Thursday, June 16, 2011

ලෝකේ වටිනාම පින්තූර අතරින් කිහිපයක්..... 2 කොටස



කලින් පෝස්ට් එකට නම් කට්ටියගෙන් ලොවෙත් නැති වෙන්න සපෝර්ට් එක හම්බවුනා.  කට්ටියටම බොහොම ස්තූතියි.. ඒක බලපු නැති කට්ටිය මෙතන ඔබන්නකෝ.. 

අද දාන පින්තූර වල නම් විස්තරය හරියටම හරිද කියල කියන්න බෑ.. මොකද කලින් පෝස්ට් එකේ දාපු පින්තූර සෙට් එකේ තිබුන ඒවා නෙවෙයි මේ.. හොදම ටික අන්තිමට තියන්න එපැයි.... :D 


මේ පින්තූර වල කතාව දන්නවනම් පින්තූරයේ අංකයත් එක්ක කමෙන්ටුවක් දාන්නකෝ...

1)


මේ පින්තූරය ගැන නම් විස්තර අනවශ්‍යයි නේ.. මේක ගන්න නම් සෑහෙන්න මහන්සි වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ.


2)


මේක ගැනත් කියන්න ඕන නෑ නේ.. හදේ ඉන්න කොට පෘථිවිය පායන්නේ මෙහෙම තමයි. මේක හැමෝම දැකල තිබුනට මේ පින්තූරය නොදැම්මොත් ඒක ලොකු අඩුවක් නිසයි දැම්මේ.


3)






9/11 සිද්ධියත් මේ එක්කම මතක් කර ගමු නේද....


4)

මේ පින්තූරෙත් කවදා කොහේ කවුරු ගත්ත එකක් ද කියල නම් සදහනක් නෑ. ඒත් මේ  මිනිසුන් දෙදෙනෙකුගේ අත් දෙකක් කියලනම් කියන්නම ඕන. ආහාර හිග කමේ ප්‍රතිඵලයක් කියලයි මටනම් හිතෙන්නේ. මේක ගැන දන්න කට්ටිය ඉන්නවනම් කියන්න........

5)

මේ පින්තූරෙ ගත්තයින් තත්පර කිපයකට පස්සේ හා තත්පර කීපයකට කලින් මොකද උනේ කියල කවුරුවත් දන්නවද.....???

6)

විස්තර නැත...

7)


ලොව ඇති විශාලම අභිරහස් පෙදෙස හෙවත් මහ මුහුද.... මුහුදෙන් මතු වූ තවත් එක් අභිරහස් සත්වයෙකුගේ පින්තූරයක්.. මේක මම කලින් දැකල තිබුන නිසයි ඒ ටිකත් දන්නේ... මීට වඩා කවුරුවත් දන්නවද.....???

8)

මිනිස් ඉතිහාසය වෙනස් කල සද ගමන... සද මතදී නීල් ආම්ස්ට්‍රොන්ගේ මෙම පින්තූරය ගෙන තිබුනේ ඇපලෝ 11 යානයේ සවි කර තිබූ කැමරාවකින් කියලයි කියන්නේ. මේ පින්තූරය නැත්තම් පෝස්ට් එක අසම්පූර්ණ වෙන නිසයි දැම්මේ... ඒත් සුපර් මාරියෝ නම් හද ගමන එතරම් විශ්වාස කරන්නේ නෑ.. ඕගොල්ලා ඒක ගැන මොකද කියන්නේ..??

9)

ස්වාහාවික සිද්ධියකින් "නොවුන" ලොව විශාලම විනාශය හෙවත් ජපානයට පරමානු බෝම්බ හෙලීම. මේ බෝම්බ හෙලපු යානයේ නියමුවත් මීට අවුරුදු කීපයකට කලින් අවසන් ගමන් ගියා කියල මට මතකයි. මේක ගැනත් ඔයාලට හිතෙන දේත් කියන්න.....

10)

කලු සුදු භේදය ගැන තියන මාරම පින්තූරයක් තමයි මේ. සුදු අයට එක සින්ක් එකක් හා කලු අයට තවත් සින්ක් එකක්. අපි වගේ තලඑලලු අය මොකෙන්ද බොන්නේ...???


මම කලින් කිව්ව වගේ මේ පින්තූර වලට විස්තරයක් තිබුනේ නෑ.. මේකෙ තියන පින්තූර ගැන දන්න අය ඉන්නවනම් එන්න දැනුම බෙදා ගන්න...


ඊලග පින්තූර ටිකත් ලගදීම දානවා... එතකන් ඉන්න... :D :D :D :D


දැන් ඉතින් සුපුරුදු වාක්‍ය.. හිතෙන දේ පහලින් කමෙන්ටුවක් දාලා.. ෆලෝ නොකරපු අය ෆලෝ පාරකුත් දාලම යන්න.... :-) :-)

14 comments:

  1. හයවෙනි පින්තූරේ ඉන්නේ අවුරුදු පහක හෝ හයක විතර ගැබ් ගත්ත ගෑනු දරුවෙක්. මට ඔය ෆෝටෝ එක මේල් එකකින් දකින්න ලැබුනා.

    අර හත්වෙනි ෆොටෝ එකේ ඉන්න අත්භූත සත්වයා මතු වෙන්නේ ගොඩ කාලෙකට එකපාරයි ලු. ඒක විජය පත්තරේ ලිපියක තියෙනවා දැක්කා. දන් ගොඩක් කල් හන්දා මතක නෑ. අඩුගානේ උගේ නම දන්නවනම් ගූගල් කරලා හරි බලන්න තිබ්බා.

    අනිත් සමහර ෆොටෝ නම් කලින් දැකලා තියෙනවා. දැකලා නැති ෆොටෝ කීපයකුත් තියෙනවා. බොහොම ස්තුතියි මේ ලිපියට.

    ප.ලි. - පෝස්ට් එකකට ෆොටෝ දාද්දි photobucket, flicker වගේ සයිට් එකකට අප්ලෝඩ් කරලා ලින්ක් එක විතරක් දාන්න. නැත්නම් බ්ලොගේට දීලා තියෙන ගිගාබයිට් එක ඉවර වෙයි. එතකොට බ්ලොග් එක ස්ලෝ වෙන්න බලයි. ගොඩක් අය කරන්නෙ එහෙමයි. කෙලින්ම ෆොටො දාන්නේ නෑ.

    ReplyDelete
  2. @ කුරුල්ලා - උඹ ඕවනම් හොඳට දන්න්ව නේ.... :D :D

    @ මධුරංග අය්යා - මාත් විජය පත්තරේ තිබිලා ඔය ටික දැකකා.. තැන්කු ආයෙ මතක් කරාට..

    ඊලග පාර මම ලින්ක් එක දාන්න බලන්නම්...

    ReplyDelete
  3. සුපිරි පෝස්ට් දෙක...........
    මම නම් ගොඩක් ම කැමති පලවෙනි පින්තූරෙට

    ReplyDelete
  4. අඩෝ අන්තිම එක ගැන කියනවනං මම සින්ක් දෙකෙන්ම සමාන පරිමා වලින් වතුර ‍බොනවා හි හි :D නැත්තං දෙකම කඩලා දානවා...

    ReplyDelete
  5. ඔය හත්වෙනි පින්තූරේ ඉන්න සත්වයා ගැනනම් මමත් ටිකක් අහලා තියෙනවා.. ඒත් ඒකෙ ඇත්ත නැත්ත නම් තාම රහසක්.. ඔය මීට කාලෙකට කලින් වදවෙලා ගිය සතෙක් කියලයි විශ්වාස කරන්නෙ..
    ඔන්න මේකෙන් බලන්නකෝ විස්තර ටිකක්

    http://en.wikipedia.org/wiki/Loch_Ness_Monster

    ReplyDelete
  6. 7 පින්තූරේ ඉන්නේ "නෙසී" කියන සතා . ඇත්තටම එහම එකෙක් ඉන්නවාද නම් දන්නේ නෑ ඕකා ඉන්නේ මොකද්ද මන්දා ලොකු විලක ඔය සතාගේ ෆොටෝ ගහන්න කියලා සංචාරකයෝ සෑහෙන ගානක් ඔය විලට එනවා . සමහරවිට සංචාරකයෝ ගෙන්න ගන්න දීපු ට්‍රයක් ද මන්දා ?

    ඇත්ත නැත්ත දෙයියෝ දනී ..

    ReplyDelete
  7. එල එල මචන් පට්ට පින්තුර ටික..

    ජය වේවා....

    ReplyDelete
  8. පලවෙනි පින්තුර පෙලෙහි ඉදිරිපත් කල වියට්නාමයට් යුද්ද යට සම්බන්ධ ඡායාරූපයෙහි , ඇමරිකානු ගුවන් හමුදාව විසින් බෝම්බ හෙලු බව සදහන් කලත් සැබවින්ම සිදුවුයේ ඇමරිකානු මෙහයුමකට සහාය දීමට පැමිනි දකුනු වියට්නාම් ගුවන් යානා මගින් ගම්මානය වෙත බොම්බ හෙලීමයි..............

    හතර වැනි ඡායාරූපය වැනි තවත් ලෝක ප්‍රසිද්ද ඡායාරූපයක් තියන්වා සාගිනෙන් මිය යාමට ආසන්න දරුවකු දෙස බලා සිටින " ගිජු ලිහිනියකු " සිටින .

    http://filipspagnoli.wordpress.com/2010/05/10/iconic-images-of-human-rights-violations-49-sudanese-girl-dying-of-hunger-as-a-vulture-patiently-waits/

    ReplyDelete
  9. loch ness monster නම් බං මම දන්නා හැටියට මොකද්දෝ විලක ඉන්නවා කියන්නේ... හෙව්වේ නෑ.. මොකක් හරි වැඩසටහනක කිව්වා.. අර ෆේස් බූක් එකේ happy aquarium ගහද්දි expedition crew එක complete කරාම ඔයිං එකෙක් හම්බෙනවා....:-p

    ReplyDelete
  10. කට්ටියටම ගොඩක් ඉස්තූතියි අදහස් වලට.. තව පෝස්ට් එකක් එනවා ලගඳීම.....

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. 7 පිංතූරෙ ඉන්නෙ නෙසී කියන අද්භූත සත්වයා.මේ සතා මතුවන්නේ නෙස් විලේය

    ReplyDelete
  13. @බබා - තැන්කූ කිව්වට...!! හිස් අහසේ සදරු අයියත් කලින් ඕක කිව්වා... :)

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...