Thursday, August 25, 2011

දෛවය සැබැවින්ම දෛවෝපගතය.....!!!!

කාලෙක‍ට පස්සෙ ඔන්න ආයෙත් ආව මේ පැත්තට... වැඩිය කතා නැතුව කියන්නම්කො කියන්න තියන කතාව.. මේක මට ආපු මේල් එකක තිබ්බ එකක්... 



මේක සිද්ධ උනේ මිට හුගාක් කාලෙකටඉස්සෙල්ලා. ස්විට්ස්ර්ලන්තේ..එහේ ගොවිපොළක් තිබුන දුප්පත් ගොවියෙකුට. මෙයාගේ නම ෆ්ලෙමින්.
 
දවසක් ෆ්ලෙමින් ගොවිපොළේ වැඩ කර කර ඉන්නකොට ඇහුන පොඩි ළමයෙක් උදව් ඉල්ලලා කෑගහන සද්දයක්..මෙයා දුවගෙන ගියා පැත්තට...ගිහින් බලනකොට මෙන්න පොඩි දරුවෙක්. ගොවිපොළට ටිකක් ඈතින් තියෙන වගුරක එරිල. ගිලෙන්න යනවා

ඉක්මන් කරපු ෆ්ලෙමින් බොහොම වෙහෙස වෙලා මේ පොඩි එකාව බේරගත්ත. පොඩි එකත් කව්දෝ මිනිහෙක් එක්ක ඊට පස්සේ යන්න ගියා.
ඊට පහුවෙනිදා ෆ්ලෙමින්ගේ ගේ ඉස්සරහ එකපාරට බොහෝම ලස්සන අශ්ව කරත්තයක් ඇවිත් නැවැත්තුව. ඒකෙන බැහැල ආවේ බොහෝම වංශවත් විධියේ වැදගත් විධියේ මහත්මයෙක්.

ඇවිත් මෙයා ඇහුව, "ඔබතුමාද ඊයේ පොඩි දරුවෙක්ව බේරගත්තේ මඩේ එරෙන්න ගිහින්?" 
ඔව් මහත්මයා....
 
බොහෝම කෘතඥ ලෙස සිනාසුනු වංශවත් මහත්මයා. බොහෝම සතුටුයි. ඊයේ ඔබතුමා බේරගත්තේ මගේ පුතා.මම ඔබ තුමාට කොහොමනම් ස්තුති කරන්නද. කලගුණ සලකන්නද? කියමින් ලොකු මුදල් ප්‍රමාණයක් ෆ්ලෙමින් වෙත දෙන්නට සැරසුණා...
බොහෝම ස්තුති මහත්මයා. එත් මට ඔය මුදල් බාරගන්න බෑ. මම දේ කළේ කිසිම වාසියක් ලාභයක් බලාගෙන නෙවේ....
 
එතකොටම වගේ පුංචි කොලුගැටයෙක් ගෙදර ඉස්සරහ දොරෙන් එබිලා බලල ෆ්ලෙමින්ගේ ඇගේ දැවටෙන්න ගත්ත.. මේ ඔබතුමාගේ පුතාද? ඔව් මහත්මයා...ඉස්කෝලේ යනවද? අනේ නෑ මහත්තයෝ. බිම බලාගනිමින් මදක් පැකිලී ෆ්ලෙමින් උත්තර දුන්නා..
 
හොඳයි...අපි එහෙනම් මෙහෙම කරමු....මේ පොඩි දරුවත් මගේ දරුවාගේ වයසෙමයි...මම මේ දරුවාව මගේ දරුවා යවන ඉස්කොලෙටම දාන්නම්....මගේ දරුවට වගේම මෙයාගේ ඉගෙනීමටත් සම්පුර්ණයෙන් වියදම් කරන්නම්....මේ දරුවත් ඔබ තුමා වගේ යහපත් මනුස්සයෙක් විදියට ලොකු උනොත් මට කවදාවත් මෙයාට වියදම් කරපු එක ගැන දුක වෙන්න ඕන වෙන්නේ නෑ...
 
ඉල්ලීමට ෆ්ලෙමින් කැමැත්ත පළ කළේය...
 
ඉන්පසු ෆ්ලෙමින් ගේ පුතාද රටේ ඉහලම පාසලකින් අධ්‍යාපනය හදාරා...පසුව ප්‍රංශයේ විශ්ව විද්යාලයකට සුදුසුකම් ලබා ..වෛද්‍ය විද්‍යාව හදාරන්නට විය... 
  
පසු කලෙක පෙර කී වන්ශාධිපතියාගේ දරුවාට නියුමෝනියා රෝගය සෑදී ඔහු මරණාසන්න විය...එවකට නියුමෝනියාව යනු බෙහෙත් නැති මාරාන්තික රෝගයකි..එහෙත් එකල ෆ්ලෙමින්ගේ පුතාද නියුමෝනියාවට ඖෂධයක් සොයමින් පරීක්ෂණ කරමින් සිටියේය..ඔහු මෙම ඖෂධය ඔහුට ලබාදී ඔහුව සුවපත් කිරීමට සමත් විය...
 
ඔව්...මේ ඖෂධය තමයි පෙනිසිලින්. එවකට ජිවිත ලක්ෂ ගානක් බේරාගන්නට මේකෙන් පුළුවන් උනා. එසේම මේක සොයාගත්තේ වෛද්‍ය සිසුවා ෆ්ලෙමින් නම් ගොවියාගේ පුත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්...



එතකොට එදා ඔහුට ඉගෙනීම වෙනුවෙන් වියදම් කළ වන්ශාධිපතියා ගේ නම රුඩොල්ෆ් චර්චිල් ය...
 
වරක් ෆ්ලෙමින් විසින්ද පසුව ෆ්ලෙමින්ගේ පුතා විසින්ද දෛවෝපගත ලෙස දිවි බේරාදුන් ඔහු පසුකාලීනව බ්‍රිතාන්‍යයේ අගමැති වූ වින්ස්ටන්ට් චර්චිල් ....



මොහොතක් සිතන්න - යහපත් සිතින් කරන දේ කවදාවත් වරදින්නේ නැත...එහි යහපත් ප්‍රතිපල ඔබට අනිවාරෙන් ලැබෙනු ඇත.... 

19 comments:

  1. ‍ෆිල්ම් වල වෙන දේවල් ඇත්තටත් වෙනව එහෙනම්..නේද කොලුවෝ!

    ReplyDelete
  2. සිරාවටම යහපත් සිතින් කරන දේවල් වරදින්නේ නැත..

    ReplyDelete
  3. @සබිත් - ඒක නේන්නම්

    @චම්මා - සිරාවටම

    ReplyDelete
  4. මටත් මේ මේල් එකම ආවා.
    ඒක කියවලා මාත් පුදුම උනා..නොදන්න දෙයකුත් ඉගෙන ගත්තා.

    ජිවිතේ මොන තරම් පුදුමයක්...ද කියලා හිතෙනවා.

    ReplyDelete
  5. ලොක්කා ඕක කොහේ හරි බ්ලොග් එකකත් තිබුනා මතකයි .....
    කොහොම උනත් ආදර්ශමත් කතාවක් දෙවෙනි පාරටත් කියෙව්වා ..

    ReplyDelete
  6. අඩේ..! මම දැනගෙන හිටියේ නැහැ, දැන් දැනගත්තා..සතුටුයි..!

    ReplyDelete
  7. කට්ටියටම බොහොම ස්තූතියි කමෙන්ට් වලට...
    මේ දවස් වල වැඩ වැඩී හොදටම.. ඒකයි මේ පැත්තට එන්න වෙලාවක් නැත්තෙ.. සොරි වෙන්න ඕන...

    ReplyDelete
  8. ජිවිතේ කියන්නේ පුදුම දෙයක්.. මේ දේ මෙහෙම උනේ නැත්නම් කොයි තරම් දේවල් තාම වෙලා නැතුව ඇතිද???

    ReplyDelete
  9. අලුත් කතාවක්.. මීට කලින් අහලා තිබ්බේ නෑ නොවැ.. නියමයි...


    ජය..

    ReplyDelete
  10. මෙහෙම කතාවක් දැනගෙන හිටියේ නෑ‍ කලින්.. ස්තූතියි අපිත්ටත් මේ කතාව කීවාට..!

    ReplyDelete
  11. හොඳ කර්ම තමා අත්හැර නොයන සෙවනැල්ලක් මෙන්ම හැර නොයන බව තමයි බුද්ධ දේශනාව. හොඳක් කලොත් කවදාවත් වරදින්නෑ. සෑම දෙයකටම සමාන වුද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත කියලා නිව්ටන් උන්නැහේත් කිව්වලුනේ...

    ReplyDelete
  12. මම අද දවල් මගෙ ගුරුතුමාට කිව්ව, "මට මනුස්ස ජීවිතයක් ගොඩයන වැඩක් කරන්න අැත්තං වෙන මුකුත් ඔ්න නෑ සර්" කියල

    ගුරුතුමත් අැහෙන නෑහෙන ගානට කිව්ව "මනුස්සයන්ට එක එක ප්‍රර්ථනා තියනව, ඔ්ව වරදින්නෙ නෑ!"

    ReplyDelete
  13. කට්ටියටම බොහොම ස්තූතියි කොමෙන්ට් වලට....

    @තනි අලියා - ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනටම ඉටු වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.... ස්තූතියි මේ පැත්තෙ ආවට :)

    ReplyDelete
  14. ගොඩක් ස්තූතියි! :) ඔයාගෙන් හැම යහපත් ප්‍රාර්ථනාවක් ම ඉටුවෙන්න කියල පතනවා! කැමතිනම් එ් පැත්තෙත් අැවිත් යන්න! :)

    http://aligedara.blogspot.com/

    ReplyDelete
  15. මාස ගානකට පස්සෙ, ෆේස් බුක් එකේ කියවන්න අමතක වෙච්ච මැසේජ් කියවනකොට, සුපර් මාරියෝගෙ මැසේජ් එකක් දැකල මේ පැත්තට ගොඩවෙලා, පරණ පෝස්ට් හිටන් කියෙව්ව. පුද්ගලික විශ්ව විද්‍යාල ගැන අවුස්සල තිබ්බ විවාදය ඉන්ටරස්ටින්, හැබය් රජයේ වි.වි. කට්ටිය අඩුය් කොමෙන්ට් දාල තිබුන ප්‍රමාණය.

    වැඩ වැඩි හින්ද වෙන්නැති කාලෙකින් පෝස්ට් එකක් ලියවිලා නැත්තෙ

    ReplyDelete
  16. තරහ අවසර. පහත ලින්ක් එක බලන්නකො.

    http://www.winstonchurchill.org/learn/myths/myths/fleming-saved-him-from-drowning

    ReplyDelete
  17. ඒයි සුපෙර් කොල්ල බ්ලොගියට මේ මක් වෙලද?.

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...