Thursday, June 30, 2011

ලෝකේ වටිනාම පින්තූර අතරින් කිහිපයක්..... 4 කොටස (විස්තර සහිතයි)

මගේ මේ පෝස්ට් සෙට් එකටම ලොවෙත් නැති සපෝර්ට් එකක් ලැබුණ නිසා මම හිතුවා අන්තිම ටිකත් පුලුවන් තරම් ඉක්මනට දාගත්තොත් හොදයි කියලා උණුසුම යන්නත් කලින්ම. කලින් පින්තූර ටික බැලුවෙ නැත්තම් ඒ ටිකත් බලල ඉන්නකෝ...

මේ වගේ පින්තූර ගන්න කොච්චර කැපකිරීමක් උනන්දුවක් තියෙන්න ඕනද කියල ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.... 3 කොටසේ තියන ඇෆ්ගන් දැරිය කියන පින්තූරෙ ඉන්න ගෑනු ලමයව හොයා ගන්න ඡායාරූප ශිලිපියා අවු 17 ක් මහන්සි වෙලා තියනවනේ.. ඒ වගේම Death Rode කියන පින්තූරෙ ගත්තයින් පස්සේ ඒ ඇති උන හිත් වේදනාවට ඒ ඡායාරූප ශිල්පියා සිය දිවි හානි කරගෙනත් තියනවලුනේ... ඔය ‍වගේ පුදුම, දුක,සතුට හිතෙන කතා ගොඩක් මේ පින්තූර අස්සේ හැංගිලා තියෙන්න පුලුවන් සදහටම..... අන්න ඒ නිසයි මගෙ යාලුවෙක් කිව්ව විදියට මේ දුර්ලභ පින්තූර අතර තියෙන ප්‍රසිද්ධ වෙච්ච කතා ටික මගෙ යාලුවො ‍කට්ටියටම කියන්න හිතුවේ... අද පූර්විකාව දිග වැඩිද මන්දා... මෙන්න එහෙනම් පෝස්ට් එක...

1)
මාරක ඇද වැටීම - Fatal Fall


දැක්කහමත් ඇග කිලි පොලා යන දර්ශනයක්. මේ වගේ එව්වා ෆිල්ම් වල ඕන තරම් දැක්කත්, ඇත්ත ජීවිතේ නම් මෙහෙම එකක් දකින්න නොලැබේ වා කියලයි සුපර් මාරියෝ ප්‍රාර්ථනා කරන්නේ..

"The Falling Man" තමයි මේ පින්තූරෙට දීපු මාතෘකාව. මේ පින්තූරෙ අරන් තියෙන්නේ "Richard Drew" විසින් 2001 සැප්තැම්බර් 11. දිනේ කිව්ව ගමන් කට්ටියටම මේ මොකද්ද කියල හිතා ගන්න පුළුවන් නේද..?? උදේ 9.41 යි තත්පර 15ට තමයි මේ පින්තූරෙ අරන් තියෙන්නේ.... මේ පනින මිනිසා මෙහෙම පනින්න ඇත්තේ පොලවට පතිත උන ගමන් ක්ෂණික මරණයක් බලාපොරොත්තුවෙන් වෙන්න ඇතියි කියලයි සදහන් වෙන්නේ.. මොකද ගුවන් යානා ඇවිල්ල හැපුනට මැරෙන්න වෙන්නේ ගින්දරට පිච්චිලා වගේ හෙමින් සැරේ දුක් විදලනේ... මේ පින්තූරයෙන් මනුෂ්‍යයා ගේ දුර්වල කම හා හිත හයිය නොමැති කම ‍මනාව පෙන්වනවා කියල කියන්නේ මේකත් එක් ආකාරයක සියදිවි හානි කරගැනීමක් නිසා වෙන්න ඇති.

2)
තුවාල ලත් සොල්දාදුවා - Wounded Soldier 


වෙනිසියුලාවේ "Carabobo" ප්‍රාන්තයේ "Puerto Cabello" හි දි 1962 කැරැල්ල ඇතිවු වෙලාවේදි සිදුවූ සිද්දියකි මේ. මේ සිද්ධි දාමය හදුන්වන්නේ ආඥාදායකත්වය ම්ලේඡ ලෙස කැරලිකාරයන් මැඩලූ සිද්ධි දාමයක් ලෙසටය. මේ පින්තූ‍රයේ දැක්වෙන්නේ "Luis Maria Padilla" නම් පාදිරි තුමන් (Padre) තුවාල ලත් සොල්දාදුවෙකුගේ අතින් අල්ලන් සටිනා ඡායාරූපයකි. මෙම පාදිරි තුමන් සෙබලාව එසවීමට උත්සාහ දරන මොහොතේ "My father help me" යැයි සෙබලා විසින් අමාරුවෙන් කියා ඇත. 

මේ පින්තූරය ලොව වටා ගොස් ඇති අතර "Pulitzer" ත්‍යාගයද මේ සදහා හිමිවී ඇත. ( මෙම පින්තූරය කවුරුන් විසින් ගත්තා දැයි සදහනක් නොමැත ) මේ අවාසනාවන්ත මිනිසාගේ ලොවින් සමුගැනීම ලොවටම පසක් කර දෙන්නේ මෙවැනි ගැටුම් නිසා ජීවිත පුදන්නේ අහිංසක සෙබලුන් හා කැරලිකාරයන් (කැරලිකරුවන් ඇතැම් විට සාධාරන විය හැක) මිසක් ආඥාදායක පාලන තන්ත්‍රය නොවන බවය...

3)
වතු අහිමි ගොවීන් ගේ ගැටුම - Straggle of landless farmers  

මේ පින්තූරය අරන් තියෙන්නේ "Luiz Vasconcelos" විසිනුයි. ‍මේ සදහා ඔහුට ප්‍රවෘත්ති අංශයෙන් "World Press" සම්මානයද 2000 දී ලැබී ඇත. මේ පින්තූරයේ සිටිනා කාන්තාව මෙලෙස තම දරුවාත් රැගෙන විරෝධය දක්වන්නේ තමන් සිටිනා භූමි වලින් නෙරපා හැරීමට පොලීසිය ගෙන ඇති තීරණයට විරෝධය දැක්වීමටයි.  මෙය බ්‍රසීලයේ "Manaus" වල සිදුවූ සිද්ධියකි. ඉඩම් අහිමි ඉන්දියානුවන් සුදු ජාතික "Creole" (දකුණු ඇමරිකානුවන්ගේ භාෂාවය) ඉඩම් හිමිකරුවන්ට එරෙහිව නැගී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය දැක්විය හැක. මේ පින්තූරෙ දැක්කාම මීට පස්සෙ මේ දුප්පත් පවුල් වලට මොකද උනේ කියල හිතන්නත් මොකද්ද වගේ නේද...!! ඒ ගැන සදහනක් නැත්තෙ ඒක ගොඩක් දුක්බර නිසාද දන්නේ නෑ.


4)
බුල්ඩොසරයක ට අතරමැදිව - Under the Claws of the Bulldozer 


මේක නම් සෑහෙන්න දුක හිතෙන කේස් එකක්. මේ පින්තූරෙ ඉන්නේ "Rachel Aliene Corri". එයා ඉපදිලා තියෙන්නේ 1979 අප්‍රේල් 10. එයා මරණයට පත් වුනේ(කෙරුවේ) 2003 මාර්තු 16. International Solidarity Movement (ISM) නම් සංවිධානයේ මෙයා ඇමරිකානු සාමාජිකාවක්.

මෙයා මිය ගියේ ගාසා තීරයේදී, ඊස්‍රායල් හමුදා බුල්ඩෝසරයකට යටවීමෙනි.  පලස්තීන නිවසක් විනාශ කිරීමට පැමිණි බුල්ඩෝසරය ඉදිරියට මෙයා ගිහින් තියෙන්නේ මිනිස් පලිහක් (Human Shield) එකක් ව‍ශයෙන් එයට විරෝධය දැක්වීමටයි. එය ගණන් නොගත් බුලුඩෝසර් කරු මැයව යටකර දමා තියනවා. පහත ඇති පින්තූර 2 යටකිරීමට පෙර හා පසු ගත් ඒවායි. ඊස්‍රයල් හමුදා ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ බුල්ඩෝසර් කරුට මැයව නොපෙනුන බැවින් යට වී ඇති බවය. එහෙත් ඇසින් දුටු සාක්ෂි කරුවකු පවසා ඇත්තේ එසේ නොපෙනීමට හේතුවක් නොතිබුන බවය. ( බුප්ඩෝසරයේ Claws නිසා මැය නොපෙනී ඇති බව තර්කය වී ඇත)

ඇමරිකාවේ "Evergreen State College" හී ශිෂ්‍යාවක් වු මැය වසරක නිවාඩුවක් ගෙන ගාසා තීරය‍ට ගොස් ඇත්තේ පලස්තීන ඊස්‍රායල් ගැටුමේ සත්‍ය තත්වය සෙවීමටයි. 

මිය යාමට මොහොතක් පෙර හා පසු

5)
යුධ ටැංකියකට එරහිව නැගී සිටි ළමයා - The Child resisting a Tank


පලස්තීන ළමයෙක් පලස්තීනයේ දී ඊස්‍රායල් යුධ ටැංකියකට ගලකින් ගැසීමට සැරසෙන දසුනක් මෙම පින්තූරයේ දැක්වෙයි. 1990 දී ගෙන ඇති මෙම පින්තූ‍රය ගත් කෙනා ගැන සදහනක් නැත. මෙම පින්තූරය මගින් මහජනයා ගෙන් නැගෙන අති විශාල ප්‍රතිරෝධය මනාවට පෙන්නු කරයි. තම රට වෙනුවෙන් වෙන කිසිදු උදව්වක් නැති වුවද ඕනම වෙලාවක තමන් සිටිනා බව හොදින් පසක් කරන පින්තූරයකි මේ.

ඍජුවම කොලනි පවතින 21 ශතවර්ශයේ එකම රට පලස්තීනයයි. එලෙසම 1948 සිටන් ලොව විශාලම එළමහන් සිර කදවුරත් පලස්තීනයයි.

6)
අවසන් පින්තූරය - The Ultimate Photo


(මෙය ව්‍යාජ පින්තූරයක් බව පසුව සොයා ගන්නා ලදී. මුලින්ම මෙය 
පෙන්නූ "ටාසන්" ට හා Himansa ට ස්තූති කරමි)


මෙහි ඇත්තේ සුනාමියට මොහොතකට පෙර පැමිණි වැලි කුණාටුවක ඡායාරූපයකි....!!!


මෙය මාගේ මෙම පින්තූර එකතුවේ අවසන් පින්තූරය වන අතරම මෙහි නමද "අවසන් පින්තූරය" යි. ඇතැමුන් දෙවියන් විශ්වාස කරන අතර ඇතැමුන් එසේ නොකරයි. නමුත් අප නිරතුරු මතක තබා ගත යුත්තේ ස්වභාවධර්මයත් සමග සසදන කල්හී අප ඉතා කුඩා බවය. මේ පින්තූරය දුටුවිගස මට නම් සිතුනේ වැලි කූණාටුවක් කියාය. ඒත් වැලි කුණාටුව අවසන් ඡායාරූපය වූයේ කෙලෙසදැයි මට ගැටලුවක් ඇතිවිය. නමුත් මෙහි ඇත්‍තේ සුනාමියක ඡයාරූපයක් ය. එය ඉතින් අවසන් ඡයාරූපය බව ආයේ අමුතුවෙන් ඇසිය යුතු නැත. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ දි ගත් ඡායාරූපයකි මේ.

මීටර් 20 ක් පමන ඉහල රළ පැමිණ තිබූ සුනාමියේ මෙම දසුන සොයා ගෙන තිබුනේ, සුනාමිය පැමිණ මාස 1 1/2 කට පසු ඩිජිටල් කැමරාවකිනි. මෙම පින්තූරය ගත් පුද්ගලයා කැමරාවේ බොත්තම එබීමෙන් පසු තත්පර කීයක් ජීවත් වූවාදැයි අපි කවුරුත් නෙදනිමු. නමුත් ඔහු මෙලොවින් සමු ගත්තේ ඔහු ගනු ලැබූ අතිශය දුර්ලභ ඡායාරූපයක් ලොවටම ඉතිරි කරමිනි. අපි කාටත් මරණය නියතය. "මාරයා" කවදා හෝ අපි කරා එනු ඇත. (ඒත් එයාට තාම ‍මගේ බ්ලොග් එක ෆලෝ කරන්න අමතක වී ඇත) එලෙස අප මෙලොවින් සමුගන්නා විට මේ ලෝකය වෙනුවෙන් නාමිකව හෝ නිරිනාමිකව යමක් කිරීමට වගබලා ගනිමු.

ඔන්න මාගේ කතාවනම් මින් අවසානය කියවූ ඔබ සැමට තැන්කූ ය. සුපුරුදු ලෙස කියන පරිදි ෆලෝ නොකරපු අය ෆලෝ කරන්න... කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා කවුරුවත්..

ප.ලි - මගේ මේ පෝස්ට් 4න් ඔයා වැඩියෙන්ම කැමති මොන පින්තූරයටද කියලත් කියල යන්න අමතක කරන්න එපා (පෝස්ට් එකේ අංකයයි, පින්තූරෙ අංකයයි දාන්න. උදා - 4,5)


Saturday, June 25, 2011

ලෝකේ වටිනාම පින්තූර අතරින් කිහිපයක්..... 3 කොටස (විස්තර සහිතයි)

කලින් පෝස්ට් දෙක කියෙව්වෙ නැත්තන් ඒ දෙකත් කියවලම ඉන්නකෝ..

පලවෙන් පෝස්ට් එක නොහිතපු විදියට සාර්ථක උනත් දෙවනි එක නොහිතපු විදියට අසාර්ථක උනා.. ඒකෙන් මට නම් තේරුනේ කට්ටියට විස්තර හොදට ඕන කියලයි.. පහු ගිය දවස් ටිකේ ගෙදර හිටියෙ නැති නිසා වැඩේ ටිකක් පරක්කු උනා.... මෙන්න වැඩිය කතා නැතුව එහෙනම් පෝස්ට් එක....

1)
ඇෆ්ගන් දැරිය - Afghan Girl

මේ පින්තූරයට නම් අමුතුම කතාවක් තියෙන්නේ. මේ පින්තූරය අරන් තියෙන්නේ "ස්ටීව් මැක්කරී" විසින් 1984 ජුනි මාසයේ දී. (මේ පින්තූරය කිව්වේ වම් පැත්තේ තියන එක). මේකෙ ඉන්න ගැහැණු ළමයට එතකොට වයස 12යි. පාකිස්ථානයේ "Nazir Bagh" වල තිබුණ සරණාගත කදවුරකදි කදවුරකදී තමයි මේ පින්තූරය අරන් තියෙන්නේ. සෝවියට් ආක්‍රමණයට විරුද්ධව ක්‍රියා කිරීමේදී අවතැන් උන අය තමයි ඒකෙ ඉදල තියෙන්නේ.. 

කොල පැහැති ප්‍රබල බැල්මක් ඇති ඇස් දෙකත්, මුහුණේ ඉරියව්ත් නිසා මේ පින්තූරය 1985 ජුනි "National Geography" සගරාවෙත් පලවෙලා තියනවා. ඒත් මේ වන විටත් කවුරුවත් දන්නේ නෑ මේ ගැහැණු ලමයගෙ නම මොකද්ද කියලා.... ඡායාරූප ශිල්පියා අවුරුදු 17ක් මහන්සි වෙලා තියනවා මෙයාව ආයෙත් හොයා ගන්න. ගොඩක් තැන් වල සැරිසරලත් තියනවා. 

අවසානයේ 2002 ජනවාරිවල නැවත මේ දෙදෙනා මුණ ගැහිලා තියනවා. ඒ වෙද්දී එයාට වයස 30යි ලමයි තුන්දෙනෙකුගේ අම්මා කෙනෙක්.. එදා තමයි මෙයාගෙ නම හොයාගෙන තියෙන්නේ "Gharbat Gula" කියලා. "ස්ටීව් මැක්කරී" මේ පින්තූරෙ ගන්න කලින් කවුරුවත් මෙයාගෙ පින්තූරයක් අරගෙන නැතිලූ.. ආයෙ 2002 "ස්ටීව් මැක්කරී" හම්බ වෙලා කියනකම් දන්නෙ නැතිලූ මේ මූණ (පින්තූරෙ) ලොකෙම ප්‍රසිද්ධයි කියලා. FBI එක විසින් ඉහත පින්තූර 2ම 99.9% එක්කෙනෙකකුගෙ කියලා තහවුරු කරලා තියනවා. ( දකුණු පැත්තේ පින්තූරෙ තියෙන්නේ අවු 30 දි ගත්ත පින්තූරය )

2)
ටයිම්ස් චතුරස්‍රයේ උණුසුම් සිපගැනීම



“Say goodbye to war” නම්  මෙම පින්තූරය අරගෙන ඇත්තේ “Victor Jorgensen”  විසින් නිව් යොර්ක් හී ටයිම්ස් චතුරස්‍රයේදි 1945 අගෝස්තු 13 දිනයි. ඇමරිකානු නාවික සෙබලෙක් සරාගී ලෙස හෙදියක් ව සිප ගන්නා ආකාරය මෙම පින්තූරයේ දැක්වෙන අතර විශේෂත්වය වන්නේ ඔවුන් දෙදන‍ාගේ මුල්ම හමු වීමද එයම වීමය. යුද්ධය අවසන් වී නැවත සිය මව්බිම කරා පැමිණීමේ සතුට ඔහු භුක්ති විද ඇතිතේ මෙලෙසය.

සිය නිවහනින් (රටෙන්) පිට බොහෝ කාලයක් සිට නැවත සිය නිවහන(රට) කරා යුද්ධයක් නිම කර එන්නෙකුගේ හැගීම් මනාව දනවන ඡායාරූපයක් ලෙස මෙය සැලකෙයි.

3)
නොහදුනන කැරලිකාරයා - Unknown Rebel



මේ යුධ ටැංකි ටිකට ඉදිරියෙන් ඉන්නා මිනිසා බලපු ගමන් නොපෙනෙන්නත් පුලුවන් උනත්. The Unknown Rebel” ලෙස අන්වර්ථ නාමයක් ලබා ලෝකයේම ප්‍රසිද්ධ වූ චරිතයක් තමයි ඒ. 1989 චීනයේ “Tiananmen චතුරස්‍රයේ කැරැල්ල ඇතිවූ මොහොතේ ගමන් ගන්නා යුධ ටැංකි පෙලකට මග අහුරා ගෙන සිටීම තමයි මේ කැරලිකාරයාගේ විර ක්‍රියාව.


චීන සමූහාණුඩුව මේ පින්තූරය මගින් ලොවට කියන්නේ, චීන විමුක්තිදායක හමුදාවේ ඇති මානුෂික භාවයයි. ඉදිරියට යාමට අණ ලැබුනද යුධ ටැංකි රියදුරු එය ඉවත දමා එතැනම සිටීම මෙහි විශේෂත්වයයි.   



4)
නිහඩ විරොධය - Protest in Silence 


“Thich Quang Duc” 1897 දී උපත ලද වියට්නාම බෞද්ධ භික්ෂුවක්. , 1963 ජුනි 11 “Saigon” හී ජනාකීර්ණ විදියක තම සිරුරට ගිනිතබාගෙන සිය දිවි හානි කර ගත්තේ ඇමරිකාව දකුණු වියට්නාමයේ බෞද්ධ ශිෂ්ඨාචාරයට දක්වන සැලකිලි වලට විරොධය පෑමටයි. සිරුර ගිනි ගන්නා මොහොතේ උන් වහන්සේ කිසිදු ශබ්ධයක් නොනෑගීමත් මෙහි විශේෂත්වයක්.


අපවත් වීමෙන් පසු බෞද්ධ චාරිත්‍ර වලට අනුව ආදාහනය කරන ලදී. එහිදි වු තවත් විශේෂ සිද්ධියක් නම් හදවත ඉතිරි වීමයි. මෙම හදවත ධාතුවක් සේ සලකා වියට්නාම රක්ෂණ බැංකුවේ අදටත් තැම්පත් කර තිබෙනවා.

5)
අශොභන මණරය - Death Rode 


“Kevin Carter” නම් සුවිශේෂී ඡායාරූප ශිල්පියාගේ අතිශය දුර්ලභම ඡායාරූපය මෙයයි. මේ සදහා ඔහු “Pulitzer” සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මේ සිද්ධිය වූයේ සුඩානයේ “Ayod” නම් කුඩා ගමකයි. බලාපොරොත්තු විරහිත, බොහෝ සෙයින් කෘෂ වී ගිය, පොලව මත වැතිරී සිටිනා ගාහැණු ළමයෙකුගේ පින්තූරයක් මෙහි දැක්වෙන අතර පසුපසින් ගිජුළිහිණියෙක් ද මැයට මාරයා ‍ලං කරමින් සිටී. (මාරයා කිව්වේ අපේ බ්ලොග් ලියන මාරයා නොවන බව කරුණාවෙන් සලකන්න)

මෙම ඡායාරූපය ගෙන මාස 4 කට පසු “Kevin Carter” සිය දිවි හානි කර ගෙන තිබුනේ තමාට මෙම පින්තූරය ගන්නවා වෙනුවට මෙම කුඩා ළමයා බේර ගැනීමට තිබුණා යන ආකල්පය හිත තුල රැව් දුන් නිසාය.

මෙම පින්තූරයේ පෙනෙන දිළිදු බවට හේතුව බටහිර අධිරාජ්‍ය සුඩානයට ඍජුව ඇගිලි ගැසීමයි. මෙයට හේතුව ලෙස විචාරකයින් දක්වන්නේ සුඩානයේ සම්පත් කෙරෙහි බටහිර රටවල් වලට ඇති කෑදර කමයි.

------------------------------------------- 

මේ පෝස්ට් එක දාන 2වනි පාර මේ. කලින් දැමම ගමන් අකුරු පේන්නේ නැතිවෙලා ගියා. ආයෙ කරේ නැද්ද මුල ඉදන් Translate....
සෑහෙන්න මහන්සි වෙලා මේ පෝස්ට් එක දැම්මේ. ඒක නිසා කමෙන්ට් එකක් නොදා නම් යන්න එපා. හවස 3 ඉදන් මෙතම දැන් 6.30 වෙලාව..

තව පින්තූර 6යි මේ සෙට් එකේ තියෙන්නේ. ඒ ටිකත් දානවා ලගදීම..

ෆලෝ නොකරපු අය ෆලෝ කරන්නත් අමතක කරන්න එපා.....



Friday, June 24, 2011

පොලීසියේ මහත්මයෙක්....


කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා ගෙදර හිටියෙ නැති නිසා.. කට්ටියටම සොරි කිව්ව ඔන්න ඒකට... කොළඹ ඉදල ගෙදර ආපු ගමන් කතරගමත් යන්න සෙට් උන නිසා තවත් ටිකක් පරක්කු උනා..


මේ කතාව උනේ කතරගම ට්‍රිප් එකේ දෙවනි දවසේ. සුපර් මාරියෝ ගියා කට්ටියත් එක්ක සිතුල් පව්වේ...!! කෙලින්ම කතාවට බහින්නම් කෝ.

මේ පින්තූරෙ බලන්න කෝ..


මේ හුරතල් චක්ක පැටියා ඉන්නේ සිතුල් පව්වේ. මෙයාගෙ අම්මා මෙයාව දාලා ගිහිල්ලලු. තාම කිරි බොන වයසේ. මෙයාට නිකන් කිරි, වතුර බොන්න දුන්නට බොන්න තේරෙන්නෙ නෑ ලු. ඒ උනාට මේ පොලිස් අයියගේ ඇගිල්ල දුන්නම නම් කුක්කු බොනව වගේ සූප්පු කරනවලු...


මේ වගේ එතුර එකකට ඇගිල්ල දාල සූප්පු කරන්න දුන්නම් වතුරත් ඉබේ ම පෙවෙනවනේ.. අන්න එහෙම තමයි මෙයාට වතුර පොවන්නේ... මේ පොලිස් අයියගේ සපෝර්ට් එකට මේ වැඩේට තව ග්‍රාම ආරක්ෂක අයිය කෙනෙකුත් සෙට් වෙනවා


දැඩි හිත් තියන්න ඔන අය ලග මෙහෙම උනු වෙන හදවත් ද තියනව කියලා සුපර් මාරියෝට ඇස් පනාපිටම ඔප්පු උනේ එදා තමයි. පොලීසියේ කට්ටිය ගැන අපේ අයට තියෙන්නෙ එච්චර හොද ආකල්පයක් නෙවෙයි නේ.. කුරුල්ලාට වෙච්ච දේත් කට්ටිය දන්නෙ නැත්තම් මෙතනින්ම ඒකත් බලන්න..  ඒත් මේ වගේ නියම මහත්වරු පොලීසියේ ඉන්නව කියලත් අමතක කරන්න අපිට බෑ නේද...


පොඩි හාමුදුරුවොත් ආසාවෙන් මේක බලාගෙන හිටියා..



ප.ලි. - කටිටිය සිතුල් පව්වෙ යනවනම් "අරක්කු බෝතල්" අරන් යන්න එපා. අරක්කු වලට වහ වැටිච්ච අලියෙක් ඉන්නවලු. අරක්කු හොයාගෙන එනවලු ගදට හෝ සුවදට.. ඔක්කොම අරක්කු බෝතල් හමුදාවෙන් ගන්නවා.. මෙන්න අපි යද්දි තිබුන බෝතල් ගොඩ..





කමෙන්ටුවක් එහෙමත් දැම්නම් නේද හොද....

Thursday, June 16, 2011

ලෝකේ වටිනාම පින්තූර අතරින් කිහිපයක්..... 2 කොටස



කලින් පෝස්ට් එකට නම් කට්ටියගෙන් ලොවෙත් නැති වෙන්න සපෝර්ට් එක හම්බවුනා.  කට්ටියටම බොහොම ස්තූතියි.. ඒක බලපු නැති කට්ටිය මෙතන ඔබන්නකෝ.. 

අද දාන පින්තූර වල නම් විස්තරය හරියටම හරිද කියල කියන්න බෑ.. මොකද කලින් පෝස්ට් එකේ දාපු පින්තූර සෙට් එකේ තිබුන ඒවා නෙවෙයි මේ.. හොදම ටික අන්තිමට තියන්න එපැයි.... :D 


මේ පින්තූර වල කතාව දන්නවනම් පින්තූරයේ අංකයත් එක්ක කමෙන්ටුවක් දාන්නකෝ...

1)


මේ පින්තූරය ගැන නම් විස්තර අනවශ්‍යයි නේ.. මේක ගන්න නම් සෑහෙන්න මහන්සි වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ.


2)


මේක ගැනත් කියන්න ඕන නෑ නේ.. හදේ ඉන්න කොට පෘථිවිය පායන්නේ මෙහෙම තමයි. මේක හැමෝම දැකල තිබුනට මේ පින්තූරය නොදැම්මොත් ඒක ලොකු අඩුවක් නිසයි දැම්මේ.


3)






9/11 සිද්ධියත් මේ එක්කම මතක් කර ගමු නේද....


4)

මේ පින්තූරෙත් කවදා කොහේ කවුරු ගත්ත එකක් ද කියල නම් සදහනක් නෑ. ඒත් මේ  මිනිසුන් දෙදෙනෙකුගේ අත් දෙකක් කියලනම් කියන්නම ඕන. ආහාර හිග කමේ ප්‍රතිඵලයක් කියලයි මටනම් හිතෙන්නේ. මේක ගැන දන්න කට්ටිය ඉන්නවනම් කියන්න........

5)

මේ පින්තූරෙ ගත්තයින් තත්පර කිපයකට පස්සේ හා තත්පර කීපයකට කලින් මොකද උනේ කියල කවුරුවත් දන්නවද.....???

6)

විස්තර නැත...

7)


ලොව ඇති විශාලම අභිරහස් පෙදෙස හෙවත් මහ මුහුද.... මුහුදෙන් මතු වූ තවත් එක් අභිරහස් සත්වයෙකුගේ පින්තූරයක්.. මේක මම කලින් දැකල තිබුන නිසයි ඒ ටිකත් දන්නේ... මීට වඩා කවුරුවත් දන්නවද.....???

8)

මිනිස් ඉතිහාසය වෙනස් කල සද ගමන... සද මතදී නීල් ආම්ස්ට්‍රොන්ගේ මෙම පින්තූරය ගෙන තිබුනේ ඇපලෝ 11 යානයේ සවි කර තිබූ කැමරාවකින් කියලයි කියන්නේ. මේ පින්තූරය නැත්තම් පෝස්ට් එක අසම්පූර්ණ වෙන නිසයි දැම්මේ... ඒත් සුපර් මාරියෝ නම් හද ගමන එතරම් විශ්වාස කරන්නේ නෑ.. ඕගොල්ලා ඒක ගැන මොකද කියන්නේ..??

9)

ස්වාහාවික සිද්ධියකින් "නොවුන" ලොව විශාලම විනාශය හෙවත් ජපානයට පරමානු බෝම්බ හෙලීම. මේ බෝම්බ හෙලපු යානයේ නියමුවත් මීට අවුරුදු කීපයකට කලින් අවසන් ගමන් ගියා කියල මට මතකයි. මේක ගැනත් ඔයාලට හිතෙන දේත් කියන්න.....

10)

කලු සුදු භේදය ගැන තියන මාරම පින්තූරයක් තමයි මේ. සුදු අයට එක සින්ක් එකක් හා කලු අයට තවත් සින්ක් එකක්. අපි වගේ තලඑලලු අය මොකෙන්ද බොන්නේ...???


මම කලින් කිව්ව වගේ මේ පින්තූර වලට විස්තරයක් තිබුනේ නෑ.. මේකෙ තියන පින්තූර ගැන දන්න අය ඉන්නවනම් එන්න දැනුම බෙදා ගන්න...


ඊලග පින්තූර ටිකත් ලගදීම දානවා... එතකන් ඉන්න... :D :D :D :D


දැන් ඉතින් සුපුරුදු වාක්‍ය.. හිතෙන දේ පහලින් කමෙන්ටුවක් දාලා.. ෆලෝ නොකරපු අය ෆලෝ පාරකුත් දාලම යන්න.... :-) :-)

Monday, June 13, 2011

ලෝකේ වටිනාම පින්තූර අතරින් කිහිපයක්..... 1 කොටස



ලෝකේ මෙතෙක් කැමරා කාචයට හසු උන ලස්සන, දුක් බර, පුදුම පින්තූර ටිකක් ගැන තමයි මේ කාලෙකින් දාන පෝස්ට් එක... මුලින්ම මේ ටික දුන්න කොට්ටාව පැත්තෙ හිත හොද කොල්ලට ස්තූති පාරක් දෙන්න ඕනි..

1)

දැක්ක ගමන් අදුරගන්න පුලුවන් කියල හිතනවා.. "ගරිල්ලා වීරයෙක්" විදියට හදුන් වන චේ ගුවේරා තමයි මේ.. ඔහුගේ කුඩා හිස් වැස්මත් සමග ඉවත බලාගෙන ඉන්න මේ පින්තූරය අරගෙන තියෙන්නේ ඇල්බටෝ කෝදා ( Alberto Korda ) විසින් 1960 මාර්තු 5 වන දිනයි. බෝම්බ අනතුරකින් මිය ගිය කෙනෙකුගේ අවමගුල් උතිසවයකදී තමයි මේ පින්තූරය අරන් තියෙන්නේ, එතකොට චේ ගේ වයස 31ක් පමණයි. මේ පින්තූරය ප්‍රසිද්ධ කරලා තියෙන්නේ ඉන් වසර 7කට පසුවයි.  The Art Institute of Maryland (USA)  ප්‍රකාශ කරන පරිදි 20 වන ශතවර්ශයේ ජනප්‍රියම පින්තූරය මෙයයි.. තවමත් ලොකයේ සිරාම පින්තූර 10 අතර මේක තියනවා කියල තමයි ආරංචි වෙන්නේ........

2)

Omayra Sanchez යනු 1985 දී පුපුරා ගිය කොළොම්බියාවේ Nevado del Ruiz ගිනිකන්දට ජීවිතය පූජා කල 13 හැවිරිදි ගැහැණු ළමයෙක්. මැය දින 3ක් ‍මඩ, වතුර, සහ නෑදෑයන් ගේ මළ සිරුරු අතර සිරවී ඉදල තියනවා. ජීවිතාරක්ෂක කණ්ඩායම් වලට මෙයාගෙ කකුල් නොකපා ගොඩට ගැනීමට ක්‍රමයක් තිබිල නෑ. අනිත් විකල්පය තිබිල තියෙන්නේ අධිබල බටයක් දාලා මේ ඇලෙනසුලු මඩ ඉවත් කරල දාන්න.. ඒත් ඔවුන් සතු එකම බටයත් තිබිල තියෙන්නේ ගොඩක් දුර වගේම ඒක ඒ වෙලාවෙ පාවිච්චි කරන්න බැරි තත්වයක. මෙයා මඩේ ඉදගෙනත් හිතල තියෙන්නේ ආයෙ ඉස්කෝලෙ ගිහිල්ලා විභාග පාස් වෙන විදියයි. පත්තර වාර්තා කරුවනුයි, ගැලවුම් කණ්ඩායමුයි මෙයාව තනි කරලා නෑ.. මේ පින්තූරය අරන් තියෙන්නේ "Frank Fournier" විසින්. මේක ප්‍රසිද්ධ කරල තියෙන්නෙත් මෙයාගෙ මරණයෙන් මාස කීපයකට පස්සෙයි.

3)

මේ පින්තූරය අරන් තියෙන්නේ ස්පාඤ්ඤ ජාතිකයෙක් වන Pultizer ත්‍යාගලාභී "Javier Bauluz" විසින්. ස්පාඤ්ඤ විදේශිකයන් දෙදෙනෙක් මිය ගිය නීති විරෝධී සංක්‍රමණිකයෙකුගේ මළ සිරුරක් දෙස බලන් ඉන්නා දර්ශනයක් තමයි තියෙන්නේ. අනවසර සංක්‍රමණය හා සම්බන්ධ වටිනා පින්තූරයක් ‍විදියට මෙය සැලකෙනවා.

4)

මෙය කැමරා කාචයට හසු කරන් තිබෙන්නේ ජනප්‍රිය කැමරා ශිල්පී "Nick Ut" විසින්. 1972 ජුනි 8 දින ඇමරිකානු යානා වියට්නාමයට බෝම්බ හෙලන ලදී. "Kim Phuc" නැමති 9 හැවිරිදි ගැහැණු ලමයා එයාගෙ පවුලෙ කට්ටියත් එක්ක ඉන්න වෙලාවක තමයි මේ කේදවාචකය වෙලා තියෙන්නේ. බෝම්බ අනතුරන් එයාගෙ ඇදුම් ගිනි ගෙන තියනවා. ජීවිතය බේර ගන්න අනිත් අයත් සමග දුවගෙන යද්දී ඇදුම් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන තියනවා. බරපතල පිලිස්සුම් තුවාල ලැබූ මෙයා මාස 14ක් රෝහලේ තමයි ඉදල තියෙන්නේ. සැත්කම් 17කට බදුන් කරල තියනවා සම බද්ද කිරීම් ද සමග. මේ පින්තූරයේ ඉන්න ගෑනු ලමයා දැන් කොහෙද කියල කට්ටිය හිතනවා ඇති නේ... එයා දැන් ලමයි දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. එයා ඉන්නේ කැනඩාවේ. එයාගෙ නමින් පදනමකුත් පවත්වාගෙන යනවා යුද්ධයෙන් අවතැන් වුන ලමයි වෙනුවෙන්. ඒ වගේම එයා යුනෙස්කෝ හී තානාපති වරියක් විදියටත් කවයුතු කරනවා. කොහොමද ෆොටෝ එකක් කල හරිය.. එහෙම කියල අපේ ගෑනු ලමයි ඇදුම් නැතුම ෆොටෝ වලට එහෙම පෙනී ඉන්න එපා හරිද....!!!!

5)

"කර්නල් සිරකරුවා මැරුවා, මම කර්නල් මැරුවා" මෙහෙම කියල තියෙන්නේ මේ පින්තූරය ගත්ත Eddi Adams. 1968 පෙබරවාරි 1 දී මේ පින්තූරය අරන් තියෙන්නේ Saigon වලදී. අත්අඩංගුවට පත් Vietcong ගරිල්ලෙකු ගේ අත් පිටුපසට කර බැද ලග සිට වෙඩි තබා තමයි මරල තියෙන්නේ. මේ වගේ මිනී මැරුම් ම්ලේච්ඡ විදියටයි සැලකෙන්නේ. මේ පින්තූරය ගත්ත පුද්ගලයා අවු 13 ක් යුධ පිටියේ ඡායාරුප ශිල්පියෙක් විදියට සේවය කරල තියනවා. මේ අවස්තාව ගැන කොතරම් ඔහු කලකිරී තියනවාද කියනව නම් ඔහු ඔහුගේ වෘත්තියත් මාරු කරල තියනවා මේ නිසාම... ඔහු Pultizer ත්‍යාගයද දිනා ඇති පුද්ගලයෙක්...


පෝස්ට් එක දිග වැඩි වෙන නිසාත්.. මේක සිංහලට පරිවර්ථනය කරලා සාරාංශ කරන්න ටිකක් වැඩිපුර වෙලා ගිහිපු නිසාත් මම මේකෙ පලවෙනි කොටස මෙතනින් නතර කරනවා...

ඕගොල්ලන්ට මගේ මේ පුංචි උත්සාහය ගැන කියන්න තියන දේවල් ඔක්කොම කියන්න... විහිලු, අකරතැබ්බ එක්ක ඕ‍ගොල්ලන්ට වැදගත් දෙයක් දෙන්නත් මේ සුපර් මාරියෝ හැම නිතරම උත්සාහ කරනවා... (සුපර් කියන්නේ නිකන් නෙවෙයි)

මේකේ 2 කොටසින් ලගදිම හමු වෙමු.....!!!!!

Sunday, June 5, 2011

කතාකරන පින්තූර 2 - පුංච් හුරතල්ලු..

මම කලින් දාපු කතා කරන පින්තූර 1 කොටසටත් කස්ටියගෙන් ඒ දවස් වල හැටියට හොද ප්‍රතිචාරයක් ලැබුන නිසා මට හිතුනා මෙන්න මේ හුරතල් පින්තූර ටිකත් ඒකෙ 2 කොටස විදියට දාන්න..

කලින් කොට බලපු නැති කට්ටිය මෙතන ක්ලික් කරන්න..




































ගුණ දොස් කියන්නත් අමතක කරන්න එපා හොදේ.....!!!

ෆලෝ පාරකුත් දාලම යන්නකෝ....!!!!