Monday, June 13, 2011

ලෝකේ වටිනාම පින්තූර අතරින් කිහිපයක්..... 1 කොටස



ලෝකේ මෙතෙක් කැමරා කාචයට හසු උන ලස්සන, දුක් බර, පුදුම පින්තූර ටිකක් ගැන තමයි මේ කාලෙකින් දාන පෝස්ට් එක... මුලින්ම මේ ටික දුන්න කොට්ටාව පැත්තෙ හිත හොද කොල්ලට ස්තූති පාරක් දෙන්න ඕනි..

1)

දැක්ක ගමන් අදුරගන්න පුලුවන් කියල හිතනවා.. "ගරිල්ලා වීරයෙක්" විදියට හදුන් වන චේ ගුවේරා තමයි මේ.. ඔහුගේ කුඩා හිස් වැස්මත් සමග ඉවත බලාගෙන ඉන්න මේ පින්තූරය අරගෙන තියෙන්නේ ඇල්බටෝ කෝදා ( Alberto Korda ) විසින් 1960 මාර්තු 5 වන දිනයි. බෝම්බ අනතුරකින් මිය ගිය කෙනෙකුගේ අවමගුල් උතිසවයකදී තමයි මේ පින්තූරය අරන් තියෙන්නේ, එතකොට චේ ගේ වයස 31ක් පමණයි. මේ පින්තූරය ප්‍රසිද්ධ කරලා තියෙන්නේ ඉන් වසර 7කට පසුවයි.  The Art Institute of Maryland (USA)  ප්‍රකාශ කරන පරිදි 20 වන ශතවර්ශයේ ජනප්‍රියම පින්තූරය මෙයයි.. තවමත් ලොකයේ සිරාම පින්තූර 10 අතර මේක තියනවා කියල තමයි ආරංචි වෙන්නේ........

2)

Omayra Sanchez යනු 1985 දී පුපුරා ගිය කොළොම්බියාවේ Nevado del Ruiz ගිනිකන්දට ජීවිතය පූජා කල 13 හැවිරිදි ගැහැණු ළමයෙක්. මැය දින 3ක් ‍මඩ, වතුර, සහ නෑදෑයන් ගේ මළ සිරුරු අතර සිරවී ඉදල තියනවා. ජීවිතාරක්ෂක කණ්ඩායම් වලට මෙයාගෙ කකුල් නොකපා ගොඩට ගැනීමට ක්‍රමයක් තිබිල නෑ. අනිත් විකල්පය තිබිල තියෙන්නේ අධිබල බටයක් දාලා මේ ඇලෙනසුලු මඩ ඉවත් කරල දාන්න.. ඒත් ඔවුන් සතු එකම බටයත් තිබිල තියෙන්නේ ගොඩක් දුර වගේම ඒක ඒ වෙලාවෙ පාවිච්චි කරන්න බැරි තත්වයක. මෙයා මඩේ ඉදගෙනත් හිතල තියෙන්නේ ආයෙ ඉස්කෝලෙ ගිහිල්ලා විභාග පාස් වෙන විදියයි. පත්තර වාර්තා කරුවනුයි, ගැලවුම් කණ්ඩායමුයි මෙයාව තනි කරලා නෑ.. මේ පින්තූරය අරන් තියෙන්නේ "Frank Fournier" විසින්. මේක ප්‍රසිද්ධ කරල තියෙන්නෙත් මෙයාගෙ මරණයෙන් මාස කීපයකට පස්සෙයි.

3)

මේ පින්තූරය අරන් තියෙන්නේ ස්පාඤ්ඤ ජාතිකයෙක් වන Pultizer ත්‍යාගලාභී "Javier Bauluz" විසින්. ස්පාඤ්ඤ විදේශිකයන් දෙදෙනෙක් මිය ගිය නීති විරෝධී සංක්‍රමණිකයෙකුගේ මළ සිරුරක් දෙස බලන් ඉන්නා දර්ශනයක් තමයි තියෙන්නේ. අනවසර සංක්‍රමණය හා සම්බන්ධ වටිනා පින්තූරයක් ‍විදියට මෙය සැලකෙනවා.

4)

මෙය කැමරා කාචයට හසු කරන් තිබෙන්නේ ජනප්‍රිය කැමරා ශිල්පී "Nick Ut" විසින්. 1972 ජුනි 8 දින ඇමරිකානු යානා වියට්නාමයට බෝම්බ හෙලන ලදී. "Kim Phuc" නැමති 9 හැවිරිදි ගැහැණු ලමයා එයාගෙ පවුලෙ කට්ටියත් එක්ක ඉන්න වෙලාවක තමයි මේ කේදවාචකය වෙලා තියෙන්නේ. බෝම්බ අනතුරන් එයාගෙ ඇදුම් ගිනි ගෙන තියනවා. ජීවිතය බේර ගන්න අනිත් අයත් සමග දුවගෙන යද්දී ඇදුම් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන තියනවා. බරපතල පිලිස්සුම් තුවාල ලැබූ මෙයා මාස 14ක් රෝහලේ තමයි ඉදල තියෙන්නේ. සැත්කම් 17කට බදුන් කරල තියනවා සම බද්ද කිරීම් ද සමග. මේ පින්තූරයේ ඉන්න ගෑනු ලමයා දැන් කොහෙද කියල කට්ටිය හිතනවා ඇති නේ... එයා දැන් ලමයි දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. එයා ඉන්නේ කැනඩාවේ. එයාගෙ නමින් පදනමකුත් පවත්වාගෙන යනවා යුද්ධයෙන් අවතැන් වුන ලමයි වෙනුවෙන්. ඒ වගේම එයා යුනෙස්කෝ හී තානාපති වරියක් විදියටත් කවයුතු කරනවා. කොහොමද ෆොටෝ එකක් කල හරිය.. එහෙම කියල අපේ ගෑනු ලමයි ඇදුම් නැතුම ෆොටෝ වලට එහෙම පෙනී ඉන්න එපා හරිද....!!!!

5)

"කර්නල් සිරකරුවා මැරුවා, මම කර්නල් මැරුවා" මෙහෙම කියල තියෙන්නේ මේ පින්තූරය ගත්ත Eddi Adams. 1968 පෙබරවාරි 1 දී මේ පින්තූරය අරන් තියෙන්නේ Saigon වලදී. අත්අඩංගුවට පත් Vietcong ගරිල්ලෙකු ගේ අත් පිටුපසට කර බැද ලග සිට වෙඩි තබා තමයි මරල තියෙන්නේ. මේ වගේ මිනී මැරුම් ම්ලේච්ඡ විදියටයි සැලකෙන්නේ. මේ පින්තූරය ගත්ත පුද්ගලයා අවු 13 ක් යුධ පිටියේ ඡායාරුප ශිල්පියෙක් විදියට සේවය කරල තියනවා. මේ අවස්තාව ගැන කොතරම් ඔහු කලකිරී තියනවාද කියනව නම් ඔහු ඔහුගේ වෘත්තියත් මාරු කරල තියනවා මේ නිසාම... ඔහු Pultizer ත්‍යාගයද දිනා ඇති පුද්ගලයෙක්...


පෝස්ට් එක දිග වැඩි වෙන නිසාත්.. මේක සිංහලට පරිවර්ථනය කරලා සාරාංශ කරන්න ටිකක් වැඩිපුර වෙලා ගිහිපු නිසාත් මම මේකෙ පලවෙනි කොටස මෙතනින් නතර කරනවා...

ඕගොල්ලන්ට මගේ මේ පුංචි උත්සාහය ගැන කියන්න තියන දේවල් ඔක්කොම කියන්න... විහිලු, අකරතැබ්බ එක්ක ඕ‍ගොල්ලන්ට වැදගත් දෙයක් දෙන්නත් මේ සුපර් මාරියෝ හැම නිතරම උත්සාහ කරනවා... (සුපර් කියන්නේ නිකන් නෙවෙයි)

මේකේ 2 කොටසින් ලගදිම හමු වෙමු.....!!!!!

34 comments:

  1. එල මචං එල! මැස්සා පිංතූර ටික!

    ReplyDelete
  2. මතකය අලුත් කරගත්තා. ඡායාරූපයත් එක්ක ඒ පිළිබඳව හැඳින්වීමක් කරලා තියන එක ගොඩක් වටිනවා...ස්තූතියි. ඇත්තටම සුපර්.

    ReplyDelete
  3. @මලියා, ලකී - බොහොම තැන්කූ ප්‍රතිචාර වලට....

    ReplyDelete
  4. ශා,,,නියම පින්තූරු ටික...:))

    ReplyDelete
  5. නියම පින්තූර පෙළක්. සමහර පින්තුර මම දකලා තිබ්බෙත් අදමයි. ඇත්තටම මේ පින්තුර වලින් කියවෙන කතාවත් ලියපු එක මාරම වටිනවා. ඉතුරු ටිකත් කියවන්න බලාගෙන ඉන්නේ. ඒ හින්දා ඉක්මනට ලියන්න මල්ලි.

    ReplyDelete
  6. නියමයි සහෝ... පට්ට පින්තූර ටික ඈ.....

    ReplyDelete
  7. සමහර පින්තූර දැකල තිබුනත් ඒ ගැන මේ තරම් විස්තර අහල තිබුනෙ නැහැ.

    ReplyDelete
  8. මේ වැඩේ නියමයි මාරියෝ.. පට්ටයි..

    ReplyDelete
  9. පින්තූරෙත් එක්ක විස්තරයක් දාපු එක වටිනවා.. අන්තිම පින්තුරෙ මම කලින් දැකලා තිබුනත් විස්තරේ දැන ගත්තේ අද...

    ReplyDelete
  10. සිරාවටම මේක නිකන්ම පිංතුර ටික දානවට වඩා මෙහෙම දාපු එකෙන් මාර වටිනාකමක්නේ ඇවිත් තියෙන්නේ ඇත්ත තමයි සුපර් කියන්නේනිකන් නේමේනේ.... ....ජය....

    ReplyDelete
  11. නියමයි. මහන්සිවෙලා හොයාගත්ත විස්තරත් එක්කම පළකරපු නිසා හුඟක් වටිනව..

    ReplyDelete
  12. @මකුළු පැංචි, සිංහ අයියා, මෙලන්ග අයියා, රවින්, දිනේශ් අයියා,දේවා අයියා,චේජනා - බොහොම ස්තූතියි සහයෝගයට. ඔහොම සපෝර්ට් කරනවයි කියල දන්නවනම් එලිවෙනකම් හරි පරිර්ථනය කරල දානවා.. :D :D :D

    @මධුරංග අයියා - ඉක්මනටම දානවා.. පරිවර්ථනය කරපු ගමන් :)

    ReplyDelete
  13. 2 වෙනි පින්තුරෙ දැකලා තිබ්බත් විස්තරේ දන්නෙ අද .................! ඉතාම කනගාටුදායකයි..............

    ReplyDelete
  14. Ela ne/ Sira pinthura tika. Eeeta wada watinawa wisthare...

    ReplyDelete
  15. මහන්සි වෙලා මේ වගේ වැඩක් කරපු එකට බොහොම පිං. අපි දෙතුන් දෙනෙක් ඉංග්‍රිසිය දැන ගෙන ඒකෙන් වැඩ ගත්තට මේ වගේ වැදගත් කරුණු ඉස්කෝලේ යන නංගිලා මල්ලිලාට සෑහෙන් වැදගත්. පුළුවන් තරම් මේ වගේ ලිපි ලියන්න මලේ. මහන්සියි තමයි. හැබැයි උඹට කවදා හරි ආඩම්බරයෙන් සතුටු වෙන්න ඇහැක් වෙයි.

    ReplyDelete
  16. එල පින්තූර ටික!

    ReplyDelete
  17. @චතු අයියා - ඒක නම් ඇත්ත.. මම ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න ට්‍රයි කරනවා...

    @සමීර,කුරුලු පැටියා,පිස්සි බොහොම ස්තූතියි සහයොගයට..

    ReplyDelete
  18. හොද වැඩක් පුලුවන්නම් තව ටිකක්ක දාන්න.

    ReplyDelete
  19. @සචීර - ඉන්න ඉන්න බඩු දෙනවා ලගදීම

    @පිණිබිදු - තැන්කු තැන්කූ...

    ReplyDelete
  20. පින්තූර ටිකයි මේ විස්තර ටිකයි ගොඩක් වටිනවා මම මෙතන තියන පින්තූර වලින් එකක් ගැන පමනයි දැනගෙන හිටියේ .

    වටින ලිපියක් මාරියෝ .. තව එකක් ලියනවා නේද ?

    ReplyDelete
  21. ithamath watina durlabha ganaye pinthura tikak... bohoma watinawa mariooo ... keep it up!!

    ReplyDelete
  22. @සදරු අයියා - 2 කොටස ලියල ඉවරයි හෙට අනිද්දම දානවා... :D

    @සිතුවිලි මන්ඩිය,තාරකාවී - තැන්කූ..

    @තාරකාවී - මේ... ඔයා තාමත් තාර ද කන්නේ...??

    ReplyDelete
  23. කෝ යකෝ මේකට මම දාපු කමෙන‍්ට් එක..මම මේකට උඩින්ම කමෙන්ට් කරේ....

    ReplyDelete
  24. උබේ එක තිබ්බේ නෑ මචං.... උබ අන්තිඅමට "Post Comment" කියන බට්න් එක එබුවද???? :D

    ReplyDelete
  25. මරුනෙ යකෝ.අදයි මේ post එක බලන්න චාන්ස් එකක් ආවෙ. සිගටම මේ විගේ ඒව දාපන් bro

    ReplyDelete
  26. දානව දානවා පොඩ්ඩක් ඉවසන්න... මේ ටිකේ මම පොඩ්ඩක් බිසී.. :D :D :D

    ReplyDelete
  27. පින්තූර ටික නම් මරු, ඒත් සමහර ඒවා දැක්කාම මිනිස්සු ගැන කලකිරෙනවා .......

    ReplyDelete
  28. @පන්සල් හන්දිය - ඒක නම් ඇත්ත...

    ReplyDelete
  29. සුපර් මාරියෝ හරිම අපූරුවට මේ ඡායාරූපවලට පසුබිම් වුණු කතාවන් විස්තර කරනවා. ඡායාරූප වගේම ඒ කතාවනුත් හිතන්නට යමක් එකතු කරනවා. බොහොම ස්තුතියි.

    ReplyDelete
  30. @නලිනි අක්කා - සුපර් කියන්නේ නිකන් නෙවෙයි නේ.. :D :D :D

    ReplyDelete
  31. හිරු එළිය පායපු තැන නියමේට නියමයි මාරියො....මේතන එක පිංතුරයක්වත් මමනම් දැකලා නැහැ බං ....ගොඩාක් වටිනවා ෆාට්ටායි...

    ReplyDelete
  32. @හිරු එළිය - බොහොම ස්තූතියි.. ආයෙත් මේ පැත්තෙ එන්න කෝ..

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...