Sunday, May 15, 2011

Jetliner එකේ යන්න කැමති කට්ටියට මෙන්න Packages ටික..



අද මම හිතුව කට්ටියටම ටිකක් වටිනවයි කියල හිතෙන දෙයක් කියන්න.. මුලින්ම මට මේ තොරතුරු ටික දීපු නදුන් අයියට තෑන්ක්ස් පාරක් දෙන්න ඕනි.. වැඩිය මුකුත් නැතුව කෙලින්ම කාරනේට බහිමු..

Jetliner නැවේ වරකට යන්න පුලුවන් 375 දෙනෙකුට.
පහත තියෙන පැකේජ් වල කන බොන ගාස්තු එකතු කරල නෑ. නැවේ ගාන විතරයි දාල තියෙන්නෙ. කන බොන සැරසිලි වගේ කේස් වලට වෙනමම ගෙවන්න වෙනවා (නියමයි නේ..)


Package No 1: "Jetliner Night"



වෙඩින්, උපන් දින සාද වගේ ඒවලට හොදයිලු.
වරාය ඇතුලේ පැය 5ක කාලයක්, 375 දෙනෙකුට නොවැඩි ගණනකට 
රු 261,000/=
ඒ වගේම මේ කතාවත් පොඩියට කියන්න ඕන,
Please note that additional staying chargers along side berth in the Harbour - Rs 36,000/= per hour.   :D :D


Package No 2 : "Sunset Cruise"



ඇනිවර්සරි, ආයතන වල උත්සව, වෙඩින් වලට සුදුසුයි ලු.
පැය 1/2 ක යාත්‍රා කාලයක් සමග පැය 5ක පැකේජ් එකක්.
තව වැඩිපුර යාත්‍රා කිරීමට පැයකට රු 166 000 අය කෙරේ ( වේගය නොට් 12 )
ගාන ලක්ෂ 5යි.


Package No 3: "Touching Negambo"

යාත්‍රා කාලය පැය 3යි. නාවික සැතපුම් 12 වේගයෙන්.
තව වැඩිපුර යාත්‍රා කිරීමට පැයකට රු 166 000 අය කෙරේ ( වේගය නොට් 12 )
ගාන රු 691,000/= 

Package No 4: "Cruise to Bentota" 

යාත්‍රා කාලය පැය 8යි. නාවික සැතපුම් 12 වේගයෙන්.
බෙන්තොටට ගොස් නැවත කොළඔට පැමිනීමට මුදල රු 
1,439,000/= ( සාධාරනයි නේ....  ;-) )
තව වැඩිපුර යාත්‍රා කිරීමට පැයකට රු 166 000 අය කෙරේ ( වේගය නොට් 12 )


Package No 5: "Day out to Galle "


කොළඹ සිට ගාල්ලට ගොස් නැවත කොළඹට.. ගාලු වරායේ රැයක් ගත කිරීමටද හැකියාව ඇත.
Jetliner උපරිම වේගයෙන්ද මෙම ගමනේ දී ගමන් කරනු ඇත. කට්ටියට පොඩි සංග්‍රහයකුත් Jetliner එක ගානේ ලැබේ. (සැ.යු.-ප්‍රදාන ආහර වලට ගෙවිය යුතුය.)
රාත්‍රිය ගාල්ලේ නවතින්නේ නම් හෝටලයටද ගෙවිය යුතුය.

මූලික මුදල රු 3,076,000/= + ගාලු වරායේ නතර කිරීමට ආසන්න වශයෙන් රු 40 000/=

තව වැඩිපුර යාත්‍රා කිරීමට පැයකට රු 421 000 අය කෙරේ ( උපරිම වේගයෙන් )

Package No 6: "Maneuvering inside Harbour"



අධ්‍යාපනික ආයතන, ළදරු පාසල්, වැනි සීමාකාරී මුදලකට Jetliner නැවේ සහ ‍වරාය ඇතුලේ අද්දැකීමක් ගැනීමට කැමති කට්ටියට සුදුසුය.
වරාය ඇතුලේ නැවෙන් පොඩි රවුමක් ද යා හැක.

පැය 1/2 යාත්‍රා කාලයක් ඇතුලුව පැය 4ක පැකේජයකි.
මුදල 394,000/=

-අනෙකුත් පැකේජ-



Package No 7 : "Jetliner Night at VIP Lounge (At Alongside Berth - Maximum 50 Guests)"

i.
3 hours - Rs 159,000/=
ii.
4 hours - Rs 195,000/=
iii.
5 hours - Rs 230,000/=


Package No 9 : "Jetliner Night at Banquet Hall"
(at alongside berth - 250 Guests)

i.
3 hours - Rs 180,000/=
ii.
4 hours - Rs 219,000/=
iii.
5 hours - Rs 257,000/=


Package No 10 : "Coastal Cruise  1 1/2 sailing and 1 hour at Harbour Maximum 375 passengers  including children Rs 412,000/="



විශේෂාංග,

Navy Calypso Group – Performance for 3 hours Rs 7,500/=
Magician for childrens entertainment – Rs 10,000/= (Approx duration 01 hour)
Star lit sky effect by LED lights along the entrance corridor Rs. 15,000/=
Small Jet lights at Dancing floor & Open Deck - Rs. 5,000/=
DJ Console, DJ lights & Bubble Generator – Rs 3,000/=
Podium with 02 numbers Speakers - Rs 5,000/= (inclusive of amplifier)
3 Numbers LCD Televisions (42 ' ' ,40 ' ' , 35 ' ' ) screens - Rs.15, 000/=
Additional portable Chairs – Rs 100/= per chair
Large standing oil lamp – Rs 1000/=
Wi-fi onboard Rs 1000/= for package duration (available only in VIP lounge)
Cartoon/Children ' s Movies shown on LCD Television in Observation area - Rs 5,000/= (During Package duration)


සැ.යු. - මෙහි ඇති සියලුම පැකේජ සදහා උපරිම පිරිස 375(ලමුන් ඇතුලත්ව)
           එයට අඩු වුවද නැවේ ගාස්තු වල වෙනසක් නැත...




17 comments:

  1. දැන්ම බදින්න හිතක් නෑ

    ReplyDelete
  2. පට්ට ගනන් නේ. ඊයේ galleface එකේ දී ජෙට්ලයිනර් දැකලා රවුමක් යන්න ආසාවෙන් ගෙදර ආවේ. උදේ වෙනකොට උඹ ගනන් ටික දාලා. පට්ටයි ආ..

    ReplyDelete
  3. @රත්ගමයා - බදින්න ඔන නෑ බන් උපන්දිනේ හරි ගමු...

    @කුරුල්ලා - සුපර් කියන්නෙ නිකන් නෙවෙයි.. ;-)

    ReplyDelete
  4. Package No 5 ගැන මම කෝල් කරලා ඇහුවා බං. යන්න කියලා ඉන්නේ දවසක් වෙන්කරගෙන අද හෙටම. මං කියන්නම්කෝ කස්ටියටම..

    ReplyDelete
  5. අහ්.. එල.. මම කොළඹින් බැරි උනොත් ගාල්ලෙන් හරි සෙටි වෙනවා.. :D

    ReplyDelete
  6. ගොඩක් ස්තුතියි මාරියෝ මෙඔ පොස්ට් එක දැම්මට.. මේ ගැන දැනන් ඉන්න එක ඉස්සරහට හොදයිනේ..

    ReplyDelete
  7. යා..යා... මටත් ඒක හිතුන නිසා තමයි දැම්මේ ;-)

    ReplyDelete
  8. මම බදින අදහස අතෑරියා...

    ReplyDelete
  9. දැනං ඉන්න එක හොදයි.

    ReplyDelete
  10. නැස්තන් නැස්තන්....

    ReplyDelete
  11. මේ පාර ලංකාවට නිවාඩු යන්න බැරිද දන්නෙ නෑ නැව ඩුබායි වලට ගෙන්න ගන්න...? කීයක් විතර යයිද ?

    ReplyDelete
  12. අලුතෙන් පැකේජ් එකක් හදල තමයි වැඩේ කරන්න වෙන්නේ...

    ReplyDelete
  13. ඔන්න සදරුවා මේ පත්තේ ආවෝ.. පට්ට පොස්ට් එක ඔය ගනන් දන්න කියන කෙනෙක්ට කියලා පොඩි ශේප්මන්ට් එකක් එහෙම දාලා අඩු කරගන්න බැරි වේයිද දන්නේ නැ.. මොකෝ ඔකේ වෙඩින් එක එහෙම ගත්තට පස්සේ අවුරුද්දක් විතර යනකන් නඩත්තු වියදම් ගෙවන්නේ නැනේ

    ReplyDelete
  14. මගේ සුපර් ලෝකයට සාදරයෙන් පිළි ගන්නෝ....

    ශේප් එකක් දා ගත්තොත් කියන්න....

    ReplyDelete
  15. මාරියෝ මේ ගනං දැකලා මාව ඔකඳ වෙලා ගියා ..අඩේ කෙහෙල් කොටං පාරුවක් හදාගෙන ඇලේ පැදහල්ලකෝ මීට වැඩිය ආතල් ගන්න පුලුවන් බං .

    මෙන්න බොලේ තව සඳරු කෙනෙක් උඩ නෑයොද දන්නේ නෑ ?

    ReplyDelete
  16. ගහට ගහක් සුපර් මාරියෝගේ ලොකයේදි හමුවෙයි.....

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...