Monday, July 18, 2011

හැප්පිලම බලපල්ල කවුද පොරවල් කියලා....!! :D



රජයේ - පෞද්ගලික විශ්ව විද්‍යාල ගැටුම දැන් සිරාවටම නැගල යන පාටක් පෙනෙන්නට තියනවාය.. ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි වල අයට රජයේ රෝහල් ලබා නොදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා තියනවාය.. එයට ආසන්නම හේතුව වී ඇත්තේ මාලඹේ පිහිටා ඇති "දකුණු ආසියානු තාක්ෂන හා වෛද්‍ය ආයතනයේ" ශිෂ්‍යන්ට 6 මාසික පුහුණුවක් හෝමාගම මහ රෝහලේ දී දීමට සැලසුම් කිරීමය.. මේ නිව්ස් එක තිබ්බ වෙබ් අඩවියකට කට්ටිය දමා තිබූ අදහස් ටිකක් එකතු කර පොඩ්ඩක් හයිලයිට් කිරීමට මට සිතෙනවාය.. මේවා මාගේ අදහස් නොවන බවද මේවායේ ගෞරවය අදාල පුද්ගලයන්ට යා යුතු බවද සදහන් කරන්න ඕනය...

1)
//යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා.

A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා ..

"උබලා ඔය බනින ප්‍රයිවට් කැම්පස් එකක engineering degree එකක් කරන kollek"දැන් ඉතින් පලු යන්න මට බැනපල්ලා :P //

2) 
// මුන් private campus වලට විරුද්ධයි. ඒ උනාට මුන්ට private practice කරන්ඩ හොදයි. private campus වලට විරුද්ධනම්, මුන්ට private practice කරන්ඩත් බෑ. ඒවත් නවත්වන්ඩ ඕනෙ. මුන් සාමන්‍ය ජනතවගෙ බදු මුදල්වලින් ඉගෙන ගෙන, ඒ මිනිස්සුන්ගෙන්ම ගිනිගනන් අයකරනව. ඒව හොඳද??? ඔය docekගෙ දුවෙක්, පුතෙක්, සහෝදරියක්, සහෝදරයෙක්ට campus යන්ඩ ලකුණු මදිවුනොත් මොකද කරන්නෙ??.//

3)
//අපේ කාලේ එක්දහස් නවසිය අසූ ගනන් වල විශ්ව විද්යාලේ යන්න ලකුනු 1ක් අඩු උනොත් ඌට දෙයියන්ගේ පිහිටයි. මටත් එහෙමයි. මට වඩා අඩු ලකුනු ගත්තු උන් පිට පලාත් වලින් වෛද්ය විද්යාලෙ යද්දි කොලඹින් විභාග කල පවට අපිට සාමාන්ය උපාදියවත් නැහැ. නුමුත් ඔය කියන විදියට අපි මෝඩයෝ. මගේ යාලුවෙක් හිටිය යපනයේ ඉගෙනගෙන ඒත් විශ්ව විද්යාලයට නොතෙරුන. හැබයි ඔය කියන විදියට මෝඩයෙක් වන ඔහු CIMA විභගයෙන් ලොකෙන්ම පලවෙනි උනා.ඉස්කෝලෙ මගෙත් එක්ක ඒ එල් කරපු යාලුවෙක් රුසියාවට ගිහිල්ල වෛද්ය උපාදිය කරලා ඇවිත් පස්සේ කාලේ ලන්කාවෙ කොලඹ වෛද්ය විද්‍යාලයේ ඉගැන්නුවා. ඔහුට අනුව ලන්කාවෙ වෛද්ය උපාදිය හදාරන්න නුසුදුසු උනු ඔහු එහිම උගන්වන්න සුදුසු උනා. මෙවනි උදාහරන ඕනෙතරම් දෙන්න පුලුවන්.
 
එදා අපිට නොතිබුනු අවස්තාවක් අද දරුවන්ට තියනවා. ඔය විරුද්ද වෙන කුහකයො නොසලකා මේ වැඩේ ඉදිරියටම යන්න ඕනේ. සල්ලි තිබුන පලියට මෝඩයෙකුට වෛද්ය හෝ ඉන්ජිනේරු උපාදියක් කල හැකියැයි කියනවානම් ඔහුට කිව යුත්තේ මොකක්දැයි මම නම් දන්නේ නැහැ. 

කොහොම උනත් ලංකාවේ තියන පැය තුනේ විභාගේ අසාර්ථක මිනුම් දන්ඩක් බව නම් සම්පූර්ණ ඇත්ත. කරුමේ කියන්නේ එදා ඉඳලා අද දක්වාම ඒක එහෙමමයි. //

 ඔන්න ඔහොම තමයි කතාව නැගල ගියේ... මේ අතරෙ මේකට බැනපු අයත් හිටියා.. ඒත් ඒව එච්චර තද පොයින්ට් නෙවෙයි.. සල්ලි තිබ්බ පලියට උපාදයක් ගන්න නම් කොහොමත් බැරි බව කියන්න ඕන.. අනික ලංකාවෙ බැරිනම් රට ගිහිල්ල හරි උපාධියක් ගන්න සල්ලි තියන කට්ටිය දෙපාරක් නොහිතන බවත් කියන්න ඕන.. A 3ක් අරගෙන කැම්පස් ගිහිල්ලත් ලෙඩ්ඩු මරණ දොස්තරල ඕන තරම් ඉන්න එකේ චාන්ස් එකක් දීල බලන්න S 3 ගත්ත උන් කොහොමද කියල.. නිකන් උපකල්පන වලින් තීරණ වලට එලබෙන්නෙ නැතුව...

පෝස්ට් එක නිකන් මෙව්ව උනාද මන්ද.... 
මම මේ වගේ එකක් දැම්මමයි මේ... :)

ඕගොල්ලන්ටත් මේක ගැන විවෘතව හිතෙන දේ කියන්න.. 

අහ්.. අමතක උනා ෆලෝ කරපු නැති අය ෆලෝ පාරකුත් දාල යන්න.. දැන් ෆලෝ බටන් එක "Join this site" කියල වෙනස් වෙලානේ.. කාගෙ ආන්ඩුවක්ද මන්ද.. නිදහසේ බ්ලොග් එකක් වත් කරන්න දෙන්නෙ නෑ.. :D :D :D 



26 comments:

  1. යකෝ පට්ට අදහස් ටික. අනිවා මචං සමහරු හිතන් ඉන්නේ සල්ලි දුන්න පලියට මුන් අපිට නිකං උපාධි දෙනවා කියලා. කාලම බලන්න ඕන මේ මේ කට්ට. ඉගෙන ගන්න දේ වටිනකම දැනෙන්නේ රජයේ උන්ටත් නෙවෙයි ගොඩක් සල්ලිකාර ප්‍රයිවට් කැම්පස් යන උන්ටත් නෙවෙයි. ටිකක් සල්ලි තිබිලා අමාරුවෙන් ප්‍රයිවට් කැම්පස් යන අපි වගේ උන්ටයි...

    ReplyDelete
  2. @කුරුල්ලා - ඒකනම් ඇත්ත බන්.. අපිනෙ දන්නෙ ඒකෙ තරම... උබේ කතාවනම් රත්තරං.. උබව හම්බුනොත් මම දානව උබේ කරේ පහේ කාසි මාලයක් ම.... :D

    ReplyDelete
  3. ප්‍රාථමික උපාධිය කියන්නෙ මූලික සුදුසුකමක් විතරයි වෙන රටවල. මේ අපේ හැත්තනෙ ඕක මහ ලොකු බක්කක් කියල හිතං නටන්නෙ!

    අනික මොන විදියට ගත්තත් වැඩ බැරිනං පස්සෙ එකල් වෙනවනෙ. මුං මී නටන්නෙ "වැඩ බැරි උනත් අපිට උපාධිය තීනව" කියල වැඩි වාසි ගැනීමේ අවස්ථාව නැතිවෙන එකට මිස වෙන මොන මඟුලකටවත් නෙමෙයි.

    ReplyDelete
  4. කැම්පස් එවුන් ගේ මොළ ගෙඩි කන්නේ දේශපාලුවෝය... කියන්නාත් වගේ සුදුස්සාට තැන දුන්නා නම් අහවරය. රජයේ වුවත් පෞද්ගලික වුවත් බාල බව ඇත්තේ උපාධියේ නොව උන් දරන අදහස් වලය. සමහරක් රජයේ එවුන් සිතන්නේ එවුන් තරම් මොල කාරයෝ නැතෙයි කියාය.සමහරක් පෞද්ගලික එවුන් හිතන්නේ එවුන් තරම් සල්ලිකාරයෝ නැති ගානටය.මේ එකෙකුත් මට ලගදි පාට් එකක් දැම්මා නේ උඹලා මහා හිගන්නෝ කියලා.කරුණු කාරණා සොයා බැලිමේදි එකා වියදම් කරන ගාණක ගාස්තුවක් මට ද වියදම් කිරිමට ඇත..මොනවා උනත් අප මෙහේ රණ්ඩු කරන විට A/Lකියා O/L වත් පාස් නැති එවුන් පාරේ කඩල විකුණා.. ඊට වැඩියෙන් හම්බකරනවා ඇත..

    ReplyDelete
  5. @ඉන්දික - සහතික ඇත්ත.. ලංකාවෙත් දැන් උපාධිය paper qualification එකක් පමණක් වෙන ගානට ඇවිල්ල තියෙන්නෙ.. උපාධියක් කියන්නෙ හොද පදනමක් විතරයි.. අනික වැඩ බැරි නම් කොහොමත් ඉතින් පැවැත්මක් නෑ නෙ...

    @චතුමිතු - ඇත්තම ඇත්ත... අපේ පැත්තෙත් O/L වත් නැති උන් බිස්නස් කර කෙලින්ම ගේන්නේ Allion ය.. උපාධි තියන උන් තාම යන්නේ පොඩි කාර් වලය.. :)

    ReplyDelete
  6. අඩේ මල්ලිය උඹ දන්නෙ නැතුව ඇති maths වලින් A-3 දාපු එකෙකුත් අපේ CSN batch එකේ ඉන්නව කියල. අපේ ඉස්කෝලෙ මගේ හොදම යාළුවෙක් වගේ හිටපු ගෑනු ළමයෙක් bio වලට A-2 C-1 එකක් දාල medicine යන්න බැරි තැන china වලින් ලැබුන scholarship එකකින් එහෙ ගිහින් ඉගෙන ගන්නව. හුගක් අය (සල්ලි තියෙන) china වගේ ගිහිල්ල උපාධිය ඉවර කරල medicine වලන් යන්නෙ America වගේ රටවල් වලට. ඒ අය මෙහෙ හිටිය නම් කොච්චර රටට ඉතිරිද? මගේම නෑදෑ වෙන සහෝදර සහෝදරියො හුග දෙනක් අද පිටරට ඉගෙන ගන්නව. ඒ අයගෙ දෙමව්පියො ඔය දැන් උඩපැනගෙන කෑගහන එවුන් වගේම රජයේ විශ්ව විද්යානලවලින් ෙෙවද්යත උපාධි, ඉන්ජිනේරු උපාධි ගත්ත අයයි. ඒ උනත් ඒ අයගෙ ළමයින්ට නම් ඒ වගේ වාසනාවක් ලැබුනෙ නැහැ. ඉතින් බලන්න ඔය උඩ පැනගෙන කෑගහන එවුන්ට ඉන්න ළමයි ඔක්කොම ටික ඔය හිතාගෙන ඉන්න විදියට රජයේ ඒවට යාවිද කියල?
    SLIIT එකේ කරගන්න බැරිව හැලිල යන ගාන ලොවෙත් අපිනෙ දන්නෙ. ඔය කියන විදියට සල්ලිදීල උපාධිය ගන්න පුළුවන් නම් ඉතින් උන්ටත් ගන්න තිබුනනෙ. ඉන්නෙත් එසේ මෙසේ පොරවල් නෙවෙයිනෙ යමක් කමක් තියෙන අයනෙ?

    ReplyDelete
  7. @චතුමිතු
    "මෙහේ රණ්ඩු කරන විට A/Lකියා O/L වත් පාස් නැති එවුන් පාරේ කඩල විකුණා.. ඊට වැඩියෙන් හම්බකරනවා ඇත.."

    අනිවා ඇත්ත කතාව.

    ReplyDelete
  8. උපාධිය ට්‍රෙන්ඩ් එකක් වෙලා ගොඩක් කල්.. ඒ උනාට පෞද්ගලික අංශයේදී ඒක මාර මාකට්. ඩොක්ටර් රේට් හිටන් සල්ලි වලට ගන්න තියෙන එකේ. ඕව සුළු දේවල්. විෂය දැණුම කෙසේ වෙතත් සමාජයේ ජීවත් වන දැණුම හා කඩ්ඩ පිළිබඳ දැණුම ගැන නම් තර්ක දෙකක් නොමැත...

    ReplyDelete
  9. මචං මං ඔය ගැන පොඩ්ඩක් විස්තර සහිතව ඊයේ
    "පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..(දේශපාලනික නොවන ලිපියකි)"මැයෙන් ලිව්වා..

    උඹ දකින්නේ නැතුව ඇති...පොඩි ලින්කුවක් හරි සඳහනක් හරි දාන්න පුලුවන් නම් අගය කරනවා
    http://sabithl.blogspot.com/2011/07/blog-post_17.html

    ReplyDelete
  10. pattai super nario... munta mewa notherena ekanae wade kiyanne

    ReplyDelete
  11. ඇත්තටම මට නම් අදාල නැති කතාවක්.... ඒත් කැම්පස් නොගියට ඒ අය එහෙම ඉන්න ඕන කියන මතයේ නම් මම නැ.. කොහෙන් හරි ඉගන ගන්න පුලුවන්නම් ඒක වටිනවා... දක්ශයට සුදුසු තැන අනිවා ලැබෙයි.... මොකද ජොබ් එකක්දි බලන්නේ සුදුසු කම මිසක් ඉගන ගත්තු විදිහ නෙමේනේ... කොහෙන් ඉගන ගත්තත් හැම දේකටම රෙඩි වෙන්න ඕනා... සල්ලි නැති අය කියලා ඔය කැ ගහන අයටම මෙහේ ප්‍රයිවට් කැම්පස් ටිකක් වැඩියෙන් දාපුවහම ඒ අතරෙත් තරගයක් ඇතිවෙලා ඔය වගේ ඩිග්‍රි උනත් ඔයිට වඩා සාදාරන ගානකට (දැන් ටිකක් ගිනි ගනනේ මම දන්න විදිහට) මෙහෙන්ම කරගන්න පුලුවන් වෙනවා කියන එක තේරුම් ගන්නේ නැ... මොකද කැම්පස් ටිකක් වැඩියෙන් තිබුනහම ඒවාට ඉගන ගන්න අය ඕනා... දැන් වගේ කිප දෙනෙක් විතරක් රජ කරන තැනට තවත් අය එහෙම ඩිග්‍රි දෙන්න ආවහම ඒ අයට අනිවා සාධාරන වෙන්න වෙනවා පැවත්මක් තියෙන්න නම්....

    ඔහොම ඉගන ගන්න ඕන කෙනා අනිවා රට හරි යනවා.. අයේ ඒම සුවර් නැ.. ඒත් මෙහෙම පුලුවන්නම් ඒ වියදමත් ඉතුරුයි... ඉගන ගන්න අයත් රටට ඉතුරුයි...

    කොච්චර කිවත් තවම රජයේ කැම්පස් වලින් රටට ඕන කරන ගාන හම්බ වෙන්නේ නැනේ..(කියයි විශ්ව විද්්‍යාල තව හදන්න කියලා ) එත් පිටින් ඇවිත් එහෙම හදන කොට ඕන කෙනෙක්ට එක කරගන්න පුලුවන්..

    මට හිතෙන්නේ නම් ඕවා... තව කියන්න තිබුනත් වැඩක් නැටි දෙයක් නම් පොස්ට් එකට වඩා දිග උනොත් අපරාදේනේ....

    එත් මම ඇත්තම කැමති නැ භාහිර උපාධි නවත්වල තියන එකටනම්

    ReplyDelete
  12. @ තාරකාවි : මොකෝ මේ මලයට නරියා කියලා..............

    ReplyDelete
  13. super Mario >> ane mallioo godaak sama wenna.. ada mama mage supurudu machine eken newei awe :( "m" wenuwata "n" type wela thiyenne :( ... ekata godaa sama wenna :( <<< @dewa >>> ane eka lokuma loku athapasu weemak :(

    ReplyDelete
  14. මෙලන්ග අයියා, දේවා අයියා, තාරකාවී අක්කා, මාතලන්, Sabith

    ඔක්කොටම ස්තූතියි අදහස් වලට..

    @සබිත් - මම එන්නම්කො ඒ පැත්තෙ..

    ReplyDelete
  15. @ Hishan -
    SLIIT එකේ කරගන්න බැරිව හැලිල යන ගාන ලොවෙත් අපිනෙ දන්නෙ...

    සිරා කතාව..කොච්චර සිරාද කියතොත් පළමු අවුරුද්දේ 220 ගානක් හිටපු අපේ බැච් එකේ දැන් ඉන්නේ 110..ඒ සෙට් එකෙත් ඉතින් රිපිට‍ තියන උන් අම්බානෙක...ඒ නිසා ඉතින් ඩිග්රිය ගන්න වෙන්නේ 75 අඩු ප්‍රමනයකයට.

    ReplyDelete
  16. මම නම් පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නවට තදින්ම විරුද්දයි. ඕකෙන් වෙන්නේ රජයේ විශ්ව විද්‍යාල ටික කප්පාදූ වීමක්.

    පුද්ගලික කරණයෙන් බිහිවන විශ්ව විද්‍යාල වලින් උපාදි අරගෙන එලියට එන උන් ගැන තරහක් නෙමේ තියෙන්නේ. කොහොමහරි අධ්‍යාපන තත්වය උසස් වෙනවනම් ඒක ලොකු දෙයක්. මෙතනදි වෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වලට වෙන් කරලා තියෙන ප්‍රතීපාදන කප්පාදු කරන එක. ඒවායේ තියෙන පහසුකම් (උදා. ක්‍රිඩා පිටි, දේශන ශාලා වැනි දෑ) පුද්ගලික අංශ වලට බදු දෙනවා. ඒකෙන් වෙන්නේ අභ්‍යන්තර ශිශ්‍යන්ට ඒවා පරිහරණය තහනම් වෙන එක. ඒ නිසා මම නම් තදින්ම විරුද්ධයි !!!!!!!!

    අපේ කැම්පස් එකේ කලාගාරය ඉදිරිපිට අපි කරපු උද්ඝොශනයක පින්තූරේ දැකලා මම් ආවේ.

    ReplyDelete
  17. @මධුරංග අයියා - මම නම් හිතන්නෙ නෑ ලෝකල් යුනි වල ප්‍රතිපාදන කප්පාදු කිරීමක් කරයි කියල.. එහෙම කරන්න දෙයක් නෑ නෙ.. පුද්ගලික විශ්ව විද්‍යාල සතුව ඇති තරම් වත්කම් තියන නිසා රජයෙන් මුදල් ඕන නෑ.. ඇරත් එහෙම කප්පාදුවක් උනොත් ඕගොල්ලන්ට පුලුවන් සුපුරුදු පරිදි පාරට බැහැල කෑගහ්න... නිවාඩුවක් එහෙමත් ගන්න පුළුවන්නෙ :D :D :D

    ReplyDelete
  18. මොනා කොරත් ඉස්සරහට රජයේ එවා කඩන් වැටෙනවා..අන්තිමට දුප්පත් මනුස්සයගේ පුතාටත් සල්ලි දීලා තමා උපදිය ගන්න වෙන්නේ

    ReplyDelete
  19. පුද්ගලික විශ්ව විද්‍යාල ගැන ලංකාවේ උනගෙ තියෙන්නෙ මහ පිස්සු අදහස් . අවුරුදු 30කට කලින් ජේ ආර් ලොක්කා ඕකේ වටිනා කම දැක්කේ. ඒකාලෙ විරුද්ධ උනු පිරිසකට නම් දැන් යන්තන් මොලේ පැදිලා හැබැයි මක්ක කරලාවත් හදන්න බැරි සෙට් එකකුත් ඔය අතර ඉන්නව . උන් තමයි බුරන්නේ . එස්. බී වගේ පිස්සෙකුට නැතුව සරත් අමුණුගම වගෙ මනුස්සයෙකුට දුන්නා නම් මේ වෙනකොට කිසිම ගැටලුවක් නැතුවා රාජ්‍ය පෞද්ගලික විශ්ව විද්‍යාල වර්ග දෙකම වැඩ කරගෙන යනව

    ReplyDelete
  20. ඔක්කොම හොඳයි තමා කතාව.ඉගෙනගත්තෙ පුද්ගලික එකකද රජයෙ එකකද කියන එකේනම් වෙනසක් නෑ තමයි.ඒත් ඉතින් අපි මේවට කෑ ගහන්නෙ ඇයි කියල හිතෙන්නෙ නැද්ද.මෙ කියන මටත් කැම්පස් යන්න බැරිඋනා.බයෝ කරේ.ඒත් ඉතින් එහෙම ඒ කාලෙ ප්‍රයිවට් කැම්පස් තිබ්බත් ඕවට යන්න තරම් සල්ලි නෑනෙ අතේ.මම හිතන විදියට ලංකාව උ/පෙ කරල කැම්පස් යන්න බැරිවෙන අපි වගේ මධ්‍යම පන්තියේ අයට ඕව ලංකාවෙ තිබ්බ කියල යන්නත් සල්ලි නෑ.
    මටනම් හිතෙන්නෙ අපිටත් හොරා අපිව දඩමීමා කරන් ඉන්නෙ කවුරු හරි.අපිත් ඉතිං අපිටත් හොරා මාකට් වෙනවා.

    ReplyDelete
  21. @රත්ගමයා - මමනම් හිතන්නෙ නෑ...

    @බුවා - ඒක නම් ඇත්ත

    @සිතුවම් - ඔයාට කියන්නෙ මොකද්ද කියල මට හිතාගන්න බැරුවයි ඉන්නෙ... :S

    ReplyDelete
  22. අඩේ අපේ මරියෝ කොල්ලට හිතෙන එව්වා.. ජය වේවා..

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. පුද්ගලික සරසවි "උපාධි කඩ" කියා හැඳින්වුවොත්... ලඟදීම රජයේ සරසවි "උපාධි දන්සැල් " කියා හඳුන්වනු ඇත.
    මුදල් දී ඉගෙන ගත්තත් , නොමිලේ ඉගෙන ගත්තත් ඒ දැනුමය... රටට පලදායී දැනුමය...

    ReplyDelete
  25. සල්ලි දිල ඉගෙන ගත්තට කන කට්ට අපිනේ දන්නේ.
    අනේ සල්ලි වලට ඩිග්‍රියක් දෙනවා නම් මටත් දෙන්නකො.
    මාත් ස්ලිට් තමයි. අපේ බැච් එකෙත් 150ක් විතර හිටියා.
    පලවෙනි සෙමෙස්ටර් එක ඉවර වෙද්දි 110ට අඩු උනා.
    එකෙනුත් සබ්ජෙක්ට් 5ම පාස් අය 30ක් විතර හිටියේ.
    ඉතින් කොහොමද කියන්නේ ප්‍රයිවට් විභාග ලේසියි කියලා.
    ප්‍රයිවට් කලත් හොඳටම මහන්සි වෙන්න ඕනේ.

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...