Saturday, May 14, 2011

අපේ ලෙක්චර් මැඩම් ගෙ පොඩි එකාගෙ රස කතා...



මේ පාර මම කියන්න හිතුවෙ අපේ කැම්පස් එකේ, ඒ කිව්වෙ Sri Lanka Institute of Information Technology ( SLIIT ) ඉන්න හැමෝම ගොඩක් කැමති ලෙක්චරර් කෙනෙක් ගෙ පොඩි එකා ගැන ඒ ලෙක්චරර් ම කියපු කතා ටිකක් කියන්න.

ඔන්න දවසක් ලෙක්චරර් මැඩම් ගේ හස්බන්ඩ් ගෙදර දානයක් තිබ්බලු. දානෙට දවස් කීපයකට කලින් මැඩම් ගෙ නැන්දම්මා ලැස්ති උනාලු මහගෙදර යන්න. ( නැන්දම්මත් ඉන්නෙ මැඩම්ලගෙ ගෙදරලු ) නැන්දම්ම ගියාම පොඩි එකා බලාගන්න විදියක් නැති නිසා මැඩම් පොඩි එකාට කිව්වලු ආච්චි අම්ම එක්කන් යන්න වෑන් එකක් එනවයි බබා එතකොට cry කියලා. ඔන්න වෑන් එක අවලු. නැන්දමමගෙ අතේලු බබා හිටියෙ. මැඩම් නුත් එතනම හිටියලු ඒ වෙලාවෙ බබා මොකද්ද කර‍න්නෙ බලාගෙන. බබා මැඩම් දිහා බලලා ඊට පස්ස නැන්දම්මා දිහා බලලා "ආච්චී.....අම්මා said බබා cry..." කිව්වලු. එනපොට හොදනෑ කියල මැඩම් ට තේරුන නිසා මැඩම් පොඩි එකා අරන් ගෙට දිව්වලු බබාට නැපි එකක් දාගෙන එන්නම් කියලා.....


ඔන්න මේ බබා ගෙ දෙවනි උපන් දිනේට බබා ඉන්න ඔන කොහොමද, කේක් කපන්නෙ කොහොමද, කවන්නෙ කෙහොමද, ඔය ඔක්කොම මැඩම් සති දෙකක් තිස්සේ පුරුදු කරාලු. ඔන්න ඉතින් උපන්දිනේ දවසෙ බබා ගෙනෙල්ල කේක් එක ලගින් තිබ්බ විතරලු "Happy B'Day බබා" කියල එයාම කියා ගත්තලු. කේක් එක කපාගෙන කපාගෙන ගියාලු. එයාම තනියම කෑල්ලකුත් කෑවලු. පොටො එකක් වත් ගහගන්න බැරි උනා කියල තමයි මැඩම් කිව්වෙ.


ඔය කිව්වෙ දෙවෙනි උපන්දිනේ උන කේස් එක. පළවෙනි උපන්දිනේ ටත් මාර කේස් එකක් වෙලා තියනව. මැඩමුයි හස්බනුයි හිතුවලු පලවෙනි උපන්දිනේ පිට රටක ගන්න ඔන කියලා. ඉතින් මැඩම් ඔක්කොම බුකින් වැඩ බාර ගත්තෙ හස්බන් ගෙ දැඩි විරොධය මතලු. ( හස්බන් මැඩම් ගෙ හැටි දන්න නිසා වෙන්න ඇති :-) )  ඔන්න ඔක්කොම කරල රට යන්න එයාර්පෝට් එකට ගියාමලු දැක්කෙ පෙඩි එකාගෙ ඩොක්‍යුමට්ස් ඉන්කම්ප්ලීට් කියල. හස්බන් ට හොදටම තරහ ගියාලු වැඩේට. අන්තිමට බබා අම්මලත් එක්ක ගෙදර යවල මේ දෙන්න රට ගියාලු. පොඩි එකාට රෙඩි කරපු පාර්ටි එක මේ දෙන්න සැමරුවලු. "පඩත්තල ගෑනු බැදගත්තම මෙහෙම වෙනවා...." කියල අන්තිමේ හස්බන් කිව්වලු.......

ඔන්න තවත් දවසක් මැඩම් බබා එක්ක ගංගාරාමෙට ගියාලු... එතකොට දැක්කලු අලියෙක් ගගක් වගේ චූ පාරක් දානවා. ඕක දැකපු පොඩි එකා පහුවෙනිදා උදේ ඇද උඩ ඉදන් "බබා... අලි චූ....." කිය කිය අලිය වගේ චූ ගොඩක් දාන්න ට්‍රයි කරනවලු. මැඩමුයි හස්බනුයි මාර ගේමක් දීලලු පොඩි මෑන් ට වැඩේ තේරුම් කරල දුන‍්නෙ....

ඔන්න අවුරුද්දට ඇදුම් ගන්න තුන්දෙනාම ප්‍රසිද්ධ රෙදි සාප්පුවකට ගියාලු.. ටිකක් වෙලා යද්දි බබාට චූ දාන්න ඔන කියල කිව්වලු. එපාර හස්බන් ගෙ අතින් මැඩම් බබාව ඉල්ලගෙන ලිෆ්ට් එක ලගට ගියාලු පහලට යන්න. ඔන්න එතකොට බබාට බිමට බහින්න ඔන කියලා බබා කිව්වලු. බැරිම තැන බබා බිමින් ඉන්දල ලිෆ්ට් එක එනකන් මැඩම් බලාගෙන හිටියලු.. ටික වෙලාවකින් බලද්දි ලිෆ්ට් එක ලග පහලට යවන්න දාල තිබ්බ රෙදි ගොඩින් වතුර පාරක් ගලාගෙන එනවලු. බබත් හිටියෙ එතනමලු.. මැඩම්ට වැඩේ තෙරුනාලු වෙලාවට ලිෆ්ට් එකත් ආවලු මැඩම් බබාවත් අරගෙන ටක් ගාලා ෂේප් උනාලු...........

මේ ඔක්කොම කතා ලෙක්චර් එක ඉවර වෙලා ඉතුරු වෙන වෙලාවෙ කියපු ඒවා.... මේ මැඩම් ගැනත් ටිකක් කියනවනම්, අපේ කට්ටිය මුලින්ම හිතුවෙ මේ මැඩම් ඉක්මනට තරහ යන නපුරු ඩයල් එකක් කියල... පස්සෙ තමයි තේරුනෙ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ගුරුවරියක් කියලා... උගන්නන විදියට අයේ මැරෙනකම් උගන්නපුවා නම් අමතක වෙන්නෙ නෑ.... අපේ කට්ටියම අසාවෙන් හිටපු සබ්ජක්ට් එක තතමයි මේ මැඩම් කරේ... ඒ කට්ටිය ඒකට ආස උනෙත් මැඩම් නිසා.. මේ මැඩම් ගෙ ලෙක්චර් එකක් වෙලාවෙ නිදාගෙන තියෙන්නෙ අපේ බැච් එකේ එකම එක්කෙනයි... එයත් හෙදට නෝන්ඩි උනා මැඩම් ඒක දැකපු නිසා...

මම මේක කියන්න හිතුවෙ අපිටත් තිබුන ඒ සුන්දර පොඩි කාලෙ අයෙත් එන්නැති නිසා ඒ ගැන ටිකක් කට්ටියට මතක් කරන්න....

16 comments:

  1. නියම කතා ටික

    ReplyDelete
  2. ජය වේවා මචාන්
    එල එල

    ReplyDelete
  3. මේ ඇයි දන්නෙ නෑ නේද මැඩමුයි හස්බනුයි තනියම රට ගියෙ තාම අවුරුද්දක් වත් නැති ළමයාව දාලා? :=))

    ReplyDelete
  4. @සීතල අයියා - මොනව කරන්නද නැත්තම් වියදම් කරපු සල්ලි ටික අපරාදෙ නිසා වෙන්න ඇති... පාර්ටි එකට ඕන ඔක්කොම කලින් බුක් කරල තිබිල තියෙන්නෙ...

    @යසියා - වෙල්කා...ම්

    ReplyDelete
  5. මේ චන්ද්‍රිකා මැඩම් එහෙම නෙවෙයි නේද?

    ReplyDelete
  6. අරන් හදාගත්තු එකෙක් වෙන්න ඇති...

    ReplyDelete
  7. @StArry aNgeL - ලොවෙත් නෑ උබත් SLIIT ද?
    මම හිතන්නෙ නෑ චන්ද්‍රකා මැඩම් ගේ ලයිෆ් එක මෙච්චර සුන්දරයි කියලා..... :-)

    @රත්තා - පිස්සුද යකෝ... ඇයි උඹ එහෙම කියන්නේ???? :-s

    ReplyDelete
  8. හික්. මරු සීන් ටික.. :D

    ReplyDelete
  9. මාරියෝගේ බ්ලොග් කතා ටිකනම් එල .. ඔහොම පොඩි එවුන් අද කාලේ සුලබයි

    ReplyDelete
  10. නියම පොඩි එකා. තව ටිකක් ලොකු වෙනකොට කතා කෙළවරක් නැති වෙයි. :D

    ReplyDelete
  11. ඒක නම් ඇත්ත අක්කේ... :D :D :D

    ReplyDelete
  12. කවුද මේ මැඩම්?? අ** මැඩම් ද?

    ReplyDelete
  13. හුටා, උබත් SLIIT ද?.... උබ ගෙස් කරපු නම නම් හරි..

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...