කිරීමට සමත් විය...
 
ඔව්...මේ ඖෂධය තමයි පෙනිසිලින්. එවකට ජිවිත ලක්ෂ ගානක් බේරාගන්නට මේකෙන් පුළුවන් උනා. එසේම මේක සොයාගත්තේ ඒ වෛද්‍ය සිසුවා ෆ්ලෙමින් නම් ගොවියාගේ පුත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්...ය



එතකොට එදා ඔහුට ඉගෙනීම වෙනුවෙන් වියදම් කළ ඒ වන්ශාධිපතියා ගේ නම රුඩොල්ෆ් චර්චිල් ය...
 
වරක් ෆ්ලෙමින් විසින්ද පසුව ෆ්ලෙමින්ගේ පුතා විසින්ද දෛවෝපගත ලෙස දිවි බේරාදුන් ඔහු පසුකාලීනව බ්‍රිතාන්‍ය‍යේ අගමැති වූ වින්ස්ටන්ට් චර්චිල් ය....



මොහොතක් සිතන්න - යහපත් සිතින් කරන දේ කවදාවත් වරදින්නේ නැත...එහි යහපත් ප්‍රතිපල ඔබට අනිවාරෙන් ලැබෙනු ඇත.... 

Wednesday, July 27, 2011

බ්ලොගියේ අප්සට් ගීතය....!!


දාන්න බ්ලොග් පෝස්ට් නෑ මල්ලියේ
බ්ලොග් එක දැන් වේලෙනවා නංගියේ
ආයෙත් මක්කයි දැන් බලන්නේ
කිව්වම අහපන් මගෙ වස්තුවේ....//

එන්න අයියෙ එන්න අක්කෙ සෙට් වෙලා
එලි වෙනකන් ටොපික් හොයමු පෙරලලා
මේක තමයි හොදම ජොලිය
ටොපික් නැතොත් මලම කෙලිය
හොයල දියන් ටොපික් එකක් ගුටි නොකා...

බ්ලොග් එකෙ ට්‍රැෆිකුත් දැන් අඩුවෙලා
එන උන් දැන් ඇත්තෙත් නෑ දුක තමා
හිතේ දුකට මේ වගෙ ගී කියවෙනා
වෙලාව නං දොලහත් දැන් පහුවෙලා...//

එන්න නංගි එන්න මල්ලි ලොග් වෙලා
ෆ‍ලො කරල පලයං මගෙ හොද එකා
කමෙන්ට් එකක් දාල නැතත්
ෆලො බටන් ඔබල නැතත්
ආයෙ වරෙන් මේ පැත්තට දිනපතා..//

හයියෝ........ මට එෆා..... වෙලා තියෙන්නෙ....... :D :D