Friday, May 6, 2011

පිටින් කන්නෙ පරිස්සමට..!!!!! ( ඇත්තම ඇත්ත කතාවක් )


කට්ටියට මේ පැත්ත අමතක වෙලත් ඇති...නේ!! මොනව කරන්නද එක්සෑම් එකක් තිබ්බ නොවැ. ඒවයින් මේවයින් වැඩක් නෑ මම කෙලින්ම කතාව කියන්නම්කො..

පහුගිය ටිකේ කුරුල්ලයි, අලුතින්ම බ්ලොග් කෙරුවාවට සෙට් වෙච්ච මචං නුයි, තවත් එකෙකුයි (පොරට අපි X කියල කියමු.) හිටියෙ එකට. මේ කතාව කියන්න යන දවසෙත් කට්ටිය සුපුරුදු පරිදි රෑ කෑමට කඩේට ගියේ 8.30 ට මට මතක විදියට. අවුරුද්ද ඉවර උන ගමන් නිසා සිංහල කඩ තාම වහල.. ඒ නිසා මුස්ලිම් කඩයකට ගියා දෙහිවල හන්දියට පොඩ්ඩක් වැල්ලවත්ත පැත්තට වෙන්න තියන....



සුපර් මාරියොයි, කුරුල්ලයි ප්‍රයිඩ් රයිස් කන්න තීරනය කරා. මචං නුයි X කියන පොරයි බිත්තර කොත්තු 2ක් ඕඩර් කරා. ඔන්න ඉතින් කට්ටිය කකා ඉන්න කොට එක පාරටම X නැගිටල ටැප් එක ලගට ගිහින් කට හෝදගෙන ආව.. එතකොටයි දැක්කෙ.. පොර බිත්තර කොත්තුවේ තිබ්බ ප්ලාස්ටර් කෑල්ලක් චිකන් කියල හිතාගෙන හොදට චොර වෙනකන් හපල.. රස වෙනස් වෙච්ච නිසා තමයි පොර බලල තියෙන්න මේ මොකද්ද කියල.. වේටර් කාරයට මේක පෙන්නුවම පොර ප්ලාස්ටරේ අයින් කරල  කිවුව දැන් මේකෙ මුකුත් නෑ කන්න කියල.. කුරුල්ල එහෙම මේකට කතා කරන්න ගියා.. ඒත් ප්ලාස්ටර් එක කාපු එකාට ගානක් නැති නිසා පොරත් වැඩේ අත ඇරල දැම්මා.. අන්තිමට කඩේ අයිතිකාරය පිලිගත්ත වැරද්ද ඒගොල්ලන්ගෙ කියල..  ඔන්න ඔහොම තමයි කට්ටියගෙ කෑම මේ ටිකේ.. කොහොම හරි අන්තිමට බලද්දි එක්කෙනෙක් රු 7000ක විතර කාල තියනව ඔය දවස් ටිකට..

කෑම ගැන කියනවනම් කතා තියනව එලි වෙතකන් කියන්න... රත්මලානෙ ඉදන් දෙහිවලට එන්න බස් එකට නැගල ටිකට් ගන්නව වෙනුවට කොන්ද ගෙන් චීස් කොත්තු 2ක් ඉල්ලපු හැටි සුපර් මාරියෝට තාමත් මතකයි... 

මොනව උනත් ඔයගොලල පිටින් කනවනම් ක‍න්නෙ පරිස්සමෙන්.. කන්නෙ මොනවද කියල සිහියෙන් කන්න..    :-)

16 comments:

  1. පල ඩෝ...උඹලා නේද ප්පාස්ටරේ දැම්මේ...අපිත් ඔය වගේ කුප්ප වැඩ කොරලා තියෙනවා තමා,,,,
    කුරුල්ලා යන්න ඇති හෙන පොර වගේ..මට මේ මැවිලා පේනවා....හික්,..ඇට දෙකක් උස නෑ...

    ReplyDelete
  2. ane ane marioooo ithn kopi (coffee) ekakwath biwuwe nathida X ?? << monawa wunath X ta biththara koththu dekath ekka plaster ekakuth nomilema labila :D :D >>> danna widiyakata uyagena kawanam iwarai ne mariooooooooo oyala kattiya...

    ReplyDelete
  3. මචන් මාරියො උබව මම දන්නවද?
    මොකද කොත්තු සීන් එක මාත් එක්ක හිටපු පොරකටත් වෙලා තියනව.
    මොනව උනත් ගෙදරින් හදපුව ඇරෙන්න වෙනදේවල් කනවනන් ශුවර් ප්ලේස් එකක් තියෙන්න ඕනෙ!

    ReplyDelete
  4. @රත්ගමයා - අඩො අපි තොපිල වගේ කුප්ප නෑ හරිද.. හොර බොරු නැති ඇද කුද නැති රිච්මන්ඩ් පොඩ්ඩෝ කිව්වෙ අපි වගේ උන් ට.

    @තාරකාවී - අනේ.. ඔයාට බැරිද ඉතින් ඇවිල්ල උයල දෙන්න.. අනික මොන කෝපිද ප්ලාස්ටර් කාපු එකාට‍..

    @MK - මමනම් උබව දන්නෙ නෑ මචං.. උබ ගැන තව විස්තර ටිකක් කියපන් පුලුවන් නම්..

    ReplyDelete
  5. පුදුමයි වමනෙ ගියේ නැතුවා ...........

    ReplyDelete
  6. කුරුල්ලා - (හැදුනුම්පත පෙන්වමින්)අයියේ, මීඩියා...අපි මේක ලේසියෙන් අරින් නෑ.
    වේටර් - පලයං මල්ලි යන්න. පුලුවන් දෙයක් කරහං.
    කුරුල්ලා - (හැදුනුමපත මුදල් පසුම්බියට දා ගනිමින්)මේ...මීට පස්සේ මට නම් බෑ මේ කඩෙන් කන්නත. වෙන කඩේකට යමු බං.....
    (මහ සෙනග මැද්දේ, විලි ලැජ්ජාවයි සන්තෝසේ බෑ.මමයි X යි මුන් දෙන්නත් එක්ක ආවේ නෑ වගේ එලියට බැහැල ටික දුරක් ගියා.)

    ReplyDelete
  7. ඔව් ඔයවගේ අතදැකීම අපේ උන්ටත් එමටයි

    ReplyDelete
  8. @කල්හාර - පිස්සුද මචං ඔකට ඕන ජරාවක් ඔට්ටුයි

    @මචං - මම ඔය ටික කිවුවෙ නෑ බං කුරුල්ල පව් නිසා.

    @බීට මලයා - කඩෙන් කන කොයි කාටත් මේ වගේ කේස් ඕන තරම් සෙට් වෙනව නොවැ.. මේ අත්දැකීම් නුත් ඉතින් මේ කාලෙට තියන්න ඕන.. :-)

    ReplyDelete
  9. ලොල්ය...ප්ලාස්ටර් මොන රහද බන්...???

    ReplyDelete
  10. ඊයා මටනම් ඒවෙලේම වොමිට් සුවර්.හෆොයි කඩෙන් කන්න යන්නෙ නැ ආය

    ReplyDelete
  11. @සුලැගිල්ල - මුලින්ම කොත්තුවේ රසලු. ඊට පස්සෙ ටිකක් ලේ රස ආවලු.. තවත් හොදට හපද්දි රබර් රස ආවලු

    @නදි - හපෝ එහෙම කරන්න එපා.. බඩගින්නෙ හිටියොත් ඊට වඩා ලෙඩ හැදෙනවා lol

    ReplyDelete
  12. ඔව්වා ප්‍රස්නද බං බඩගින්නට.. :D

    ReplyDelete
  13. @චතුවා - අන්න ළමයට තේරුනා....

    ReplyDelete
  14. අනේ පලයන්.. කොහොමඩ අහවල් තැන තුවාලයක් එහෙම වහපු පැලැස්තරයක් නම්???
    අහවල් තැන කිව්වෙ අගිල්ලක්...
    (චී වනචරයා)

    අපෝ මම නම් කොත්තු කන්නේමම නෑ

    ReplyDelete
  15. aneeeeeeeeeeee mandha oya kandamak da malli?? ehema naththam eha paththe thiyenne yakada badu kadayak da oya koththu kade eha paththe??

    ReplyDelete
  16. යකඩ බඩු කඩ වල් වල කොහෙද අනේ ප්ලාස්ටර්... ඔයා මේ කමෙන්ට් එක දාන්න ඕන අනිත් පෝස්ට් එකේ... :D :D :D

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...