කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා ගෙදර හිටියෙ නැති නිසා.. කට්ටියටම සොරි කිව්ව ඔන්න ඒකට... කොළඹ ඉදල ගෙදර ආපු ගමන් කතරගමත් යන්න සෙට් උන නිසා තවත් ටිකක් පරක්කු උනා..
මේ කතාව උනේ කතරගම ට්‍රිප් එකේ දෙවනි දවසේ. සුපර් මාරියෝ ගියා කට්ටියත් එක්ක සිතුල් පව්වේ...!! කෙලින්ම කතාවට බහින්නම් කෝ.
මේ පින්තූරෙ බලන්න කෝ..
මේ හුරතල් චක්ක පැටියා ඉන්නේ සිතුල් පව්වේ. මෙයාගෙ අම්මා මෙයාව දාලා ගිහිල්ලලු. තාම කිරි බොන වයසේ. මෙයාට නිකන් කිරි, වතුර බොන්න දුන්නට බොන්න තේරෙන්නෙ නෑ ලු. ඒ උනාට මේ පොලිස් අයියගේ ඇගිල්ල දුන්නම නම් කුක්කු බොනව වගේ සූප්පු කරනවලු...
මේ වගේ එතුර එකකට ඇගිල්ල දාල සූප්පු කරන්න දුන්නම් වතුරත් ඉබේ ම පෙවෙනවනේ.. අන්න එහෙම තමයි මෙයාට වතුර පොවන්නේ... මේ පොලිස් අයියගේ සපෝර්ට් එකට මේ වැඩේට තව ග්‍රාම ආරක්ෂක අයිය කෙනෙකුත් සෙට් වෙනවා
දැඩි හිත් තියන්න ඔන අය ලග මෙහෙම උනු වෙන හදවත් ද තියනව කියලා සුපර් මාරියෝට ඇස් පනාපිටම ඔප්පු උනේ එදා තමයි. පොලීසියේ කට්ටිය ගැන අපේ අයට තියෙන්නෙ එච්චර හොද ආකල්පයක් නෙවෙයි නේ.. කුරුල්ලාට වෙච්ච දේත් කට්ටිය දන්නෙ නැත්තම් මෙතනින්ම ඒකත් බලන්න.. ඒත් මේ වගේ නියම මහත්වරු පොලීසියේ ඉන්නව කියලත් අමතක කරන්න අපිට බෑ නේද...
පොඩි හාමුදුරුවොත් ආසාවෙන් මේක බලාගෙන හිටියා..
ප.ලි. - කටිටිය සිතුල් පව්වෙ යනවනම් "අරක්කු බෝතල්" අරන් යන්න එපා. අරක්කු වලට වහ වැටිච්ච අලියෙක් ඉන්නවලු. අරක්කු හොයාගෙන එනවලු ගදට හෝ සුවදට.. ඔක්කොම අරක්කු බෝතල් හමුදාවෙන් ගන්නවා.. මෙන්න අපි යද්දි තිබුන බෝතල් ගොඩ..
කමෙන්ටුවක් එහෙමත් දැම්නම් නේද හොද....
ඇත්තටම ආඩම්බරයි...
ReplyDeleteලංකාවේ චාටර් පොලිස් කාරයෝ ගොඩක් අතරෙ මේ වගේ හොඳ පොලිස් මහත්වරුත් ඉන්න ගැන සතුටුයි.
ReplyDeleteමෙහෙම එක පොලිස් කාරයෙක් හරි ඉන්න එක ජාතියේ වාසනාවක්. හැමදාම අහන්න හම්බවෙන්නේ පොලිසිය කරපු නරක දේවල් නේ. මෙහෙම හරි හොදක් අහන්න ලැබෙනවනම් හොදයි.
ReplyDeleteකොහෙද මල්ලි මෙච්චර කල් ගිහින් හිටියේ ?
This comment has been removed by the author.
ReplyDeleteමේ වගේ දේවල් නම් ඉතින් දකින්නත් ආසයි. :)
ReplyDeleteඅපරාදෙ බෝතල්......
ReplyDeleteකට්ටියටම ඉස්තූතියි කොමෙන්ට්ස් වලට....
ReplyDelete@මදුරංග අයියා - මට කොළඹ යන්න උනා අයියේ මගේ යාලුවො දෙන්නෙකුට කැම්පස් එකේ එක්සෑම් එකකට හෙල්ප් එකක් දෙන්න..
එහෙ ඉදන් ආපු ගමන් තමයි මේ ගමන සෙට් උනේ.. තැන්කූ ඇහුවට.
ඔබ්සවර් අංකල්ට බෝතල්මද පේන්නේ...??
arakku bothal gana thama important ma NEWS eka.
ReplyDeleteමොකක් හරි අහේතුවකට, වැරදිලා පොලිසියට ගිය කොල්ලෙක් වෙන්න ඕන. ඇත්තටම දකිනකොටත් ආසයි මේ වගේ මිනිස්සු.
ReplyDeleteඅනේ අර වගේ හැම තැනකම හමුදාවෙන් බෝතල් උදුර ගන්නවනම් හොඳයි. එතකොට ඔය තැන්වල ලස්සනත්, සාමකාමී බවත් රැකෙනවා.
මෙහෙම අයත් 1% වත් ඉන්න එක හොදයි.. හැබැයි ඉතින් අර අනිත් 99% කරන දේවල් නිසා මේ වගේ හොද මිනිස්සුත් බැනුම් අහනවා...
ReplyDelete@මෙලන්ග අයියා - අනේ මේ ඔයා බොන්නෙත් නැති එකේ මොකටද ඕව ගැන හොයන්නේ... :P
ReplyDelete@නලිනි අක්කා - ඇයි බෝතල් වල අත්දැකීම් අක්කටත් තියනවද?? ;-)
@දිනේෂ් අයියා - ඒක නම් ඇත්ත අයියේ...
මොනා උනත් පිං අතේ වැඩක්..
ReplyDeleteමමත් මේ බල බලා උන්නේ සුපර් කොහෙද අතුරු දහන් උනේ කියලා... ඇත්තටම මෙහෙම අය පොලිසියේ තව තව ඉන්නවානම් ලංකාවේ ගොඩාක් තැන් ගොඩාක් සුන්දර වේවි මලයෝ...
ReplyDeleteඔය බොතල් ගැන නම් මට ඉතින් අදාල නැ.. ඕවගේ එක්පිරියන්ස් මට නැනේ
යකෝ අර බෝතල් ගොඩ ඕවා දකිනකොට අලියට පිස්සු හැදෙන්නැතුව තියේද... හි හි
ReplyDeleteපොලීසියේ ඉන්න හැම එකාම පජාත ඩයල් නෙවේ කියලා මේ ෆොටෝ වලින් පේනවා .
ReplyDeleteඒක නෙවේ අර බෝතල් හිස් ඒවද ?
@දේවා අයියා - ඒක නම් ඇත්ත අයියා.. මේ වගේ අය වැඩිපුර ඉන්නේ මේ වගේ තැන් වල තමයි.. නගර බද අය මෙච්චර සුන්දර නෑ
ReplyDelete@කිඩෝ - ඒක නම් ඇත්ත
@සදරු අයියා - ඒව නම් හිස්..
සුපර් මාරියෝ ට මොකද මේ ටිකේ උනේ කියල අහන්න තරම් සුපර් මාරියෝට ඕගොල්ලන්ගෙ ජීවිත වල පුංචි ඉඩක් හරි තියන එක ගැන ඇත්තටම සතුටුයි.... :D :D :D :D
මල්ලි කමෙන්ට් මොඩරෙට් දාගන්න.. මොකද ඔයාගේ පරන ලිපිවලට දාන කමෙන්ට් වලට ප්‍රතිචාර දක්වන්න ඔයා හැමදාම ඒවා බලන්නේ නැනේ... ඔයාට එතකොට මොන ලිපියට කමෙන්ට් දැම්මද කියලා බලන්න පුලුවන්(මේක මේ ලිපියට නෙමේ බ්ලොග් එකටම අදාල් නිසා මෙතන දැම්මේ)
ReplyDeleteපොලිසියේ ඔය තරමටවත් උණු වෙන අය ඉන්න එක ලොකු දෙයක් ..
ReplyDeleteමගේ ප්‍රණාමය .....
@පන්සල් හංදිය - ඒක නම් ඇත්ත.. ස්තූතියි..!!
ReplyDelete