Thursday, May 26, 2011

සුපර් මාරියෝ ගේ ලෝකයට ප්‍රොෆා ගානේ නවීකරණයක්..



අපේ ප්‍රොෆා අයියා ගැන මම කලින් පෝස්ට් එකක දැම්මා කට්ටියට මතකයි කියා සිතම්. (මතක නෑ කියල මම දන්නවා සුපර් මාරියෝගේ ලෝකයේ කට්ටිය - 2 බලන්න) මම මේකෙ ආයෙ දාන්න යන්නෑ දැම්මොත් එයා තරහ වෙනව කිව්ව නිසා...

මීට මාසයකට කලින් පොර මට කිව්ව "මල්ලී උබේ බ්ලොග් එකට මරු තීම් එකක් හම්බුනා" කියලා.. ඒත් දෙන්නටම ඒ දවස්වල කැම්පස් එකේ ෆයිනල් එක්සැම් නිසා වැඩේ කල් ගියා.. මොකද ඒ තීම් එක දැම්මාම තියෙන ඔක්කොම ගැජට්,විජට් නැතිවෙලා යනවා.. ඔන්න අද හවස ආයෙම අයියා අහනවා තීම් එක දැම්මද කියලා.. ෆලෝවර්ස් ලා නැති උනොත් අපරාදෙ නිසා මම වැඩේ අත ඇරල තිබ්බේ(මේ ලිපිය ලියන කොට ෆලොවර්ස් ලා 48 ඉන්නවා ).. මෑන්ස් ෆලොවර්ස් ල එක්කම බ්ලොග් එක ගොඩ දානව කියල මගෙ යූසර් නේම් පාස් වර්ඩුත් ඉල්ල ගත්තා.. 

වෙඩිමක් සෙට් වෙච්ච නිසා මට අම්ම එක්ක ඒකට යන්න උනා දැන් තමයි ගෙදර ආවේ.. ආයෙ මොනවද... ප්‍රොෆා අයිය බ්ලොග් එක ගොඩ දාලා ලොවෙත් නැති වෙන්න.. ඒත් එක්කම මෙහෙම මැසේජ් එකක් බුකියෙත් දාලා ඊ මේල් එකකුත් දාලා තිබ්බා 

තරහ වෙන්න එපාස්තූති කරල post දාන්න නම් ඕනෙ නැහැ. එහෙම කියන්නෙ මම blog වල ඉන්නෙ මගේ ඇත්ත නමින් නිසා. උඹලට නම් අවුලක් නැහැ ඇත්ත නමින් නෙවෙයි නෙ blog ලියන්නෙ. Low profile එකක් තියාගෙන වැඩකරන්නයි මම වැඩිපුර කැමති. තරහ වෙන්න නම් එපා..


ඒත් මෙච්චර උදවුවක් කරපු එක්කෙනාට මගේ මේ බ්ලොග් එකේ ඉඩක් 
වෙන් නොකර ඉන්න මගෙ පුංච් හිත ඉඩ දුන්නෙම නෑ...

මම එයා කියපු ටිකත් දැම්මෙ ප්‍රොෆා අයියගෙ නිහතමානී කම 
පෙන්නන්න...

මේක දැකල අයියෙ ඔයා තරහ වෙන එකක් නෑ කියල හිතනවා......!!!!





කට්ටිය මේක බලලා තව වෙනස් වෙන්න ඕන එව්වත් කිව්වනම් තමා හොද... 




ප.ලි. - ඊට පස්සේ, දාපු ටෙම්ප්ලේට් එකේ නොහිතපු අවුල් වගයක් ආපු නිසා ප්‍රොෆා අයියා ආයේ මහ රෑ බලලා මේ දැන් දාලා තියෙන ටෙම්ලේට් එක දාලා තිබුනා...



13 comments:

  1. හොඳය්. පේජ් එක ලෝඩ් වෙන්න චුට්ටක් වෙලා ගියා.

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත.. මටත් සාමාන්‍යයෙන් තත්පර 4.5 ක් විතර යනවා..

    ReplyDelete
  3. තීම් එක හොදයි මලේ... color matching නම් නෑ වගේ. නරකද පාට ටිකක් මාරු කරලා බැලුවොත් !!!
    ඔහොම තමයි අළුත් වෙන්නත් ඕනෙ. අත්හදා බැලීම් කරන්නත් ඕනේ.. නේද ???

    ReplyDelete
  4. කලර් මැචින් කිව්වේ.... මොන මොන පාට වෙනස් උනොත් ද හොද.. මගෙ වර්ණ ගැලපීම අන්තිමයි....

    ReplyDelete
  5. එක ලගින් යන පාට දාන්න.load වෙන්න එච්චර වෙලාවක් ගියෙ නෑ.new tab එකකින් open කරපු ගමං load වෙලා ඉවරයි.නියමයි.

    ReplyDelete
  6. මටත් ලෝඩ්වෙන්න එච්චර වෙලාවක් ගියේ නෑ.... තීම් එකේ එහෙම අවුලක් නං පේන්න නෑ... හැබැයි ටිකක් පාලුයි පාලුයි වගේ ගතියක් දැනෙනවා....

    ReplyDelete
  7. හ්ම්ම්... කොහොමද ඉතින් පාලුව නැති කරන්නේ...??

    ReplyDelete
  8. මගේ මෙව්වා එකේ හැටියටනම් මේ පාටත් අවුලක් නෑ..

    "මේ පිටුව ලෝඩ් වෙන්න තත්පර 6.5 ගියා." ඒකත් අවුලක් නෑ ඉතින්.. :D

    ReplyDelete
  9. තැන්කූ ළමයා අයියේ.....

    ReplyDelete
  10. lassanai malliooo, super mariooo :)

    ReplyDelete
  11. හක හක...යකඩ උනතාවය තියන උන්ට මරු පොට් එක...කොලුවො ඈවිත් කොමෙන්ටුවක් දාලා සප් එකක් දිපන්
    www.sabithl.blogspot.com

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...