Thursday, June 30, 2011

ලෝකේ වටිනාම පින්තූර අතරින් කිහිපයක්..... 4 කොටස (විස්තර සහිතයි)

මගේ මේ පෝස්ට් සෙට් එකටම ලොවෙත් නැති සපෝර්ට් එකක් ලැබුණ නිසා මම හිතුවා අන්තිම ටිකත් පුලුවන් තරම් ඉක්මනට දාගත්තොත් හොදයි කියලා උණුසුම යන්නත් කලින්ම. කලින් පින්තූර ටික බැලුවෙ නැත්තම් ඒ ටිකත් බලල ඉන්නකෝ...

මේ වගේ පින්තූර ගන්න කොච්චර කැපකිරීමක් උනන්දුවක් තියෙන්න ඕනද කියල ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.... 3 කොටසේ තියන ඇෆ්ගන් දැරිය කියන පින්තූරෙ ඉන්න ගෑනු ලමයව හොයා ගන්න ඡායාරූප ශිලිපියා අවු 17 ක් මහන්සි වෙලා තියනවනේ.. ඒ වගේම Death Rode කියන පින්තූරෙ ගත්තයින් පස්සේ ඒ ඇති උන හිත් වේදනාවට ඒ ඡායාරූප ශිල්පියා සිය දිවි හානි කරගෙනත් තියනවලුනේ... ඔය ‍වගේ පුදුම, දුක,සතුට හිතෙන කතා ගොඩක් මේ පින්තූර අස්සේ හැංගිලා තියෙන්න පුලුවන් සදහටම..... අන්න ඒ නිසයි මගෙ යාලුවෙක් කිව්ව විදියට මේ දුර්ලභ පින්තූර අතර තියෙන ප්‍රසිද්ධ වෙච්ච කතා ටික මගෙ යාලුවො ‍කට්ටියටම කියන්න හිතුවේ... අද පූර්විකාව දිග වැඩිද මන්දා... මෙන්න එහෙනම් පෝස්ට් එක...

1)
මාරක ඇද වැටීම - Fatal Fall


දැක්කහමත් ඇග කිලි පොලා යන දර්ශනයක්. මේ වගේ එව්වා ෆිල්ම් වල ඕන තරම් දැක්කත්, ඇත්ත ජීවිතේ නම් මෙහෙම එකක් දකින්න නොලැබේ වා කියලයි සුපර් මාරියෝ ප්‍රාර්ථනා කරන්නේ..

"The Falling Man" තමයි මේ පින්තූරෙට දීපු මාතෘකාව. මේ පින්තූරෙ අරන් තියෙන්නේ "Richard Drew" විසින් 2001 සැප්තැම්බර් 11. දිනේ කිව්ව ගමන් කට්ටියටම මේ මොකද්ද කියල හිතා ගන්න පුළුවන් නේද..?? උදේ 9.41 යි තත්පර 15ට තමයි මේ පින්තූරෙ අරන් තියෙන්නේ.... මේ පනින මිනිසා මෙහෙම පනින්න ඇත්තේ පොලවට පතිත උන ගමන් ක්ෂණික මරණයක් බලාපොරොත්තුවෙන් වෙන්න ඇතියි කියලයි සදහන් වෙන්නේ.. මොකද ගුවන් යානා ඇවිල්ල හැපුනට මැරෙන්න වෙන්නේ ගින්දරට පිච්චිලා වගේ හෙමින් සැරේ දුක් විදලනේ... මේ පින්තූරයෙන් මනුෂ්‍යයා ගේ දුර්වල කම හා හිත හයිය නොමැති කම ‍මනාව පෙන්වනවා කියල කියන්නේ මේකත් එක් ආකාරයක සියදිවි හානි කරගැනීමක් නිසා වෙන්න ඇති.

2)
තුවාල ලත් සොල්දාදුවා - Wounded Soldier 


වෙනිසියුලාවේ "Carabobo" ප්‍රාන්තයේ "Puerto Cabello" හි දි 1962 කැරැල්ල ඇතිවු වෙලාවේදි සිදුවූ සිද්දියකි මේ. මේ සිද්ධි දාමය හදුන්වන්නේ ආඥාදායකත්වය ම්ලේඡ ලෙස කැරලිකාරයන් මැඩලූ සිද්ධි දාමයක් ලෙසටය. මේ පින්තූ‍රයේ දැක්වෙන්නේ "Luis Maria Padilla" නම් පාදිරි තුමන් (Padre) තුවාල ලත් සොල්දාදුවෙකුගේ අතින් අල්ලන් සටිනා ඡායාරූපයකි. මෙම පාදිරි තුමන් සෙබලාව එසවීමට උත්සාහ දරන මොහොතේ "My father help me" යැයි සෙබලා විසින් අමාරුවෙන් කියා ඇත. 

මේ පින්තූරය ලොව වටා ගොස් ඇති අතර "Pulitzer" ත්‍යාගයද මේ සදහා හිමිවී ඇත. ( මෙම පින්තූරය කවුරුන් විසින් ගත්තා දැයි සදහනක් නොමැත ) මේ අවාසනාවන්ත මිනිසාගේ ලොවින් සමුගැනීම ලොවටම පසක් කර දෙන්නේ මෙවැනි ගැටුම් නිසා ජීවිත පුදන්නේ අහිංසක සෙබලුන් හා කැරලිකාරයන් (කැරලිකරුවන් ඇතැම් විට සාධාරන විය හැක) මිසක් ආඥාදායක පාලන තන්ත්‍රය නොවන බවය...

3)
වතු අහිමි ගොවීන් ගේ ගැටුම - Straggle of landless farmers  

මේ පින්තූරය අරන් තියෙන්නේ "Luiz Vasconcelos" විසිනුයි. ‍මේ සදහා ඔහුට ප්‍රවෘත්ති අංශයෙන් "World Press" සම්මානයද 2000 දී ලැබී ඇත. මේ පින්තූරයේ සිටිනා කාන්තාව මෙලෙස තම දරුවාත් රැගෙන විරෝධය දක්වන්නේ තමන් සිටිනා භූමි වලින් නෙරපා හැරීමට පොලීසිය ගෙන ඇති තීරණයට විරෝධය දැක්වීමටයි.  මෙය බ්‍රසීලයේ "Manaus" වල සිදුවූ සිද්ධියකි. ඉඩම් අහිමි ඉන්දියානුවන් සුදු ජාතික "Creole" (දකුණු ඇමරිකානුවන්ගේ භාෂාවය) ඉඩම් හිමිකරුවන්ට එරෙහිව නැගී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය දැක්විය හැක. මේ පින්තූරෙ දැක්කාම මීට පස්සෙ මේ දුප්පත් පවුල් වලට මොකද උනේ කියල හිතන්නත් මොකද්ද වගේ නේද...!! ඒ ගැන සදහනක් නැත්තෙ ඒක ගොඩක් දුක්බර නිසාද දන්නේ නෑ.


4)
බුල්ඩොසරයක ට අතරමැදිව - Under the Claws of the Bulldozer 


මේක නම් සෑහෙන්න දුක හිතෙන කේස් එකක්. මේ පින්තූරෙ ඉන්නේ "Rachel Aliene Corri". එයා ඉපදිලා තියෙන්නේ 1979 අප්‍රේල් 10. එයා මරණයට පත් වුනේ(කෙරුවේ) 2003 මාර්තු 16. International Solidarity Movement (ISM) නම් සංවිධානයේ මෙයා ඇමරිකානු සාමාජිකාවක්.

මෙයා මිය ගියේ ගාසා තීරයේදී, ඊස්‍රායල් හමුදා බුල්ඩෝසරයකට යටවීමෙනි.  පලස්තීන නිවසක් විනාශ කිරීමට පැමිණි බුල්ඩෝසරය ඉදිරියට මෙයා ගිහින් තියෙන්නේ මිනිස් පලිහක් (Human Shield) එකක් ව‍ශයෙන් එයට විරෝධය දැක්වීමටයි. එය ගණන් නොගත් බුලුඩෝසර් කරු මැයව යටකර දමා තියනවා. පහත ඇති පින්තූර 2 යටකිරීමට පෙර හා පසු ගත් ඒවායි. ඊස්‍රයල් හමුදා ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ බුල්ඩෝසර් කරුට මැයව නොපෙනුන බැවින් යට වී ඇති බවය. එහෙත් ඇසින් දුටු සාක්ෂි කරුවකු පවසා ඇත්තේ එසේ නොපෙනීමට හේතුවක් නොතිබුන බවය. ( බුප්ඩෝසරයේ Claws නිසා මැය නොපෙනී ඇති බව තර්කය වී ඇත)

ඇමරිකාවේ "Evergreen State College" හී ශිෂ්‍යාවක් වු මැය වසරක නිවාඩුවක් ගෙන ගාසා තීරය‍ට ගොස් ඇත්තේ පලස්තීන ඊස්‍රායල් ගැටුමේ සත්‍ය තත්වය සෙවීමටයි. 

මිය යාමට මොහොතක් පෙර හා පසු

5)
යුධ ටැංකියකට එරහිව නැගී සිටි ළමයා - The Child resisting a Tank


පලස්තීන ළමයෙක් පලස්තීනයේ දී ඊස්‍රායල් යුධ ටැංකියකට ගලකින් ගැසීමට සැරසෙන දසුනක් මෙම පින්තූරයේ දැක්වෙයි. 1990 දී ගෙන ඇති මෙම පින්තූ‍රය ගත් කෙනා ගැන සදහනක් නැත. මෙම පින්තූරය මගින් මහජනයා ගෙන් නැගෙන අති විශාල ප්‍රතිරෝධය මනාවට පෙන්නු කරයි. තම රට වෙනුවෙන් වෙන කිසිදු උදව්වක් නැති වුවද ඕනම වෙලාවක තමන් සිටිනා බව හොදින් පසක් කරන පින්තූරයකි මේ.

ඍජුවම කොලනි පවතින 21 ශතවර්ශයේ එකම රට පලස්තීනයයි. එලෙසම 1948 සිටන් ලොව විශාලම එළමහන් සිර කදවුරත් පලස්තීනයයි.

6)
අවසන් පින්තූරය - The Ultimate Photo


(මෙය ව්‍යාජ පින්තූරයක් බව පසුව සොයා ගන්නා ලදී. මුලින්ම මෙය 
පෙන්නූ "ටාසන්" ට හා Himansa ට ස්තූති කරමි)


මෙහි ඇත්තේ සුනාමියට මොහොතකට පෙර පැමිණි වැලි කුණාටුවක ඡායාරූපයකි....!!!


මෙය මාගේ මෙම පින්තූර එකතුවේ අවසන් පින්තූරය වන අතරම මෙහි නමද "අවසන් පින්තූරය" යි. ඇතැමුන් දෙවියන් විශ්වාස කරන අතර ඇතැමුන් එසේ නොකරයි. නමුත් අප නිරතුරු මතක තබා ගත යුත්තේ ස්වභාවධර්මයත් සමග සසදන කල්හී අප ඉතා කුඩා බවය. මේ පින්තූරය දුටුවිගස මට නම් සිතුනේ වැලි කූණාටුවක් කියාය. ඒත් වැලි කුණාටුව අවසන් ඡායාරූපය වූයේ කෙලෙසදැයි මට ගැටලුවක් ඇතිවිය. නමුත් මෙහි ඇත්‍තේ සුනාමියක ඡයාරූපයක් ය. එය ඉතින් අවසන් ඡයාරූපය බව ආයේ අමුතුවෙන් ඇසිය යුතු නැත. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ දි ගත් ඡායාරූපයකි මේ.

මීටර් 20 ක් පමන ඉහල රළ පැමිණ තිබූ සුනාමියේ මෙම දසුන සොයා ගෙන තිබුනේ, සුනාමිය පැමිණ මාස 1 1/2 කට පසු ඩිජිටල් කැමරාවකිනි. මෙම පින්තූරය ගත් පුද්ගලයා කැමරාවේ බොත්තම එබීමෙන් පසු තත්පර කීයක් ජීවත් වූවාදැයි අපි කවුරුත් නෙදනිමු. නමුත් ඔහු මෙලොවින් සමු ගත්තේ ඔහු ගනු ලැබූ අතිශය දුර්ලභ ඡායාරූපයක් ලොවටම ඉතිරි කරමිනි. අපි කාටත් මරණය නියතය. "මාරයා" කවදා හෝ අපි කරා එනු ඇත. (ඒත් එයාට තාම ‍මගේ බ්ලොග් එක ෆලෝ කරන්න අමතක වී ඇත) එලෙස අප මෙලොවින් සමුගන්නා විට මේ ලෝකය වෙනුවෙන් නාමිකව හෝ නිරිනාමිකව යමක් කිරීමට වගබලා ගනිමු.

ඔන්න මාගේ කතාවනම් මින් අවසානය කියවූ ඔබ සැමට තැන්කූ ය. සුපුරුදු ලෙස කියන පරිදි ෆලෝ නොකරපු අය ෆලෝ කරන්න... කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා කවුරුවත්..

ප.ලි - මගේ මේ පෝස්ට් 4න් ඔයා වැඩියෙන්ම කැමති මොන පින්තූරයටද කියලත් කියල යන්න අමතක කරන්න එපා (පෝස්ට් එකේ අංකයයි, පින්තූරෙ අංකයයි දාන්න. උදා - 4,5)


29 comments:

  1. ඔන්න අද නං හොද ෆොටෝස් ටිකක් දාලා තියනවා එල

    ReplyDelete
  2. වටිනා කියන පින්තූර ටිකක්. විස්තරත් එක්ක තියෙන හින්දා වටිනාකම දෙගුණ තෙගුණ වෙනවා. බ්ලොග් එකත් Bookmark කරගත්තා.

    ReplyDelete
  3. අදත් වෙනද වගේම හොඳ ෆොටෝස් ටිකක් ........

    ReplyDelete
  4. පලවෙනි පින්තූරෙයි අන්තිම පින්තූරෙයි නියමයි.. .. කියන්න වචන නෑ.. මේ වාගේ පින්තූර ගැන දිගටම ලියන්න . ..

    ReplyDelete
  5. 4වෙනි පින්තුරෙනම් හරිම සංවේදියි.. මම මේ සිද්දිය දැන ගත්තේ අද.. පින්තූර ටිකනම් සුපිරියි ඇත්තෙන්ම...

    ReplyDelete
  6. නියම පින්තූර කතා ටිකක්. ගොඩක් දේවල් දැනගත්තා මේ පින්තූර ටිකෙන්. ඒ වගේම මල්ලි ලියපු පෝස්ට් 4ම හොදයි. ඒ නිසා මම එකක් හොදයි කියලා කියන්න යන්නේ නෑ. ඔන්න මටනම් මේ 4ම වටිනවා.

    ReplyDelete
  7. @කිඩෝ - ඇති යන්තං :D

    @uS - බෙහොම ස්තූතියි.. ෆලෝ පාරකුත් දැම්මනම් නරකද...!! ;-)

    @පන්සල් හංදිය - තැන්කූ අයියේ

    @සදරු අයියා - පින්තූර ටික නම් ඉවරයි.. බලමුකො තව අලුත් දෙයක් කරන්න.. :-)

    @දිනේශ් අයියා - ඒකනම් ඇත්ත... බොහොම ස්තූතියි

    @මදුරංග අයියා - බොහොම ස්තූතියි අයියේ... :-)

    ReplyDelete
  8. පින්තූර ටික සිරා කොල්ලෝ. විස්තර නිසා වටිනකම වැඩි වෙනවා. ඇඟ කිලිපොලා යනවා අර බුල්ඩෝසර් සීන් එක දැක්කම

    ReplyDelete
  9. මේ වගේ පින්තූර වලින් ජීවිතය ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.මේ බ්ලොගය මම දැන් නිතරම කියවන බලන එකක් වෙලා.

    ReplyDelete
  10. @කුරුල්ලා - එකනම් ඇත්ත... උබේ අලුත් පෝස්ට් එකත් මාර වටිනවා... තැන්කූ කමෙන්ට් එකට...

    @ජෝති ලංකා - බොහොම ස්තූතියි ඒ කිව්ව වචන ටිකට.. ඒක මට ලොකු හයියක්... :-)

    ReplyDelete
  11. අවසන් පින්තූරය අපිගැන ගොඩක් හිතන්න පොලඹවන දර්ශනයක්.....

    ReplyDelete
  12. අයි මොනාද ඉතින් සුපර් මාරියෝ සුපිරිම තමා . කැමතිම රූපය අන්තිමම එක .ඒකත් එක්ක හිතට ඇතිව හැඟීම විස්තර කරන්න අමාරුයි

    ReplyDelete
  13. කලින් වගේම ප්ට්ට පින්තූර ටික , අන්තිම පින්තූරෙනං උපරිමයි හිතා ගන්න්වත් බෑ අපිත් ඔය සුනාමියට මුහුන දුන්නනෙ 2004 දි ,
    9/11 ප්‍රරහාරයේදී ගොඩනැගිල්ලේ ඉහල මහලකින් පැනපු අයෙක් පහල පිහිටි ගසකට වැටීමෙන් දිවි ගලවා ගත් බව සදහන් ( මේ පුද්ගලයා වීමට ඉඩ ඇත )

    ReplyDelete
  14. පින්තුර පෝස්ට් ටික ඔක්කොම දැනුයි බැලුවේ. දැකපු වගේම නොදැකපු පින්තූරත් ගොඩක් තිබුනා.

    ඔන්න මමත් ෆලෝ කරනවා අද ඉඳලා....

    බුදිධි- සයිබර් යාය

    ReplyDelete
  15. අවසන් පින්තූරය තමා මම කැමතිම එක. ඒකෙ විස්තරේ කියෙව්වට පස්සෙ පින්තූරෙ වටිනාකම තවත් වැඩි උනා.

    ReplyDelete
  16. හුගක් වටින..ඒ වගේම ඒවා තුල සැගවුනු කතාවන් රැගත් මේ පෝස්ට් ටික හරිම අගෙයි.
    වෙනස් දෙයක් කරන්න ගත්ත සාර්ථක උන්සාහයක්.

    මම කැමතිම මේ පෝස්ට් එකේ අන්තිම පින්තුරෙට.
    මොකද .. සුනාමිය අපේ ජිවිතත් මුලුමනින් ම වෙනස් කල නිසා.

    ReplyDelete
  17. අයියෝ.. ඉවරද ?? අවසන් පින්තූරෙ තමයි කැමතිම එක

    ReplyDelete
  18. ඹරුනෙ බ්රෝ, පට්ට පිංතූර ටික

    ReplyDelete
  19. හැම පින්තූරයක් ම එකකට එකක් දෙවෙනි නැහැ..ඇත්තටම ඔයාගෙ උත්සාහය නම් අනර්ඝයි..පින්තූරය පිටි පස්සෙ තියන කතාව ලියන එකනම් ගොඩක් වැදගත්.
    ස්තූතියි..

    ReplyDelete
  20. මමනං කැමතිම ''අවසන් පින්තූරයට''
    ඒ වෙලාවෙ ඔය පෙනෙන නිවෙස් වල මිනිස්සු තමන්ට එලඹෙන අනතුර ගැන මොකුත්ම නොදැන මොන මොන දේවල් කර කර ඉන්න ඇත්ද... :((

    ReplyDelete
  21. 6weni photo eka boruwak. Oka Lankadeepa paththareth oya widiyatama dala thibuna.
    http://www.hoax-slayer.com/tsunami-wave-sumatra.shtml

    ReplyDelete
  22. @ Himansa,
    Good finding.

    @ Super Mario
    Just change the caption, Any way we can't devalue the picture as it is still superb.

    ReplyDelete
  23. @Chiran - ඒක නම් ඇත්ත

    @බුවා - තැන්කු තැන්කූ

    @සමීර - ස්තූතියි අයිඩියා එකට.. මෙයාද දන්නෑ හරියටම

    @බුද්ධි - බොහොම ස්තූතියි.. ඇඩ්රස් එක හොයා ගත්ත ගමන් මමත් එනවා ඔය පැත්තට :D :D

    @පිණිබිදු - බොහොම තැන්කූ :D

    @නිල් අහස - බෙහොම ස්තූතියි අදහස් වලට..

    @පොඩි මෑන් - අලුත් දෙයක් දෙන්නම් ආයෙ ලගදිම ඉවසන්න එතකන්.. :-)

    @Network දිසා - තැන්කූ තැන්කූ..:-)

    @Lucky - ඔයාටත් ස්තූතියි ප්‍රතිචාරයට :-)

    @තාරක - තැන්කූ මචං :D :D :D

    @තාරකාවී - තැන්කූ අක්කේ...

    @මකුළු පැංචි - ඒකනම් ඇත්ත බොහොම ස්තුතියි ප්‍රතිචාරයට :-)

    @Himansa - මමත් දැක්කෙ ඕක පෝස්ට් එක දැම්මයින් පස්සෙයි.. මටත් ඕක ගැන සැක හිතුන නිසයි මම මෙහෙම දැම්මේ //මේ පින්තූරය දුටුවිගස මට නම් සිතුනේ වැලි කූණාටුවක් කියාය. ඒත් වැලි කුණාටුව අවසන් ඡායාරූපය වූයේ කෙලෙසදැයි මට ගැටලුවක් ඇතිවිය.//

    ස්තුතියි කිව්වට...

    @ලකී - දැන් ඉතින් වෙනස් කරල වැඩක් නෑ නේ.. :D

    ReplyDelete
  24. අන්තිම පින්තූරෙ දැක්කම ඇගේ මයිල් කෙලින් උනා...

    ReplyDelete
  25. @මෙලන්ග අයියා - හික් හික්... තැන්කූ අයියේ මේ පැත්තේ ආවට :D

    ReplyDelete
  26. මම නම් වැඩියෙන්ම කැමති දෙවනි පොස්ටුවේ ඇපල් සීන් එකටය
    ඒ මොනවා උනත් ඔක්කොම පට්ටාය......

    ReplyDelete
  27. @බීටා - තැන්කූ බීටා මලයො අදහසට. කාලෙකින් මේ පැත්තට ආවෙ නේද..!!

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...