Friday, June 3, 2011

පිටින් කන්නෙ පරිස්සමට..!!!!! ( ඇත්තම ඇත්ත කතාවක් ) - 3 කොටස

අඩේ මගේ මේ කතා සෙට් එකට කට්ටියගෙන් මාර සපෝර්ට් එකක් හම්බෙලා තියනවා.. ආසාවෙ බෑ.. මේ ඇත්ත කතා ටික කියවපු නැති එක්කෙනෙත් ඉන්නවනම් ඒවත් කියවලම හිටියනම් තමයි හොද,

මෙන්න අද කතාව,

මේ කතාව උනේ 2010 මුල. අපි උ.පෙ. කරල ගෙදර ඉන්න කාලේ. සෙට් එකේ යාලුවො 5ක විතර හිටියා. දවස් දෙකක් පන්සලට පොඩි රෙපෙයාර් එකක් දුන්න කටිනෙට ( ද කොහේ, හරියටම මතක නෑ ). 

මොකක් හරි වැඩක් සාර්ථකව කරාම කොත්තුවක් හරි ෆ්‍රයිඩ් රයිස් එකක් හරි බන්ඩියට යවා ගන්න එක කට්ටියගෙම පුරුද්දක්(බෙබා ල නැති නිසා බොන කේස් නෑ).  

ඔන්න ඉතින් සුපුරුදු පරිදි 7.30 ට විතර දන්න කියන කඩේකට ආව. ඇවිල්ලා කොත්තු ඕඩර් කරල ඉතින් සුපුරුදු පරිදි දෙසා බබා හිටියා. එදා කට්ටිය ලග ආර්ථික අහේනියක් තිබ්බ නිසා බිත්තර කොත්තු තමයි ගත්තේ. ඔන්න ඉතින් සුපර් මරියෝත් කකා ඉන්න කොට හැපෙන්නෙ නැති මොකක්ද එකක් කටට අහු උනා. බිත්තර කොත්තුවේ මස් කට්ටක් කියල හිතර මාත් ටිකක් තදට හැපුවා.. හෙල්ලෙන්නෙ වත් නෑ..

අරන් බලකොට රිවට් ඇනයක එක පැත්තක්... මම මේක අපේ කට්ටියට පෙන්නුවාම එතන හිටපු තව සහෝදරයෙක් ගුලි කරන් හිටපු අත දිග ඇරියා.. හුටා පොර ලග රිවට් ඇනේ අනිත් කෑල්ල. (රිවට් ඇණයක දෙපැත්තක් තියනවනේ). කඩේ අංකල් අදුරන එක්කෙනෙක් නිසා මම ෂේප් එකේ පොරට කිව්වා. මිනිහත් බැලුවා මේක කොහෙන්ද ආවෙ කියලා පොරටත් හොයාගන්න බැරි උනා හෝ බැරි උන විදියට හිටියා..

(මෙන්න රිවට් ඇණේ කෑලි 2. උඩ දෙකම එකයි)

අහ්... කලින් පෝස්ට් එකේ තිබ්බ ටින්ටස් ඇනේ කතාව මම ඒ කඩේ අයියටත් කිව්වා... (එතන එයාගෙ යාලුවෙක් විතරයි හිටියේ කස්ටමර්ස් ල නැති වෙනකන් ඉදල කිව්වේ). එපාර යාලුවා කියනව කඩේ අයියට "මේ මල්ලිගෙ ෆොටෝ එකක් අරන් ගෙදර අරන් ගිහින් දුම් අල්ලපන්, වෙන එකෙකුට ඔය ඇනේ ගියා නම් උබට කඩේ වහල වහ බොන්නයි වෙන්නේ". කියලා.. ඒ අයියගෙමයි කඩේ. පටන් අරන් අවුරුද්දක් විතර වෙනවා' කෑමත් හොද නිසා බිස්නසුත් දැන් හැදීගෙන එනවා.. ඒකයි පොර එහෙම කිව්වේ..... :D :D :D

මගේ මේ කතාව ගැන හිතෙන දේත් පහලින් දාල යන්නකෝ.......

Follow කරල නැතත්තම් ෆලෝ කරා කියලා මම මුකුත් කියන්නේ නෑ.... :D :D :D

30 comments:

  1. පුදුම කොත්තු පෙරේතයෙක් තමා.... :D :D

    ReplyDelete
  2. එක නම් නම් ඇත්ත මෙයාලා කොත්තුමනේ කන්නේ..මට නම් දෙවියන්ගේ තාම කොත්තු කද්දී ඔය මුකුත් හම්බෙලා නෑ.කොත්තුම විතරයි

    ReplyDelete
  3. @ සමනලී - රස හදුනන්නෝ කොත්තුම කන්නෝ.

    @ කඩේ හාමිනේ - රෙගියුලර් කොත්තු ලෝලියෙක් වෙන්න එතකොට හොද හොද එව්වා අහු වේවි...

    තැන්කූ මේ පැත්තේ ආයේ ආයේ එනවට.. :D :D :D

    ReplyDelete
  4. තව පොඩ්ඩෙන් කඩේ මුදලාලිගෙ හොම්බ රිවට් වෙනව.

    ReplyDelete
  5. @ Prasanna aiya - මොනව උනත් මිනිස්සුනේ... කාගෙ අතින්ද වැරදි වෙන්නේ නැත්තේ... හිතල කරන ඒවා නෙවෙයි නෙ

    ReplyDelete
  6. අම්මෝ... මටනම් දැන් කොත්තු කන්න හරිම බයයි. ඒත් ඉතින් නොකාත් බැහැ.....

    ReplyDelete
  7. හක් හක්... මං ගාවත් තියේ අත්දෑකීම් සහිත සත්‍යකතා ඔය කඩෙන් කන කමවල් ගැන.. :D :D :ඬ්

    ReplyDelete
  8. කොයි වෙලේ හරි ඔය කන කෑමට ෂුවර් යකඩ ඇණේකුත් ගිලලම තමා පස්ස බලන්නෙ ..........

    ReplyDelete
  9. අනේ උබට යකඩමයි ශම්බවෙන්නෙ බොගේ කටේ කාන්දමක්වත් තියනවද බලපන් උබ කොත්තුවක් කෑවොත් යකඩකෑල්ලක් අනිවා අහුවෙනවනෙ...

    ReplyDelete
  10. මේ අද කොත්තුවක් ගෙනෙල්ලා කන්න කියලා ඉන්නෙ.හික්ස්..

    ReplyDelete
  11. බිත්තර කොත්තු
    මාළු කොත්තු
    චිකන් කොත්තු
    බීෆ් කොත්තු
    චීස්‌ කොත්තු
    ඉඳි ආප්ප කොත්තු
    බත් කොත්තු
    ඇණ කොත්තු

    ReplyDelete
  12. අපොයි..... මේ කතා හින්දා මොනවත් කන්න බය හිතෙනවා. බැරිවෙලා වත් ගිලුනනම් එහෙම.... :o

    ReplyDelete
  13. awurudu dahayak thun welama kadin kapu mata kaddi hambawela thiyana ewa kiyala wedak ne.
    puruwe kala pawata kes gas,panuwo,ana kali, pol katu keli, etc... kema wala dekala thiyanawa.
    wt to do :(

    ReplyDelete
  14. ප්ලාස්ටර් කොත්තුවට වඩා රිවට් ඇණ කොත්තුව හොඳයි බන්...

    ReplyDelete
  15. @ කොට ජී‍විතේ - ඒක නේන්නම් අනේ... මෙච්චර වෙලත් නොකා ඉන්න බැරි නිසානේ තවත් කන්නේ...

    @ සුලැගිල්ල - අඩේ ඔයත් කඩෙන් කාල කප් ගහල වගෙයි...:D :D

    @ කල්හාර අයියා - ඒ වගේ තමයි මටත් පේන්නේ.. ඇනයක් ගිලලා නැවතුනොත් ඇති... :D :D

    @ කිඩෝ - ඔයාටත් හොද හොද ඒව ඉස්සරහට සෙට් වෙයි බය වෙන්න එපා...

    @ සීතල ලොක්කා - මාව මතක් කරගෙන කන්න...

    @ Indunil - ඇයි ප්ලාස්ටර් කොත්තු (මගෙ මේ කතා සෙට් එකේ මුල්ම එක කියෙව්වෙ නැත්ද....??

    @ Angel - යකඩ ඉතින් සරීර සෞඛ්‍යයටත් හොදයිනේ.. අනික යකඩ නොදිරවෙන එකකුත් නෙවෙයිනේ... :D :D :D

    @ Helping to People - මගේ ලෝකයට ආයුබෝවන්.. kes gas,panuwo,ana kali, pol katu keli, හම්බෙනකොටත් හෙන ආතල් එකක් තියනවා නේ... ;-)

    @ තාරක - ඒක නම් සහතික ඇත්ත...

    කට්ටියටම බොහෝම ස්තූතියි .... කමෙන්ට් කරාට.... :D :D

    ReplyDelete
  16. ඔක්කොටම හරියන්න, අපි පොදු නමක් දෙමු..

    අහඹු කොත්තු ...

    අහඹු කොත්හුවේ ඕනෑම දෙයක් තිබිය හැක. මැරුණු හූනෙක්

    ReplyDelete
  17. හැමදාම මල්ලියේ උඹටමයි මේවා වෙන්නේ.. මොනවා උනත් පරිස්සමින්..

    ReplyDelete
  18. @Induni - ඇයි එතකොට ප්‍රණීත කැරපොත්තෙක්..

    @ දිනේශ් අයියා - එකනම් ඇත්ත අයියේ.. පරිස්සමෙන් නොකෑවනම් මේවා මගෙ බඩේ... :D :D :D

    ReplyDelete
  19. මල්ලී, කැරපොත්තෝ ප්‍රණීත ද ? ඔයා දන්නේ කොහොමද ? ඇත්තටම අපි නොකෑවට කැරපොත්තෝ සමහර රට වල කනවනේ ... එත ඇණ , ප්ලාස්ටර් එහෙමද ? :D -- ,

    ReplyDelete
  20. @ ඉදුනිල් අයියා - අපි නොදන්න කට්ටිය කොච්චර ඉන්නවද මේ ලෝකේ... ඒ අය ඇණ, ප්ලාස්ටර් වගේ එව්වා කනවද දන්නේ නෑ නේ ... :D :D :D

    ReplyDelete
  21. හාපෝ කෑම වල ඔහොම දේවල් තිබිලා බඩට එහෙම ගියොත් විනාසයි.

    ReplyDelete
  22. ගියොත් නම් ඉතින් විනාසයි ම තමයි...

    ReplyDelete
  23. මමත් දැන් කොත්තු නවත්තල නූඩ්ලස් පටන් අර ගන්නව. උඹ කියන විදියට අප‍ට කොත්තු කන්න වෙන්නෙ McDonald වලින් හරි KFC එකෙන් හරි විතරයි හිකි හිකි...

    ReplyDelete
  24. ‍@මෙලංග අයියා - ඒක නම් ඇත්ත අයියේ..

    ReplyDelete
  25. ane monawa karath koththu kanna me widiyata epa karanna epa mari ayye......

    ReplyDelete
  26. එපා වෙනවද නංගි මම ගිය සතියෙත් කෑවනේ.. :D :D :D

    ReplyDelete
  27. samaharunta lajja nahare na wage hirikitha nahare nathuwa ati, ekai. onna mari ayyama kyala deepu blogs walin mari ayyatama kiyana katha, he...he...he...???????????????

    ReplyDelete
  28. @සදවතී - //onna mari ayyama kyala deepu blogs walin mari ayyatama kiyana katha//

    mama kiyala deepu blogs kiwwe?? therune na ne

    ReplyDelete
  29. poddak mathak krla balanna, ethakota therei.... he..he..

    ReplyDelete
  30. @සදවතී - අයියා කියපු එත තමයි අවුල :D
    නැත්තම් දන්නවා කවුද කියලා

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...