Wednesday, March 16, 2011

පිය හිරු බැස ගොස් දිවි අඹරෙන් - විය දුක් සුසුමන් හද ගැඹුරෙන්........




පිය හිරු බැස ගොස් දිවි අඹරෙන්
විය දුක් සුසුමන් හද ගැඹුරෙන්
හඬ හඬ ලැතැවෙන සොව ගැඹුරෙන්
ඇහුනද පිය තුම ඔබ වෙනුවෙන්  


නැහැ නොවැ එළියක් ගන අඳුරේ
උනනව කඳුළක් නෙතු යුගලේ
පෙනෙනව සිහිනෙන් පිය සෙනෙහේ
දැනෙනව ගුණ කඳ හද මැදුරේ


පබැඳුම - නාලක ජයසේන



---------------------------- පසුබිම ----------------------------

2010-03-10 දින මා නාලකට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ සුමේධ මගෙන් කල ඉල්ලීමකට අනුවය' ^ නාලක ගාල්ලේ අයටනම් සුපුරුදු චරිතයකි' නොදන්නා අයට මොහු ගැන කියනවා නම්" මොහු පලමු වර උසස් පෙල ගණිත අංශයෙන් අසාර්ථක වී" දෙවන වර කලා අංශයෙන් ගල්ලේ 32 ස්ථානය ලබාගත් අතිශය සුවිශේෂී චරිතයකි &''ඒ අනුව මා නාලක ගෙන් ඉල්ලා සිටියේ පිය සෙනෙහස දැක්වෙන අපූරු වාක්‍යක් අවැසි බවය'' ඒ අනුව ඔහු වාක්‍ය 3ක් ම මට එව්වෙ බසයේ ගමන් කරන අතර තුරය' පලමු වාක්‍යය සරල වු බැවින් ඉවත් කරන ලදී' තෙවන වාක්‍යය සංකීර්ණ වැඩි වූ බැවින් එයද ඉවත් කෙරින''^එහි අර්ථය විමසීමට මට නාලකට  නැවත ඇමතීමටද සිදුවූ බව මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි&' දෙවන වාක්‍යය සුවිශේෂී විය' ඉහත පලමු කවියේ පලමු පේලි දෙක ඒ වාක්‍ය ය' 

වාක්‍යය යොදා නිසඳැසක් අවශ්‍ය බව මම නාලකට පැවසූ විට ඔහු මට පැය කිහිපයකින් අමතා නිසඳැසක් මෙනුවට අගනා කවි දෙකක් ම ලබාදුන්නේය''

මෙය නිර්මාණය වූයේ එලෙසය'

අවසන් වශයෙන් මෙම කවිපෙළ මා හට ලබාදුන් නාලක ජයසේන වන මාගේ අපූරු මිතුරාගේ පියාණන් ටත්"ඉතා මෑතකදී මෙලොවින් සමුගත් මා මිතුරු අඛිල ප‍්‍රවීන් ගේ පියාණන් ටත් නිවන් සැප ලැබේවායි හදවතින් ම පතමින් නවතිමි''

        ''''''''''''ඔබට තෙරුවණ් සරණයි'''''''''''''





3 comments:

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...