Saturday, April 2, 2011

ඩොටේ නගා ටාසන් ට ලියූ පෙම් ලිපියක් හසුවේ.....

ටාසන් කාරයා මගේ බ්ලොග් එකට රිංගලා කරපු දේ මම දැක්කෙමි.. ඌ ඒක කියන්න මගේ බ්ලොග් එක පාවිච්චි කරපු එක කුජීතය. ඒක ඌට ෆේස් බුකියේ දාන්නට තිබුනාය. දකුණේ අපි සෙකන්ඩ් වෙන්න කැමති උන් නොවෙමු. මට ලගඳී උගේ මේසය උඩ තිබිලා මරු ලෙටර් එකක් හම්බ විය. ඌ මට කල වැඩේට මේ මගේ රිටර්න් එකය. ලියුමේ සමහර තැන් පැහැදිලි නැත. ඒවා මම පස්සේ දාන්නම්. දැනට මේ ටික කියවන්න.


හයි සෝන් එකේ තෙල් ටෑන්ක්ස් එකක් උඩ ඉඳන් ලියමි..


ආදරණීය ටා... වෙත. 


මම මේ ලිපිය ලියන්නේ මගේ ආදරය මෝර මෝරා යන වෙලවකය. අපි තවත් හැංගි හැංගී නාඩගම් නටා තේරුමක් නැත. කඳානේ ඔටෝ පාර්ට්ස් ද දැන් අබිලිං මාමා එක්කමය. උන් දෙන්නාට දැන් තැනක් නොතැනක් නැත. ලගඳී කොල්ලුපිටියේදී නැටූ නාඩගම් ඕප දූප ප්‍රොජෙක්ටුවෙන් ඔයා දකින්නට ඇතැයි සිතමි. ගම්පහ පැත්තේ කෝච්චි එන්ජිමත් දැන් රේල් පීලි උඩමය. ඒකි නැත්තම් කෝච්චියද දුවන්නේ නැති ගානට ඒකත් දැන් දුර දිග ගොස් ය.


ඔයා ලඟදී අලුත් ගෙයක් මටත් නොකියාම ගත්තා කියා ආරංචිය. ඒකෙන් කොටසක් රෙන්ට් කරන්න යනවා කියලත් ආරංචිය. ඉතින් ටා.. ඔයා ඒක මට රෙන්ට් කරන්න. එතකොට අපි අසල්වැසියෝය. ඉතින් අපිට අසල් වැසියන්ට ප්‍රේම කර කර ඉන්නට පුලුවන් ය.


මම ලඟදී ඩී.එන්.අයි. ටෙස්ට් එකක්ද කර ගත්තෙමි. ඒකෙනුත් මම උඩින්ම පාස් ය. ඒ නිසා ඔයාට බයවෙන්න උවමනාවක් නැත. මගේ ලඟ වයිරස් නැත. ඇත්තේ අවංකම අවංක ආදරයක් පමණි.  ඔයා මගේ කුලුඳුල් පස්වෙනි ආදරය ය. මට දෙන්න තවත් කුලුඳුල් ආදර මම ලඟ ඉතිරිව නැත. ඒ නිසා මට ඔයාව නැති කරගන්නට බැරිය.


අර යෝධ මාවතේ යෝධයා අපි දෙන්නා අතරට තවත් එක්කෙනෙක් එන කතාවක් කිව්වා මතක ඇතැයි සිතමි. ඉතින් ටා.. ඔයා කැමතිනම් මමත් ඒකට එක පයින්ම කැමතිය.


ඔයා මේක කියවලා ඉරල වීසි කරල දාන්න.. අර මාරියෝ කාරයාට මේක අහු උනොත් අපි දෙන්නාට වෙන්නේද අබිලිං ජෝඩුවට උන දේය. මම දැනට නවතින්නම්.


මීට ඔයාගෙම ආදර ඩොටේ නඟා...
_______________________________

මෙය අවුරුදු 18 ට අඩු අය කියවීමෙන් වලකින්න...

8 comments:

  1. //ඇත්තේ අවංකම අවංක ආදරයක් පමණි. ඔයා මගේ කුලුඳුල් පස්වෙනි ආදරය ය//
    හප්පොච්චියේ මෙහෙමත් එකෙක්

    ReplyDelete
  2. චික්.. මම මේකට සම්පූර්නයෙන් විරුද්දයි. අනුන්ගෙ පෙම් හසුන් කියවන එකනම් හරිම කැතයි කැතම කැතයි.. ලොල්ය.. බ්වෑක්...

    ReplyDelete
  3. මෙලන්ග අයියා:- ඔව් හද්ද ඩොටේ
    සුලැගිල්ල:- ඇයි ඔයාගෙ ලෙටර් එකකුත් මාට්ටු උනා වත් ද?

    ReplyDelete
  4. සුළැඟිල්ල නෙවෙයි මැදඟිල්ල :O

    ReplyDelete
  5. අනේ මේ මෙතන උඹ කුරුල්ල පෙන්නන්නෙ නැතුව හිටු...

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...