Sunday, July 17, 2011

අපේ ලෙක්චර් මැඩම්ගේ රස කතා..!!

ආයෙත් ඉතින් කැම්පස් එක පටන් ගත්ත නිසා දැන් ටිකක් මේ පැත්තට එන්න වෙනවා අඩුයි.. ඒත් කට්ටියට සුපර් මාරියෝ අමතක වෙලා නෑ කියලනම් හිතනවා.. ඊයෙත් දේවා ගේ අඩවියේ දේවා අයියා මැසේජ් එකක් දාලා අහනවා මල්ලී මොකද දැන් බ්ලොග්ස් පැත්තෙ එන්නෙ නැද්ද කියලා... මේ බ්ලොග් ජීවිතය නිසා මට ගොඩක් දෙනෙක් අදුර ගන්න ලැබුණා නොහිතපු විදිය‍ට ඒ ගැන නම් මට ගොඩක් සතුටුයි..!!
කතා ඇති.. අද කතාවට බහින්නම්කො දැන්..
අපේ ලෙක්චර් මැඩම්ගේ පොඩි එකාගෙ රස කතා කියල මම කලින් දාපු පෝස්ට් එක කට්ටිය කියෙව්වයි කියල හිතනවා...!!! එතුමියගෙන් ම එම විශයේ දෙවන කොටස ඉගෙන ගැනීම‍ට අපි වාසනාවන්ත උනා. විශය පටන් අරගෙන තාම සති 2ක් පමණක් උතන් පෝස්ට් එකක් දාන්න කතා නම් සෙට් උනා..

මුලින්ම පටන් ගන්නම් මැඩම් ඩිග්‍රී එක කරන කාලෙ වෙච්ච සිද්දියකින්. එක එක විශයන් වලට ගෲප් ප්‍රොජෙක්ට් කරන්න වෙන එක ඉතින් කැම්පස් ජීවිතේ සාමාන්‍යය දෙයක් නේ. මැඩම් මේ ප්‍රොජෙක්ට් කරන්න ඉතින් වැඩි කැමැත්තක් තිබුනේ නෑ කියල තමයි කිව්වේ. මොකක් හරි ගෲපියකට සෙට් වුනාට මුකුත් වැඩක් කරපු බවක් නම් කිව්වේ නෑ. ඔන්න ඉතින් ප්‍රොජෙක්ට් එක ඉදිරිපත් කරන්න ඕන නිසා ගෲප් එකේ කට්ටියට කියල එයාට කොටසක් ඉල්ලගෙන ඒක ඉදිරිපත් කරන එකලු කරන්නේ. මේ කියන ප්‍රොජෙක්ට් එකෙත් ප්‍ර‍සන්ටේශන් එක දවසෙ සුපුරුදු පරිදි ඉල්ල ගත්තලු මැඩම් කියන්න කොටසක් ගියාලු සුද්දා ඉස්සරහට (විදේශිය විශ්ව විද්‍යාලයක් නිසා සුද්දෙක් ලු හිටියෙ අධීක්ෂණයට) කියන්න තියන ඒව ටික සුපිරියටම කිව්වලු (සුද්දටත් කියපුව තේරිලා නෑ කියලයි මැඩම් නම් කිවුවේ :D) ලකුණුත් හොදටම ලැබුණ ලු.. ඒත් මැඩම් එලියට ගියාමලු දන්නේ මැඩම් කිව්වේ පුස්තකාලයකට අදාල මෘදුකාංගයක විස්තර උනාට කියන්න තිබිල තියෙන්නේ ශිෂ්‍යන් ලියාපදිංචි කිරීම, විභාග ලකුණු සැකසීම වගේ ඒවා තියන Student Information System එකක් ගැන කියලා....


ඔන්න තවත් දවසක් මැඩම් තවත් සර් ල දෙන්නෙක් එක්ක විභාග නිරීක්ෂක වරුන්ගේ කාල සටහන් හැදුවලු. මැඩම් ඉතින් කපටි කමටත් එක්ක සර් ල දෙන්නට සතියෙ දවස් ටික දාල මැඩම් සති අන්තය තෝර ගත්තලු. (සති අන්තයේ ඉතින් පොඩ්ඩක් වැඩිපුර හම්බෙන එකත් ඉතින් මැඩම් පොඩියට කිව්වා). ඔන්න කාල සටහන් අනුමත වෙලා 1වෙනි ලිපිය ලැබුණලු. චෙක් කරල බලද්දි මැඩම් දැම්මා වගේ ම සති අන්තයේ ඉන්නවලු. ඔහොම 2,3 ලිපිත් හම්බුනාලු. දවසක් ඔන්න කෝල් එකක් එනවලු මැඩම් එක්සෑම් ඩියුටි තියනවා එන්නෙ නැද්ද කියලා. මැඩම් පුදුමත් වෙලා හොයල බලද්දී අර සර් ල දෙන්නට වැඩේ තේරිලා කාල සටහන් වෙනස් කරල සති අන්තෙට පැනගෙන මැඩම් සතියෙ දවස් වලට මාරු කරල දාලලු......


මේක තමයි ලගදිම වෙච්ච කතාව, ගිය සතියෙ මැඩම් කිය කිය හිටියෙ මේ සතියෙ ලෙක්චර්ස් ටිකයි, ටියුට් ටිකයි, ලැබ් ශීට් ටිකයි ඒවලට උත්තරයි කැම්පස් එකට බාරදෙන්න ඕන කියලා මැඩම් ට තියන වැඩ තොගෙ එක්ක මේක කොහොම කරයිද කියල තමයි අපටත් ප්‍රශ්නෙ තිබුණෙ. ඔන්න එදාමද කොහෙද තමයි මැඩම් ලෙක්චර් ස්ලඩ්ස් (Lecture Slides) බල‍න්නේ.. (මැඩම් සුපිරියටම ඉගැන්නුවත් එයා කවදාවත් Slides බලාගෙන උගන්වන කෙනෙක් නෙවෙයි ඔක්කොම ඕන ටික එයාගෙ ඔලුවෙ තියනවා). ඔන්න කොහොමින් කොහොම හරි මේ සතිය වෙද්දී ඔක්කොම ටික සම්පූර්ණ කරල මැඩම් Upload කරලත් ඉවරයි. මට නම් පෟද්ගලිකවම පුදුම හිතුන එච්චර වැඩ ගොඩක් මැඩම් කොහොමද එයාගෙ වැඩත් එක්ක සතියෙන් කරේ කියලා. මැඩම් ට කොල් එකක් ආවලු මේකෙ තියෙන්නේ 2009 කියලා. (සිලබස් එක මේ අවුරුද්දෙ උනාට File Name එක තියෙන්නේ <Subject_Name> 2009 කියලලු. (විශයේ නම දන්න අය හිතා ගන්න)). බලද්දි කේස් එක වෙලා තියෙන්නෙ වෙන විකල්ප නැති නිසා මැඩම් කෙලින්ම 2009 සිලබස් එකම Upload කරලා. අඩුම තරමෙ File Name එක වත්  Rename කරන්න මතක් වෙලා නෑ....!!!


"මේ සතියෙ ඉදන් වත් මම අලුත් මනුස්සයෙක් වෙන්න බලනවා.." කියල මැඩම් මේ කතාව කියල ඉවර වෙලා හිනා වෙවී කිව්වා...


සදාදරණීය ගුරුමව්නි.. ඔබ තුමිය ගේ නව දිවියට මගෙන් සුබ පැතුම්..!! 

අපට මෙන්ම තවත් සිසු සිසුවියන් ලක්ෂ ගණනකට නෙත් පාදවන්න ඔබ තුමියට  හැකි බව අප සැවොම දනිමු....!!!

ප.ලි :-
කොළඹ ඉදන් එන ගමන් බසයේ අසුනකට බරවී මේ පෝස්ට් එකට කරුණු ගලපමින් එනවිට Flash Back සංගීත කණ්ඩායමේ Nonstop එකකින් ඇසුන ගීතයක් මගේ මනසේ Real Time Edit වූයේ මෙලෙසය


අපෙ පන්තියෙ ළමයි එක්ක ඈ හරි යාළුයි
ඈ කැම්පස් නාව දාට පන්තිය පාළුයි //
පො‍ඩි එකාගෙ කතාවටයි අපි හරි ආසා
කවදාවත් නෑ පන්තියෙ කරන්නෙ ගෝසා


ඇය කොණ්ඩෙ දිගට වනල ඉරිද හවසට එනවා‍
පාට පාට වැඩ දමාපු බ්ලවුස් අදිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ දිස්වෙන්නේ
එයාව අපි <name> මැඩම් ලෙස අමතන්නේ.....//

Copyright - Super Mario

6 comments:

  1. මැඩම්ටත් වෙන්නේ මාරම සීන් නේ. ඔයවගේ දේවල් සමහර ඔන්ලයින් සබ්මිශන්වලදි අපටත් වෙනවා. අපි කරන්නේ එකෙක්ගෙ සබ්මිශන් එකක් කොපි කරලා අප්ලෝඩ් කරන එකනේ.සමහදාට උගේ නම වෙනස් කරන්නත් අමතක වෙනවා. එදාට උගෙයි කොපි කරපු එකාගෙයි ලකුණු ඉවරයි.

    ReplyDelete
  2. කොපි කිරීමත් කලාවක් කියන්නෙ ඕකනෙ! නොකර බැරි වුණම කොපි නොකර වෙන මොනවා කොරන්නද?

    ReplyDelete
  3. වැඩ ටිකක් වැඩි උනාට කමක් නැ මල්ලියෝ... බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න පුලුවන් හැම වෙලාවකම....

    තව මැඩම්ගේ ගොඩාක් කතා එහෙමනම් ඉස්සරහට කියවන්න පුලුවන් වෙයිනේ නේද????

    ReplyDelete
  4. අයිය මොරටුවෙ FITද?

    ReplyDelete
  5. අෆොයි ඒකටත් හරියන්න අපිට එන මැඩම්ලා.. සූටි සූටි කෙල්ලෝ තාම.. එයාලට කතාවක් වත් නෑ අපිට කියන්න.. ආව වෙලාවේ ඉදලා කියවනවා කියවනවා.. අපි ලියනවා ලියනවා. එයාලා ටයිප් කරලා පෙන්නනවා කෝඩ්ස්.. අපි කට ඇරගෙන බලාගෙන ඉන්නවා.. 11-12 වෙද්දී ඉතින් හරි අපිට..

    ReplyDelete
  6. @මධුරංග අයියා - ඒක නම් ඇත්ත.. :D

    @විසිතුරු - ඒකත් සහතික ඇත්ත :D :D

    @දේවා අයියා - පුළුවන් හැම වෙලාවෙම එන්න බලනව අයියේ..
    තව කතා සෙට් උන ගමන් දෙන්නම්... :)

    @Chanakalin - මම මොකේද කියලනම් මෙහෙම ප්‍රසිද්ධියෙ කියන එක හරි නෑ නේ...:D :D :D

    @චතු අයියා - අපිටත් චූටි චූටි අය ඉන්නවා.. ඒත් ඒගොල්ල ඇසිස්ටන් ලා.. :D

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...