මගේ මේ පෝස්ට් සෙට් එකටම ලොවෙත් නැති සපෝර්ට් එකක් ලැබුණ නිසා මම හිතුවා අන්තිම ටිකත් පුලුවන් තරම් ඉක්මනට දාගත්තොත් හොදයි කියලා උණුසුම යන්නත් කලින්ම. කලින් පින්තූර ටික බැලුවෙ නැත්තම් ඒ ටිකත් බලල ඉන්නකෝ...
මේ වගේ පින්තූර ගන්න කොච්චර කැපකිරීමක් උනන්දුවක් තියෙන්න ඕනද කියල ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.... 3 කොටසේ තියන ඇෆ්ගන් දැරිය කියන පින්තූරෙ ඉන්න ගෑනු ලමයව හොයා ගන්න ඡායාරූප ශිලිපියා අවු 17 ක් මහන්සි වෙලා තියනවනේ.. ඒ වගේම Death Rode කියන පින්තූරෙ ගත්තයින් පස්සේ ඒ ඇති උන හිත් වේදනාවට ඒ ඡායාරූප ශිල්පියා සිය දිවි හානි කරගෙනත් තියනවලුනේ... ඔය වගේ පුදුම, දුක,සතුට හිතෙන කතා ගොඩක් මේ පින්තූර අස්සේ හැංගිලා තියෙන්න පුලුවන් සදහටම..... අන්න ඒ නිසයි මගෙ යාලුවෙක් කිව්ව විදියට මේ දුර්ලභ පින්තූර අතර තියෙන ප්‍රසිද්ධ වෙච්ච කතා ටික මගෙ යාලුවො කට්ටියටම කියන්න හිතුවේ... අද පූර්විකාව දිග වැඩිද මන්දා... මෙන්න එහෙනම් පෝස්ට් එක...
1)
මාරක ඇද වැටීම - Fatal Fall
දැක්කහමත් ඇග කිලි පොලා යන දර්ශනයක්. මේ වගේ එව්වා ෆිල්ම් වල ඕන තරම් දැක්කත්, ඇත්ත ජීවිතේ නම් මෙහෙම එකක් දකින්න නොලැබේ වා කියලයි සුපර් මාරියෝ ප්‍රාර්ථනා කරන්නේ..
"The Falling Man" තමයි මේ පින්තූරෙට දීපු මාතෘකාව. මේ පින්තූරෙ අරන් තියෙන්නේ "Richard Drew" විසින් 2001 සැප්තැම්බර් 11. දිනේ කිව්ව ගමන් කට්ටියටම මේ මොකද්ද කියල හිතා ගන්න පුළුවන් නේද..?? උදේ 9.41 යි තත්පර 15ට තමයි මේ පින්තූරෙ අරන් තියෙන්නේ.... මේ පනින මිනිසා මෙහෙම පනින්න ඇත්තේ පොලවට පතිත උන ගමන් ක්ෂණික මරණයක් බලාපොරොත්තුවෙන් වෙන්න ඇතියි කියලයි සදහන් වෙන්නේ.. මොකද ගුවන් යානා ඇවිල්ල හැපුනට මැරෙන්න වෙන්නේ ගින්දරට පිච්චිලා වගේ හෙමින් සැරේ දුක් විදලනේ... මේ පින්තූරයෙන් මනුෂ්‍යයා ගේ දුර්වල කම හා හිත හයිය නොමැති කම මනාව පෙන්වනවා කියල කියන්නේ මේකත් එක් ආකාරයක සියදිවි හානි කරගැනීමක් නිසා වෙන්න ඇති.
2)
තුවාල ලත් සොල්දාදුවා - Wounded Soldier
වෙනිසියුලාවේ "Carabobo" ප්‍රාන්තයේ "Puerto Cabello" හි දි 1962 කැරැල්ල ඇතිවු වෙලාවේදි සිදුවූ සිද්දියකි මේ. මේ සිද්ධි දාමය හදුන්වන්නේ ආඥාදායකත්වය ම්ලේඡ ලෙස කැරලිකාරයන් මැඩලූ සිද්ධි දාමයක් ලෙසටය. මේ පින්තූරයේ දැක්වෙන්නේ "Luis Maria Padilla" නම් පාදිරි තුමන් (Padre) තුවාල ලත් සොල්දාදුවෙකුගේ අතින් අල්ලන් සටිනා ඡායාරූපයකි. මෙම පාදිරි තුමන් සෙබලාව එසවීමට උත්සාහ දරන මොහොතේ "My father help me" යැයි සෙබලා විසින් අමාරුවෙන් කියා ඇත.
මේ පින්තූරය ලොව වටා ගොස් ඇති අතර "Pulitzer" ත්‍යාගයද මේ සදහා හිමිවී ඇත. ( මෙම පින්තූරය කවුරුන් විසින් ගත්තා දැයි සදහනක් නොමැත ) මේ අවාසනාවන්ත මිනිසාගේ ලොවින් සමුගැනීම ලොවටම පසක් කර දෙන්නේ මෙවැනි ගැටුම් නිසා ජීවිත පුදන්නේ අහිංසක සෙබලුන් හා කැරලිකාරයන් (කැරලිකරුවන් ඇතැම් විට සාධාරන විය හැක) මිසක් ආඥාදායක පාලන තන්ත්‍රය නොවන බවය...
3)
වතු අහිමි ගොවීන් ගේ ගැටුම - Straggle of landless farmers
මේ පින්තූරය අරන් තියෙන්නේ "Luiz Vasconcelos" විසිනුයි. මේ සදහා ඔහුට ප්‍රවෘත්ති අංශයෙන් "World Press" සම්මානයද 2000 දී ලැබී ඇත. මේ පින්තූරයේ සිටිනා කාන්තාව මෙලෙස තම දරුවාත් රැගෙන විරෝධය දක්වන්නේ තමන් සිටිනා භූමි වලින් නෙරපා හැරීමට පොලීසිය ගෙන ඇති තීරණයට විරෝධය දැක්වීමටයි. මෙය බ්‍රසීලයේ "Manaus" වල සිදුවූ සිද්ධියකි. ඉඩම් අහිමි ඉන්දියානුවන් සුදු ජාතික "Creole" (දකුණු ඇමරිකානුවන්ගේ භාෂාවය) ඉඩම් හිමිකරුවන්ට එරෙහිව නැගී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය දැක්විය හැක. මේ පින්තූරෙ දැක්කාම මීට පස්සෙ මේ දුප්පත් පවුල් වලට මොකද උනේ කියල හිතන්නත් මොකද්ද වගේ නේද...!! ඒ ගැන සදහනක් නැත්තෙ ඒක ගොඩක් දුක්බර නිසාද දන්නේ නෑ.
4)
4)
බුල්ඩොසරයක ට අතරමැදිව - Under the Claws of the Bulldozer
මේක නම් සෑහෙන්න දුක හිතෙන කේස් එකක්. මේ පින්තූරෙ ඉන්නේ "Rachel Aliene Corri". එයා ඉපදිලා තියෙන්නේ 1979 අප්‍රේල් 10. එයා මරණයට පත් වුනේ(කෙරුවේ) 2003 මාර්තු 16. International Solidarity Movement (ISM) නම් සංවිධානයේ මෙයා ඇමරිකානු සාමාජිකාවක්.
මෙයා මිය ගියේ ගාසා තීරයේදී, ඊස්‍රායල් හමුදා බුල්ඩෝසරයකට යටවීමෙනි. පලස්තීන නිවසක් විනාශ කිරීමට පැමිණි බුල්ඩෝසරය ඉදිරියට මෙයා ගිහින් තියෙන්නේ මිනිස් පලිහක් (Human Shield) එකක් වශයෙන් එයට විරෝධය දැක්වීමටයි. එය ගණන් නොගත් බුලුඩෝසර් කරු මැයව යටකර දමා තියනවා. පහත ඇති පින්තූර 2 යටකිරීමට පෙර හා පසු ගත් ඒවායි. ඊස්‍රයල් හමුදා ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ බුල්ඩෝසර් කරුට මැයව නොපෙනුන බැවින් යට වී ඇති බවය. එහෙත් ඇසින් දුටු සාක්ෂි කරුවකු පවසා ඇත්තේ එසේ නොපෙනීමට හේතුවක් නොතිබුන බවය. ( බුප්ඩෝසරයේ Claws නිසා මැය නොපෙනී ඇති බව තර්කය වී ඇත)
ඇමරිකාවේ "Evergreen State College" හී ශිෂ්‍යාවක් වු මැය වසරක නිවාඩුවක් ගෙන ගාසා තීරයට ගොස් ඇත්තේ පලස්තීන ඊස්‍රායල් ගැටුමේ සත්‍ය තත්වය සෙවීමටයි.
මිය යාමට මොහොතක් පෙර හා පසු
5)
යුධ ටැංකියකට එරහිව නැගී සිටි ළමයා - The Child resisting a Tank
පලස්තීන ළමයෙක් පලස්තීනයේ දී ඊස්‍රායල් යුධ ටැංකියකට ගලකින් ගැසීමට සැරසෙන දසුනක් මෙම පින්තූරයේ දැක්වෙයි. 1990 දී ගෙන ඇති මෙම පින්තූරය ගත් කෙනා ගැන සදහනක් නැත. මෙම පින්තූරය මගින් මහජනයා ගෙන් නැගෙන අති විශාල ප්‍රතිරෝධය මනාවට පෙන්නු කරයි. තම රට වෙනුවෙන් වෙන කිසිදු උදව්වක් නැති වුවද ඕනම වෙලාවක තමන් සිටිනා බව හොදින් පසක් කරන පින්තූරයකි මේ.
ඍජුවම කොලනි පවතින 21 ශතවර්ශයේ එකම රට පලස්තීනයයි. එලෙසම 1948 සිටන් ලොව විශාලම එළමහන් සිර කදවුරත් පලස්තීනයයි.
6)
අවසන් පින්තූරය - The Ultimate Photo
(මෙය ව්‍යාජ පින්තූරයක් බව පසුව සොයා ගන්නා ලදී. මුලින්ම මෙය
පෙන්නූ "ටාසන්" ට හා Himansa ට ස්තූති කරමි)
මෙහි ඇත්තේ සුනාමියට මොහොතකට පෙර පැමිණි වැලි කුණාටුවක ඡායාරූපයකි....!!!
(මෙය ව්‍යාජ පින්තූරයක් බව පසුව සොයා ගන්නා ලදී. මුලින්ම මෙය
පෙන්නූ "ටාසන්" ට හා Himansa ට ස්තූති කරමි)
මෙහි ඇත්තේ සුනාමියට මොහොතකට පෙර පැමිණි වැලි කුණාටුවක ඡායාරූපයකි....!!!
මෙය මාගේ මෙම පින්තූර එකතුවේ අවසන් පින්තූරය වන අතරම මෙහි නමද "අවසන් පින්තූරය" යි. ඇතැමුන් දෙවියන් විශ්වාස කරන අතර ඇතැමුන් එසේ නොකරයි. නමුත් අප නිරතුරු මතක තබා ගත යුත්තේ ස්වභාවධර්මයත් සමග සසදන කල්හී අප ඉතා කුඩා බවය. මේ පින්තූරය දුටුවිගස මට නම් සිතුනේ වැලි කූණාටුවක් කියාය. ඒත් වැලි කුණාටුව අවසන් ඡායාරූපය වූයේ කෙලෙසදැයි මට ගැටලුවක් ඇතිවිය. නමුත් මෙහි ඇත්‍තේ සුනාමියක ඡයාරූපයක් ය. එය ඉතින් අවසන් ඡයාරූපය බව ආයේ අමුතුවෙන් ඇසිය යුතු නැත. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ දි ගත් ඡායාරූපයකි මේ.
මීටර් 20 ක් පමන ඉහල රළ පැමිණ තිබූ සුනාමියේ මෙම දසුන සොයා ගෙන තිබුනේ, සුනාමිය පැමිණ මාස 1 1/2 කට පසු ඩිජිටල් කැමරාවකිනි. මෙම පින්තූරය ගත් පුද්ගලයා කැමරාවේ බොත්තම එබීමෙන් පසු තත්පර කීයක් ජීවත් වූවාදැයි අපි කවුරුත් නෙදනිමු. නමුත් ඔහු මෙලොවින් සමු ගත්තේ ඔහු ගනු ලැබූ අතිශය දුර්ලභ ඡායාරූපයක් ලොවටම ඉතිරි කරමිනි. අපි කාටත් මරණය නියතය. "මාරයා" කවදා හෝ අපි කරා එනු ඇත. (ඒත් එයාට තාම මගේ බ්ලොග් එක ෆලෝ කරන්න අමතක වී ඇත) එලෙස අප මෙලොවින් සමුගන්නා විට මේ ලෝකය වෙනුවෙන් නාමිකව හෝ නිරිනාමිකව යමක් කිරීමට වගබලා ගනිමු.
ඔන්න මාගේ කතාවනම් මින් අවසානය කියවූ ඔබ සැමට තැන්කූ ය. සුපුරුදු ලෙස කියන පරිදි ෆලෝ නොකරපු අය ෆලෝ කරන්න... කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා කවුරුවත්..
ප.ලි - මගේ මේ පෝස්ට් 4න් ඔයා වැඩියෙන්ම කැමති මොන පින්තූරයටද කියලත් කියල යන්න අමතක කරන්න එපා (පෝස්ට් එකේ අංකයයි, පින්තූරෙ අංකයයි දාන්න. උදා - 4,5)