Thursday, July 7, 2011

ශ්‍රී ලංකාවේ වීදි ගණිකාවෝ..!!

මේ පෝස්ට් එක දාන්න ගොඩ දවසක ඉදන් අදහසක් තිබුණත් මොන ‍වගේ ප්‍රතිචාර හම්බෙයිද කියල බයක් තිබුන නිසා වැඩේ පහු උනා. කුරුල්ලා ගේ හ්‍රී ලංකාවේ ගණිකාවෝ පෝස්ට් එකට හොද ප්‍රතිචාර ලැබුණ නිසා මටත් හිතුනා මගේ පෝස්ට් එකත් දැම්මනම් හරි කියලා.. අද තමයි වෙලාවක් සෙට් උනේ.. ඔන්න අද උදේ බලන කොට ෆලෝවර්ස් ලත් 100 ක් හිටියා.. සන්තෝසේ බැරුවා....!!!

කුරුල්ලා ගේ පෝස්ට් එකෙ සදහන් වන පරිදි ඔහුට මෙන්න මටද කුඩා කල මේ ගැන කිසිදු අත්දැකීමක් නොතිබූ අතර දැන් කොළඹ ජීවත් වන නිසා දිනෙන් දින ඇසු දුටු දේවල් නිසා අත්දැකීම් ගොඩක් ඇත.

ඔගොල්ලත් වීදි ගණිකාවන් ඕන තැරම් දැකල තියන්න පුළුවන් ඒත් නිරීක්ෂණ මගින් නිගමන වලට එලබෙන්නේ නැති නිසා ඒ ගණිකාවක් කියල නොහිතන්නට පුළුවන්. බස් නැවතුම්, හෝටල්, මහපාර අද්දර මේ අය ඕන තරම් ඉන්නවා. ඇතැම් අය දිවා කාලයේ සේවය කරන අතර ඇතැම් අය සේවය කරන්නේ රාත්‍රී කාලයේයි. 



මේ අය ඉතා අපිරිසිදුවට ඇදන් ඉන්න අය වන අතර හැමදාම එකම වෙලාවට එකම තැන ඉන්නවා දකින්නට පුලුවන් ය. අවු 20 -40 අය මේ අතර වැඩිවශයෙන් සිටින අතර අවු 60 ගණන්වල අය පවා දැන් ඉන්නා බව සොයාගෙන ඇත.

මේ අය ගැන කියනවනම් මේ අය ගොඩක් දුප්පත් පවුල් වලින් පැමිණෙන අයය. සාක්ෂරතාවද අන්තිමය. 5 වන පන්තිය දක්වා වත් උගත් අය සිටින්නේ 15% පමණ ය. විවාහ වී දැන් වෙන්වී සිටිනා අය මෙන්ම, සිය සැමියන් පිම්පියන් වශයෙන් කටයුතු කරන කාන්තාවන් ද මේ අතර සිටි. සැමියන් මේ ආකාරයට බිරින්දෑවරුන් විකුණන් කන තත්වයට වැටීම ඉතා ඛේදජනකය. 

 මේ වීදි ගණිකාවන් කොටස් 4කට වර්ග කිරීමට පුලුවන්ය.
1) අනුග්‍රහකයා ලගට යන අය
2) අනුග්‍රහකයා ගේ මොටර් රථයේ / ත්‍රී විලරයේ අදාල කටයුතු කරන අය
3) අනුග්‍රහකයා තමන් වෙසෙනා තැනට ගෙන්වා ගන්නා අය
4) වෙරළ අද්දර, පාලු තැනක අදාල කටයුතු වල නිරත වන අය

කොළඹ නගරයේ මේ 4 වර්ගයෙන්ම 3500 පමණ දෙනා ඇති බව සොයාගෙන ඇත. මුලු රටේ ම එවැනි අය 4100 පමණ ඇතැයි ගණන් බලා ඇත. නුවර, අනුරාධපුර, බදුල්ල, ගාල්ල, කුරුණෑගල, කළුතර, හික්කඩුව, මාතර ඇතුළු විශාල නගර සංඛ්‍යාවක මේ අය ඇතැයි සොයා ගෙන ඇත.

මූලාශ්‍ර :- මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ "ශ්‍රී ලංකාවේ ගණිකාවෝ" ව්‍යාපෘති වාර්තාව



මේ පෝස්ට් එකට තවත් ආසන්න හේතුවක් වූයේ, මෑත දිනකදී මම තවත් මිතුරන් දෙදෙනෙකු සමග රාත්‍රී ආහාරය ගෙන නැවත බෝඩිමට එන විට අතුරු පාරේ අද්දර ලයිට් කණුවකට මුවා වී මැදි වයසේ මිනිසෙක් සිටි අතර කුරුල්ලා පවසන පරිදි "කාල වර්ණ රැලි ගැසුනු සම, බිඳුනු නාසය, දත් හැලුනු මුඛය" ට හිමිකම් කියන කාන්තාව ද ඒ අසලින් ම සිටියාය. අප ඔවුන් සිටි තැන පසුකර මොහොතක් ගතවූ පසු ඔවුන් අදාල කෘත්‍ය කරනු අඩ අදුරේ ඡායාවක් මෙන් පෙනින. ( අපි ක්ෂනිකව මාරු උනා නැත්නම් ඉතින් මොන හෝටලේකින් කන්න වෙයිද දන්නෙ නෑ නෙව :D )

තවත් දිනක අවු 25 ක පමන තරුණයකු සමග සිටිනවාද අපට දකින්නට ලැබිණ. ‍මූණ දිහා බැලීමට තරම් වත් ප්‍රසන්න නැති මෙම වෛශ්‍යාව සමග කොහොම මෙහෙම හැසිරෙනවා‍ දැයි සිතීමටත් අප්‍රියය. 



සමාජය ගැන දැන සිටීම කෝකටත් හොද නිසා මම මේ පෝස්ට් එකෙන් මගේ අත්දැකිම් ඔන්න ඕගොල්ලොත් එක්ක බෙදා ගත්තා. මේ පෝස්ට් මාලාව ඉදිරියට ගෙන යනවද, මෙතනින් නතර කරනවද කියන එක ඕගොල්ලන්ට බාරයි.

මේකට කමෙන්ට් කරන්න ලැජ්ජ වෙන්න ඕන නෑ කියලයි මට නම් හිතෙන්නේ, ඒක නිසා කොමෙන්ටුවක් එහෙම දාල, ෆලෝ කරල නැත්තම් ඒකත් කරලම යන්නකෝ......!!!!




26 comments:

  1. මාරියො, නන්දසේන සර්ගේ පොත මමත් කියවලා තියෙනවා මිනිස්සු හරිම පුදුමාකාරයි.. කතාවකුත් තියෙනවනෙ මිනිසාට කල හැකි හොඳම අධ්‍යයනය නම් මිනිසා ගැන අධ්‍යයනය කිරිමයි කියලා.

    ReplyDelete
  2. තව ගනිකාවෝ කොස්ටාසයක් ඉන්නවා Facebook එකේ උන් පිරිමි ගනිකාවෝ උන් ගැනු වගේ ඉදන් කාලොන්ව හුරන් කනවා.

    ReplyDelete
  3. ඒ තත්වයට ඒ මිනිස්සු වැටුනේ ඇයි කියල හිතන අය බොහොම අඩුයි... ලැම පමනක් ලොවට පෙනෙනා.. ලය නොපෙනෙන ලැඳුනේ...

    ReplyDelete
  4. මාත් දවසක් පැණිදෙනියේ ඔහොම ගෑනු කෙනෙක් දැක්කා. මොනා කරන්නද. පව්.

    ඒ ගෑනු එහෙම තත්වයට පත් වෙන්නේ එක්කෝ තමන්ගේ ආදරවන්තයාගේ වරදින් එහෙමත් නැත්නම් තමන්ගේ හෝ නෑදෑ කෙනෙකුගේ වරදින්. අපිට කරන්න තියෙන එකම දේ අනුකම්පා කරන එක විතරයි.

    ඒ උනාට සල්ලි වෙනුවෙන් ජීවත් වීම වෙනුවෙන් තමන්ගේ ආත්මය උකසට තියන එක හොඳ නෑ.

    ප.ලි. - මල්ලි අඩු කාලයකින් ෆලෝවර්ලා 100ක් කර ගත්තා නේ. මාරම ලක් කාරයෙක් !!!! මට ඒකට අවුරුද්දක් විතර ගියා.
    ඉක්මනට 200 කරා යන්න වරම් ලැබෙන්න කියලා පතනවා.

    ReplyDelete
  5. ගැහැණුන් මේ රැකියාවට යොමුවෙන්න නොයෙක් හේතු තියෙන්න පුලුවන්. ඒත් බහුතරයක් එම රැකියාවේ යෙදෙන්නෙ ඉල්ලුමක් තියෙන නිසා. එහෙම බැලුවහම මේ අය සමාජයට එක්තරා ආකාරයක සේවයකුත් කරනවා. මොවුන්ගේ සේවා දායකයන් මොවුන් නොසිටියා නම් මොනවා කරන්න ද? හැම පිරිමියාටම ලිංගික අවශ්‍යතා ඉටු කරගන්න කසාද බඳින්න බැහැනෙ. ගණිකා වෘත්තිය වැරදි කියන අය මේ පිරිමින්ට දෙන විසඳුම මොකක් ද?

    ReplyDelete
    Replies
    1. ඉතින් පිරිමියාට පුලුවන් නේ බන් පිරිමි ගනිකාවක් වෙලා ඉන්න වැඩේ ඉවරයිනේ 🤣🤣🤣🤣🤣

      Delete
  6. මම මෙතන කමෙන්ට් කරන්න ගියොත් උබ පොඩි එකා කියලා තවත් බාල්දියක් වැටෙයිද දන්නෑ කට වහන් ඉන්න එක හොදයි

    ReplyDelete
  7. ලංකාවෙදි නැතත් මම ඉතාලි ආවට පස්සේ නම් ඔය කට්ටියව ඕන තරම් දැක්කා.. දකිනවා..

    ReplyDelete
  8. අඩේ මම කොළඹ හිටියට තාම දැකලා නෑනේ.සිරාවට කොළඹ 3500 ඉන්නවා. :O

    ReplyDelete
  9. @විසිතුරු - ඒක නම් ඇත්ත.. අපේ ගෙදර තියනවා මහාචාර්යය තුමාගේ ව්‍යාපෘති වාර්තා ගොඩක්.. :-)

    @Nadun - ඒකට දන්න කට්ටිය විතරක් ඇඩ් කර ගත්තනම් හරි නේ...!

    @පිස්සා - ඒ සින්දුවනම් උපරිමයි නේද...!!

    @මදුරංග අයියා - බොහෝම ස්තූතියි අයියේ.. මාස 3 1/2 ක් ගිහිල්ලා තියනවා... :D

    @Radicaladahas - ඔයාගෙ නම වගේම ඔයත් රැඩිකල් වගේ.. නන්දසේන සර් කියල තියනවා ඔය ගැන.. ඒ වගේමයි බැදපු ගෑණු එක්කෙනාටත් බැරිනම් මිනිහගෙ අවශතා සපුරන්න අන්න එතැනදී අවුලක් වෙනවා...ලූ..!

    @කිඩෝ - මම උඩ ඉදන් කියවගෙන එනකොට දැක්කා ඔයාගෙ පින්තූරෙ.. මම ඒ කතාව කියන්නම තමයි හිටියේ...:P

    @දිනේශ් අයියා - ඉතාලියේ කොහොමත් ලංකාවට වඩා සංඛ්‍යාත්මකව වැඩී වගේම.. එළිපිටත් වැඩී නේද...??

    @සීතල අයියා - ඔයා ඉන්නේ කොළඹ නම් එන්න හම්බෙන්න.. මම ඔයාට ඕන තරම් පෙන්නන්නම්... ඒත් අප්පිරියයි කියලා මට මුකුත් කියන්න නම් එපා...!!

    ReplyDelete
  10. ඔය ගැටලුවට රජය මැදිහත් වී ක්‍රියා මාර්ගයක් නොගන්නේ මන්දැයි යන්න මා හට පවතින ගැටලුවයි .....

    ReplyDelete
  11. ඉහික් ඉහික්...
    \\මූණ දිහා බැලීමට තරම් වත් ප්‍රසන්න නැති මෙම වෛශ්‍යාව සමග කොහොම මෙහෙම හැසිරෙනවා‍ දැයි සිතීමටත් අප්‍රියය.//

    ඉස්ට්‍රජන්, පෙජෙස්ට්‍රෝන්, ටෙස්ටෙස්ටරෝන් එක්ක ගත්තම ඩොපැමීන්, ගැබා වලින් දෙන උතේජ ගන්ගන්නවත් බැරිතරම් මචන්... ඒකයි ඔය.. අප්පිරිය, පිරිය ඔක්කොම තියෙන්නෙ ඩොපැමීන්, ගැබා හොමන මත. ඒත් ලිංගික හොමන ඒවට වඩා ප්‍රබලයි. හැක් හැක්.. පුදුම වෙන්ට ඔනි එකෙම අප්පිරියක් ආවොත්.. ඉහික් ඉහික්.. මං කියන එක තේරුනා කිය හිතනවා... :)

    ReplyDelete
  12. ඔව් ඔන තරම් ගනිකාවො ඉන්නවා බම්බලපිටියට රෑ10 විතර ගියා නම් ඔන තරම් බලන්න පුලුවන් අවුරැදු 60 අයත් ඔන තරම් ඉන්නවා...එයාලා ඔය ව්තුවල ඉන්න අය..පාරවල් අතුගාන අය ඒ වගේ කට්ටිය තමා...ජිවත් වෙන්න විදියක් නැති නිසා තමා ඔය වගේ වැඩ කරන්නෙ..ඒත් මගෙ නම් අදහස ඔය වගේ වැඩ නොකර සල්ලි ඔන නම් හිගාකන එක තමා

    ..........www.batmark.tk..........මේ පැත්තටත් ඇවිල්ලා යන්න

    ReplyDelete
  13. මේක බුද්ධකාලීන සමාජයේ පවා පැවතුන වෘත්තියක්.
    එහෙම බැලුවාම ..මල්ලී ඔයා සපයලා තියෙන, සංඛ්‍යා ලේඛන අනුව පේනවා ..මේ වෘත්තියේ, ව්‍යාප්තිය බොහොම මන්දගාමීව සිදුවන බව.

    කිසිවක් කර කියා ගත නොහුනු කල, ජිවන අරගලය උදෙසාම මිස..කිසිදු ගැහැනියක් මෙය, තම ජිවිකාව ලෙස, කැමැත්තෙන් සිදු නොකරන බවයි, එයින්...මට පෙනි යන්නේ.

    ReplyDelete
  14. උඹ දන්නෙ නැතුව ඇති අම්බලන්ගොඩත් මේ වගේ අය ගොඩක් ඉන්නව කියල?

    ReplyDelete
  15. කොල්ලෝ ගිහිං චූ කරලා නිදිය ගනිං බං!

    ReplyDelete
  16. දැක නැත , මුන් ගැන ඕනෑ තරම් කියවා ඇත

    ReplyDelete
  17. @පන්සල් හන්දිය - රජය උනත් කොච්චර කියල හොයන්නද..!! ඔත්තු දෙන්න පුලුවන් නම් වැඩේ හරි යයි... :-)

    @සුළැගිල්ල - තේරුණා තේරුණා මල්ලි... හොද විග්‍රහයක්.. තැන්කූ වේවා....!!

    @BATZ - මට නම් ඔයාගෙ අදහසට උත්තර නැත...!! :-) තැන්කූ මේ පැත්තෙ ආවට.. ආයෙ එන්නකෝ...!!

    @නිල් අහස - අයියේ මේ වීදි ගණිකාවන් ගණන විතරයි.. තව වෙනත් කැටගරිත් තියනවනේ.. මම ඒ ටිකත් හොයල කියන්නම් කෝ..!!:-)

    @මෙලන්ග අයියා - හික්කඩුවෙ හිටියට මම නම් හිතුවෙ නෑ අම්බලන්ගොඩ ඉදියි කියලා...!!

    @කතන්දර අංකල් - ඔයා මේව ගැන කතා කරනවට කැමති නෑ වගේ නේ...!! :P

    ReplyDelete
  18. ජීවිතේටම එක පාරක් දැක්කා එක්කෙනෙක්ව .. මගෙන් සහ මගේ මිතුරාගෙන් ඇහුවා යමුද කියා . අපි බෑ බෑ කී විට

    අනේ මුං වගේ පො *** හැත්තක් කියලා බැන්න පාර අපිට ඇපත් නෑ !

    ReplyDelete
  19. @හිස් අහස,
    හූ හූ ..... මේ කමෙන්ට් එකත් උඹගේ පෝස්ට් එකක් හා සමානයි.

    ReplyDelete
  20. @හිස් අහස - ලොවෙත් නෑ..

    @පන්සල් හන්දිය - එහෙම කියන එක සදාචාර සම්පන්න නෑ නේ අයියේ... :-)

    ReplyDelete
  21. ලංකාවේ පමණක් නොව මුළුලොකේම පැරණිතම රක්ෂාවට මාරියා දේන්න යන්නේ ගේම....අනේ බං..අනිත් එවත් වගේ ඔවත් තියේන්න ඔනේ බං...

    ReplyDelete
  22. @හිරු එළිය - අෆ‍ෆට සිරි.. මොකද මේ මෙයාට පහල වෙච්ච කරුණාව එක පාරටම :D :D :D

    ReplyDelete
  23. mage jeewitheth dukbara kathawak thiyenawa.. ape ammai thaththai ne..e denna wen wela.. den inne mamai, mage akki vitharai.. mata wayasa 16.. akkita 21.... mama kiyanna lejja wenne ne.. ape akkith oyala oya kiyana jathiye ekkenek thamai..

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...