Sunday, March 27, 2011

ටාසන් සුපර් මාරියෝගේ ලෝකයට හොරෙන් රිංගයි.....



හා...යි.... මම ටාසන් ය. සුපර් මාරියෝ කාරයාට මේක ලොග් අවුට් වෙන්න බැරි වෙලා ය.. දැන් ඉතින් මේ මගේ ලෝකය ය. දත් දෙකකුත් ගලවපු නිසා මට උන්නත් දාහයි මලත් දාහයි ය. මේ දත් දෙක් ගලවපු තැන රිදෙන එක ඉවසන්න පුළුවන් ය. ඒත් කැළේ සත්තු මගේ දත් නැති බව දැක්කාම දාන නෝන්ජල් හිනාව ඉවසීම පී.එස්. ලෙක්චර් එකකට සහභාගී වන එකට වඩා අමාරුය. ඔක්කොටම වඩා අමාරු කොල්ලුපිටියේ සත්තු වත්තේ කල් ගත කිරීමය.  ලබන මාසයේ තවත් දත් දෙකක් ගැලවීමට ඩොකා මට අන කරාහුය. මෙහෙම ගියොත් මට අන්තිමට චීස් කොත්තු කන්න වෙන්නේ දත් නැතුව ය..


මාරියෝ කාරයා මොන වේලාවේ මෙතනට කඩා පාත් වේවිද මම දන්නේ නැත. මම නම් ඌට බය නැත. ඒත් උගේ ඕප දූප ප්‍රොජෙක්ටුවට නම් පන බය ය. ඒ නිසා මම කියන්න තියෙන කතා ව කියලා ඉක්මනට ෂේප් වෙන්න ඕනය ය.

මගේ කැලේ තියන වැල් දැකලා මට දැන් එපා වෙලාය.. ඉතින් අලුත් වැල් ටිකක් මාගේ ලැප්ටොප්ටුවට බාගත කිරීමේ උදාර අරමුණකින් යුක්තව මම කොලොම්පුරේ හුලංටෙල් එකට සුබ නැකතක් බලා ගියේ දහසකුත් බලාපොරොත්තු ඇතුවය.. ගියත් හරිය. මාගේ නමට ගැනීමට ඕන නම් රුහුණෙන් ගන්න යැයි ඔවුන් මට කීවෝය..  මම එක පයින් මම රුහුණට ගියාය.. රුහුණේ හුලංටෙල් එකෙන්ද බැංකු ගිනුමක් නැතුව බෑ කිව්වෝය.. ඒ පාර මම බැංකු ගිනුමක් ඔපන් කලෙමි. ඒකේ පොතේ මගේ ඇඩ්‍රස් එක නැත. ඇඩ්‍රස් නැතුව සිම් එකක් දෙන්න බැරි බව කී නිසා එයද ව්‍යර්ථ විය. මම මව් තුමියගේ එකවුන්ට්  එකට කොනෙක්ෂන් එක ගැනීමේ අරමුණෙන් මවු තුමිය කැටුව නැවත හුලංටෙල් එකට ගියෙමි. ඒ එකවුන්ට් එක මාස තුනක් ඇතුලත අප් ඩේට් කර නැත.. එයද අසාර්ථක විය. හැම මගුලම වෙන්නේ මේ අහිංසක ටාසන්ටය. මට අලුත් වැල් ගැනීමේ ආසාව තුනී විය.. මම මවු තුමිය ද  කැටුව ගෙදර නැවත බලා පිය නැගුවෙමි..

මේ ජීවිතේ වෙලාවකට මාර බෝරිංය.. මාරියෝ කාරයා එන්න කලින් මම දැන් යනවාය.. ඔබ සැමට සුබ අනාගතයක්.. ආයේ පස්සෙ වෙලාවක හමුවෙමු......

2 comments:

  1. එලැ එලැ.......පිස්සු පීකුදු

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...