Sunday, May 29, 2011

පිටින් කන්නෙ පරිස්සමට..!!!!! ( ඇත්තම ඇත්ත කතාවක් ) - 2 කොටස


මේකත් කොත්තු කතාවක් ම තමයි... සුපර් මාරියෝ වනාහී කඩෙන් කෑමට අසීමිත ආසාවක් ඇති, ඒ නිසාම සුපර් අම්මාගෙන් අන්ලිමිටඩ් බැනුම් අහන පොරකි... අදත් හවස කඩෙන් කොත්තුවක් ගෙනාවේ සුපර් අම්මටයි සුපර් තාත්තටයි ගෙදර කෑම තිබූ නිසාත්, මට විතරක් කෑම සෑදීමට වඩා කඩෙන් ගේන ‍එක අම්මියාට ලේසී නිසාත්ය...

ඔන්න ඉතින් සුපර් මාරියෝත් කලින් දවසක් යාලුවොත් එක්ක කාපූ අමතක නොවෙන "කෑම වේල" මතක් කරගෙනම කොත්තුව කන්න පටන් ගත්තා..




මේ පින්තූරෙ තියන එක වගේම තමයි පට්ට කොත්තුව... ඔහොම කනකොට ඉතින් එක පාරටම "ටකස්" ගාල සද්දයක් ඇහුනා.. මම ඒත් මස් කට්ටක් ද දන්නැති නිසා කෝකටත් කියල බැලුව මොකක්ද සද්දෙ කියලා... හුටා..!!! බලන කොට මෙන්න ටින්ටස් ඇනයක්...




මේන්න ඇණේ... කොහොමද බන්ඩියට ගියානම්... ඇණේ එක්ක කොත්තු ටිකත් පැත්තකට කරේ ආයේ නම් කොත්තු කන්නේ නෑ කියල හිතාගෙන... බලමු එහෙම ඉන්න පුලුවන් වෙයි ද කියලා...


මේ මට මෙහෙම උන දෙවෙනි වතාවයි... තව මට වෙච්ච කොත්තු සීන් එකක් තියනවා ඒකත් ලගදීම කියන්නම්...


කඩෙන් කන්නේ පරිස්සමට.....!!!!


ප.ලි - අහිතක් නැත්තම් කමෙන්ටුවෙන් පස්සේ ඔයාගේ බ්ලොග් එකේ                  ඇඩ්රස් එකත් දාලම යන්න....

37 comments:

  1. හෙහේ ගත්ත කඩේ මොකක්ද දන්නෑ... උබල කොත්තුවක් ගත්තොත් තමා ප්ලාස්ටර් කෑලියි ඇනයි ඔක්කොම කොත්තුවේ නිදන් කරල තියන ඒව හම්බවෙන්නේ... ඒ අතින් අපි වාසනාවන්තයි...

    ReplyDelete
  2. කොත්තුම තමා.මන් නම් ඔවා කන්නේම නැති තරම්. අපො සමහර කඩ දැක්කාම කොත්තු නෙමේ කැමත් එපා වෙනවා

    ReplyDelete
  3. මේකයි මල්ලි කේස් එක... වැඩිපුර කඩෙන් කන කට්ටියට තමයි මේ වගේ අත්දැකීම් වැඩි...

    ReplyDelete
  4. @පිස්සු පූසා - කතාව ඇත්ත

    ReplyDelete
  5. හික්ස් . . . උඹ කියන්නෙ කොත්තුවට ටිංටස් ඇනයක් නොදා අඟල් දෙකේ කොංක්‍රීට් ඇනයක් දාන්න කියලද ??? ඒ මිනිස්සුත් කරන්නෙ බිස්නස් එකක් . . . ටිකක් හිතපං . . .

    ReplyDelete
  6. අඩේ ඕනේ අයියා... දෙනවනම් හොද එකක් දෙන්න එපැයි... මෙතන පොඩි එව්වා දෙන්නෙ නැතුව..

    ReplyDelete
  7. මටත් අනන්ත වෙනවා බං. ඒත් ආයේ ගිහිං කනවා.

    ReplyDelete
  8. ඒකනේ ප්‍රසන්න අයියේ.... කඩෙන් කන්නම ඕන ඔය ආතල් එක ගන්න... මේ පැත්තේ ආවට කට්ටියටම තැන්කූ වෙරිමච්..

    ReplyDelete
  9. අනේ ඉතින් ඔය මොන දහ ජරාව තිබුනත් කොත්තුවක් නොකා කොහොම ඉන්නද දෙයියනේ.. ඇඩ්‍රස් 1 මොකටද??? ඕනම නම් දෙන්නම්..:-( ආහ් ඒක නෙවෙයි මම අර සින්දු 4ම ඇහුවා.. ඒකෙන් ගොඩාක්ම අල්ලලා ගියේ ගිම්හානයේ සින්දුව... නියමයි සහෝ.. එළකිරි ආහ්!!!

    http://ravinyasitha.blogspot.com/

    ReplyDelete
  10. කොත්තුවේ යකඩ පෝෂක නැති හින්දා දැම්මා වෙන්ඩ බැරිද?

    ReplyDelete
  11. කොහොම උනත් අපිට ආයෙත් කඩෙන් කන්න හිත යනවනේ.. අර පහුගිය ටිකේ සෞඛ්‍ය පරීක්ශකලා ඔය තැන් චෙක් කරලා හොද තැන් ගැන බෝඩ් එකක් ගැහුවා නේද?? අන්න එහෙම හොද තැනකට යන්න ඊළග පාර..

    ReplyDelete
  12. ලංකාව මැකුවත් හදන්න බැහැ .....
    වැඩි කාලයක් නැහැනෙ කොළඹ හෝටල් චෙක් කරලා ......

    ReplyDelete
  13. හෆොයි මමත් කොත්තු කාල ඕන තරම් විදවල තියනව.කොත්තු ගත්ත වගේ කීපගුනයක් බෙහෙත් වලට වියදම්.ඒත් කන එකනම් නවත්තල නැ.

    ReplyDelete
  14. බලන්න ඒකෙන් කොච්චර වාසිද කියලා: ඩෙන්ටල් නොයා දත් චෙක් කරගන්න හම්බුණා; යකඩ පදාර්ථ කෑමට මුසු වුණා; සතෙකුට කෑම ටිකක් දීලා (අයින් කරපු ටික) පිනක් රැස් කරගන්න හම්බුණා; බ්ලොග් පෝස්ට් එකක් ලියන්න කතාවක් හම්බුණා. කඩවලින් කොච්චර හිතනවද අපි ගැන?

    ReplyDelete
  15. අනිත් දවසේ ඊට අල්ලපු කඩෙන් කාපං.වැඩේ ඉවරයි. :D

    ReplyDelete
  16. අයියෝ බං.. ඔය චිකන් කොත්තු වගේ ඇණ කොත්තුවක්නේ.. උඹ කලින් කාලා නැද්ද? ඇණත් එක්කම කන්න තියෙන්නේ..

    ReplyDelete
  17. @රවින් - තැන්කු තැන්කු... කොත්තුවේ තියන ආතල් එක දන්නෙ කන කට්ටියම තමයි

    @බුද්ධි - ඒකත් වෙන්න පුලුවන් තමයි...

    @දිනේෂ් - එහෙම එකකින් කාලා තමයි අර ප්ලාස්ටර් එක සෙට් උනේ
    http://superkolla.blogspot.com/2011/05/blog-post.html

    @කල්හාර - ලංකාව කියන්නේ නිකන්ද....!!! :D :D :D

    @නදී - මට නම් බඩේ අමාරු සෙට් වෙලා නෑ තාම.. එදා ප්ලාස්ටර් එක කාපු එකත් ඔය ඉන්නෙ අපූරුවට

    @නලිනි අක්කා - ඇණයක් තිබ්බ කියල කොත්තුව විසි කරන ජාතියේ එක්කෙනෙක් නෙවෙයි මම... හික් හික් හික්..

    @සීතල අයියා - අර ප්ලාස්ටර් සීන් එකෙන් පස්සෙ නම් අපි කන්නෙ අල්ලපු කඩෙන් තමයි.. මේකතාව උනේ ගමේදී.. අල්ලපු කඩේ තියෙන්නෙ 700m විතර දුරින්

    @චතුවා අයියා - කලින් කියන්න එපැයි.. ඇණේ මෙතන තියනවා දැන් කන්නද...???

    ReplyDelete
  18. මමත් කොත්තු කන්න නම් හරිම පෙරේතයි. ඒ වුනාට මීට පස්සේ පරිස්සමින් කන්න ඕනා... :)

    ReplyDelete
  19. @කොට ජීවිතේ - තව කොත්තු කතාවක් තියනවා ඒකත් දාන්නම් ලගදීම...

    ReplyDelete
  20. අපෝ මල්ලියෝ , මමත් කාලයක් දින පතා කැඩෙන කෑවා. සුළු පටු කෑමක් නෙමේ. සමහර වෙලාවට කොත්තු දෙක කාපු වෙලාවලුත් තියෙනවා.

    මට කොත්තුවක තිබිල පත්තර පිටුවක් හම්බ වුන. ගානට කෑලි ඉරිලා කලවම් වෙලා. තවත් දවස,ක් අර ඒ දවස් වල ෂෙල් ගෑස් සිලින්ඩර වල රතු පාට සීල් එකක් කැපුණු පෙත්තක් තිබුනා.

    වෙන කෑම වල තිබිල ස්ටේපල් කටු , කම්බි කෑලි වගේ දේවලුත් හම්බ වෙලා නැතුව නෙවෙයි.අනේ තවත් දවසක් මාළු කෑල්ලක ඇතුල ඉදිලා තිබුනේ නෑ. (ඕඕඕඕඕඕක්‌ක්‌ක්‌)

    ඒත් මලයෝ, දැන දැන ඒවගෙන් කන අපිට එහෙම වෙන්න ඕනි.මේක , හෝටලේ මුදලාලිගේ කංසා හේනේ වැඩ කරලා පැනල යන කොට අහු වෙන උන් මරල ,උන්ගේ මස් හරක් මස් කියල මිනිස්සුන්ට කන්ඩ දීපු රටක්‌ (සත්‍ය කතාවක්).

    ReplyDelete
  21. බොහොම ස්තුතියි ඉදුනිල් අයියෙ ඔයාගෙ අත්දැකීමුත් කිව්වට...
    අනික ඉත්න් ගෙදරින් පිට ඉන්නකොට වෙන කන්න විදියක් නෑනේ, කඩෙන්ම තමයි...

    පොඩි කඩ හොද නෑ කියල ඉතින් හිල්ටන් එකට යන්නද නේ ද...?? :D :D :D

    ReplyDelete
  22. මලයාගේ කතාවේ අත්තක් තියෙනවා .. ඒත් වැඩියේ ජරාව තියෙන්නේ පොඩි කඩ වල නෙවෙයි, ම්ම්ම්.. අපි කියමු මධ්‍යම ප්‍රමාණයේ ඒවා කියලා ... චූටිම ඒවගෙත් සමහර විට ජරාව තියෙනවා...

    අපිරිසුදු කොත්තුවක් කනවා වෙනුවට වෙන කෑම කන්න ප්ලුවන්නේ මල්ලි ... ඔය කිව්වට හැබැයි මමත් තවම කැඩෙන කන්න හරි මනාපයි.

    ReplyDelete
  23. මීට පස්සේ මෙහෙම වුනොත් ෆොටෝ හෙම අරගෙන ඉන් පස්සේ කෑම එක ආපහු ගිහින් දීලා සල්ලි ඉල්ලා ගන්න.

    ReplyDelete
  24. කතන්දර ශූරීන් ගෞරවයෙන් පිලිගන්නවා මගේ ලෝකයට...

    උන් පිලිගන්නේ නෑ නේ... ඒකනේ අවුල

    ReplyDelete
  25. මමත් දෙයක් එකතු කරන්නම්... ගාල්ල බස් නැවතුම් පල පිටිපස්සෙ තියෙනව "ඉලේපෙරුම කියලා හෝටලයක්" තරු නැති එකක්... ඒකෙ කුස්සියට ගිහින් බලන්න.... ඒකෙ බිත්තර ගොඩවල් උඩ මීයො.. කකුල් අස්සෙන් කිසිම බයක් නැතුව බලල්ලු වගේ මීයො දුවනවා.....

    පී එච් අයි අය්යල මක්කා කොරනවද මන්දා...

    එහෙම කඩවල් වලින් සිගරට් එකකට වඩා දෙයක් බොන්න එපා....
    සෞඛ්ය ට ආදරේ නම් ඕණ්..

    ජය වේවා...

    හුටා...

    ReplyDelete
  26. @යසියා - තැනකූ මචං අත්දැකීමක් එකතු කරාට...

    //එහෙම කඩවල් වලින් සිගරට් එකකට වඩා දෙයක් බොන්න එපා....
    සෞඛ්ය ට ආදරේ නම් ඕණ්..//

    සෞඛ්‍යයට ආදරේ නම් සිගරට් බිව්වට කමක් නැද්ද???

    ReplyDelete
  27. පොඩ්ඩක් හිතපන් සහෝදරයා..සිගරට් එකක් බීම අනුමත කරනව නෙමෙයි මේ.. ඒත් ඔහොම තැන් වලින් කාලා හැදෙන ලෙඩ නොදැන මැරිලා යනවට වඩා දන්න ලෙඩකින් මැරෙන එක හොදයි කියල මට හිතෙන නිසා මම එහෙම දෙයක් කිව්වෙ....
    බ්ලොග් එක තියෙන්නෙ මචං හිතෙන දේ හිතෙන විදියට කියනනේ.....

    ReplyDelete
  28. උඹට කියන්න මචං මම බිබී හිටපු බීම බෝතලේ අඩියේ තවත් බීම මූඩියක් තිබුනා ..ටිකක් විතර මලකඩ කාලත් එක්ක ..එක දැකලා මම සද්දෙයක් දාලා සල්ලි නොදී එලියට බැස්සා ..

    මම කොත්තු කන්නේ නෑ ..මම වෙජ්ජෙක් .. මට මේ බ්ලොග් එක මිස් උනා .

    තීම් එක පට්ට .

    පෝස්ට් එක සුපර්

    කොත්තුව නීරසයි !

    ReplyDelete
  29. @යසියා - හිතෙන එව්ව ඔක්කොම කියන්න ඔන මචං ආයෙ හිතේ තියන් ඉන්න එපා...

    කිව්වත් වගේ දන්න ලෙඩකින් මැරුනත් සැපයි නේ..

    @හිස් අහසේ සදරු අයියා - වෙජ්ජෙක් උනාට කරටි කැඩෙන්නම ගහනව කියන තමයි ආරංචිය නම්... :D :D :D

    තැනකු පරක්කුවෙලා හරි ආවට... ඔයාල වගේ සීනියර්ස් ල එන එක මම වගේ ජූනියර්ස් ලට හෙන ෆිට් එකක්...

    තීම් එක සෙට් කරල දුන්නේ ඔයා දන්න කියන කෙනෙක්..

    ReplyDelete
  30. හම්මෝ...හොඳ වෙලාවට අපේ ගෙදර කොත්තු කන්නේ නැත්තේ.... :O

    ReplyDelete
  31. මම අද ඒ කඩේට ගියා ෆ්‍රයිඩ් රයිස් එකක් ගේන්න.. මම ඒ කතාව කවුරුවත් නැති වෙලාවක කඩේ අයියට කිව්වා.. එතන එයාගෙ යාලුවෙක් කතාව අහල කඩේ අයියට කියනව " මේ මල්ලිගෙ ෆොටෝ එකක් අරන් ගිහින් දුම් ගහපන්, උබෙ බිස්නස් එක බේරල දුන්නට" කියලා.. වෙන එක්කෙනෙක් නම් කඩේ දෙවනත් කරනව නේ...

    @සමනලී - කොත්තුත් කාල බලන්න ඕන නේ....

    ReplyDelete
  32. aneee mariooo A para kothtuwa kawe mona kadenda??

    ReplyDelete
  33. ඒක නම් ගාල්ලෙන් අනේ... කොළඹින් නෙමෙයි...

    ReplyDelete
  34. @චතුරන්ග අයියා - මම මොණරාගල ගිහිල්ල වත් නෑ නෙ... ඔයා කොහොමද කියන්නේ මොණරාගල කියලා...???

    ReplyDelete
  35. හපෝ මකුළු පැංචිට නම් අම්මා කඩෙන් කන්න දෙන්නෙම නෑ..වසීලීස්සගෙ රටේදිත් පැංචි උයාගෙන තමා කන්නෙ... :D

    ReplyDelete
  36. උයාගෙන කන්න තියනවනම් මරු.. ඒත් අපිට ඒක පොසිබල් නෑ නේ... :-(

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...