Saturday, October 29, 2011

ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැගව ගියේ.....!!!

මේක මට ආපු ඊ මේල් එකක තිබ්බ කතාවක්.. සාමාන්‍යයෙන් එකම මේල් එක තුන් හතර දෙනෙක්ම එවනව මොකද එකම මේල් ටිකනෙ හැම තැනම කරකැවෙන්නෙ.. ඒත් මේක එහෙම ආවෙ නෑ.. ඒ කියන්නෙ ගොඩක් දෙනෙකුට මේක ඇවිල්ල නෑ කියල පොඩි නිගමන පාරකට එන්න පුළුවන්. ඒ නිසා හිතුනා මේ අමුතු කතාව ඕගොල්ලත් එක්ක බෙදා ගන්න.... ඔන්න අකුරක් වත් වෙනස් නොකර ඒ කතාව



මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න.
ඒත් එයාට ඒ බව තේරුණේ නෑ. පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මට කොයි තරම් හිතුනත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මගේ ලැජ්ජාවටම මම එහෙම කිව්වේ නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.



මේ වෙනකොට මම 11 වසරේ. මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය හඬමින් මිමිනුවා ඇගේ ආදරය බිදුණු බව. ඇයට මේ තනිකම දරාගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. මමත් ගියා. එතනදි ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා.
මම ආයෙත් ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට බැරි උනා මගේ ලජ්ජාව හින්දා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.


ඔහොම කාලය ගෙවුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම වසර. ඒ වෙනකොට ඇයට කෙනෙක් පෙම් කරා. ඔහු දිනක් ඇයට එන බව කීවත් ඇවිත් නෑ අසනීපයක් නිසා.
මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට ආත්ම ශක්තියක් නැති උනා.



ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනටත් ආවා. ඇය ඒ වන විට සුරූපී සිරුරකට හිමිකම් කීවා. ඇය ඇවිදින විට ඇගේ ලස්සන තවත් වැඩිවී පෙනුනා. ඇය උපාධිය ලබා ගන්න වේදිකාවට ගොඩ වූ විට මට හිතුනා ඇය මගේම උනානම් කියලා. ඒත් ඇයට ඒක නොදැනෙන බව මං හොඳාකාරව දැනන් හිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා.
අපි වෙන්වෙන්න කලින් ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕන උනත් මට ඇය යාලුවෙක් පමනක්ම නෙවෙයි ඊට වැඩි කෙනෙක් කියලා මට ඒ බව කියන්න ආත්ම ශක්තියක් නැති උනා. මම දන්නේ නෑ ඒ මොකද කියලා.


මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අලුත් ජීවිතයකට යනවා වෙනත් පුද්ගලයෙක් සමග. මට ඇයගේ වෙන්න ඕන උනත් ඇයට ඒක තේරුනේ නෑ. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මං ඇයට ආදරෙයි කියන්න හිතුනත් මෙවර මට ඒකට අවස්ථාවක් නැති උනා.

කාලය ගෙවී ගියා. මේ වෙනකොට මං ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා.


"මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ වගක් තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්."

මට කියන්න ඕන උනේ අපි කාට හරි ආදරය කරනවනම් ඒ බව කියන්න ලැජ්ජා වෙන්න එපා කියන එක. අපි ළඟට ආදරය කියන දේ නොයෙක් ආකාරෙයෙන් එනවා. ඒත් ඒ දේ අඳුන ගන්න අපිට බැරි උනොත් සමහර විට මුලු ජීවිත කාලයම පසුතැවෙන්න සිදුවෙන්න පුලුවන්. ඒ නිසා කවදාවත් ආදරය කියන එක ප්‍රකාශ කරන්න ලැජ්ජා වෙන්න එපා.

ඔන්න ඔහොම තමයි කතාව අවසාන උනේ... හැබැයි හිතේ තියන එක කියල අන්තිමේ තියන යාලු කමත් නැති කරගත්තොත් ඔන්න ඉතින් මේ සුපර් මාරියෝ නම් නෑ හොදේ.... හික් හික් හික්....

චාමික සිරිමාන්න අයියත් මෙන්න මෙහෙම කියල තියනවනේ... :D :D :D



මොනව උනත් කියන්න තියන එක කියලම දැම්මාම ඉවරයි කියලයි මට නම් හිතෙන්නේ... දෙකෙන් එකක් වෙයි නේ... නැත්තම් චාමික අයියා කියනව වගේ "කියන්න බැරි දේ - ලියා එවන්න" :)

කියවල ඉවර නම් කමෙන්ට් එකකුත් නොදා යන්න එපා හොදේ..... ඔන්න මම ගියා... ජය වේවා...!!!

16 comments:

  1. ලස්සන කතාවක්. ඒත් අන්තිමේදි දුකයි.
    ඔන්න මම නම් ඔය කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්නේ නෑ. ගහෙන් ගෙඩි එන්නා වගේ කියලා දානවා.

    මේක මට නම් ආපු මේල් එකක් නෙමේ. ගොඩක් වටිනවා මේක පෝස්ට් කලාට.

    ReplyDelete
  2. කලිං අදහසම තමයි! දුක හිතෙන ලස්සන කතාවක්!
    නිකං අර..... සන්නාලියනේ සින්දුවේ වෙන මානයක් ද කියලත් හිතෙනව!

    මමනං කොච්චර අාදරේ හිතුනත් අාදරෙයි කියන්නට ලැජ්ජ වෙමි! මම දකින විදියට අාදරය කියන්නේ සැප වැඩිවෙච්ච එවුන්ට දැනෙන හැඟීමකි! කණගාටුයි!

    ReplyDelete
  3. hmmmmmm meken kotasak matath adalai.... :( matath anthimata mehemmama weida? :'(

    ReplyDelete
  4. ඇත්තටම හිතට දැනෙන දුකහිතෙන කතාවක් .

    ඇත්ත කතාව කෙනෙකුට ආදරේ නම් ඒක හිතේ තියාන ඉඳලා බෑ කියන්නම ඕන ..

    ආදරේ කරන කෙනාට ඒබව කීවාම එයා ඒ ආදරේ එපා කීවොත් නැති වෙන්න එහෙමටම දෙයක් නෑ .. ඒත් හා කීවොත් ! අන්න ඒක තමයි නැති වෙන්න දෙයක් නෑ කියලා හිතාගෙන අහන්න ඕන

    ReplyDelete
  5. හරිම ලස්සන කතාවක්. එ්ත් ඉතින් තැනයි ෙවලාවයි බලල තමයි හැමදෙම කරන්න ඔ්ෙන.

    ReplyDelete
  6. ආදරේ හිතට දැනුනහම ඇත්තටම කියන්න පුලුවන්නම් ඇත්තටම ගොඩාක් හොද විදිහට ඒක විසද ගන්න පුලුවන්... අන්තිමේ නැත්නම් ඔයා පරක්කුයි කියලා කියන්න පුලුවන්නේ.. එකනේ කියන්නේ අපායට යන්නත් කලින් යන්න ඕනා කියලා

    ReplyDelete
  7. මොන බම්බුවද ඕන .... ප්‍රීති වෙසක් කියලා ආදරෙයි කිව්වනං ඉවරනේ. .....

    ReplyDelete
  8. ආදරේ ඇත්තනම් ඒක කියන්න ඕනේ නෑ දැනෙනවා. එතකොට ඔය වගේ කියාගන්න බැරුව දුක් විඳින්න ඕනේ නෑ !!!

    ReplyDelete
  9. අපොයි.. ඔයිට සමාන අයියා සීන් එකක් තමයි මට සෙට් උනේ.. මම නම් බල බල උන්නේ නෑ,,, කෙලින්ම කිව්වා... වැඩේ ගොඩ..

    සිංහයා සනීපෙන් මාරියෝ කොලුවෝ....

    ජය....

    ReplyDelete
  10. මධුරංග අයියා - තැන්කූ තැන්කූ

    තනි අලියා - ඔයා සම්මතයෙන් ඔබ්බට හිතන එක්කෙනෙක් වගෙයි නේ...

    සංජු - කට්ටියගෙ කමෙන්ට් දැක්කාම හිතෙන්නෙ කියල දැම්මනම් ඉවරයි කියල නේ...

    සදරු අයියා - එතකොට අර බොරුවට චොකලට් එකක් ඔට්ටුවට අල්ලන කේස් එක ;)

    මෙලන්ග අයියා - සහතික ඇත්ත... වෙච්ච දේ මතකයි නේ... :)

    දේවා අයියා - යා යා... පරක්කු උනොත් අපිටමයි නේ...

    පන්සල් හන්දිය - ලොවෙත් නෑ අයියෙ ඔයා නම්.. වැඩේ හරි ගියා ද?

    චතුරංග අයියා - ඒත් වචනේ අරන් තියන එක වඩා හොදයි නේ...

    ගයාන් අයියා - සන්තෝසයි සන්තෝසයි :D :D :D

    ReplyDelete
  11. මටත් තාම වෙලා තියෙන්නේ...ඔය අකැරතැබ්බයම තමයි.
    කිව්වද නහී...නොකිව්වද නහි.....කිව්වලු...D

    ReplyDelete
  12. @මාරියෝ
    එවුවා උඹලට වැඩ්ක් නෑ !!

    ReplyDelete
  13. නිල් අහස - ඒකත් එහෙමද.... :D :D

    සදරු අයියා - හරි හරි... :P

    ReplyDelete
  14. මචන්, මං ඕක මගෙ මල් දෙවැට බ්ලොග් එකට ලියපු කතාවක්. දැන් බ්ලොග් ලියන්න වෙලාවක් නෑ බං. ඔය කතාව මං ලිව්ව කාලේ මගේ යාලුවකුටත් ඔය වගේම දෙයක් උනා. මං හැම තිස්සෙම කියන්නේ ඔය වගේ දේවල් අහන්න පරක්කු වෙන්න එපා කියලා.

    ReplyDelete
  15. හෆොයි.... හිතේ තියෙන දේවල් ඔක්කොම කියන්න ගිය නම් එහෙම මේ වෙනකොට මම පුර්ණ අබාධිත වෙලා...

    ReplyDelete
  16. මම මෙක අහල /බලලා තියනවා but ටිකක් වෙනස් විදියට ......
    මීට අවු: 3 කට විතර ඉස්සෙල්ලා ලංකාදීප පත්තරේ තිබුනේ(පන්නරය අතිරේකයේ)....
    ඒක ටිකක් වෙනස් කරලා තමයි මෙතන තියෙන්නේ....
    ඒක නම් නියමයි...
    මං ඒක ලැමිනේට් කරල අරන් තියාගෙන තිබුනා..
    ඇත්තටම ගොඩාක් හිතට වදිනවා... හරිම අමුතු දුක්ඛීත සුන්දරත්වයක් තියනවා..

    හරිම අමුතුයි..

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...