Thursday, June 16, 2011

ලෝකේ වටිනාම පින්තූර අතරින් කිහිපයක්..... 2 කොටස



කලින් පෝස්ට් එකට නම් කට්ටියගෙන් ලොවෙත් නැති වෙන්න සපෝර්ට් එක හම්බවුනා.  කට්ටියටම බොහොම ස්තූතියි.. ඒක බලපු නැති කට්ටිය මෙතන ඔබන්නකෝ.. 

අද දාන පින්තූර වල නම් විස්තරය හරියටම හරිද කියල කියන්න බෑ.. මොකද කලින් පෝස්ට් එකේ දාපු පින්තූර සෙට් එකේ තිබුන ඒවා නෙවෙයි මේ.. හොදම ටික අන්තිමට තියන්න එපැයි.... :D 


මේ පින්තූර වල කතාව දන්නවනම් පින්තූරයේ අංකයත් එක්ක කමෙන්ටුවක් දාන්නකෝ...

1)


මේ පින්තූරය ගැන නම් විස්තර අනවශ්‍යයි නේ.. මේක ගන්න නම් සෑහෙන්න මහන්සි වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ.


2)


මේක ගැනත් කියන්න ඕන නෑ නේ.. හදේ ඉන්න කොට පෘථිවිය පායන්නේ මෙහෙම තමයි. මේක හැමෝම දැකල තිබුනට මේ පින්තූරය නොදැම්මොත් ඒක ලොකු අඩුවක් නිසයි දැම්මේ.


3)






9/11 සිද්ධියත් මේ එක්කම මතක් කර ගමු නේද....


4)

මේ පින්තූරෙත් කවදා කොහේ කවුරු ගත්ත එකක් ද කියල නම් සදහනක් නෑ. ඒත් මේ  මිනිසුන් දෙදෙනෙකුගේ අත් දෙකක් කියලනම් කියන්නම ඕන. ආහාර හිග කමේ ප්‍රතිඵලයක් කියලයි මටනම් හිතෙන්නේ. මේක ගැන දන්න කට්ටිය ඉන්නවනම් කියන්න........

5)

මේ පින්තූරෙ ගත්තයින් තත්පර කිපයකට පස්සේ හා තත්පර කීපයකට කලින් මොකද උනේ කියල කවුරුවත් දන්නවද.....???

6)

විස්තර නැත...

7)


ලොව ඇති විශාලම අභිරහස් පෙදෙස හෙවත් මහ මුහුද.... මුහුදෙන් මතු වූ තවත් එක් අභිරහස් සත්වයෙකුගේ පින්තූරයක්.. මේක මම කලින් දැකල තිබුන නිසයි ඒ ටිකත් දන්නේ... මීට වඩා කවුරුවත් දන්නවද.....???

8)

මිනිස් ඉතිහාසය වෙනස් කල සද ගමන... සද මතදී නීල් ආම්ස්ට්‍රොන්ගේ මෙම පින්තූරය ගෙන තිබුනේ ඇපලෝ 11 යානයේ සවි කර තිබූ කැමරාවකින් කියලයි කියන්නේ. මේ පින්තූරය නැත්තම් පෝස්ට් එක අසම්පූර්ණ වෙන නිසයි දැම්මේ... ඒත් සුපර් මාරියෝ නම් හද ගමන එතරම් විශ්වාස කරන්නේ නෑ.. ඕගොල්ලා ඒක ගැන මොකද කියන්නේ..??

9)

ස්වාහාවික සිද්ධියකින් "නොවුන" ලොව විශාලම විනාශය හෙවත් ජපානයට පරමානු බෝම්බ හෙලීම. මේ බෝම්බ හෙලපු යානයේ නියමුවත් මීට අවුරුදු කීපයකට කලින් අවසන් ගමන් ගියා කියල මට මතකයි. මේක ගැනත් ඔයාලට හිතෙන දේත් කියන්න.....

10)

කලු සුදු භේදය ගැන තියන මාරම පින්තූරයක් තමයි මේ. සුදු අයට එක සින්ක් එකක් හා කලු අයට තවත් සින්ක් එකක්. අපි වගේ තලඑලලු අය මොකෙන්ද බොන්නේ...???


මම කලින් කිව්ව වගේ මේ පින්තූර වලට විස්තරයක් තිබුනේ නෑ.. මේකෙ තියන පින්තූර ගැන දන්න අය ඉන්නවනම් එන්න දැනුම බෙදා ගන්න...


ඊලග පින්තූර ටිකත් ලගදීම දානවා... එතකන් ඉන්න... :D :D :D :D


දැන් ඉතින් සුපුරුදු වාක්‍ය.. හිතෙන දේ පහලින් කමෙන්ටුවක් දාලා.. ෆලෝ නොකරපු අය ෆලෝ පාරකුත් දාලම යන්න.... :-) :-)

Monday, June 13, 2011

ලෝකේ වටිනාම පින්තූර අතරින් කිහිපයක්..... 1 කොටස



ලෝකේ මෙතෙක් කැමරා කාචයට හසු උන ලස්සන, දුක් බර, පුදුම පින්තූර ටිකක් ගැන තමයි මේ කාලෙකින් දාන පෝස්ට් එක... මුලින්ම මේ ටික දුන්න කොට්ටාව පැත්තෙ හිත හොද කොල්ලට ස්තූති පාරක් දෙන්න ඕනි..

1)

දැක්ක ගමන් අදුරගන්න පුලුවන් කියල හිතනවා.. "ගරිල්ලා වීරයෙක්" විදියට හදුන් වන චේ ගුවේරා තමයි මේ.. ඔහුගේ කුඩා හිස් වැස්මත් සමග ඉවත බලාගෙන ඉන්න මේ පින්තූරය අරගෙන තියෙන්නේ ඇල්බටෝ කෝදා ( Alberto Korda ) විසින් 1960 මාර්තු 5 වන දිනයි. බෝම්බ අනතුරකින් මිය ගිය කෙනෙකුගේ අවමගුල් උතිසවයකදී තමයි මේ පින්තූරය අරන් තියෙන්නේ, එතකොට චේ ගේ වයස 31ක් පමණයි. මේ පින්තූරය ප්‍රසිද්ධ කරලා තියෙන්නේ ඉන් වසර 7කට පසුවයි.  The Art Institute of Maryland (USA)  ප්‍රකාශ කරන පරිදි 20 වන ශතවර්ශයේ ජනප්‍රියම පින්තූරය මෙයයි.. තවමත් ලොකයේ සිරාම පින්තූර 10 අතර මේක තියනවා කියල තමයි ආරංචි වෙන්නේ........

2)

Omayra Sanchez යනු 1985 දී පුපුරා ගිය කොළොම්බියාවේ Nevado del Ruiz ගිනිකන්දට ජීවිතය පූජා කල 13 හැවිරිදි ගැහැණු ළමයෙක්. මැය දින 3ක් ‍මඩ, වතුර, සහ නෑදෑයන් ගේ මළ සිරුරු අතර සිරවී ඉදල තියනවා. ජීවිතාරක්ෂක කණ්ඩායම් වලට මෙයාගෙ කකුල් නොකපා ගොඩට ගැනීමට ක්‍රමයක් තිබිල නෑ. අනිත් විකල්පය තිබිල තියෙන්නේ අධිබල බටයක් දාලා මේ ඇලෙනසුලු මඩ ඉවත් කරල දාන්න.. ඒත් ඔවුන් සතු එකම බටයත් තිබිල තියෙන්නේ ගොඩක් දුර වගේම ඒක ඒ වෙලාවෙ පාවිච්චි කරන්න බැරි තත්වයක. මෙයා මඩේ ඉදගෙනත් හිතල තියෙන්නේ ආයෙ ඉස්කෝලෙ ගිහිල්ලා විභාග පාස් වෙන විදියයි. පත්තර වාර්තා කරුවනුයි, ගැලවුම් කණ්ඩායමුයි මෙයාව තනි කරලා නෑ.. මේ පින්තූරය අරන් තියෙන්නේ "Frank Fournier" විසින්. මේක ප්‍රසිද්ධ කරල තියෙන්නෙත් මෙයාගෙ මරණයෙන් මාස කීපයකට පස්සෙයි.

3)

මේ පින්තූරය අරන් තියෙන්නේ ස්පාඤ්ඤ ජාතිකයෙක් වන Pultizer ත්‍යාගලාභී "Javier Bauluz" විසින්. ස්පාඤ්ඤ විදේශිකයන් දෙදෙනෙක් මිය ගිය නීති විරෝධී සංක්‍රමණිකයෙකුගේ මළ සිරුරක් දෙස බලන් ඉන්නා දර්ශනයක් තමයි තියෙන්නේ. අනවසර සංක්‍රමණය හා සම්බන්ධ වටිනා පින්තූරයක් ‍විදියට මෙය සැලකෙනවා.

4)

මෙය කැමරා කාචයට හසු කරන් තිබෙන්නේ ජනප්‍රිය කැමරා ශිල්පී "Nick Ut" විසින්. 1972 ජුනි 8 දින ඇමරිකානු යානා වියට්නාමයට බෝම්බ හෙලන ලදී. "Kim Phuc" නැමති 9 හැවිරිදි ගැහැණු ලමයා එයාගෙ පවුලෙ කට්ටියත් එක්ක ඉන්න වෙලාවක තමයි මේ කේදවාචකය වෙලා තියෙන්නේ. බෝම්බ අනතුරන් එයාගෙ ඇදුම් ගිනි ගෙන තියනවා. ජීවිතය බේර ගන්න අනිත් අයත් සමග දුවගෙන යද්දී ඇදුම් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන තියනවා. බරපතල පිලිස්සුම් තුවාල ලැබූ මෙයා මාස 14ක් රෝහලේ තමයි ඉදල තියෙන්නේ. සැත්කම් 17කට බදුන් කරල තියනවා සම බද්ද කිරීම් ද සමග. මේ පින්තූරයේ ඉන්න ගෑනු ලමයා දැන් කොහෙද කියල කට්ටිය හිතනවා ඇති නේ... එයා දැන් ලමයි දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. එයා ඉන්නේ කැනඩාවේ. එයාගෙ නමින් පදනමකුත් පවත්වාගෙන යනවා යුද්ධයෙන් අවතැන් වුන ලමයි වෙනුවෙන්. ඒ වගේම එයා යුනෙස්කෝ හී තානාපති වරියක් විදියටත් කවයුතු කරනවා. කොහොමද ෆොටෝ එකක් කල හරිය.. එහෙම කියල අපේ ගෑනු ලමයි ඇදුම් නැතුම ෆොටෝ වලට එහෙම පෙනී ඉන්න එපා හරිද....!!!!

5)

"කර්නල් සිරකරුවා මැරුවා, මම කර්නල් මැරුවා" මෙහෙම කියල තියෙන්නේ මේ පින්තූරය ගත්ත Eddi Adams. 1968 පෙබරවාරි 1 දී මේ පින්තූරය අරන් තියෙන්නේ Saigon වලදී. අත්අඩංගුවට පත් Vietcong ගරිල්ලෙකු ගේ අත් පිටුපසට කර බැද ලග සිට වෙඩි තබා තමයි මරල තියෙන්නේ. මේ වගේ මිනී මැරුම් ම්ලේච්ඡ විදියටයි සැලකෙන්නේ. මේ පින්තූරය ගත්ත පුද්ගලයා අවු 13 ක් යුධ පිටියේ ඡායාරුප ශිල්පියෙක් විදියට සේවය කරල තියනවා. මේ අවස්තාව ගැන කොතරම් ඔහු කලකිරී තියනවාද කියනව නම් ඔහු ඔහුගේ වෘත්තියත් මාරු කරල තියනවා මේ නිසාම... ඔහු Pultizer ත්‍යාගයද දිනා ඇති පුද්ගලයෙක්...


පෝස්ට් එක දිග වැඩි වෙන නිසාත්.. මේක සිංහලට පරිවර්ථනය කරලා සාරාංශ කරන්න ටිකක් වැඩිපුර වෙලා ගිහිපු නිසාත් මම මේකෙ පලවෙනි කොටස මෙතනින් නතර කරනවා...

ඕගොල්ලන්ට මගේ මේ පුංචි උත්සාහය ගැන කියන්න තියන දේවල් ඔක්කොම කියන්න... විහිලු, අකරතැබ්බ එක්ක ඕ‍ගොල්ලන්ට වැදගත් දෙයක් දෙන්නත් මේ සුපර් මාරියෝ හැම නිතරම උත්සාහ කරනවා... (සුපර් කියන්නේ නිකන් නෙවෙයි)

මේකේ 2 කොටසින් ලගදිම හමු වෙමු.....!!!!!

Sunday, June 5, 2011

කතාකරන පින්තූර 2 - පුංච් හුරතල්ලු..

මම කලින් දාපු කතා කරන පින්තූර 1 කොටසටත් කස්ටියගෙන් ඒ දවස් වල හැටියට හොද ප්‍රතිචාරයක් ලැබුන නිසා මට හිතුනා මෙන්න මේ හුරතල් පින්තූර ටිකත් ඒකෙ 2 කොටස විදියට දාන්න..

කලින් කොට බලපු නැති කට්ටිය මෙතන ක්ලික් කරන්න..




































ගුණ දොස් කියන්නත් අමතක කරන්න එපා හොදේ.....!!!

ෆලෝ පාරකුත් දාලම යන්නකෝ....!!!!


Friday, June 3, 2011

පිටින් කන්නෙ පරිස්සමට..!!!!! ( ඇත්තම ඇත්ත කතාවක් ) - 3 කොටස

අඩේ මගේ මේ කතා සෙට් එකට කට්ටියගෙන් මාර සපෝර්ට් එකක් හම්බෙලා තියනවා.. ආසාවෙ බෑ.. මේ ඇත්ත කතා ටික කියවපු නැති එක්කෙනෙත් ඉන්නවනම් ඒවත් කියවලම හිටියනම් තමයි හොද,

මෙන්න අද කතාව,

මේ කතාව උනේ 2010 මුල. අපි උ.පෙ. කරල ගෙදර ඉන්න කාලේ. සෙට් එකේ යාලුවො 5ක විතර හිටියා. දවස් දෙකක් පන්සලට පොඩි රෙපෙයාර් එකක් දුන්න කටිනෙට ( ද කොහේ, හරියටම මතක නෑ ). 

මොකක් හරි වැඩක් සාර්ථකව කරාම කොත්තුවක් හරි ෆ්‍රයිඩ් රයිස් එකක් හරි බන්ඩියට යවා ගන්න එක කට්ටියගෙම පුරුද්දක්(බෙබා ල නැති නිසා බොන කේස් නෑ).  

ඔන්න ඉතින් සුපුරුදු පරිදි 7.30 ට විතර දන්න කියන කඩේකට ආව. ඇවිල්ලා කොත්තු ඕඩර් කරල ඉතින් සුපුරුදු පරිදි දෙසා බබා හිටියා. එදා කට්ටිය ලග ආර්ථික අහේනියක් තිබ්බ නිසා බිත්තර කොත්තු තමයි ගත්තේ. ඔන්න ඉතින් සුපර් මරියෝත් කකා ඉන්න කොට හැපෙන්නෙ නැති මොකක්ද එකක් කටට අහු උනා. බිත්තර කොත්තුවේ මස් කට්ටක් කියල හිතර මාත් ටිකක් තදට හැපුවා.. හෙල්ලෙන්නෙ වත් නෑ..

අරන් බලකොට රිවට් ඇනයක එක පැත්තක්... මම මේක අපේ කට්ටියට පෙන්නුවාම එතන හිටපු තව සහෝදරයෙක් ගුලි කරන් හිටපු අත දිග ඇරියා.. හුටා පොර ලග රිවට් ඇනේ අනිත් කෑල්ල. (රිවට් ඇණයක දෙපැත්තක් තියනවනේ). කඩේ අංකල් අදුරන එක්කෙනෙක් නිසා මම ෂේප් එකේ පොරට කිව්වා. මිනිහත් බැලුවා මේක කොහෙන්ද ආවෙ කියලා පොරටත් හොයාගන්න බැරි උනා හෝ බැරි උන විදියට හිටියා..

(මෙන්න රිවට් ඇණේ කෑලි 2. උඩ දෙකම එකයි)

අහ්... කලින් පෝස්ට් එකේ තිබ්බ ටින්ටස් ඇනේ කතාව මම ඒ කඩේ අයියටත් කිව්වා... (එතන එයාගෙ යාලුවෙක් විතරයි හිටියේ කස්ටමර්ස් ල නැති වෙනකන් ඉදල කිව්වේ). එපාර යාලුවා කියනව කඩේ අයියට "මේ මල්ලිගෙ ෆොටෝ එකක් අරන් ගෙදර අරන් ගිහින් දුම් අල්ලපන්, වෙන එකෙකුට ඔය ඇනේ ගියා නම් උබට කඩේ වහල වහ බොන්නයි වෙන්නේ". කියලා.. ඒ අයියගෙමයි කඩේ. පටන් අරන් අවුරුද්දක් විතර වෙනවා' කෑමත් හොද නිසා බිස්නසුත් දැන් හැදීගෙන එනවා.. ඒකයි පොර එහෙම කිව්වේ..... :D :D :D

මගේ මේ කතාව ගැන හිතෙන දේත් පහලින් දාල යන්නකෝ.......

Follow කරල නැතත්තම් ෆලෝ කරා කියලා මම මුකුත් කියන්නේ නෑ.... :D :D :D