Wednesday, April 20, 2011

පරිකල්පන මෙව්ව එක වැඩි උනාම වෙන දේවල්....

මේ මට අලුත් අවුරුද්දෙ ආපු අමුතුම e-mail එකක තිබුන පින්තූර ටිකක්. ආයෙ මට මේ පැත්තෙ එන්න වෙන්නෙ ලබන මාසේ තමයි :( :( :(  විභාගෙ ඉවර වුනාම...  එතකන් මේ පැත්තට එන කට්ටිය හිස් අතින් යවන්නත් බෑනේ.... :-) :-) :-)






























ගුන දොස් විචාරෙකුත් කලා නම් තමා හොඳ.....

Thursday, April 14, 2011

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

                                                                            ~~සුපර් මාරියෝ~~  

Monday, April 11, 2011

නරකයි කියන හැමදේම ඇත්තටම නරකද?

දැන් විභාගෙටත් හොඳටම කිට්ටු නිසා පෝස්ට් එකක් දාන්නත් වෙලාවක් නෑ.. ඒත් පෝස්ට් එකක් නොදා ඉන්න හිත දෙන්නෙත් නෑ.... මට මාර කතාවක් හම්බුනා ඒත්...... ඔයාල මේක ආදර්ශයටනම් ගන්න එපා...




Once a Smoker was smoking at the airport......
A gentleman came & asked him, How much do you smoke a day?

Smoker: Why are you asking such a question?

Gentleman replied: If you had collected that money instead of smoking, the plane which is in front of you, would have been yours.

Smoker asked that gentleman: Do you smoke?

Gentleman: No.
Smoker asked: Does that plane belong to you?

Gentleman replied: No.
Smoker: Thanks for your kind advice, but that plane is mine.

[Smoker's Name   -Vijay Mallya - Owner Kingfisher Airlines].

Monday, April 4, 2011

කතාකරන පින්තූර 1 - මිතුදමක තරම

සුපර් මාරියෝට තවත් විභාගයක් ලඟ ලඟම එන නිසා හිතේ කොච්චර අදහස් තිබ්බත් පොස්ට් එකක් දාන්න විදියක් නැති එක ගැන පුංචි හිතට දැනෙන්නෙ ලොකුම ලොකු දුකක්... ඒ නිසා මට හිතුනා මේ වගේ සෙග්මන්ට් එකක් ගේන්න... හොඳද බලල කොමෙන්ට් එකක් දාන්න නම් අමතක කරන්න එපා.. සමහර පින්තූරනම් ඔයාල කලින් දැකලත් ඇති. ඒවලට නම් සොරි හොඳේ............

කතාකරන පින්තූර 1 - මිතුදමක තරම














Saturday, April 2, 2011

ඩොටේ නගා ටාසන් ට ලියූ පෙම් ලිපියක් හසුවේ.....

ටාසන් කාරයා මගේ බ්ලොග් එකට රිංගලා කරපු දේ මම දැක්කෙමි.. ඌ ඒක කියන්න මගේ බ්ලොග් එක පාවිච්චි කරපු එක කුජීතය. ඒක ඌට ෆේස් බුකියේ දාන්නට තිබුනාය. දකුණේ අපි සෙකන්ඩ් වෙන්න කැමති උන් නොවෙමු. මට ලගඳී උගේ මේසය උඩ තිබිලා මරු ලෙටර් එකක් හම්බ විය. ඌ මට කල වැඩේට මේ මගේ රිටර්න් එකය. ලියුමේ සමහර තැන් පැහැදිලි නැත. ඒවා මම පස්සේ දාන්නම්. දැනට මේ ටික කියවන්න.


හයි සෝන් එකේ තෙල් ටෑන්ක්ස් එකක් උඩ ඉඳන් ලියමි..


ආදරණීය ටා... වෙත. 


මම මේ ලිපිය ලියන්නේ මගේ ආදරය මෝර මෝරා යන වෙලවකය. අපි තවත් හැංගි හැංගී නාඩගම් නටා තේරුමක් නැත. කඳානේ ඔටෝ පාර්ට්ස් ද දැන් අබිලිං මාමා එක්කමය. උන් දෙන්නාට දැන් තැනක් නොතැනක් නැත. ලගඳී කොල්ලුපිටියේදී නැටූ නාඩගම් ඕප දූප ප්‍රොජෙක්ටුවෙන් ඔයා දකින්නට ඇතැයි සිතමි. ගම්පහ පැත්තේ කෝච්චි එන්ජිමත් දැන් රේල් පීලි උඩමය. ඒකි නැත්තම් කෝච්චියද දුවන්නේ නැති ගානට ඒකත් දැන් දුර දිග ගොස් ය.


ඔයා ලඟදී අලුත් ගෙයක් මටත් නොකියාම ගත්තා කියා ආරංචිය. ඒකෙන් කොටසක් රෙන්ට් කරන්න යනවා කියලත් ආරංචිය. ඉතින් ටා.. ඔයා ඒක මට රෙන්ට් කරන්න. එතකොට අපි අසල්වැසියෝය. ඉතින් අපිට අසල් වැසියන්ට ප්‍රේම කර කර ඉන්නට පුලුවන් ය.


මම ලඟදී ඩී.එන්.අයි. ටෙස්ට් එකක්ද කර ගත්තෙමි. ඒකෙනුත් මම උඩින්ම පාස් ය. ඒ නිසා ඔයාට බයවෙන්න උවමනාවක් නැත. මගේ ලඟ වයිරස් නැත. ඇත්තේ අවංකම අවංක ආදරයක් පමණි.  ඔයා මගේ කුලුඳුල් පස්වෙනි ආදරය ය. මට දෙන්න තවත් කුලුඳුල් ආදර මම ලඟ ඉතිරිව නැත. ඒ නිසා මට ඔයාව නැති කරගන්නට බැරිය.


අර යෝධ මාවතේ යෝධයා අපි දෙන්නා අතරට තවත් එක්කෙනෙක් එන කතාවක් කිව්වා මතක ඇතැයි සිතමි. ඉතින් ටා.. ඔයා කැමතිනම් මමත් ඒකට එක පයින්ම කැමතිය.


ඔයා මේක කියවලා ඉරල වීසි කරල දාන්න.. අර මාරියෝ කාරයාට මේක අහු උනොත් අපි දෙන්නාට වෙන්නේද අබිලිං ජෝඩුවට උන දේය. මම දැනට නවතින්නම්.


මීට ඔයාගෙම ආදර ඩොටේ නඟා...
_______________________________

මෙය අවුරුදු 18 ට අඩු අය කියවීමෙන් වලකින්න...