Wednesday, May 18, 2011

සුපර් මාරියෝගේ ලෝකයේ කට්ටිය - 2


සුපර් මාරියෝගේ ලෝකයේ කට්ටිය 1 කොටස කියවපු නැති කට්ටියට මෙන්න ඉස්සෙල්ලම ඒකට ලින්ක් එක...

 මුලින්ම කන්ද උඩරට පැත්තෙන් පටන් ගන්නම් කෝ... අර නුවර තියෙන තුනේ ඉස්කොලෙ මාරියෝ දන්න අය ඉන්නෙ දෙන්නයි.. උන් දෙන්නනම් මාරියෝත් එක්ක හොදටම ෆිට් උනත්, උන් දෙන්නට දෙන්නා නයි වෛරය.. මාර යාලුවො.. එකෙක් නම් දැන් ලංකාවේත් නැත. අනිත් එකා නම් කැම්පස් එකේ එකම බැච් එකේය.. පොර ගැන නම් කියන්න තියෙන්නේ චයිනිස් මාරයෙක් කියලාය... පොරගේ මොකක් හරි බඩ්ඩක් චයිනීස් යැයි කිව්ව විට පොරගේ මාරයා දැකගත හැකිය...

තවත් පහුගිය විභාග කාලයේ ෆිට් උන පොරකි ගරා යකා හෙවත් ලොකියා.. අමු රොක් පිස්සෙකි.. Counter Strike ගේම් එකේ ලංකාවේ Server එකේ Admin ට කොල් කර හෝ ගේම් එකට එන්ටර් වන ජාතියේ එකෙකි...

මේ අවුරුද්දේ ඉදලා අපේ බැච් එකට සෙට් වෙච්ච කෙනෙකි තාරකාවී අක්කා. ආදරේට කියනනේ කූඹිච්චී කියලාය. අමු කොච්චි කරලකි. මෙයාගෙන් ගුටි කාපු එකෙක් හොයාගැනීමට නොහැකි තරම්ය. කැමරා‍ එකත් අරං කණ්නාඩියක් ලගට ගොස් එක එක ජාතියේ ෆොටෝ ගැනීම මෙයාගේ විනෝදාංශයය..

මේ කට්ටිය මගේ බැච් එකේ අයය. දැන් මම කියන්න යන්නේ බෝඩිමේ ඉන්න තවත් ඩයල් දෙකක් ගැනය.

මුලින්ම කියන්නම් "මචං" ගැන. ඉස්කෝලෙ යන කාලෙ ආදරයට කිව්වේ ඇ_ඩා කියලාය (හිස් තැන පුරව ගන්න). පොරගේ රස කතා නම් එලිවෙනකම් අහගෙන් ඉන්න පුලුවන්ය. මේ ලගදීද හවසක අපේ ගෙදරට ගෙඩවූයේ හොද කුණු වචන දෙක තුනක් කියාගෙනය. වෙලාවට වැඩිහිටි කවුරුවත් අහලක සිටියේ නැත. කටින් වචනයක් පනිනකම් කියන්නේ මොනවද කියා ඔහුවත් නොදනී. මෙනවා උනත් සිරා පොරකි.

කුරුල්ලා.. ප්‍රසිද්ධ චරිතයකි. මොහු ගැන මම මීට පෙර කිහිපවතාවකදී සදහන් කර ඇත. කුඩා කල නම් අහිංසක පොරකි. දැන් නම් ලෝකෙ කාපු එකෙකි. සරලවම කියනවනම් හොරුන්ගෙත් හොරෙකි..... ඔහු හොරකම් කරන්නේ වෙන අය විසින් හොරකම් කරන ලද ඔහුගේම බඩුය. මොනව උනත් කාටවත් කරදරයක් නැති අහිංසක චරිතයකි.

ආහ්... කියන්න අමතක උනා.. මාරියෝගේ ලෝකයේ තවත් ගෞරවනීය චරිතයකි... ෂික් එයාගෙ නම කියන්න ම වෙනවා.. මෙලන්ග අයියා. නොකිව්වත් ඔය ලින්ක් එකට ගිය ගමන් පේනවා... මාරීයෝ මොකක් හරි කැම්පස් එකේ සබ්ජක්ට් එකක කේස් එකක් ආව ගමන් චැනල් කරන්නේ මෙයා තමයි. කට්ටිය මෙයාට ආදරයට කියන්නේ "ප්‍රො‍ෆා" කියලාය. නම දැක්කාම පොර ගැන දල අදහසක් ගන්න පුලුවන් නේද...?


තව කට්ටිය ඉන්නවා... ඒ අය ගැනත් ලගදීම කියනවා... නැත්තම් පොස්ට් එක දික් වෙනවනේ....

 

19 comments:

  1. වෙන මුකුත් තිබ්බෙම නැද්ද බං ලියන්න......අනේ..උඹ....

    ReplyDelete
  2. අඩො ඔච්චරයි බන් මතක් උනේ.. උබ ගැන ලියල එවපන් මම දාන්නම්..

    ReplyDelete
  3. Good Shit .. ela ela Keep up the good work. Aniwa .. Admin Nethinam Mamath iwarai ... Ada' budu wewa..

    ReplyDelete
  4. එල එල නාසති වෙන්න නියම ක්‍රමය.... CS..!!

    ReplyDelete
  5. :D.. digata,a liyamu mariooo batch eka gana :) << maxxa :)

    ReplyDelete
  6. තැන්කූ තාරකාවී... ඔයා හැමදාම මාව එන්කරේජ් කරනවා...
    :D :D :D

    ReplyDelete
  7. කුරැල්ලා ගැන අසා ඇත්තෙමි. :)

    ReplyDelete
  8. @රොබින් - කුරුල්ල හෙන ප්‍රසිද්ධ චරිතයක් නොවැ...

    ReplyDelete
  9. මාර සෙට් එකක්නෙ ......... ඔන්න මාත් ආවා මේ පැත්තෙ ......

    ReplyDelete
  10. මරු මචං මරු. අපි ඔක්කොටම ෆ්‍රී ඔෆ් චාජ් සිරා ඇඩ් එක

    ReplyDelete
  11. @කල්හාර - ලොවෙත් නැති කට්ටිය තමයි මචං අපිත් එක්ක ඉන්නේ.....

    @කුරුල්ලා - මමත් ඒ ගැන හිතල තමයි දැම්මේ..
    මට ගෙවපන් පුලුවන් වෙලාවක...

    ReplyDelete
  12. මරු සැට් එක

    ReplyDelete
  13. @බීටා - නැත්තම් නැත්තම් බීටා මලයෝ.....

    ReplyDelete
  14. මාරියෝ සෙල්ලම් පොරක් නෙවේ ගැන්සි බැහැපු පොරක් ! දැනුයි දැක්කේ ගැන් එකේ තරම

    ReplyDelete
  15. @සදරු අයියා - තව ඉවර නෑ තව ඉන්නවා....
    3 කොටසත් ලගදීම.... හික් හික් හික්...

    සුපර් කියන්නෙ නිකං නෙවෙයි....

    ReplyDelete
  16. දැනුයි දැක්කෙ මල්ලියා. ස්තූතියි මගේ නමත් ඔය ලිස්ට් එකට දැම්මට :)

    ReplyDelete
  17. ඒක තමයි මාත් මෙච්චර කල් බැලුවෙ අයියට මොනව වෙලාද කියලා...
    කට්ටියටම මගේ ගානේ හිච්චි පබ්ලිසිටි එකක්..

    ReplyDelete
  18. aiyoo machan mama umbe concept horakan keruwe na macho..mama liwwe mage yaluwo gana..aiyoo umba waradiyata hithanna epa..:)

    ReplyDelete
  19. පිස්සුද අනේ හිච්චි විහිලුවක් කරේ...:D :D :D
    කොපි කරත් මම මුකුත් කියන්නේ නෑ..

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...