Friday, November 11, 2011

සුපර් මාරියෝ සහ S7 ටැබ් එක - ගන්න ඉන්න අයටයි නොගන්න ඉන්න අයටයි.

මේ පෝස්ට් එක මාස 3ක විතර ඉදන් දාන්න හිටපු එකක්. දැන්නම් ටිකක් ප්‍රමාදයි කියලත් හිතෙනවා. කෝකටත් කියල ඔන්න එහෙනම් ටැබ් එකේ විස්තරේ..

මෙන්න මේක තමයි බාන්ඩෙ..ලංකාවෙ Etisalat තමයි මේක අඩුවටම විකුණන්නේ. දැන්නම් රු 26 000 - 27 000 වගේ තමයි වෙන්නෙ ඔක්කොම ගෙවන්න තියන ගාන. ඒ ගාන හැදෙන්නෙ මෙහෙමයි, ටැබ්ලට් එකට රු 18 000, අවු. 1 අන්තර්ජාල සම්බන්ධය සදහා රු 5400, සම්බන්ධතා ගාස්තු රු 1500 සහ තව මොනවද එව්ව වගේකට අනිත් ටික. මතක නැ ඕන නම් හොයල කියන්නම්. මේ ගණනුත් ටිකක් වෙනස් වෙන්න පුලුවන්...

මේ ටැබ් එක ගැන ලංකාවෙ කවුරු හරි වීඩියෝ එකකුත් YouTube දාල තියනවා. ඒකෙ තියන ඔක්කොම 100% සත්‍ය නම් නෙවෙයි කියලත් කියන්න ඕන. උදා. මේකෙ කැමරා එක 2.0 Mega Pixel කිව්වට වැඩක් නැ.. Unbranded Chines ෆෝන් එකකට වඩා ටිකක් හොදයි. Display එකත් Cristal Clear කිව්වට එහෙම්මම හොද නෑ. ඒ උනත් ෆිල්ම් එකක් එහෙම බලන්න කියාපු බඩුව. මමත් දැන් වැඩිපුර ෆිල්ම් බලන්නෙ මේකෙන් තමයි. අගල් 7 Display එකක් නෙ තියෙන්නෙ. මේකෙ තියෙන්නෙ 256 K Colors Display එකක්. ඒක නිසා හොදම නෑ. ඒත් නරකකුත් නෑ. :)

මේ ටැබ් එකට ඔරිජිනල් එන්නේ ඇන්ඩ්‍රොයිඩ් 2.1. ඒක නිසා පොඩි අවුල් කීපයක් තියනවා. එකක් තමයි මේකෙ Application Memory කියල තියනව 175MB ඉඩක්. මේ ඉඩේ විතරයි අපිට Applications install කරන්න පුලුවන් 8GB වල දාන්න පුලුවන් අපේ ඒවා විතරයි. ඒත් මේ ප්‍රශ්නෙට විසදුමක් හම්බ උනත් තාම ප්‍රායෝගිකව කරේ නැති නිසා කියන්න බෑ.. කවුරුහරි මේකට විසදුමක් දන්නවනම් මටත් කියන්න හොදේ..


අනිත් එක තමයි ඇන්ඩ්‍රොයිඩ් 2.2 අලුත් Applications වලට ඉල්ලන එක. මේ ටැබ් එකට 2.2 Upgrade pack එකක් ඇවිල්ල තිබුනත් මට තාම Upgrade කරන්න උනේ නැ.

මේ වගේ පොඩි පොඩි අඩුපාඩු තිබුනත් මිලත් එක්ක බලනකොට නම් ඉතින් වරදක් කියන්න බෑ. Huawei S7 දෙකක් ගන්න ගානට වත් Galaxy ටැබ් එකක් ගන්න බෑනේ...  :D :D


මේකෙ Touch Screen එක නම් ගොඩක් හොදයි.. නියම Capacitive. අහ්... තව එකක් මේකෙ බැටරි එකත් Data Service  'ON' කරල තියෙද්දි පැය 1 1/2 වගේ තමයි. නැත්තම් පැය 2-3 වගේ පුලුවන්. ඒක කරන වැඩේ අනුව වෙනස් වෙනවා.

Huawei Ideos S7 Tablet වර්ග කීපයක් ම තියනවා. Etisalat එකෙන් දෙන්නෙ  Huawei Ideos S7 105 කියන එක. මේක Australia වලට Design කරපු එකක් මට මතක විදියට.


මේ ඇති නේ... තව ඕන නම් අහන්න හොදේ.... :D :D :D

Saturday, October 29, 2011

ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැගව ගියේ.....!!!

මේක මට ආපු ඊ මේල් එකක තිබ්බ කතාවක්.. සාමාන්‍යයෙන් එකම මේල් එක තුන් හතර දෙනෙක්ම එවනව මොකද එකම මේල් ටිකනෙ හැම තැනම කරකැවෙන්නෙ.. ඒත් මේක එහෙම ආවෙ නෑ.. ඒ කියන්නෙ ගොඩක් දෙනෙකුට මේක ඇවිල්ල නෑ කියල පොඩි නිගමන පාරකට එන්න පුළුවන්. ඒ නිසා හිතුනා මේ අමුතු කතාව ඕගොල්ලත් එක්ක බෙදා ගන්න.... ඔන්න අකුරක් වත් වෙනස් නොකර ඒ කතාව



මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න.
ඒත් එයාට ඒ බව තේරුණේ නෑ. පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මට කොයි තරම් හිතුනත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මගේ ලැජ්ජාවටම මම එහෙම කිව්වේ නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.



මේ වෙනකොට මම 11 වසරේ. මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය හඬමින් මිමිනුවා ඇගේ ආදරය බිදුණු බව. ඇයට මේ තනිකම දරාගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. මමත් ගියා. එතනදි ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා.
මම ආයෙත් ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට බැරි උනා මගේ ලජ්ජාව හින්දා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.


ඔහොම කාලය ගෙවුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම වසර. ඒ වෙනකොට ඇයට කෙනෙක් පෙම් කරා. ඔහු දිනක් ඇයට එන බව කීවත් ඇවිත් නෑ අසනීපයක් නිසා.
මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට ආත්ම ශක්තියක් නැති උනා.



ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනටත් ආවා. ඇය ඒ වන විට සුරූපී සිරුරකට හිමිකම් කීවා. ඇය ඇවිදින විට ඇගේ ලස්සන තවත් වැඩිවී පෙනුනා. ඇය උපාධිය ලබා ගන්න වේදිකාවට ගොඩ වූ විට මට හිතුනා ඇය මගේම උනානම් කියලා. ඒත් ඇයට ඒක නොදැනෙන බව මං හොඳාකාරව දැනන් හිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා.
අපි වෙන්වෙන්න කලින් ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕන උනත් මට ඇය යාලුවෙක් පමනක්ම නෙවෙයි ඊට වැඩි කෙනෙක් කියලා මට ඒ බව කියන්න ආත්ම ශක්තියක් නැති උනා. මම දන්නේ නෑ ඒ මොකද කියලා.


මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අලුත් ජීවිතයකට යනවා වෙනත් පුද්ගලයෙක් සමග. මට ඇයගේ වෙන්න ඕන උනත් ඇයට ඒක තේරුනේ නෑ. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මං ඇයට ආදරෙයි කියන්න හිතුනත් මෙවර මට ඒකට අවස්ථාවක් නැති උනා.

කාලය ගෙවී ගියා. මේ වෙනකොට මං ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා.


"මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ වගක් තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්."

මට කියන්න ඕන උනේ අපි කාට හරි ආදරය කරනවනම් ඒ බව කියන්න ලැජ්ජා වෙන්න එපා කියන එක. අපි ළඟට ආදරය කියන දේ නොයෙක් ආකාරෙයෙන් එනවා. ඒත් ඒ දේ අඳුන ගන්න අපිට බැරි උනොත් සමහර විට මුලු ජීවිත කාලයම පසුතැවෙන්න සිදුවෙන්න පුලුවන්. ඒ නිසා කවදාවත් ආදරය කියන එක ප්‍රකාශ කරන්න ලැජ්ජා වෙන්න එපා.

ඔන්න ඔහොම තමයි කතාව අවසාන උනේ... හැබැයි හිතේ තියන එක කියල අන්තිමේ තියන යාලු කමත් නැති කරගත්තොත් ඔන්න ඉතින් මේ සුපර් මාරියෝ නම් නෑ හොදේ.... හික් හික් හික්....

චාමික සිරිමාන්න අයියත් මෙන්න මෙහෙම කියල තියනවනේ... :D :D :D



මොනව උනත් කියන්න තියන එක කියලම දැම්මාම ඉවරයි කියලයි මට නම් හිතෙන්නේ... දෙකෙන් එකක් වෙයි නේ... නැත්තම් චාමික අයියා කියනව වගේ "කියන්න බැරි දේ - ලියා එවන්න" :)

කියවල ඉවර නම් කමෙන්ට් එකකුත් නොදා යන්න එපා හොදේ..... ඔන්න මම ගියා... ජය වේවා...!!!

සුපර් මාරියෝ යලිත් - Super Mario Returns :D :D :D


ඔන්න සෑහෙන්න කාලෙකට පස්සෙ ආවා මේ පැත්තට... කට්ටියට මතකද දන්නෑ මාව...!! විභාගෙත් ඉවර නිසා මේ ටිකේම කරේ මාස 4 පුරාවට එකතු කර ගත්ත ෆිල්ම් ටික බලපු එක.. :D ඔහොම ඉන්නකොට තමයි දේවා අයියා තරයේම කිව්වේ දැන් බ්ලොග් පැත්තට එන්න කාලෙ හරි කියලා..!! :P නැත්තම් මම කම්මැලි කම නිසාම වැඩේ ටිකකට නවත්තලයි තිබ්බේ...
 
බ්ලොග් එක ලියන එක නැවැත්තුවහම තමයි තියන ප්‍රතිචාර පෙනුනේ.. කීප දෙනෙක්ම ඇහුව‍ ඇයි දැන් බ්ලොග් එක වල් වැදිල තියෙන්නෙ කියලා...!! මේක මට විතරක් ‍උන දෙයක් නෙවෙයි...මාත් එක්කම එකට බ්ලොග් ලියපු "චාමිකගේ බ්ලොග් එක"( දැන් බ්ලොග් එකේ වැඩ නවත්තලා නේ ), "කුරුල්ලා", "මචං" හැමොගෙම බ්ලොග් පහුගිය කාලෙ වැඩ නිසා වේලි වේලි තමයි තිබ්බෙ.. කුරුල්ලා එයාගෙ බ්ලොග් එකේ ඇඩ්රස් එක හොයාගෙන තියෙන්නෙත් හෙන ගේමක් දීල කියලයි ආරංචිය...!! 
ඔන්න ඕවා තමයි ඉතින් විස්තර.. ලගදිම ආයෙ සෙට් වෙමුකො.. :D :D :D

Thursday, August 25, 2011

දෛවය සැබැවින්ම දෛවෝපගතය.....!!!!

කාලෙක‍ට පස්සෙ ඔන්න ආයෙත් ආව මේ පැත්තට... වැඩිය කතා නැතුව කියන්නම්කො කියන්න තියන කතාව.. මේක මට ආපු මේල් එකක තිබ්බ එකක්... 



මේක සිද්ධ උනේ මිට හුගාක් කාලෙකටඉස්සෙල්ලා. ස්විට්ස්ර්ලන්තේ..එහේ ගොවිපොළක් තිබුන දුප්පත් ගොවියෙකුට. මෙයාගේ නම ෆ්ලෙමින්.
 
දවසක් ෆ්ලෙමින් ගොවිපොළේ වැඩ කර කර ඉන්නකොට ඇහුන පොඩි ළමයෙක් උදව් ඉල්ලලා කෑගහන සද්දයක්..මෙයා දුවගෙන ගියා පැත්තට...ගිහින් බලනකොට මෙන්න පොඩි දරුවෙක්. ගොවිපොළට ටිකක් ඈතින් තියෙන වගුරක එරිල. ගිලෙන්න යනවා

ඉක්මන් කරපු ෆ්ලෙමින් බොහොම වෙහෙස වෙලා මේ පොඩි එකාව බේරගත්ත. පොඩි එකත් කව්දෝ මිනිහෙක් එක්ක ඊට පස්සේ යන්න ගියා.
ඊට පහුවෙනිදා ෆ්ලෙමින්ගේ ගේ ඉස්සරහ එකපාරට බොහෝම ලස්සන අශ්ව කරත්තයක් ඇවිත් නැවැත්තුව. ඒකෙන බැහැල ආවේ බොහෝම වංශවත් විධියේ වැදගත් විධියේ මහත්මයෙක්.

ඇවිත් මෙයා ඇහුව, "ඔබතුමාද ඊයේ පොඩි දරුවෙක්ව බේරගත්තේ මඩේ එරෙන්න ගිහින්?" 
ඔව් මහත්මයා....
 
බොහෝම කෘතඥ ලෙස සිනාසුනු වංශවත් මහත්මයා. බොහෝම සතුටුයි. ඊයේ ඔබතුමා බේරගත්තේ මගේ පුතා.මම ඔබ තුමාට කොහොමනම් ස්තුති කරන්නද. කලගුණ සලකන්නද? කියමින් ලොකු මුදල් ප්‍රමාණයක් ෆ්ලෙමින් වෙත දෙන්නට සැරසුණා...
බොහෝම ස්තුති මහත්මයා. එත් මට ඔය මුදල් බාරගන්න බෑ. මම දේ කළේ කිසිම වාසියක් ලාභයක් බලාගෙන නෙවේ....
 
එතකොටම වගේ පුංචි කොලුගැටයෙක් ගෙදර ඉස්සරහ දොරෙන් එබිලා බලල ෆ්ලෙමින්ගේ ඇගේ දැවටෙන්න ගත්ත.. මේ ඔබතුමාගේ පුතාද? ඔව් මහත්මයා...ඉස්කෝලේ යනවද? අනේ නෑ මහත්තයෝ. බිම බලාගනිමින් මදක් පැකිලී ෆ්ලෙමින් උත්තර දුන්නා..
 
හොඳයි...අපි එහෙනම් මෙහෙම කරමු....මේ පොඩි දරුවත් මගේ දරුවාගේ වයසෙමයි...මම මේ දරුවාව මගේ දරුවා යවන ඉස්කොලෙටම දාන්නම්....මගේ දරුවට වගේම මෙයාගේ ඉගෙනීමටත් සම්පුර්ණයෙන් වියදම් කරන්නම්....මේ දරුවත් ඔබ තුමා වගේ යහපත් මනුස්සයෙක් විදියට ලොකු උනොත් මට කවදාවත් මෙයාට වියදම් කරපු එක ගැන දුක වෙන්න ඕන වෙන්නේ නෑ...
 
ඉල්ලීමට ෆ්ලෙමින් කැමැත්ත පළ කළේය...
 
ඉන්පසු ෆ්ලෙමින් ගේ පුතාද රටේ ඉහලම පාසලකින් අධ්‍යාපනය හදාරා...පසුව ප්‍රංශයේ විශ්ව විද්යාලයකට සුදුසුකම් ලබා ..වෛද්‍ය විද්‍යාව හදාරන්නට විය... 
  
පසු කලෙක පෙර කී වන්ශාධිපතියාගේ දරුවාට නියුමෝනියා රෝගය සෑදී ඔහු මරණාසන්න විය...එවකට නියුමෝනියාව යනු බෙහෙත් නැති මාරාන්තික රෝගයකි..එහෙත් එකල ෆ්ලෙමින්ගේ පුතාද නියුමෝනියාවට ඖෂධයක් සොයමින් පරීක්ෂණ කරමින් සිටියේය..ඔහු මෙම ඖෂධය ඔහුට ලබාදී ඔහුව සුවපත් කිරීමට සමත් විය...
 
ඔව්...මේ ඖෂධය තමයි පෙනිසිලින්. එවකට ජිවිත ලක්ෂ ගානක් බේරාගන්නට මේකෙන් පුළුවන් උනා. එසේම මේක සොයාගත්තේ වෛද්‍ය සිසුවා ෆ්ලෙමින් නම් ගොවියාගේ පුත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්...



එතකොට එදා ඔහුට ඉගෙනීම වෙනුවෙන් වියදම් කළ වන්ශාධිපතියා ගේ නම රුඩොල්ෆ් චර්චිල් ය...
 
වරක් ෆ්ලෙමින් විසින්ද පසුව ෆ්ලෙමින්ගේ පුතා විසින්ද දෛවෝපගත ලෙස දිවි බේරාදුන් ඔහු පසුකාලීනව බ්‍රිතාන්‍යයේ අගමැති වූ වින්ස්ටන්ට් චර්චිල් ....



මොහොතක් සිතන්න - යහපත් සිතින් කරන දේ කවදාවත් වරදින්නේ නැත...එහි යහපත් ප්‍රතිපල ඔබට අනිවාරෙන් ලැබෙනු ඇත.... 

Wednesday, July 27, 2011

බ්ලොගියේ අප්සට් ගීතය....!!


දාන්න බ්ලොග් පෝස්ට් නෑ මල්ලියේ
බ්ලොග් එක දැන් වේලෙනවා නංගියේ
ආයෙත් මක්කයි දැන් බලන්නේ
කිව්වම අහපන් මගෙ වස්තුවේ....//

එන්න අයියෙ එන්න අක්කෙ සෙට් වෙලා
එලි වෙනකන් ටොපික් හොයමු පෙරලලා
මේක තමයි හොදම ජොලිය
ටොපික් නැතොත් මලම කෙලිය
හොයල දියන් ටොපික් එකක් ගුටි නොකා...

බ්ලොග් එකෙ ට්‍රැෆිකුත් දැන් අඩුවෙලා
එන උන් දැන් ඇත්තෙත් නෑ දුක තමා
හිතේ දුකට මේ වගෙ ගී කියවෙනා
වෙලාව නං දොලහත් දැන් පහුවෙලා...//

එන්න නංගි එන්න මල්ලි ලොග් වෙලා
ෆ‍ලො කරල පලයං මගෙ හොද එකා
කමෙන්ට් එකක් දාල නැතත්
ෆලො බටන් ඔබල නැතත්
ආයෙ වරෙන් මේ පැත්තට දිනපතා..//

හයියෝ........ මට එෆා..... වෙලා තියෙන්නෙ....... :D :D

Monday, July 18, 2011

හැප්පිලම බලපල්ල කවුද පොරවල් කියලා....!! :D



රජයේ - පෞද්ගලික විශ්ව විද්‍යාල ගැටුම දැන් සිරාවටම නැගල යන පාටක් පෙනෙන්නට තියනවාය.. ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි වල අයට රජයේ රෝහල් ලබා නොදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා තියනවාය.. එයට ආසන්නම හේතුව වී ඇත්තේ මාලඹේ පිහිටා ඇති "දකුණු ආසියානු තාක්ෂන හා වෛද්‍ය ආයතනයේ" ශිෂ්‍යන්ට 6 මාසික පුහුණුවක් හෝමාගම මහ රෝහලේ දී දීමට සැලසුම් කිරීමය.. මේ නිව්ස් එක තිබ්බ වෙබ් අඩවියකට කට්ටිය දමා තිබූ අදහස් ටිකක් එකතු කර පොඩ්ඩක් හයිලයිට් කිරීමට මට සිතෙනවාය.. මේවා මාගේ අදහස් නොවන බවද මේවායේ ගෞරවය අදාල පුද්ගලයන්ට යා යුතු බවද සදහන් කරන්න ඕනය...

1)
//යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා.

A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා ..

"උබලා ඔය බනින ප්‍රයිවට් කැම්පස් එකක engineering degree එකක් කරන kollek"දැන් ඉතින් පලු යන්න මට බැනපල්ලා :P //

2) 
// මුන් private campus වලට විරුද්ධයි. ඒ උනාට මුන්ට private practice කරන්ඩ හොදයි. private campus වලට විරුද්ධනම්, මුන්ට private practice කරන්ඩත් බෑ. ඒවත් නවත්වන්ඩ ඕනෙ. මුන් සාමන්‍ය ජනතවගෙ බදු මුදල්වලින් ඉගෙන ගෙන, ඒ මිනිස්සුන්ගෙන්ම ගිනිගනන් අයකරනව. ඒව හොඳද??? ඔය docekගෙ දුවෙක්, පුතෙක්, සහෝදරියක්, සහෝදරයෙක්ට campus යන්ඩ ලකුණු මදිවුනොත් මොකද කරන්නෙ??.//

3)
//අපේ කාලේ එක්දහස් නවසිය අසූ ගනන් වල විශ්ව විද්යාලේ යන්න ලකුනු 1ක් අඩු උනොත් ඌට දෙයියන්ගේ පිහිටයි. මටත් එහෙමයි. මට වඩා අඩු ලකුනු ගත්තු උන් පිට පලාත් වලින් වෛද්ය විද්යාලෙ යද්දි කොලඹින් විභාග කල පවට අපිට සාමාන්ය උපාදියවත් නැහැ. නුමුත් ඔය කියන විදියට අපි මෝඩයෝ. මගේ යාලුවෙක් හිටිය යපනයේ ඉගෙනගෙන ඒත් විශ්ව විද්යාලයට නොතෙරුන. හැබයි ඔය කියන විදියට මෝඩයෙක් වන ඔහු CIMA විභගයෙන් ලොකෙන්ම පලවෙනි උනා.ඉස්කෝලෙ මගෙත් එක්ක ඒ එල් කරපු යාලුවෙක් රුසියාවට ගිහිල්ල වෛද්ය උපාදිය කරලා ඇවිත් පස්සේ කාලේ ලන්කාවෙ කොලඹ වෛද්ය විද්‍යාලයේ ඉගැන්නුවා. ඔහුට අනුව ලන්කාවෙ වෛද්ය උපාදිය හදාරන්න නුසුදුසු උනු ඔහු එහිම උගන්වන්න සුදුසු උනා. මෙවනි උදාහරන ඕනෙතරම් දෙන්න පුලුවන්.
 
එදා අපිට නොතිබුනු අවස්තාවක් අද දරුවන්ට තියනවා. ඔය විරුද්ද වෙන කුහකයො නොසලකා මේ වැඩේ ඉදිරියටම යන්න ඕනේ. සල්ලි තිබුන පලියට මෝඩයෙකුට වෛද්ය හෝ ඉන්ජිනේරු උපාදියක් කල හැකියැයි කියනවානම් ඔහුට කිව යුත්තේ මොකක්දැයි මම නම් දන්නේ නැහැ. 

කොහොම උනත් ලංකාවේ තියන පැය තුනේ විභාගේ අසාර්ථක මිනුම් දන්ඩක් බව නම් සම්පූර්ණ ඇත්ත. කරුමේ කියන්නේ එදා ඉඳලා අද දක්වාම ඒක එහෙමමයි. //

 ඔන්න ඔහොම තමයි කතාව නැගල ගියේ... මේ අතරෙ මේකට බැනපු අයත් හිටියා.. ඒත් ඒව එච්චර තද පොයින්ට් නෙවෙයි.. සල්ලි තිබ්බ පලියට උපාදයක් ගන්න නම් කොහොමත් බැරි බව කියන්න ඕන.. අනික ලංකාවෙ බැරිනම් රට ගිහිල්ල හරි උපාධියක් ගන්න සල්ලි තියන කට්ටිය දෙපාරක් නොහිතන බවත් කියන්න ඕන.. A 3ක් අරගෙන කැම්පස් ගිහිල්ලත් ලෙඩ්ඩු මරණ දොස්තරල ඕන තරම් ඉන්න එකේ චාන්ස් එකක් දීල බලන්න S 3 ගත්ත උන් කොහොමද කියල.. නිකන් උපකල්පන වලින් තීරණ වලට එලබෙන්නෙ නැතුව...

පෝස්ට් එක නිකන් මෙව්ව උනාද මන්ද.... 
මම මේ වගේ එකක් දැම්මමයි මේ... :)

ඕගොල්ලන්ටත් මේක ගැන විවෘතව හිතෙන දේ කියන්න.. 

අහ්.. අමතක උනා ෆලෝ කරපු නැති අය ෆලෝ පාරකුත් දාල යන්න.. දැන් ෆලෝ බටන් එක "Join this site" කියල වෙනස් වෙලානේ.. කාගෙ ආන්ඩුවක්ද මන්ද.. නිදහසේ බ්ලොග් එකක් වත් කරන්න දෙන්නෙ නෑ.. :D :D :D 



Sunday, July 17, 2011

අපේ ලෙක්චර් මැඩම්ගේ රස කතා..!!

ආයෙත් ඉතින් කැම්පස් එක පටන් ගත්ත නිසා දැන් ටිකක් මේ පැත්තට එන්න වෙනවා අඩුයි.. ඒත් කට්ටියට සුපර් මාරියෝ අමතක වෙලා නෑ කියලනම් හිතනවා.. ඊයෙත් දේවා ගේ අඩවියේ දේවා අයියා මැසේජ් එකක් දාලා අහනවා මල්ලී මොකද දැන් බ්ලොග්ස් පැත්තෙ එන්නෙ නැද්ද කියලා... මේ බ්ලොග් ජීවිතය නිසා මට ගොඩක් දෙනෙක් අදුර ගන්න ලැබුණා නොහිතපු විදිය‍ට ඒ ගැන නම් මට ගොඩක් සතුටුයි..!!
කතා ඇති.. අද කතාවට බහින්නම්කො දැන්..
අපේ ලෙක්චර් මැඩම්ගේ පොඩි එකාගෙ රස කතා කියල මම කලින් දාපු පෝස්ට් එක කට්ටිය කියෙව්වයි කියල හිතනවා...!!! එතුමියගෙන් ම එම විශයේ දෙවන කොටස ඉගෙන ගැනීම‍ට අපි වාසනාවන්ත උනා. විශය පටන් අරගෙන තාම සති 2ක් පමණක් උතන් පෝස්ට් එකක් දාන්න කතා නම් සෙට් උනා..

මුලින්ම පටන් ගන්නම් මැඩම් ඩිග්‍රී එක කරන කාලෙ වෙච්ච සිද්දියකින්. එක එක විශයන් වලට ගෲප් ප්‍රොජෙක්ට් කරන්න වෙන එක ඉතින් කැම්පස් ජීවිතේ සාමාන්‍යය දෙයක් නේ. මැඩම් මේ ප්‍රොජෙක්ට් කරන්න ඉතින් වැඩි කැමැත්තක් තිබුනේ නෑ කියල තමයි කිව්වේ. මොකක් හරි ගෲපියකට සෙට් වුනාට මුකුත් වැඩක් කරපු බවක් නම් කිව්වේ නෑ. ඔන්න ඉතින් ප්‍රොජෙක්ට් එක ඉදිරිපත් කරන්න ඕන නිසා ගෲප් එකේ කට්ටියට කියල එයාට කොටසක් ඉල්ලගෙන ඒක ඉදිරිපත් කරන එකලු කරන්නේ. මේ කියන ප්‍රොජෙක්ට් එකෙත් ප්‍ර‍සන්ටේශන් එක දවසෙ සුපුරුදු පරිදි ඉල්ල ගත්තලු මැඩම් කියන්න කොටසක් ගියාලු සුද්දා ඉස්සරහට (විදේශිය විශ්ව විද්‍යාලයක් නිසා සුද්දෙක් ලු හිටියෙ අධීක්ෂණයට) කියන්න තියන ඒව ටික සුපිරියටම කිව්වලු (සුද්දටත් කියපුව තේරිලා නෑ කියලයි මැඩම් නම් කිවුවේ :D) ලකුණුත් හොදටම ලැබුණ ලු.. ඒත් මැඩම් එලියට ගියාමලු දන්නේ මැඩම් කිව්වේ පුස්තකාලයකට අදාල මෘදුකාංගයක විස්තර උනාට කියන්න තිබිල තියෙන්නේ ශිෂ්‍යන් ලියාපදිංචි කිරීම, විභාග ලකුණු සැකසීම වගේ ඒවා තියන Student Information System එකක් ගැන කියලා....


ඔන්න තවත් දවසක් මැඩම් තවත් සර් ල දෙන්නෙක් එක්ක විභාග නිරීක්ෂක වරුන්ගේ කාල සටහන් හැදුවලු. මැඩම් ඉතින් කපටි කමටත් එක්ක සර් ල දෙන්නට සතියෙ දවස් ටික දාල මැඩම් සති අන්තය තෝර ගත්තලු. (සති අන්තයේ ඉතින් පොඩ්ඩක් වැඩිපුර හම්බෙන එකත් ඉතින් මැඩම් පොඩියට කිව්වා). ඔන්න කාල සටහන් අනුමත වෙලා 1වෙනි ලිපිය ලැබුණලු. චෙක් කරල බලද්දි මැඩම් දැම්මා වගේ ම සති අන්තයේ ඉන්නවලු. ඔහොම 2,3 ලිපිත් හම්බුනාලු. දවසක් ඔන්න කෝල් එකක් එනවලු මැඩම් එක්සෑම් ඩියුටි තියනවා එන්නෙ නැද්ද කියලා. මැඩම් පුදුමත් වෙලා හොයල බලද්දී අර සර් ල දෙන්නට වැඩේ තේරිලා කාල සටහන් වෙනස් කරල සති අන්තෙට පැනගෙන මැඩම් සතියෙ දවස් වලට මාරු කරල දාලලු......


මේක තමයි ලගදිම වෙච්ච කතාව, ගිය සතියෙ මැඩම් කිය කිය හිටියෙ මේ සතියෙ ලෙක්චර්ස් ටිකයි, ටියුට් ටිකයි, ලැබ් ශීට් ටිකයි ඒවලට උත්තරයි කැම්පස් එකට බාරදෙන්න ඕන කියලා මැඩම් ට තියන වැඩ තොගෙ එක්ක මේක කොහොම කරයිද කියල තමයි අපටත් ප්‍රශ්නෙ තිබුණෙ. ඔන්න එදාමද කොහෙද තමයි මැඩම් ලෙක්චර් ස්ලඩ්ස් (Lecture Slides) බල‍න්නේ.. (මැඩම් සුපිරියටම ඉගැන්නුවත් එයා කවදාවත් Slides බලාගෙන උගන්වන කෙනෙක් නෙවෙයි ඔක්කොම ඕන ටික එයාගෙ ඔලුවෙ තියනවා). ඔන්න කොහොමින් කොහොම හරි මේ සතිය වෙද්දී ඔක්කොම ටික සම්පූර්ණ කරල මැඩම් Upload කරලත් ඉවරයි. මට නම් පෟද්ගලිකවම පුදුම හිතුන එච්චර වැඩ ගොඩක් මැඩම් කොහොමද එයාගෙ වැඩත් එක්ක සතියෙන් කරේ කියලා. මැඩම් ට කොල් එකක් ආවලු මේකෙ තියෙන්නේ 2009 කියලා. (සිලබස් එක මේ අවුරුද්දෙ උනාට File Name එක තියෙන්නේ <Subject_Name> 2009 කියලලු. (විශයේ නම දන්න අය හිතා ගන්න)). බලද්දි කේස් එක වෙලා තියෙන්නෙ වෙන විකල්ප නැති නිසා මැඩම් කෙලින්ම 2009 සිලබස් එකම Upload කරලා. අඩුම තරමෙ File Name එක වත්  Rename කරන්න මතක් වෙලා නෑ....!!!


"මේ සතියෙ ඉදන් වත් මම අලුත් මනුස්සයෙක් වෙන්න බලනවා.." කියල මැඩම් මේ කතාව කියල ඉවර වෙලා හිනා වෙවී කිව්වා...


සදාදරණීය ගුරුමව්නි.. ඔබ තුමිය ගේ නව දිවියට මගෙන් සුබ පැතුම්..!! 

අපට මෙන්ම තවත් සිසු සිසුවියන් ලක්ෂ ගණනකට නෙත් පාදවන්න ඔබ තුමියට  හැකි බව අප සැවොම දනිමු....!!!

ප.ලි :-
කොළඹ ඉදන් එන ගමන් බසයේ අසුනකට බරවී මේ පෝස්ට් එකට කරුණු ගලපමින් එනවිට Flash Back සංගීත කණ්ඩායමේ Nonstop එකකින් ඇසුන ගීතයක් මගේ මනසේ Real Time Edit වූයේ මෙලෙසය


අපෙ පන්තියෙ ළමයි එක්ක ඈ හරි යාළුයි
ඈ කැම්පස් නාව දාට පන්තිය පාළුයි //
පො‍ඩි එකාගෙ කතාවටයි අපි හරි ආසා
කවදාවත් නෑ පන්තියෙ කරන්නෙ ගෝසා


ඇය කොණ්ඩෙ දිගට වනල ඉරිද හවසට එනවා‍
පාට පාට වැඩ දමාපු බ්ලවුස් අදිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ දිස්වෙන්නේ
එයාව අපි <name> මැඩම් ලෙස අමතන්නේ.....//

Copyright - Super Mario

Monday, July 11, 2011

කවද හරි ඉතින් මටත් මෙච්චර තමයි..!! :D

මේක කාලෙකින් මට ආපු සිරාම මේල් එකක්.. ඒක ඉතින් මටත් හරි යන නිසා හිතුනා කට්ටියත් එක්ක බෙදාගන්න...





















Thursday, July 7, 2011

ශ්‍රී ලංකාවේ වීදි ගණිකාවෝ..!!

මේ පෝස්ට් එක දාන්න ගොඩ දවසක ඉදන් අදහසක් තිබුණත් මොන ‍වගේ ප්‍රතිචාර හම්බෙයිද කියල බයක් තිබුන නිසා වැඩේ පහු උනා. කුරුල්ලා ගේ හ්‍රී ලංකාවේ ගණිකාවෝ පෝස්ට් එකට හොද ප්‍රතිචාර ලැබුණ නිසා මටත් හිතුනා මගේ පෝස්ට් එකත් දැම්මනම් හරි කියලා.. අද තමයි වෙලාවක් සෙට් උනේ.. ඔන්න අද උදේ බලන කොට ෆලෝවර්ස් ලත් 100 ක් හිටියා.. සන්තෝසේ බැරුවා....!!!

කුරුල්ලා ගේ පෝස්ට් එකෙ සදහන් වන පරිදි ඔහුට මෙන්න මටද කුඩා කල මේ ගැන කිසිදු අත්දැකීමක් නොතිබූ අතර දැන් කොළඹ ජීවත් වන නිසා දිනෙන් දින ඇසු දුටු දේවල් නිසා අත්දැකීම් ගොඩක් ඇත.

ඔගොල්ලත් වීදි ගණිකාවන් ඕන තැරම් දැකල තියන්න පුළුවන් ඒත් නිරීක්ෂණ මගින් නිගමන වලට එලබෙන්නේ නැති නිසා ඒ ගණිකාවක් කියල නොහිතන්නට පුළුවන්. බස් නැවතුම්, හෝටල්, මහපාර අද්දර මේ අය ඕන තරම් ඉන්නවා. ඇතැම් අය දිවා කාලයේ සේවය කරන අතර ඇතැම් අය සේවය කරන්නේ රාත්‍රී කාලයේයි. 



මේ අය ඉතා අපිරිසිදුවට ඇදන් ඉන්න අය වන අතර හැමදාම එකම වෙලාවට එකම තැන ඉන්නවා දකින්නට පුලුවන් ය. අවු 20 -40 අය මේ අතර වැඩිවශයෙන් සිටින අතර අවු 60 ගණන්වල අය පවා දැන් ඉන්නා බව සොයාගෙන ඇත.

මේ අය ගැන කියනවනම් මේ අය ගොඩක් දුප්පත් පවුල් වලින් පැමිණෙන අයය. සාක්ෂරතාවද අන්තිමය. 5 වන පන්තිය දක්වා වත් උගත් අය සිටින්නේ 15% පමණ ය. විවාහ වී දැන් වෙන්වී සිටිනා අය මෙන්ම, සිය සැමියන් පිම්පියන් වශයෙන් කටයුතු කරන කාන්තාවන් ද මේ අතර සිටි. සැමියන් මේ ආකාරයට බිරින්දෑවරුන් විකුණන් කන තත්වයට වැටීම ඉතා ඛේදජනකය. 

 මේ වීදි ගණිකාවන් කොටස් 4කට වර්ග කිරීමට පුලුවන්ය.
1) අනුග්‍රහකයා ලගට යන අය
2) අනුග්‍රහකයා ගේ මොටර් රථයේ / ත්‍රී විලරයේ අදාල කටයුතු කරන අය
3) අනුග්‍රහකයා තමන් වෙසෙනා තැනට ගෙන්වා ගන්නා අය
4) වෙරළ අද්දර, පාලු තැනක අදාල කටයුතු වල නිරත වන අය

කොළඹ නගරයේ මේ 4 වර්ගයෙන්ම 3500 පමණ දෙනා ඇති බව සොයාගෙන ඇත. මුලු රටේ ම එවැනි අය 4100 පමණ ඇතැයි ගණන් බලා ඇත. නුවර, අනුරාධපුර, බදුල්ල, ගාල්ල, කුරුණෑගල, කළුතර, හික්කඩුව, මාතර ඇතුළු විශාල නගර සංඛ්‍යාවක මේ අය ඇතැයි සොයා ගෙන ඇත.

මූලාශ්‍ර :- මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ "ශ්‍රී ලංකාවේ ගණිකාවෝ" ව්‍යාපෘති වාර්තාව



මේ පෝස්ට් එකට තවත් ආසන්න හේතුවක් වූයේ, මෑත දිනකදී මම තවත් මිතුරන් දෙදෙනෙකු සමග රාත්‍රී ආහාරය ගෙන නැවත බෝඩිමට එන විට අතුරු පාරේ අද්දර ලයිට් කණුවකට මුවා වී මැදි වයසේ මිනිසෙක් සිටි අතර කුරුල්ලා පවසන පරිදි "කාල වර්ණ රැලි ගැසුනු සම, බිඳුනු නාසය, දත් හැලුනු මුඛය" ට හිමිකම් කියන කාන්තාව ද ඒ අසලින් ම සිටියාය. අප ඔවුන් සිටි තැන පසුකර මොහොතක් ගතවූ පසු ඔවුන් අදාල කෘත්‍ය කරනු අඩ අදුරේ ඡායාවක් මෙන් පෙනින. ( අපි ක්ෂනිකව මාරු උනා නැත්නම් ඉතින් මොන හෝටලේකින් කන්න වෙයිද දන්නෙ නෑ නෙව :D )

තවත් දිනක අවු 25 ක පමන තරුණයකු සමග සිටිනවාද අපට දකින්නට ලැබිණ. ‍මූණ දිහා බැලීමට තරම් වත් ප්‍රසන්න නැති මෙම වෛශ්‍යාව සමග කොහොම මෙහෙම හැසිරෙනවා‍ දැයි සිතීමටත් අප්‍රියය. 



සමාජය ගැන දැන සිටීම කෝකටත් හොද නිසා මම මේ පෝස්ට් එකෙන් මගේ අත්දැකිම් ඔන්න ඕගොල්ලොත් එක්ක බෙදා ගත්තා. මේ පෝස්ට් මාලාව ඉදිරියට ගෙන යනවද, මෙතනින් නතර කරනවද කියන එක ඕගොල්ලන්ට බාරයි.

මේකට කමෙන්ට් කරන්න ලැජ්ජ වෙන්න ඕන නෑ කියලයි මට නම් හිතෙන්නේ, ඒක නිසා කොමෙන්ටුවක් එහෙම දාල, ෆලෝ කරල නැත්තම් ඒකත් කරලම යන්නකෝ......!!!!




Thursday, June 30, 2011

ලෝකේ වටිනාම පින්තූර අතරින් කිහිපයක්..... 4 කොටස (විස්තර සහිතයි)

මගේ මේ පෝස්ට් සෙට් එකටම ලොවෙත් නැති සපෝර්ට් එකක් ලැබුණ නිසා මම හිතුවා අන්තිම ටිකත් පුලුවන් තරම් ඉක්මනට දාගත්තොත් හොදයි කියලා උණුසුම යන්නත් කලින්ම. කලින් පින්තූර ටික බැලුවෙ නැත්තම් ඒ ටිකත් බලල ඉන්නකෝ...

මේ වගේ පින්තූර ගන්න කොච්චර කැපකිරීමක් උනන්දුවක් තියෙන්න ඕනද කියල ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.... 3 කොටසේ තියන ඇෆ්ගන් දැරිය කියන පින්තූරෙ ඉන්න ගෑනු ලමයව හොයා ගන්න ඡායාරූප ශිලිපියා අවු 17 ක් මහන්සි වෙලා තියනවනේ.. ඒ වගේම Death Rode කියන පින්තූරෙ ගත්තයින් පස්සේ ඒ ඇති උන හිත් වේදනාවට ඒ ඡායාරූප ශිල්පියා සිය දිවි හානි කරගෙනත් තියනවලුනේ... ඔය ‍වගේ පුදුම, දුක,සතුට හිතෙන කතා ගොඩක් මේ පින්තූර අස්සේ හැංගිලා තියෙන්න පුලුවන් සදහටම..... අන්න ඒ නිසයි මගෙ යාලුවෙක් කිව්ව විදියට මේ දුර්ලභ පින්තූර අතර තියෙන ප්‍රසිද්ධ වෙච්ච කතා ටික මගෙ යාලුවො ‍කට්ටියටම කියන්න හිතුවේ... අද පූර්විකාව දිග වැඩිද මන්දා... මෙන්න එහෙනම් පෝස්ට් එක...

1)
මාරක ඇද වැටීම - Fatal Fall


දැක්කහමත් ඇග කිලි පොලා යන දර්ශනයක්. මේ වගේ එව්වා ෆිල්ම් වල ඕන තරම් දැක්කත්, ඇත්ත ජීවිතේ නම් මෙහෙම එකක් දකින්න නොලැබේ වා කියලයි සුපර් මාරියෝ ප්‍රාර්ථනා කරන්නේ..

"The Falling Man" තමයි මේ පින්තූරෙට දීපු මාතෘකාව. මේ පින්තූරෙ අරන් තියෙන්නේ "Richard Drew" විසින් 2001 සැප්තැම්බර් 11. දිනේ කිව්ව ගමන් කට්ටියටම මේ මොකද්ද කියල හිතා ගන්න පුළුවන් නේද..?? උදේ 9.41 යි තත්පර 15ට තමයි මේ පින්තූරෙ අරන් තියෙන්නේ.... මේ පනින මිනිසා මෙහෙම පනින්න ඇත්තේ පොලවට පතිත උන ගමන් ක්ෂණික මරණයක් බලාපොරොත්තුවෙන් වෙන්න ඇතියි කියලයි සදහන් වෙන්නේ.. මොකද ගුවන් යානා ඇවිල්ල හැපුනට මැරෙන්න වෙන්නේ ගින්දරට පිච්චිලා වගේ හෙමින් සැරේ දුක් විදලනේ... මේ පින්තූරයෙන් මනුෂ්‍යයා ගේ දුර්වල කම හා හිත හයිය නොමැති කම ‍මනාව පෙන්වනවා කියල කියන්නේ මේකත් එක් ආකාරයක සියදිවි හානි කරගැනීමක් නිසා වෙන්න ඇති.

2)
තුවාල ලත් සොල්දාදුවා - Wounded Soldier 


වෙනිසියුලාවේ "Carabobo" ප්‍රාන්තයේ "Puerto Cabello" හි දි 1962 කැරැල්ල ඇතිවු වෙලාවේදි සිදුවූ සිද්දියකි මේ. මේ සිද්ධි දාමය හදුන්වන්නේ ආඥාදායකත්වය ම්ලේඡ ලෙස කැරලිකාරයන් මැඩලූ සිද්ධි දාමයක් ලෙසටය. මේ පින්තූ‍රයේ දැක්වෙන්නේ "Luis Maria Padilla" නම් පාදිරි තුමන් (Padre) තුවාල ලත් සොල්දාදුවෙකුගේ අතින් අල්ලන් සටිනා ඡායාරූපයකි. මෙම පාදිරි තුමන් සෙබලාව එසවීමට උත්සාහ දරන මොහොතේ "My father help me" යැයි සෙබලා විසින් අමාරුවෙන් කියා ඇත. 

මේ පින්තූරය ලොව වටා ගොස් ඇති අතර "Pulitzer" ත්‍යාගයද මේ සදහා හිමිවී ඇත. ( මෙම පින්තූරය කවුරුන් විසින් ගත්තා දැයි සදහනක් නොමැත ) මේ අවාසනාවන්ත මිනිසාගේ ලොවින් සමුගැනීම ලොවටම පසක් කර දෙන්නේ මෙවැනි ගැටුම් නිසා ජීවිත පුදන්නේ අහිංසක සෙබලුන් හා කැරලිකාරයන් (කැරලිකරුවන් ඇතැම් විට සාධාරන විය හැක) මිසක් ආඥාදායක පාලන තන්ත්‍රය නොවන බවය...

3)
වතු අහිමි ගොවීන් ගේ ගැටුම - Straggle of landless farmers  

මේ පින්තූරය අරන් තියෙන්නේ "Luiz Vasconcelos" විසිනුයි. ‍මේ සදහා ඔහුට ප්‍රවෘත්ති අංශයෙන් "World Press" සම්මානයද 2000 දී ලැබී ඇත. මේ පින්තූරයේ සිටිනා කාන්තාව මෙලෙස තම දරුවාත් රැගෙන විරෝධය දක්වන්නේ තමන් සිටිනා භූමි වලින් නෙරපා හැරීමට පොලීසිය ගෙන ඇති තීරණයට විරෝධය දැක්වීමටයි.  මෙය බ්‍රසීලයේ "Manaus" වල සිදුවූ සිද්ධියකි. ඉඩම් අහිමි ඉන්දියානුවන් සුදු ජාතික "Creole" (දකුණු ඇමරිකානුවන්ගේ භාෂාවය) ඉඩම් හිමිකරුවන්ට එරෙහිව නැගී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය දැක්විය හැක. මේ පින්තූරෙ දැක්කාම මීට පස්සෙ මේ දුප්පත් පවුල් වලට මොකද උනේ කියල හිතන්නත් මොකද්ද වගේ නේද...!! ඒ ගැන සදහනක් නැත්තෙ ඒක ගොඩක් දුක්බර නිසාද දන්නේ නෑ.


4)
බුල්ඩොසරයක ට අතරමැදිව - Under the Claws of the Bulldozer 


මේක නම් සෑහෙන්න දුක හිතෙන කේස් එකක්. මේ පින්තූරෙ ඉන්නේ "Rachel Aliene Corri". එයා ඉපදිලා තියෙන්නේ 1979 අප්‍රේල් 10. එයා මරණයට පත් වුනේ(කෙරුවේ) 2003 මාර්තු 16. International Solidarity Movement (ISM) නම් සංවිධානයේ මෙයා ඇමරිකානු සාමාජිකාවක්.

මෙයා මිය ගියේ ගාසා තීරයේදී, ඊස්‍රායල් හමුදා බුල්ඩෝසරයකට යටවීමෙනි.  පලස්තීන නිවසක් විනාශ කිරීමට පැමිණි බුල්ඩෝසරය ඉදිරියට මෙයා ගිහින් තියෙන්නේ මිනිස් පලිහක් (Human Shield) එකක් ව‍ශයෙන් එයට විරෝධය දැක්වීමටයි. එය ගණන් නොගත් බුලුඩෝසර් කරු මැයව යටකර දමා තියනවා. පහත ඇති පින්තූර 2 යටකිරීමට පෙර හා පසු ගත් ඒවායි. ඊස්‍රයල් හමුදා ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ බුල්ඩෝසර් කරුට මැයව නොපෙනුන බැවින් යට වී ඇති බවය. එහෙත් ඇසින් දුටු සාක්ෂි කරුවකු පවසා ඇත්තේ එසේ නොපෙනීමට හේතුවක් නොතිබුන බවය. ( බුප්ඩෝසරයේ Claws නිසා මැය නොපෙනී ඇති බව තර්කය වී ඇත)

ඇමරිකාවේ "Evergreen State College" හී ශිෂ්‍යාවක් වු මැය වසරක නිවාඩුවක් ගෙන ගාසා තීරය‍ට ගොස් ඇත්තේ පලස්තීන ඊස්‍රායල් ගැටුමේ සත්‍ය තත්වය සෙවීමටයි. 

මිය යාමට මොහොතක් පෙර හා පසු

5)
යුධ ටැංකියකට එරහිව නැගී සිටි ළමයා - The Child resisting a Tank


පලස්තීන ළමයෙක් පලස්තීනයේ දී ඊස්‍රායල් යුධ ටැංකියකට ගලකින් ගැසීමට සැරසෙන දසුනක් මෙම පින්තූරයේ දැක්වෙයි. 1990 දී ගෙන ඇති මෙම පින්තූ‍රය ගත් කෙනා ගැන සදහනක් නැත. මෙම පින්තූරය මගින් මහජනයා ගෙන් නැගෙන අති විශාල ප්‍රතිරෝධය මනාවට පෙන්නු කරයි. තම රට වෙනුවෙන් වෙන කිසිදු උදව්වක් නැති වුවද ඕනම වෙලාවක තමන් සිටිනා බව හොදින් පසක් කරන පින්තූරයකි මේ.

ඍජුවම කොලනි පවතින 21 ශතවර්ශයේ එකම රට පලස්තීනයයි. එලෙසම 1948 සිටන් ලොව විශාලම එළමහන් සිර කදවුරත් පලස්තීනයයි.

6)
අවසන් පින්තූරය - The Ultimate Photo


(මෙය ව්‍යාජ පින්තූරයක් බව පසුව සොයා ගන්නා ලදී. මුලින්ම මෙය 
පෙන්නූ "ටාසන්" ට හා Himansa ට ස්තූති කරමි)


මෙහි ඇත්තේ සුනාමියට මොහොතකට පෙර පැමිණි වැලි කුණාටුවක ඡායාරූපයකි....!!!


මෙය මාගේ මෙම පින්තූර එකතුවේ අවසන් පින්තූරය වන අතරම මෙහි නමද "අවසන් පින්තූරය" යි. ඇතැමුන් දෙවියන් විශ්වාස කරන අතර ඇතැමුන් එසේ නොකරයි. නමුත් අප නිරතුරු මතක තබා ගත යුත්තේ ස්වභාවධර්මයත් සමග සසදන කල්හී අප ඉතා කුඩා බවය. මේ පින්තූරය දුටුවිගස මට නම් සිතුනේ වැලි කූණාටුවක් කියාය. ඒත් වැලි කුණාටුව අවසන් ඡායාරූපය වූයේ කෙලෙසදැයි මට ගැටලුවක් ඇතිවිය. නමුත් මෙහි ඇත්‍තේ සුනාමියක ඡයාරූපයක් ය. එය ඉතින් අවසන් ඡයාරූපය බව ආයේ අමුතුවෙන් ඇසිය යුතු නැත. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ දි ගත් ඡායාරූපයකි මේ.

මීටර් 20 ක් පමන ඉහල රළ පැමිණ තිබූ සුනාමියේ මෙම දසුන සොයා ගෙන තිබුනේ, සුනාමිය පැමිණ මාස 1 1/2 කට පසු ඩිජිටල් කැමරාවකිනි. මෙම පින්තූරය ගත් පුද්ගලයා කැමරාවේ බොත්තම එබීමෙන් පසු තත්පර කීයක් ජීවත් වූවාදැයි අපි කවුරුත් නෙදනිමු. නමුත් ඔහු මෙලොවින් සමු ගත්තේ ඔහු ගනු ලැබූ අතිශය දුර්ලභ ඡායාරූපයක් ලොවටම ඉතිරි කරමිනි. අපි කාටත් මරණය නියතය. "මාරයා" කවදා හෝ අපි කරා එනු ඇත. (ඒත් එයාට තාම ‍මගේ බ්ලොග් එක ෆලෝ කරන්න අමතක වී ඇත) එලෙස අප මෙලොවින් සමුගන්නා විට මේ ලෝකය වෙනුවෙන් නාමිකව හෝ නිරිනාමිකව යමක් කිරීමට වගබලා ගනිමු.

ඔන්න මාගේ කතාවනම් මින් අවසානය කියවූ ඔබ සැමට තැන්කූ ය. සුපුරුදු ලෙස කියන පරිදි ෆලෝ නොකරපු අය ෆලෝ කරන්න... කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා කවුරුවත්..

ප.ලි - මගේ මේ පෝස්ට් 4න් ඔයා වැඩියෙන්ම කැමති මොන පින්තූරයටද කියලත් කියල යන්න අමතක කරන්න එපා (පෝස්ට් එකේ අංකයයි, පින්තූරෙ අංකයයි දාන්න. උදා - 4,5)