Friday, November 11, 2011

සුපර් මාරියෝ සහ S7 ටැබ් එක - ගන්න ඉන්න අයටයි නොගන්න ඉන්න අයටයි.

මේ පෝස්ට් එක මාස 3ක විතර ඉදන් දාන්න හිටපු එකක්. දැන්නම් ටිකක් ප්‍රමාදයි කියලත් හිතෙනවා. කෝකටත් කියල ඔන්න එහෙනම් ටැබ් එකේ විස්තරේ..

මෙන්න මේක තමයි බාන්ඩෙ..ලංකාවෙ Etisalat තමයි මේක අඩුවටම විකුණන්නේ. දැන්නම් රු 26 000 - 27 000 වගේ තමයි වෙන්නෙ ඔක්කොම ගෙවන්න තියන ගාන. ඒ ගාන හැදෙන්නෙ මෙහෙමයි, ටැබ්ලට් එකට රු 18 000, අවු. 1 අන්තර්ජාල සම්බන්ධය සදහා රු 5400, සම්බන්ධතා ගාස්තු රු 1500 සහ තව මොනවද එව්ව වගේකට අනිත් ටික. මතක නැ ඕන නම් හොයල කියන්නම්. මේ ගණනුත් ටිකක් වෙනස් වෙන්න පුලුවන්...

මේ ටැබ් එක ගැන ලංකාවෙ කවුරු හරි වීඩියෝ එකකුත් YouTube දාල තියනවා. ඒකෙ තියන ඔක්කොම 100% සත්‍ය නම් නෙවෙයි කියලත් කියන්න ඕන. උදා. මේකෙ කැමරා එක 2.0 Mega Pixel කිව්වට වැඩක් නැ.. Unbranded Chines ෆෝන් එකකට වඩා ටිකක් හොදයි. Display එකත් Cristal Clear කිව්වට එහෙම්මම හොද නෑ. ඒ උනත් ෆිල්ම් එකක් එහෙම බලන්න කියාපු බඩුව. මමත් දැන් වැඩිපුර ෆිල්ම් බලන්නෙ මේකෙන් තමයි. අගල් 7 Display එකක් නෙ තියෙන්නෙ. මේකෙ තියෙන්නෙ 256 K Colors Display එකක්. ඒක නිසා හොදම නෑ. ඒත් නරකකුත් නෑ. :)

මේ ටැබ් එකට ඔරිජිනල් එන්නේ ඇන්ඩ්‍රොයිඩ් 2.1. ඒක නිසා පොඩි අවුල් කීපයක් තියනවා. එකක් තමයි මේකෙ Application Memory කියල තියනව 175MB ඉඩක්. මේ ඉඩේ විතරයි අපිට Applications install කරන්න පුලුවන් 8GB වල දාන්න පුලුවන් අපේ ඒවා විතරයි. ඒත් මේ ප්‍රශ්නෙට විසදුමක් හම්බ උනත් තාම ප්‍රායෝගිකව කරේ නැති නිසා කියන්න බෑ.. කවුරුහරි මේකට විසදුමක් දන්නවනම් මටත් කියන්න හොදේ..


අනිත් එක තමයි ඇන්ඩ්‍රොයිඩ් 2.2 අලුත් Applications වලට ඉල්ලන එක. මේ ටැබ් එකට 2.2 Upgrade pack එකක් ඇවිල්ල තිබුනත් මට තාම Upgrade කරන්න උනේ නැ.

මේ වගේ පොඩි පොඩි අඩුපාඩු තිබුනත් මිලත් එක්ක බලනකොට නම් ඉතින් වරදක් කියන්න බෑ. Huawei S7 දෙකක් ගන්න ගානට වත් Galaxy ටැබ් එකක් ගන්න බෑනේ...  :D :D


මේකෙ Touch Screen එක නම් ගොඩක් හොදයි.. නියම Capacitive. අහ්... තව එකක් මේකෙ බැටරි එකත් Data Service  'ON' කරල තියෙද්දි පැය 1 1/2 වගේ තමයි. නැත්තම් පැය 2-3 වගේ පුලුවන්. ඒක කරන වැඩේ අනුව වෙනස් වෙනවා.

Huawei Ideos S7 Tablet වර්ග කීපයක් ම තියනවා. Etisalat එකෙන් දෙන්නෙ  Huawei Ideos S7 105 කියන එක. මේක Australia වලට Design කරපු එකක් මට මතක විදියට.


මේ ඇති නේ... තව ඕන නම් අහන්න හොදේ.... :D :D :D

15 comments:

  1. සැම්සුන්ග් ගැලක්සි ටැබ් එක නැද්ද මචං ලංකාවේ??

    ReplyDelete
  2. තියනවා.. ඒක මෙ‍හාට එද්දි රු 70 000 කටත් වඩා වෙනවා මට මතක විදියට.. ඒක නම් සුපිරියි.. :)

    ReplyDelete
  3. මම ඔකක් දවසක් වරුවක් විතර පාවිච්චි කළා. පට්ටම සවුත්තුයි.
    touch එක සමහර වෙලාවට responsive නෑ.

    ඇන්ඩ්‍රොයිඩ් 2.1 කියන්නෙ සවුත්තු version එකක්.

    කෝල් එකක් අතරෙදි මොනා හරි කරන්න ගියොත් මේක පිස්සු කෙලිනව. කෝල් එක අතරෙ ස්ක්‍රීන් එකේ එක එක ඒව ඔටෝ එබෙනව. (මම යූස් කළ එකේ අවුලක්ද දන්නෙ නෑ.)

    කැමරාව මහම මහ ජරාවක්.

    256K නිසා පාටත් චා. ෆිල්ම් බලන්න ෆොටෝස් බලන්න නම් හරියන්නෙ නෑ. පාටවල් කැතයිනෙ. :(

    කොහොම හරි, මම හිතාගත්ත, ටැබ් එකක් ගන්නව නම් ඕක දිහා බලන්නෙවත් නෑ කියල. :)

    ReplyDelete
  4. ඕවා කාලයක් යනකොට අප්ගේඩ් වෙලා ඒවි මලේ !!

    ReplyDelete
  5. මාධව අයියා - ටච් අවුල් වෙන්නේ බැටරි එක 20% වඩා අඩු උනාමයි. Power Saving mode එකේදි ටච් එක වැඩ කරන්නෙම නෑ..

    //256K නිසා පාටත් චා. ෆිල්ම් බලන්න ෆොටෝස් බලන්න නම් හරියන්නෙ නෑ. පාටවල් කැතයිනෙ// පාටවල් අඩුයි තමයි.. ඒත ෆිල්ම් බලද්දි ඒක මට නම් ලොකුවට තේරුනේ නෑ. dark colours නම් හරියට පේන්නේ නෑ තමයි...

    ReplyDelete
  6. ඕක රූට් කරන්න ට්‍රයි කරන්න... රූට් කරාම 8ජිබී යූස් කරන්න පුළුවන් වේවි.
    මම නම් ටැබ් යූස් කරල නැහැ. මම ගාව ගැලැක්සි එස්2 එකක් නම් තියෙනො. ඒකෙ කලර්ස් නම් මගේ පිසී එකේ ( එල්.ඊ.ඩී. මොනියක්) කලර්ස් වලටත් වඩා ෆට්ට.

    ReplyDelete
  7. ඒක ඇත්ත මමත් Galaxy ACE එකක් එක්ක තියල බැලුවා.. දැන් එන ඔක්කොම 16Million නේ..

    ReplyDelete
  8. මේ පිස්සුව මටත් තිබුණා. ගන්න සල්ලිත් පාස් වුනාට පස්සේ හිතුනා මට මේක අරගෙන වැඩක් වෙන්නෙ නැති වෙයි කියලා. ඉතින් ගත්තේ නෑ.. :D :D

    ReplyDelete
  9. බොල ඔය ගානට ඔය වැඩ ටික ඇති මචන්....

    ජය...

    ReplyDelete
  10. ගයාන් අයියා - සහතික ඇත්ත අයියේ... මටත් ටැබ් එකක් ඕන උනේ ලෙක්චර් ස්ලයිඩ්ස් බලන්න විතරයි... මේ ගානට තියන වැඩ ටික හොදටම ඇති :D :D :D

    ReplyDelete
  11. මන් නම් ඉතින් 3000හේ ෆොන් කැල්ලක් යුස් කරන්නේ සොක්.. එලට වැඩ.

    ReplyDelete
  12. එල එල සිම්පල් ප්ලෑන් එකක් :)

    ReplyDelete
  13. කලර්ස් අවුල් නිසා වෙන ප්‍රශ්න නොතිබුනත් මට නම් ඕක එපා වෙයි. මොකද මම ඒක ගැන නම් ලොකුවට බලනව, මගෙ ෆෝන් එක හැබැයි ඔය ඔක්කොම වැඩ වලට ඇති. ඔයාට ඕනෙ කරන powerpoint presentation බලන වැඩෙත් කලෑකි. :)
    කෝල් ගන්න ගියාම තමා එපාම වෙන්නෙ. :D :D :D ඇයි දෙය්යනේ කිලෝ බාගයක් විතර බල එකක් අතේ තියාන කෝල් ගන්නකොට කොහොම තියේවිද. :D

    ReplyDelete
  14. මම නම් මේකෙන් කෝල් කරලම නෑ... ෆෝන් වලින් powerpoint presentation බලන්න පුලුවන් තමයි ඒත් ඒවල 7inch හෝ ඊට වඩා ලොකු ඩිස්ප්ලේ නෑ නේ. :D :D

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...