Friday, March 18, 2011

කෙටි කතාව 1 (විද්‍යා ප්‍රබන්ධය)

සටහන :- මෙය නවය වසරේදී මා විසින් ජීවන නිපුනතා විශය සඳහා නිර්මානය කරන ලද කෙටි කතාවකි. මෙහි ඇතැම් වචන පමනක් කාලානුරූපව මා විසින් වෙනස් කලද, කතාවේ හරයට කිසිදු වෙනසක් සිදු නොකිරීමට වග බලා ගත්තෙමි. මෙය මා කුඩා කල රචනා කල එකක් බැවින් ඇතැම් තැන් වල තාර්කිකමය ප්‍රශ්න තිබිය හැක. මෙය කියවා, මෙයට එල "ටොපික්" එකක් දෙන කම් මම මග බලා සිටිමි.



එය අඩ අන්දකාර රාත්‍රියකි. මා රෑකියාවට ගොස් නැවත නිවස බලා එමින් සිටියෙමි. මාර්ගයේ මිනිස් සලකුණක් තබා සත්ව සලකුණක් හෝ නොමැති තරම්ය. අඳුර දුරු වූයේ සඳ එළියෙන් පමණි. අසල වූ ඔරලෝසු කණුවේ රාත්‍රී 9 යේ කනිසම නාද වීමට පටන් ගැණින. මා මදක් වේගය වැඩිකොට ගමන් කිරීම ඇරඹුවෙමි.


එක වරම අහස දෙසින් තද දම් පැහැති ආලෝකයක් මතුවිය. එක වර සිදුවූ මේ අසාමාන්‍ය සිදුවීමෙන් මම කර කියා ගත දෙයක් නොමැතිව ඒ දෙස බලා සිටියෙමි. එම ආලෝකය ක්‍රමයෙන් විශාල වූවා සේ පෙනුනේ එය මා දෙසට ක්‍රමයෙන් ලංවූ නිසා විය යුතුය. එම වස්තුව සහ මා අතර දැන් මීටර් 5 ක් වත් නොමැති තරම්ය. එය මාගේ හිසට උඩින් ස්ථාන ගතව ඇත. එය විශ්කම්භය මීටර් 3 ක් පමණ වූ වෘත්තාකාර හැඩයෙන් යුත් යානයකි. එක වරම එයින් ඇස් නිලංකාර වන තරම් ආලෝකයක් පිටවිය. මාගේ ශරීරයේ බර අඩුවී සැහැල්ලූවක් දැනෙන්නට විය. ඒත් සමඟම මාගේ දෙනෙත් ද පියවිය.

නැවත මා ඇස් විවෘත්ත කිරීමට කොපමන කාලයක් ගතවූවා දැයි මා නොදනී. මා ඇස් විවෘත්ත කර බලන විට මා සිටියේ ඉතා දියුණු පරිගනක පද්ධතියක් වැනි දෙයක් ඉදිරියේ ය. එක් වරම අඩි දෙකක් පමණ උසකින් යුත් රිදී පැහැයට හුරු ශරීරයක් ඇති ජීවියෙක් කොහේදෝ සිට මා සිටි තැනට පැමිණින. ඔහුගේ ඇස් බිත්තරයක හැඩයෙන් යුක්ත වූ අතර ඔහු මා මවිතයට පත් කරමින් මාගේ මව් බසින් ම මා සමඟ කතා කරන්නට විය.



"ඔබ මේ සිටින්නේ ඔබගේ භාෂාවෙන් කියනවා නම් පියාඹන පීරිසයක් හෙවත් ඔබලා තවමත් හඳුනා නොගත් යානයකය. අපි ප්ලුටෝ ග්‍රහලොවින් පැමිණියෙමු." 

ඔහු එලෙස කතාවට මුල පිරුවේය.

"හොඳයි මිත්‍රයා මම දැනගන්න කැමතියි කොහොමද ඔබ අපේ භාෂාවන් දැනගත්තෙ කියලා."

"ඔබට මතකද ඔබේ ග්‍රහ ලොවින් ඔබලාගේ ග්‍රහලොවේ ජීවත් වන සතුන්ගේ ඡායාරූප හා හඩ ඇතුලත් කර යානයක් එව්වා."

"ඔව් මට මතකයි." මම කීවෙමි.

"අන්න ඒ යානයේ තිබුනා ඔබේ ග්‍රහලොවේ භාවිතා වන ප්‍රධාන භාෂා කිහිපයකුත්. අපි ඒවා හොඳන් විශ්ලේෂණය කරා."


"හොඳයි ඔබ විතරද මේ යානයේ ආවේ".

"නෑ." ඔහු පිලිතුරු දුන්නේ ය.

"තව කී දෙනෙක් ආවද?"

"තුන් දෙනෙක්." නැවත ඔහු කීවේය.

"හෙඳයි මිත්‍රයා ඇයි ඔබ මා මේ යානයට ගත්තේ?."
"ඔබේ සිරුර අභ්‍යන්තරය දක්වා හොඳින් අධ්‍යයනය කරන්න."

"ඒ කොහොමද?" මගේ කුතුහලය වැඩිවිය.


"එය ඔබට අනාගතයේදී බලාගන්න පුළුවන් වේවි."

මා කොතෙක් ප්‍රශ්න කලත් ඒ ගැන මට ඔහුගෙන් දැන ගැනීමට නෙහැකි විය. නොබෝ වේලාවකින් මා රැගත් යානය ප්ලුටෝ කරා ගමන් කරන්නට පටන් ගැනින.


මා සිටි කුටීරය උණුසුම් කර තිබුනද සූර්යයාගෙන් ඈතය යත්ම සීතල වැඩිවිය. මා ගේ ගමනාන්තය වන ප්ලූටෝ ග‍්‍රහලොව පිහිටා ඇත්තේ සූර්යයා ගේ සිට කිලොමීටර මිලියන 7375 දුරකින් ය. එය ඉත් අලංකාර ග‍්‍රහලොවක් විය. මා එහි දවස් කීයක් සිටින්නට සිදුවේදැයි නොදනිමි. 

දින කිහිපයක් ගතවිය ඔවුන් මා ගැන පරීක්ෂණ කරන බවක් ද පෙනෙන්නට නැත. මම දිනක් ප්ලූටෝෂීයානුවෙක් හමු වී ඔහු සමඟ සුහද කතාවක යෙදුනෙමි.


"මම ඔබ හමුවෙන්නයි හිටියේ." මම කතාව ඇරඹුවෙමි.

"ඒක හෙඳයි අපට ඔයා ගැන යමක් කියන්න තියනවා."

"ඒ මොකක්ද?." මම ඇසුවෙමි.

"හෙට අපි ඔබව පර්යේෂණයට ලක් කරනවා."

"ඒකෙන් මට මුකුත් වෙන්නේ නෑ නේද යාලූවා?." මම ඇසුවෙමි.  

"අපිට සමාවෙන්න අපිට ඒ සඳහා ඔබගේ ප‍්‍රාණය ශරීරයෙන් ඉවත් කිරීමට සිදුවෙනවා. ඉන් අනතුරුවයි අපගේ පර්යේෂණ කිරීමට හැක්කේ."

මට පෘථිවිය සිහි විය.

මට මේ සිදුවීමට යන්නේ කුමක්ද?.

මට ඇති කාල සීමාව ඉතා කෙටිය. එබැවින් මට මෙය ලියන්නට සිතුනි. මෙය මා හට ප්ලූටොෂියානුවන් විසින් දී තිබූ අප ලොවේ පරිගනකයකට සමාන උපකරනයෙන් ආසන්නවම ඇති පෘථිවි චන්ද්‍රිකාවට යවමි. එයින් මට සිදුවූ දෙය සියල්ලන්ටම දැනගැනීමට හැකි වනු ඇත. 

නිමි................  





5 comments:

  1. ලොල්ය.. මචන් නියමයි ලිපිය.. ඔයා නමය වසරෙදි ලියපු නිසා අවුලක් න. මොකද සමහරක් විට ප්ලූටෝ ඒ වෙනකොට ග්‍රහලෝකයක් විදියට සලකමින් ඉන්න ඇති. ඒත් දැන් ප්ලූටෝ ග්‍රහලෝකයක් නේවේ නේද?? :D අවුලක් නෑ. අනික ප්ලූටෝ වගේ ග්‍රහකයක ඔහොම දියුනු ජීවියෙක් තියා අමයිනෝ අණුවක් වත් ඇතිවෙන්න අවසතාවක් නෑ. ලොල්ය. කොහොම උනත් ෆට්ට.. :D :D

    ReplyDelete
  2. ඒකනම් ඇත්තය.. ඒක නිසා තමයි මම මුලින්ම කිව්වේ ඕක ලිව්වේ 9 වසරෙදි කියලා.. ඒ කියන්නේ 2004 දීය. එතකොට ප්ලූටෝ ග්‍රහලොවකි.. ඕකේ ඔය වගේ ලොජිකල් ප්‍රොබ්ලම්ස් තියනවාය.. කොහොම උනත් අගය කරපු එක ගැන තෑන්ක්ස්....

    ReplyDelete
  3. හික් හික් ය. :P එහෙනම් තිවිශිශ්ටය. මොකද මම ඔය කාලෙ 5හෙ සිස්සත්තෙ ලියමින් හිටියෙ. :P ලොල්ය.

    ReplyDelete
  4. අගෙයි... අගෙයි... අවුරුදු 15 දී ඔහොම ලිව්වා නම් දැන් 22 දී කොහොම ලියන්න බැරිද ??? නරකද ආයෙත් ට්‍රයි කලොත් !!!

    ReplyDelete
  5. බලමු බලමු.... ට්‍රයි එකක් දෙන්න ඔන... :D :D

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...