Monday, March 21, 2011

අපේ රෙපා ගේ මනුස්සකම..


මෙය තවත් ජෝක් එකක් හෝ කෙටිකතාවක් නොවන බව කරුණාවෙන් සලකන්න..

මට මෙය ලිවීමට සිතුනේ අපේ බැච් එක මේ දින වල දෙවන ට්‍රිප් එක යන්න හීනියට කතා වෙන නිසාය.

පළවෙනි ට්‍රිප් එක මනාවට ඕගනයිස් කරේද මොහුය. දිය ඇල්ලක් බැලීමට ගිය එම ගමනේ අවසානයේ දිය ඇල්ල බැලීමට අවස්ථාවක් නොලද එකම පුද්ගලයාද මොහුය.. අවසානයේ මොහුට සිදු වූයේ අනෙක් අයගෙන් දිය ඇල්ලේ විස්තර අසා සෑහීමට පත් වීමටය. මෙයට හේතුව වූයේ අතර මගදී ආබාධයකට ලක්වූ අයෙකු රැගෙන රෝහල කරා යෑමට සිදු වීමය.

සෙට් එකේ එකෙකුට කරදරයක් වෙන ඕනම වෙලාවක මොහුගේ උදව් අනිවාර්යයෙන්ම ලැබේ. නිදි මරා හෝ තමන්ගේ යුතුකම් ඉටුකරන කිහිප දෙනා අතර මොහුද සිටී.

ඉඳහිට / හැමවිට ( අනවශ්‍ය වචනය කපා හරින්න ) විහිලුවක් වුවත් මොහුගෙන් ගත හැකි දේ ගොඩක් තියනව කියලයි සුපර් මාරියෝ ට නම් හිතෙන්නේ.

මට මේ කතාව කියන්න හිතුනේ මනුස්ස කම නැතිවෙමින් යන මේ ලෝකයේ තවමත් මෙවැනි අය සිටින බව මතක් කිරීමටය.

දැන් මේ ආර්ටිකල් එක කියවා මොහු උඩින් යයිද මම නොදනිමි. එහෙම ගියොත් ඒක වැරදිය.කළ යුත්තේ නිරහන්කාරව තව තවත් බිමින් යෑමය.

මෙච්චර වෙලා කිව්වේ කවුරු ගැනද කියලා අයෙ කියන්න ඕන නෑ නෙ..
(දන්නෙ නැත්තම් පහත පින්තූරය බලන්න.)



මේක කියවලා කොමෙන්ට් එකක් දාන්න තරම් කාරුණික වෙන්න.....




4 comments:

  1. sathya washayen ma mohu ithamath honda sahodharayeki<< oba wisin karana ladhdha wu ihatha lipiya ha mama eka hithin ekannga wemi :)

    ReplyDelete
  2. ස්තුතියි සහෝදරයා...මේක මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි...

    ReplyDelete
  3. සිතු දෙය නොම වෙයි, නොසිතු දෙයම වෙයි, ලොව දම් කැරකෙනවා කියන්නේ මේකටය..

    ReplyDelete
  4. රෙපා අයියේ... තාරකාවී එන පොට නම් එතරම් හොඳ නැත.. කෝකටත් ටිකක් පරිස්සම් වෙන්න...

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...