Wednesday, July 27, 2011

බ්ලොගියේ අප්සට් ගීතය....!!


දාන්න බ්ලොග් පෝස්ට් නෑ මල්ලියේ
බ්ලොග් එක දැන් වේලෙනවා නංගියේ
ආයෙත් මක්කයි දැන් බලන්නේ
කිව්වම අහපන් මගෙ වස්තුවේ....//

එන්න අයියෙ එන්න අක්කෙ සෙට් වෙලා
එලි වෙනකන් ටොපික් හොයමු පෙරලලා
මේක තමයි හොදම ජොලිය
ටොපික් නැතොත් මලම කෙලිය
හොයල දියන් ටොපික් එකක් ගුටි නොකා...

බ්ලොග් එකෙ ට්‍රැෆිකුත් දැන් අඩුවෙලා
එන උන් දැන් ඇත්තෙත් නෑ දුක තමා
හිතේ දුකට මේ වගෙ ගී කියවෙනා
වෙලාව නං දොලහත් දැන් පහුවෙලා...//

එන්න නංගි එන්න මල්ලි ලොග් වෙලා
ෆ‍ලො කරල පලයං මගෙ හොද එකා
කමෙන්ට් එකක් දාල නැතත්
ෆලො බටන් ඔබල නැතත්
ආයෙ වරෙන් මේ පැත්තට දිනපතා..//

හයියෝ........ මට එෆා..... වෙලා තියෙන්නෙ....... :D :D

23 comments:

  1. එලකිරි සින්දුව...හික් හික් ලොල්

    ReplyDelete
  2. ඇත්තටම මල්ලි මොකද මේ දවස් වල වැඩ වැඩිද නැත්නම් මේ කිව හේතුව නිසාද පොස්ට් අප්ඩේට් වෙන්නේ නැත්තේ.... පොස්ට් නොදා ඉන්න එපා මල්ලියෝ
    ජය වේවා,

    ReplyDelete
  3. ලියන්න දේවල් මතක් වෙන වෙලාවට කොල කෑල්ලක හරි ෆෝන් එකේ හරි පොඩි ටෙක්ස්ට් එකක් දාගත්ත නම් ඉවරයිනේ. :)

    ReplyDelete
  4. @පිස්සු පූසා - තැන්කූ වේවා...!!

    @දේවා අයියා - හේතු 2ම අයියෙ :(

    @මධුරංග අයියා - ‍ටෙක්ස්ට් එකක් දා ගන්නවත්, මතක් වෙන්නෙ නෑ නෙ අනේ.... :'(

    ReplyDelete
  5. අපි ඕක "බ්ලොග් - නිල ගීතය " කරමු ;)

    ReplyDelete
  6. @ChammA - ඒක ඔයාගෙ වැඩක්... :D :D :D

    @චාමික - නෑ බං මේක මගේ වැඩක්.. :p

    ReplyDelete
  7. මරු සින්දුව ඕයි..
    මටත් හිටපු ගමන් ඕක කියන්න වෙනවා ඒ නිසා කොප්පි කරගන්නවෝ..
    කොප්පි රයිට්ස් එහෙම දාලා නෑනේද..

    ReplyDelete
  8. අර රයිටර්ස් බ්ලොක්ද මොකද්ද එක කියන්නෙ ඕකට තමා.

    ReplyDelete
  9. @ආසියා - අවුලක් නෑ... දාන තැනක කැමති නම් විතරක් මගෙ නම දාන්න ;)

    @පිණිබිදු - මොකද්ද ඒ....??

    ReplyDelete
  10. ෂා ලස්සන සින්දුව.........

    ReplyDelete
  11. හි හි....පට්ට සින්දුව...
    මරුවටම ගලපගෙන තියනවනේ....

    ReplyDelete
  12. ඇයි මේ..මටනම් පොස්ට් තියෙනව ලියන්න කම්මැලි..සතියට 2ක් විතර තමා වැටෙන්න.ෙ..

    ReplyDelete
  13. ලියන්න දේවල් නැතුව හිරවෙන එක තමා රයිටර්ස් බ්ලොක් කියන්නෙ.

    ReplyDelete
  14. මමත් ඕක පාඩම් කර ගන්න ඕන.
    මට වෙලා තියෙන්නෙ වැඩ වැඩි එකයි..සිංහල කොටන්න කම්මැලි කමයි.

    ReplyDelete
  15. එකත් නරකම නෑ මල්ලියේ

    ReplyDelete
  16. @තටු සිදුන සමනලී - තැන්කූ තැන්කූ..
    @පිඩියා - බොහොම ස්තූතියි...
    @indi - මට දැන් එහෙමවත් දාන්න පෝස්ට් නෑ නොවැ....
    @පිණිබිදු - අහ්.. එහෙමද... :D
    @නිල් අහස - මටත් මේ ටිකේ වැඩනම් තියනවා...
    @ප්‍රසාද් - අනිවා අනිවා.. වරෙන් කියන්න මේක... :D

    ReplyDelete
  17. අඩෙ ලියහන් කොල්ලෝ. හිතෙන හැමදෙම ලියහන්. හිතල බලන්න්කො මතක් වෙවි ලියන්න ගොඩාක් ඒවා,,,

    ජය...

    ReplyDelete
  18. @ගයාන් අයියා, පන්සල් හංදි අයියා - දෙන්නටම බොහොම ස්තූතියි..

    ReplyDelete
  19. අපි එනවා බලන්න මෙය හැමදිනේ
    නාඩා බ්ලොග් එක ලියපන් මල්ලියේ

    ReplyDelete
  20. අගෝස්තු ඒවා ලෝඩ් වෙන් නැතෝ.
    site not foundලු.

    ReplyDelete
  21. @කැමිලියා - මොනව කරන්නද මගෙ සුදු අක්කියේ
    බ්ලොග් ලියන්න මාට්ටුකා නෑ අනේ
    මොනව උනත් මේ ටිකේම විභාගේ (උපෙ නෙවෙයි)
    ඊට පස්සෙ දෙන්නම් අනෙ කැමිලියේ...!! :D :D

    අගෝස්තු මාසෙ තාම මුකුත් දාල නෑ....

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...