Monday, March 28, 2011

සුපර් මාරියෝ ට ස්ලිට් කුරුල්ලා මුන ගැසේ...



එදා හවස 4 ට විතර සුපර් මාරියෝ ගේ ජංගම දු.ක. හදිස්සියේ කෑගැසීමට විය. අරං බැලීනම් බොක්කේ ෆිට් එකකි.

"මචන් මම දැන් එනවා උබව මීට් වෙන්න". 
ඔහු කීය.

"ඕකේ මචං මම ******* ඉන්නවා උබ වරෙන්". මම කීවෙමි.


ටික වෙලාවකින් ඔහු පැමිණින. මා දුටු විගස මුලින්ම ඇසුවේ සුපර් මාරියෝ උඹලා ගේ එකෙක් නේ ද?  යන්නය.

කුරුල්ලා මේක දැනගත්තත් මූ මේක දැන ගැනීමට කොහෙත්ම බැරිය. මගේ සැකය තවත් වැඩිවිය. 

"ස්ලිට් කුරුල්ලා උඹ නේද?" මම ෆිෆ්ටි ෆිෆ්ටි තියාගෙන ඇසිමි.

ඔහුට කට උත්තර නැතිවිය. ටික වේලාවක් කල්පනා කර "ඔව්" කීය. 

ස්ලිට් කුරුල්ලා මුනගැසීමේ සිද්දිය නම් මේකය.

බලාගෙන යනකොට දෙන්නාටම බ්ලොග් ලිවීමේ අදහස ඇවිල්ලා තියෙන්නේ එක්කෙනෙකුගේ බ්ලොග් එකක් නිසාය.. ඒ වෙන කවුරුවත් නෙවෙයි ය. ඒ රත්ගමයා ය. රත්ගමයාත්, ස්ලිට් කුරුල්ලාත්, සුපර් මාරියෝත් ඉගෙන ගත්තේ ගාලු පුරවරයේ ඇති කීර්තිමත් ම විද්‍යාලයෙනි. තිදෙනාම එකම වයසේය. මට කුරුල්ලා හා රත්ගමයා යන දෙදෙනාම මුලින්ම හමුවන්නේ 7 වසරේදී ය. රත්ගමයා නම් ඒ කාලයේ සිටම මෙහෙමය. ඒත් කුරුල්ලා අහින්සක චරිතයකි. රත්ගමයා වගේ කුප්ප හෝ වාචාල නැත. දැන් නම් දෙන්නාම මාර එක්ස්පීරියන්ස් පොරවල් ය. උන්ගේ බ්ලොග්ස් දැක්කාම ඒක සිරාවටම පේනවාය.

සුපර් මාරියෝට මුලින්ම බ්ලොග් ලියන්න හිතුනේ ද රත්ගමයා ගේ බ්ලොග් එක දැක්කම  කියලා මම කලිනුත් කිව්වද, සක්‍රීයන ශක්තිය ඉක්මවා ගියේ ස්ලිට් කුරුල්ලාගේ මුල්ම බ්ලොග් එක දැක්කාමය.

ස්ලිට් කුරුල්ලා ලියන බ්ලොග් වල අතින් දාන කෑලි වැඩිය. ඒ නිසා එවා සිරාය.. සුපර් මාරියෝට බොරු කීමට පුරුද්දක් නැත. ඒ නිසා මගේ ඒව්වා එතරම් සිරා නැත.

කුරුල්ලා මේ දවස් වල කෑල්ලට ලිව්මක් ලියන බව ආරංචිය. ඒකා කොලඹ ආවත් හරි මේ කෑල්ලට ලියන මුල්ම ලිපිය ය. කෑල්ල මුගේ බ්ලොග් එක දැක්කොත් එක්කො ඒකි මේකාව පරිස්සම් කරන්න කොලඹ එනවාය. නැත්තම් මූ එහෙ ගෙන්න ගන්නවා ය.

කෙසේ වුවත් දැන් ස්ලිට්ටරේ බ්ලොග් ගැන වැඩිපුර කතා කරනවා ය. එකෙක් අවුරුදු ගානකට කලින් හදාපු බ්ලොග් එකක් මුල්ම ලිපිය දැම්මේද ලගඳීය. වේලි වේලි තිබ්බ බ්ලොග්ස් ද දැන් අලුත් පනක් ලබා ඇති බවක් පෙනේ.. මේ ඔක්කොටම මුල් ගල තැබුවේ කුරුල්ලා බව කිව යුතුය. එය යුතුකමක් ය. ඉන්පසු ඇතිවූ පසු කම්පන සඳහා සුපර් මාරියෝ ගෙන් ද බල පෑමක් ඇති වි ඇති බව නොරහසකි. එය මට පුංචි ආඩම්බරයකි....


____________________________

ප.ලි. :- මෙහි කුරුල්ලාගේ අනන්‍යතාවය හෙලිවන කරුණු වසන් කර 
            ත.           

Sunday, March 27, 2011

ටාසන් සුපර් මාරියෝගේ ලෝකයට හොරෙන් රිංගයි.....



හා...යි.... මම ටාසන් ය. සුපර් මාරියෝ කාරයාට මේක ලොග් අවුට් වෙන්න බැරි වෙලා ය.. දැන් ඉතින් මේ මගේ ලෝකය ය. දත් දෙකකුත් ගලවපු නිසා මට උන්නත් දාහයි මලත් දාහයි ය. මේ දත් දෙක් ගලවපු තැන රිදෙන එක ඉවසන්න පුළුවන් ය. ඒත් කැළේ සත්තු මගේ දත් නැති බව දැක්කාම දාන නෝන්ජල් හිනාව ඉවසීම පී.එස්. ලෙක්චර් එකකට සහභාගී වන එකට වඩා අමාරුය. ඔක්කොටම වඩා අමාරු කොල්ලුපිටියේ සත්තු වත්තේ කල් ගත කිරීමය.  ලබන මාසයේ තවත් දත් දෙකක් ගැලවීමට ඩොකා මට අන කරාහුය. මෙහෙම ගියොත් මට අන්තිමට චීස් කොත්තු කන්න වෙන්නේ දත් නැතුව ය..


මාරියෝ කාරයා මොන වේලාවේ මෙතනට කඩා පාත් වේවිද මම දන්නේ නැත. මම නම් ඌට බය නැත. ඒත් උගේ ඕප දූප ප්‍රොජෙක්ටුවට නම් පන බය ය. ඒ නිසා මම කියන්න තියෙන කතා ව කියලා ඉක්මනට ෂේප් වෙන්න ඕනය ය.

මගේ කැලේ තියන වැල් දැකලා මට දැන් එපා වෙලාය.. ඉතින් අලුත් වැල් ටිකක් මාගේ ලැප්ටොප්ටුවට බාගත කිරීමේ උදාර අරමුණකින් යුක්තව මම කොලොම්පුරේ හුලංටෙල් එකට සුබ නැකතක් බලා ගියේ දහසකුත් බලාපොරොත්තු ඇතුවය.. ගියත් හරිය. මාගේ නමට ගැනීමට ඕන නම් රුහුණෙන් ගන්න යැයි ඔවුන් මට කීවෝය..  මම එක පයින් මම රුහුණට ගියාය.. රුහුණේ හුලංටෙල් එකෙන්ද බැංකු ගිනුමක් නැතුව බෑ කිව්වෝය.. ඒ පාර මම බැංකු ගිනුමක් ඔපන් කලෙමි. ඒකේ පොතේ මගේ ඇඩ්‍රස් එක නැත. ඇඩ්‍රස් නැතුව සිම් එකක් දෙන්න බැරි බව කී නිසා එයද ව්‍යර්ථ විය. මම මව් තුමියගේ එකවුන්ට්  එකට කොනෙක්ෂන් එක ගැනීමේ අරමුණෙන් මවු තුමිය කැටුව නැවත හුලංටෙල් එකට ගියෙමි. ඒ එකවුන්ට් එක මාස තුනක් ඇතුලත අප් ඩේට් කර නැත.. එයද අසාර්ථක විය. හැම මගුලම වෙන්නේ මේ අහිංසක ටාසන්ටය. මට අලුත් වැල් ගැනීමේ ආසාව තුනී විය.. මම මවු තුමිය ද  කැටුව ගෙදර නැවත බලා පිය නැගුවෙමි..

මේ ජීවිතේ වෙලාවකට මාර බෝරිංය.. මාරියෝ කාරයා එන්න කලින් මම දැන් යනවාය.. ඔබ සැමට සුබ අනාගතයක්.. ආයේ පස්සෙ වෙලාවක හමුවෙමු......

Monday, March 21, 2011

අපේ රෙපා ගේ මනුස්සකම..


මෙය තවත් ජෝක් එකක් හෝ කෙටිකතාවක් නොවන බව කරුණාවෙන් සලකන්න..

මට මෙය ලිවීමට සිතුනේ අපේ බැච් එක මේ දින වල දෙවන ට්‍රිප් එක යන්න හීනියට කතා වෙන නිසාය.

පළවෙනි ට්‍රිප් එක මනාවට ඕගනයිස් කරේද මොහුය. දිය ඇල්ලක් බැලීමට ගිය එම ගමනේ අවසානයේ දිය ඇල්ල බැලීමට අවස්ථාවක් නොලද එකම පුද්ගලයාද මොහුය.. අවසානයේ මොහුට සිදු වූයේ අනෙක් අයගෙන් දිය ඇල්ලේ විස්තර අසා සෑහීමට පත් වීමටය. මෙයට හේතුව වූයේ අතර මගදී ආබාධයකට ලක්වූ අයෙකු රැගෙන රෝහල කරා යෑමට සිදු වීමය.

සෙට් එකේ එකෙකුට කරදරයක් වෙන ඕනම වෙලාවක මොහුගේ උදව් අනිවාර්යයෙන්ම ලැබේ. නිදි මරා හෝ තමන්ගේ යුතුකම් ඉටුකරන කිහිප දෙනා අතර මොහුද සිටී.

ඉඳහිට / හැමවිට ( අනවශ්‍ය වචනය කපා හරින්න ) විහිලුවක් වුවත් මොහුගෙන් ගත හැකි දේ ගොඩක් තියනව කියලයි සුපර් මාරියෝ ට නම් හිතෙන්නේ.

මට මේ කතාව කියන්න හිතුනේ මනුස්ස කම නැතිවෙමින් යන මේ ලෝකයේ තවමත් මෙවැනි අය සිටින බව මතක් කිරීමටය.

දැන් මේ ආර්ටිකල් එක කියවා මොහු උඩින් යයිද මම නොදනිමි. එහෙම ගියොත් ඒක වැරදිය.කළ යුත්තේ නිරහන්කාරව තව තවත් බිමින් යෑමය.

මෙච්චර වෙලා කිව්වේ කවුරු ගැනද කියලා අයෙ කියන්න ඕන නෑ නෙ..
(දන්නෙ නැත්තම් පහත පින්තූරය බලන්න.)



මේක කියවලා කොමෙන්ට් එකක් දාන්න තරම් කාරුණික වෙන්න.....




තාරකාවීට පිලිතුරක්...

මෙයට අදාල තාරකාවීගේ පෙර ලිපිය මෙන්න..




ඉහත සඳහන් කල, තාරකාවියගේ නිසඳැස දුටු විගස මා හට සිහියට නැගුනේ අප රටේ විශිෂ්ඨ කලාකරුවකු වන ලක්ෂ්මන් හිල්මි ගේ ගීතයකි. එහිද මෙම අදහසම මනාව ගීතයකට නගා ඇත.

සොඳුර ජීවිතයේ ලඟම හිත මිතුරියයි

වරෙක ඇය මට මගේ වැදුව මව හා සමයි

දිවි මගේ ශක්තියයි - සිරි යහනෙ කුමරියයි.....

මෙහි සම්පූර්ණ ගීතය මෙතනින් අහන්න..








 අප කුඩා කාලයේ මුලින්ම ආදරය හඳුන ගන්නේ මවගෙනි. ඉන් පසු, සහොදරියන් ගෙන්, පෙම්වතිය ගෙන්, බිරිඳගෙන්,දියනියන් ගෙන් පිලිවෙලට ආදරය ලබයි.






ආසියාවේ අප තවමත් කාන්තාවට නිසි තැන ලබා දෙයි. එය රැක ගැනීම කාන්තාවන් සතු වගකීමකි. කවදා හෝ එම තැන නැති වුව හොත් එයට වග කිව යුත්තේ ද කාන්තාවමය...


________________________________________
ප.ලි. කෙසේ වුවත් තාරකාවිය ගේ මෙම නිර්මාණය අගය කල යුතුය. තාරකාවී තාර කෑවද, හරවත් දෙයක් කර ඇත..

Friday, March 18, 2011

කෙටි කතාව 1 (විද්‍යා ප්‍රබන්ධය)

සටහන :- මෙය නවය වසරේදී මා විසින් ජීවන නිපුනතා විශය සඳහා නිර්මානය කරන ලද කෙටි කතාවකි. මෙහි ඇතැම් වචන පමනක් කාලානුරූපව මා විසින් වෙනස් කලද, කතාවේ හරයට කිසිදු වෙනසක් සිදු නොකිරීමට වග බලා ගත්තෙමි. මෙය මා කුඩා කල රචනා කල එකක් බැවින් ඇතැම් තැන් වල තාර්කිකමය ප්‍රශ්න තිබිය හැක. මෙය කියවා, මෙයට එල "ටොපික්" එකක් දෙන කම් මම මග බලා සිටිමි.



එය අඩ අන්දකාර රාත්‍රියකි. මා රෑකියාවට ගොස් නැවත නිවස බලා එමින් සිටියෙමි. මාර්ගයේ මිනිස් සලකුණක් තබා සත්ව සලකුණක් හෝ නොමැති තරම්ය. අඳුර දුරු වූයේ සඳ එළියෙන් පමණි. අසල වූ ඔරලෝසු කණුවේ රාත්‍රී 9 යේ කනිසම නාද වීමට පටන් ගැණින. මා මදක් වේගය වැඩිකොට ගමන් කිරීම ඇරඹුවෙමි.

Wednesday, March 16, 2011

පිය හිරු බැස ගොස් දිවි අඹරෙන් - විය දුක් සුසුමන් හද ගැඹුරෙන්........




පිය හිරු බැස ගොස් දිවි අඹරෙන්
විය දුක් සුසුමන් හද ගැඹුරෙන්
හඬ හඬ ලැතැවෙන සොව ගැඹුරෙන්
ඇහුනද පිය තුම ඔබ වෙනුවෙන්  


නැහැ නොවැ එළියක් ගන අඳුරේ
උනනව කඳුළක් නෙතු යුගලේ
පෙනෙනව සිහිනෙන් පිය සෙනෙහේ
දැනෙනව ගුණ කඳ හද මැදුරේ


පබැඳුම - නාලක ජයසේන



---------------------------- පසුබිම ----------------------------

2010-03-10 දින මා නාලකට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ සුමේධ මගෙන් කල ඉල්ලීමකට අනුවය' ^ නාලක ගාල්ලේ අයටනම් සුපුරුදු චරිතයකිනොදන්නා අයට මොහු ගැන කියනවා නම්මොහු පලමු වර උසස් පෙල ගණිත අංශයෙන් අසාර්ථක වීදෙවන වර කලා අංශයෙන් ගල්ලේ 32 ස්ථානය ලබාගත් අතිශය සුවිශේෂී චරිතයකි &''ඒ අනුව මා නාලක ගෙන් ඉල්ලා සිටියේ පිය සෙනෙහස දැක්වෙන අපූරු වාක්‍යක් අවැසි බවය'ඒ අනුව ඔහු වාක්‍ය 3ක් ම මට එව්වෙ බසයේ ගමන් කරන අතර තුරයපලමු වාක්‍යය සරල වු බැවින් ඉවත් කරන ලදීතෙවන වාක්‍යය සංකීර්ණ වැඩි වූ බැවින් එයද ඉවත් කෙරින''^එහි අර්ථය විමසීමට මට නාලකට  නැවත ඇමතීමටද සිදුවූ බව මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි&දෙවන වාක්‍යය සුවිශේෂී වියඉහත පලමු කවියේ පලමු පේලි දෙක ඒ වාක්‍ය ය

වාක්‍යය යොදා නිසඳැසක් අවශ්‍ය බව මම නාලකට පැවසූ විට ඔහු මට පැය කිහිපයකින් අමතා නිසඳැසක් මෙනුවට අගනා කවි දෙකක් ම ලබාදුන්නේය''

මෙය නිර්මාණය වූයේ එලෙසය'

අවසන් වශයෙන් මෙම කවිපෙළ මා හට ලබාදුන් නාලක ජයසේන වන මාගේ අපූරු මිතුරාගේ පියාණන් ටත්"ඉතා මෑතකදී මෙලොවින් සමුගත් මා මිතුරු අඛිල ප‍්‍රවීන් ගේ පියාණන් ටත් නිවන් සැප ලැබේවායි හදවතින් ම පතමින් නවතිමි''

        ''''''''''''ඔබට තෙරුවණ් සරණයි'''''''''''''





සුපර් මාරියෝ ගේ ලෝකයේ කට්ටිය...



සුපර් මාරියෝ ගැන කතා කරන කොට සුපර් මාරියෝ ගෙ කෲ එක ගැනත් කතා නොකරම බැරි නිසා මම හිතුවා ඒ ගෑන ඉස්සෙල්ලම කතා කරන්න...

පලවෙනි පාර උසස් පෙලත් කෙල උන හින්ද සෙකොන්ඩ් ශයි එක කරන ගමන් ස්ලිට් එකේ ඩිග්‍රී එකකුත් පටන් ගත්තෙ ජීවිතේ වරදුන තැන් ටික හදා ගන්න...(දෙවනි පාර ලෝකල් යුනිවර්සිටි යන්න පුලුවන් වුනත් නොගියේ මේ කියන්න යන කට්ටිය දාල යන්න මේ පුන්චි හිතට මොකද්ද වගෙ නිසයි..).සුපර් මාරියෝ ගේ ජීවිතේ වෙනස් කරපු තෑනක් තමයි ස්ලිට් එක. ඒක නිසා මම හිතුවා එතනින්ම කතාව පටන් ගන්න. නෑතුව ගමේ යාලුවෝ සෙට් එක අමතක කරා නම් නෙවෙයි..

ඔන්න සෙකොන්ඩ් ශයි එක කරන්න බද්දෙ සර් ගෙ ක්ලාස් ගිහිපු දවසක සුපර් මාරියෝ දැක්ක නිකන් දස මහ යෝදයන් ගෙන් ඉතුරු වෙච්ච පොරක් ක්ලාස් ඈවිල්ල ඉන්නවා. කතාවෙන් කතාවෙන් බලද්දි පොරත් ස්ලිට් එකට ගිහින් උසස් පෙල කෙල වෙච්ච් නිසා අයෙ ඒ ලෙවල් කරන්න සෙට් වෙච්ච් එකෙක්. එයා තමයි දැන් ස්ලිට් එකේ ඉතුරු වෙලා ඉන්න අයගෙන් මුලින්ම හම්බෙච්ච යෝදයා. ආදරේ ට කියන්න "පචා" කියල. (ඒකත් එයාම දාගත්ත නමක්.. ;-))
එදා ඒ ක්ලාස් එකේ මේ යකා මගෙ දකුනු පැත්තෙන් ම හිටියෙ දෛවයේ සරදමකට දෝ කියලයි මේ සුපර් මාරියෝ ට නම් හිතෙන්නේ.ඇවිදිද්දී සකල සරීරෙම සරල අනුවර්තී චලිතයේ යෙදෙන මේ කගේ බර කිලෝ 120 ටත් වැඩි කියලයි ආරංචි වෙන්නේ.


ඊලගට කියන්නම් තව එකෙක් ගැන.මේ යකා මාතර හාදයෙක් මෙයාට ආදරේ ට කියන්නෙ ටාසන් කියල.ඒ නම නම් වැටුනේ මේ යකා කොන්ඩෙට දාන ගිනි විජ්ජුම්බර නිසා. මෙයාගෙ "වැල්" වලටත් ලොකු සම්බන්ද්යක් තියන නිසා ඒ නම ගොඩක් හරි කියලයි සුපර් මරියෝ ට නම් හිතෙන්නේ... මාලබේ යාලුවෙක් මෙයාට කෙල්ලෙක් සෙට් කරල දෙනව කියල හොද දතකුත් පන්නල කියල තමයි ආරන්චි වෙන්නේ...

බෙන්තර ගගෙන් මෙහා ඉන්න දකුනෙ සිරා පොරවල් නම් ඔච්චරයි ඉන්නේ...දැන් කියන්නම් බෙන්තර ගගෙන් එහා,ඒ කිව්වෙ කොලඹ පැත්තෙ කට්ටිය ගැන...

ඔන්න ඉස්සෙල්ලම සුපර් මාරියෝ ට මතක් වෙන්න කොට්ටාව පැත්තේ හිත හොද කොල්ලෙක්ව. මාත් ඉතින් ගියා නොවැ ඒ පැත්තෙ ප්‍රොජෙක්ට් එකක් කොරන්න ශොපින් කාර්ට් එකක. ;-).. 

මෙයා ගැන කියනවනම්,මුලින්ම කියන්න තියෙන්නේ මෙයා වාහනයකට නැග්ගහහම වාහනයට කතා කරන්න පුලුවන් නම් වාහනය මුලින්ම කියන්නේ "බුදු අම්මෝ... මෙන්න සොයියා වාහනේට නැග්ගෝ..... මාව බේරගනියෝ......" කියලාය.ඒ තරම් මෙයාගේ වාහන එලවීම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ය.  දන්න එක්කෙනෙක් වාහනේට ආදරේ නම් මෙයාට වහනය දෙන එකක් නෑ කියලයි සුපර් මාරියෝ ට නම් හිතෙන්නේ... 
(ප.ලි. එදා කඩවත ඉදන් ගාලු පාර වෙනකම් ආපු ගමන නම්, සුපර් මරියෝ ටත්, ටාසන් ටත්, පචා ටත්, කවදාවත් අමතක නොවනු ඇත).   

ඊ ලගට තෝර ගත්තා මාරවිල කොන්ඩෙ කුරු හදයෙක් ගැන කියන්න. මෙයාගෙ ලැන්ග්වෙජ් පැකේජ් එක මේ දවස් වල හොදටම අවුල් වෙලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඔටෝ ටියුන් වෙලා දීපු ආතල් නම් එමටය. ඒවා සෙකන්ඩ් උනේ "අපේ සින්හල ජෝක්ස්" වලට විතරයි කියලයි සුපර් මාරියෝ ට නම් හිතෙන්නේ.

"අපේ සින්හල ජෝක්ස්" කියන කොටම මතක් වෙන්නෙ අපේ බැජ් එකේ රෙපා නඩිසා ය. තවත් එඩිතර ඕන වැඩකට අත ගහන කොල්ලෙකි. මෙයා කුලියාපිටිය ගොස් දීපු ආතල් කීමට මට අවසර නැත. අපේ කැම්පස් එකේ දීපු ආතල් කීමට මේ බ්ලොග් එක මදිය. ලෙක්චර්ස් වල දොයියා ගැනීමේ හසල හැකියාවක් ද මොහු සතුය. එය මොහුගේ විනෝදාන්ශය ය.    

මෙච්චර වෙලා කිව්වෙ කොල්ලො ගැනනෙ.කෙල්ලෙක් ගැනත් නොකිව්වොත් ඒක හරි නෑ නෙ. ඉතින් එතකොටම මතක් වෙන්නෙ කොල්ලුපිටියෙ වගේම මාලබේ ත් සුප්‍රසිද්ද "ඩොටේ නගා" ය. ඩොටේ නගා කියන්නේ මේකි ඉන්නෙ හද්ද ඩොටේ නිසාය. කොච්චර ඩොටෙ ද කියනවනම් Sprite බෝතල් මේකිගෙ ගමට එන්නේද එක්ස්පයර් වෙන්න ඔන්න මෙන්න තියලා ය. 

දැනට මම මෙතනින් නවතින්නේ මගෙ ටයිපින් ස්පීඩ් එක තවම හොද නැති නිසාය.මේ ටික ගහන්නත් රවුටර් විස්සක් විතර කොන්ෆිගර් කරන්න යන වෙලාව ගියා ය. ලගදි ම මේකෙ ඉතුරු ටික මම කොන්ටිනිව් කරනවාය..
සුපර් මාරියෝ.

Tuesday, March 15, 2011

ආ මග කෙටියි... යායුතු මග දුරයි........

                    

ඔන්න ඉතින් සුපර් මාරියෝ වන මගේ යාලුවො ගොඩක් බ්ලොග් කෙරුවාවට බැහැල ඉන්න නිසා සුපර් මාරියෝ වන මටත් හිතුනා බ්ලොග් කෙරුවාවට බහින්න. මුලින්ම මේකට දාන්න නමක් දහ අතේ කල්පනා කරන කොට තමයි මට වැදිච්ච පොඩි කාඩ් එකක් මතක් උනේ. එහෙම තමයි සුපර් මාරියෝ කියල දැම්මේ.. කාඩ් එක හැදුවෙ කවුද කියල නම් මතක නෑ... :-) :-) :-)  

කොහොම කොහොම හරි බ්ලොග් එකත් හැදුව කියමුකො, මේකෙ සින්හලෙන් ගහන්න ගියහම තමයි සෙනෙහසේ හොඩියම මතක් වෙන්න. කමක් නෑ ඉතින්, තාම පටන් ගත්ත විතරයි නෙ. පස්සෙ හරියයි කියල හිතමුකො නේද ! 

මගෙ පලවෙනි බ්ලොග් එක මේක නිසා මම මේක දැනට මෙතනින් නවත්තනවා ලගදීම දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන්, ඔබ සැමට තෙරුවන් සරණයි මම ඔබේ හිතාදර සුපර් මාරියෝ.......