Saturday, June 25, 2011

ලෝකේ වටිනාම පින්තූර අතරින් කිහිපයක්..... 3 කොටස (විස්තර සහිතයි)

කලින් පෝස්ට් දෙක කියෙව්වෙ නැත්තන් ඒ දෙකත් කියවලම ඉන්නකෝ..

පලවෙන් පෝස්ට් එක නොහිතපු විදියට සාර්ථක උනත් දෙවනි එක නොහිතපු විදියට අසාර්ථක උනා.. ඒකෙන් මට නම් තේරුනේ කට්ටියට විස්තර හොදට ඕන කියලයි.. පහු ගිය දවස් ටිකේ ගෙදර හිටියෙ නැති නිසා වැඩේ ටිකක් පරක්කු උනා.... මෙන්න වැඩිය කතා නැතුව එහෙනම් පෝස්ට් එක....

1)
ඇෆ්ගන් දැරිය - Afghan Girl

මේ පින්තූරයට නම් අමුතුම කතාවක් තියෙන්නේ. මේ පින්තූරය අරන් තියෙන්නේ "ස්ටීව් මැක්කරී" විසින් 1984 ජුනි මාසයේ දී. (මේ පින්තූරය කිව්වේ වම් පැත්තේ තියන එක). මේකෙ ඉන්න ගැහැණු ළමයට එතකොට වයස 12යි. පාකිස්ථානයේ "Nazir Bagh" වල තිබුණ සරණාගත කදවුරකදි කදවුරකදී තමයි මේ පින්තූරය අරන් තියෙන්නේ. සෝවියට් ආක්‍රමණයට විරුද්ධව ක්‍රියා කිරීමේදී අවතැන් උන අය තමයි ඒකෙ ඉදල තියෙන්නේ.. 

කොල පැහැති ප්‍රබල බැල්මක් ඇති ඇස් දෙකත්, මුහුණේ ඉරියව්ත් නිසා මේ පින්තූරය 1985 ජුනි "National Geography" සගරාවෙත් පලවෙලා තියනවා. ඒත් මේ වන විටත් කවුරුවත් දන්නේ නෑ මේ ගැහැණු ලමයගෙ නම මොකද්ද කියලා.... ඡායාරූප ශිල්පියා අවුරුදු 17ක් මහන්සි වෙලා තියනවා මෙයාව ආයෙත් හොයා ගන්න. ගොඩක් තැන් වල සැරිසරලත් තියනවා. 

අවසානයේ 2002 ජනවාරිවල නැවත මේ දෙදෙනා මුණ ගැහිලා තියනවා. ඒ වෙද්දී එයාට වයස 30යි ලමයි තුන්දෙනෙකුගේ අම්මා කෙනෙක්.. එදා තමයි මෙයාගෙ නම හොයාගෙන තියෙන්නේ "Gharbat Gula" කියලා. "ස්ටීව් මැක්කරී" මේ පින්තූරෙ ගන්න කලින් කවුරුවත් මෙයාගෙ පින්තූරයක් අරගෙන නැතිලූ.. ආයෙ 2002 "ස්ටීව් මැක්කරී" හම්බ වෙලා කියනකම් දන්නෙ නැතිලූ මේ මූණ (පින්තූරෙ) ලොකෙම ප්‍රසිද්ධයි කියලා. FBI එක විසින් ඉහත පින්තූර 2ම 99.9% එක්කෙනෙකකුගෙ කියලා තහවුරු කරලා තියනවා. ( දකුණු පැත්තේ පින්තූරෙ තියෙන්නේ අවු 30 දි ගත්ත පින්තූරය )

2)
ටයිම්ස් චතුරස්‍රයේ උණුසුම් සිපගැනීම



“Say goodbye to war” නම්  මෙම පින්තූරය අරගෙන ඇත්තේ “Victor Jorgensen”  විසින් නිව් යොර්ක් හී ටයිම්ස් චතුරස්‍රයේදි 1945 අගෝස්තු 13 දිනයි. ඇමරිකානු නාවික සෙබලෙක් සරාගී ලෙස හෙදියක් ව සිප ගන්නා ආකාරය මෙම පින්තූරයේ දැක්වෙන අතර විශේෂත්වය වන්නේ ඔවුන් දෙදන‍ාගේ මුල්ම හමු වීමද එයම වීමය. යුද්ධය අවසන් වී නැවත සිය මව්බිම කරා පැමිණීමේ සතුට ඔහු භුක්ති විද ඇතිතේ මෙලෙසය.

සිය නිවහනින් (රටෙන්) පිට බොහෝ කාලයක් සිට නැවත සිය නිවහන(රට) කරා යුද්ධයක් නිම කර එන්නෙකුගේ හැගීම් මනාව දනවන ඡායාරූපයක් ලෙස මෙය සැලකෙයි.

3)
නොහදුනන කැරලිකාරයා - Unknown Rebel



මේ යුධ ටැංකි ටිකට ඉදිරියෙන් ඉන්නා මිනිසා බලපු ගමන් නොපෙනෙන්නත් පුලුවන් උනත්. The Unknown Rebel” ලෙස අන්වර්ථ නාමයක් ලබා ලෝකයේම ප්‍රසිද්ධ වූ චරිතයක් තමයි ඒ. 1989 චීනයේ “Tiananmen චතුරස්‍රයේ කැරැල්ල ඇතිවූ මොහොතේ ගමන් ගන්නා යුධ ටැංකි පෙලකට මග අහුරා ගෙන සිටීම තමයි මේ කැරලිකාරයාගේ විර ක්‍රියාව.


චීන සමූහාණුඩුව මේ පින්තූරය මගින් ලොවට කියන්නේ, චීන විමුක්තිදායක හමුදාවේ ඇති මානුෂික භාවයයි. ඉදිරියට යාමට අණ ලැබුනද යුධ ටැංකි රියදුරු එය ඉවත දමා එතැනම සිටීම මෙහි විශේෂත්වයයි.   



4)
නිහඩ විරොධය - Protest in Silence 


“Thich Quang Duc” 1897 දී උපත ලද වියට්නාම බෞද්ධ භික්ෂුවක්. , 1963 ජුනි 11 “Saigon” හී ජනාකීර්ණ විදියක තම සිරුරට ගිනිතබාගෙන සිය දිවි හානි කර ගත්තේ ඇමරිකාව දකුණු වියට්නාමයේ බෞද්ධ ශිෂ්ඨාචාරයට දක්වන සැලකිලි වලට විරොධය පෑමටයි. සිරුර ගිනි ගන්නා මොහොතේ උන් වහන්සේ කිසිදු ශබ්ධයක් නොනෑගීමත් මෙහි විශේෂත්වයක්.


අපවත් වීමෙන් පසු බෞද්ධ චාරිත්‍ර වලට අනුව ආදාහනය කරන ලදී. එහිදි වු තවත් විශේෂ සිද්ධියක් නම් හදවත ඉතිරි වීමයි. මෙම හදවත ධාතුවක් සේ සලකා වියට්නාම රක්ෂණ බැංකුවේ අදටත් තැම්පත් කර තිබෙනවා.

5)
අශොභන මණරය - Death Rode 


“Kevin Carter” නම් සුවිශේෂී ඡායාරූප ශිල්පියාගේ අතිශය දුර්ලභම ඡායාරූපය මෙයයි. මේ සදහා ඔහු “Pulitzer” සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මේ සිද්ධිය වූයේ සුඩානයේ “Ayod” නම් කුඩා ගමකයි. බලාපොරොත්තු විරහිත, බොහෝ සෙයින් කෘෂ වී ගිය, පොලව මත වැතිරී සිටිනා ගාහැණු ළමයෙකුගේ පින්තූරයක් මෙහි දැක්වෙන අතර පසුපසින් ගිජුළිහිණියෙක් ද මැයට මාරයා ‍ලං කරමින් සිටී. (මාරයා කිව්වේ අපේ බ්ලොග් ලියන මාරයා නොවන බව කරුණාවෙන් සලකන්න)

මෙම ඡායාරූපය ගෙන මාස 4 කට පසු “Kevin Carter” සිය දිවි හානි කර ගෙන තිබුනේ තමාට මෙම පින්තූරය ගන්නවා වෙනුවට මෙම කුඩා ළමයා බේර ගැනීමට තිබුණා යන ආකල්පය හිත තුල රැව් දුන් නිසාය.

මෙම පින්තූරයේ පෙනෙන දිළිදු බවට හේතුව බටහිර අධිරාජ්‍ය සුඩානයට ඍජුව ඇගිලි ගැසීමයි. මෙයට හේතුව ලෙස විචාරකයින් දක්වන්නේ සුඩානයේ සම්පත් කෙරෙහි බටහිර රටවල් වලට ඇති කෑදර කමයි.

------------------------------------------- 

මේ පෝස්ට් එක දාන 2වනි පාර මේ. කලින් දැමම ගමන් අකුරු පේන්නේ නැතිවෙලා ගියා. ආයෙ කරේ නැද්ද මුල ඉදන් Translate....
සෑහෙන්න මහන්සි වෙලා මේ පෝස්ට් එක දැම්මේ. ඒක නිසා කමෙන්ට් එකක් නොදා නම් යන්න එපා. හවස 3 ඉදන් මෙතම දැන් 6.30 වෙලාව..

තව පින්තූර 6යි මේ සෙට් එකේ තියෙන්නේ. ඒ ටිකත් දානවා ලගදීම..

ෆලෝ නොකරපු අය ෆලෝ කරන්නත් අමතක කරන්න එපා.....



35 comments:

  1. අන්තිම පින්තූරය ගොඩාක් හැඟීම්බරයි..හොඳ වැඩක් සුපර් මාරියෝ අයියේ/සහෝ.මේ පින්තූර කලින් දැකල තිබුනත් විස්තර දන්නේ අද.ස්තූතියි මේව අපිත් එක්ක බෙදා ගත්තට

    ReplyDelete
  2. අන්තීම පිංතූරයත් අර ගිනි තියාගත්ත භික්ෂුවගේ පිංතූරයත් නම් ගොඩක් හැගීම්බරයි..! ස්තූතියි මේවා බෙදාගත්තාට අපිත් එක්ක

    ReplyDelete
  3. අනේ මන්දා අයියා පලවෙනි එකට වගේ මේක නං මට එච්චර ඇල්ලුවේ නෑ (හේතුව මට හිතෙන්නේ පින්තූර ටිකක්(5ක්) ගැන විතරක් විස්තර තිබීම තව ටිකක් දැම්මනං එල) ඇත්තටම අන්තිම ෆොටෝ එක ගත්තු කෙනා සියදිවි හානි කරගත්ත එක ගැන පුදුමයක් නෑ... ජීවිතේ ආපහු පිටිපස්සට යන්න පුලුවන්නං... ඒත් අවාසනාවට එහෙම බෑ නෙ...

    ReplyDelete
  4. ඇත්තටම මේකනම් නියම පෝස්ට් එකක් මචං . ඇත්තටම පින්තූරේ විතරක් දාලා නිකම්ම අත පිහදාගන්න එපා ! අපිට දැනගන්නත් එක්ක ඔය පින්තූරේ විස්තර මේ වගේ නියමෙට දාන්න .

    මම මෙගේ ජීවිතේට මේ පින්තූර දැකලාවත් අහලාවත් නෑ . බොහොම ස්තූතියි මේ පෝස්ට් එක ලීවට .

    තව තව ලියන්න මේ වගේ ලෝකේ වටිනාම පින්තූර ලිපිය දිගටම ..

    ReplyDelete
  5. අර යකා පින්තූරෙත් අරගෙන ලමයත් බේරගත්තනං ඉවර්යි නෙ ................

    ReplyDelete
  6. 5 වෙනි පින්තුරේ නම් හරිම සංවේදී..මම ඕක ගැන ගොඩක් ලොකු විස්තරයක් කියෙව්වා...
    මේක නම් හරිම වටින වැඩක් මාරියෝ..දිගටම කරන්න1

    ReplyDelete
  7. ස්තූතියි, කොටස් තුනම බැලුවා. සමහර ඒවාන් දැකල තිබ්බත් විස්තර දැන ගත්තෙ අදයි

    ReplyDelete
  8. සුපිරි බන්..ඊලග පෝස්ට් දාපන් ඉක්මනට :)

    ReplyDelete
  9. නියම විස්තර ටික. ෆොටෝ ටික නම් සුපිරි. මේ විස්තර ඉස් ඉස්සෙල්ලාම දැන ගන්න ලැබුනෙත් මේ බ්ලොග් පෝස්ට් එකෙන් තමයි. ඒ නිසා මල්ලිට ගොඩක් ස්තුතියි මේ කරන සමාජ මෙහෙවරට.

    ReplyDelete
  10. okane bari mama danna hadapu gaman umba dala..awlak na..ela ela kawru gattat danumane...hoda post ekak machan..
    umba yahoo group wala innawa wage..lol

    two thumbs up!

    ReplyDelete
  11. දාන්තිම පින්තූර දෙකම ගොඩාක් හිතට වදින පින්තූර දෙකක්.. ඒ වගේම තමයි පලවෙනි පින්තූරේ.. චායාරූප ශිල්පියාට දෙවෙනි පින්තූරෙ ගන්න අවුරුදු 17ක් මහන්සි වෙන්න උනා කියලා මම දැනගත්තේ අද...

    ReplyDelete
  12. බොහොම ස්තූතියි.මමත් සේරම බැලුවා.සුපිරි ලිපියක්.

    ReplyDelete
  13. සුපර් කියන්නේ කට කහනවට නෙමේ කියලා හැමදාම ඔයා පොස්ට් වලින් ඔප්පු කරනවානේ මල්ලියො... ඔයාට ජය

    ReplyDelete
  14. @කඩේ හාමිනේ , චතු අයියා - මම මෙවා වෙන කාත් එක්ක බෙදා ගන්නද අනේ ඔය ගොල්ලොත් එක්ක නැතුව.. :D

    @කි‍ඩෝ - දාන්න තමයි හිටියේ කොහෙද Translate කරපුවට ගූගලය කෙලියනේ... ඒක නිසා ආයෙත් translate කරන්න උනා. ඒකයි 5න් නැවැත්තුවේ.. ඔය මැද්දෙ අකුරු වෙනස් වෙල තියෙන්නේ, දෙවනි පාර මම Word වල ගහලයි කොපි කරල ගත්තේ....

    @සදරු අයියා - ආයෙනම් පින්තූර විතරක් දාල ඉන්නේ නෑ.. එදා පින්තූර විතරක් දැම්මේ ඒවල විස්තර තිබ්බේ නැති නිසයි.. :D :D

    ReplyDelete
  15. එල සුපිරි ලිපියක්...නියමෙටම ලියලා තියන්වා

    ReplyDelete
  16. @සමීර - එච්චර කරන්න වෙලාවක් තිබිල නෑ කියලයි ආරංචිය නම්...

    @දඩබ්බරී , චානක , චාටර් කොල්ලා - බොහොම ස්තූතියි.

    @මධු අයියා - තැන්කූ නැන්කූ..

    @දිලීප - මට මේ ටික යාලුවෙක් දුන්නේ බ්ලොග් එකේ දාන්න කියලා.
    යාහු කේස් එකක් නෑ මෙතන.. කට්ටියම gmail තමයි..:D

    ReplyDelete
  17. @දිනේශ් අයියා - උත්සහය අතඅරින්න හොද නෑ කියන එකට මේක හොද උදාහරණයක් නේද...

    @ජෝති ලංකා - බොහොම ස්තූතියි..

    @දේවා අයියා - බොහොම ස්තූතිය අයියා...... :D :D :D :D

    ReplyDelete
  18. @අසංක - බොහොම ස්තූතියි සහොදරයා...

    ReplyDelete
  19. බොහොම මතක සිටහන් එක්කල පින්තූර කීපයක්

    ReplyDelete
  20. මොනවා උනත් අර මනුස්සයට තිබ්බා ළමයාවත් බේරගන්න...

    සිරා පොස්ට් එක..

    ReplyDelete
  21. @ජනරග - තැන්කූ තැන්කූ...

    @චම්මා - පොටෝ එක ගහන්නේ නැතුව බේර ගන්න තිබ්බා.. ඒත් ඔහොම කන්න නැතුව දුක් විදිනවට වඩා ජීවිතයෙන් සමුගන්න එක වාසනාවන්තයි නේද....!!!!

    ReplyDelete
  22. මේ ෆොටෝ දැකල තිබුනට විස්තර දැනගත්තෙ දැං තමා...

    ReplyDelete
  23. විස්තර දාන එක වටිනවා සහෝ.. මේක ඇත්තටම නියම වැඩක් හොඳේ!!!

    ReplyDelete
  24. ඇත්තටම සුපර් කියන්නෙ නිකං නෙවෙයි....සුපිරි නිසයි...

    මේ වගේ ෆොටෝ අපිට ගොඩක් තැන් වලින් බලන්න පුලුවන්. ඒත් ඒකෙ පසුබිම් කතාව දාලා එකේ වටිනාකම වැඩි කරපු එක නම් සුපර්......

    ReplyDelete
  25. @හිෂාන් අයියා , රවීන් , ලකි - බොහොම තැන්කූ වේවා...!!

    ReplyDelete
  26. බොහොම ස්තූතියි.....මේ පිංතූර වලින් 2ක් කලින් දැකල තිබුනට ඒවා ගැන විස්තර දැනගෙන හිටියෙ නැහැ....

    ReplyDelete
  27. මාරියෝ සුපර්.

    ReplyDelete
  28. @දිනිත් , ඉදුනිල් - බොහොම ස්තූතියි දෙන්නටම... :-)

    ReplyDelete
  29. පින්තූර ටික ඔක්කොම දැකල තිබුනට විස්තර දැනගත්තෙ අද එල වැඩක් මාරියෝ,,,,

    ReplyDelete
  30. පින්තූරයක් විස්තරෙත් ඇතුව බලන කොට නම් මාර වටිනවා.

    ReplyDelete
  31. @පිණීබිදු - බොහොම ස්තූතියි.. අන්තිම කොටසත් ලගදීම දානවා...

    ReplyDelete
  32. 5වෙනි පින්තුරය දැක්කම ගොඩාක් දුක හිතුනා.දිගටම ලියන්න.ජය වේවා....

    ReplyDelete
  33. @NadeeCN - eekanam aththa.. thanku thankuu.. digatama mea paththe enna :)

    ReplyDelete
  34. @NadeeCN - eekanam aththa.. thanku thankuu.. digatama mea paththe enna :)

    ReplyDelete
  35. නියමයි මචන් . දිගටම ලියපන් අනිවා අපි බලනවා..

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...