Wednesday, March 16, 2011

සුපර් මාරියෝ ගේ ලෝකයේ කට්ටිය...



සුපර් මාරියෝ ගැන කතා කරන කොට සුපර් මාරියෝ ගෙ කෲ එක ගැනත් කතා නොකරම බැරි නිසා මම හිතුවා ඒ ගෑන ඉස්සෙල්ලම කතා කරන්න...

පලවෙනි පාර උසස් පෙලත් කෙල උන හින්ද සෙකොන්ඩ් ශයි එක කරන ගමන් ස්ලිට් එකේ ඩිග්‍රී එකකුත් පටන් ගත්තෙ ජීවිතේ වරදුන තැන් ටික හදා ගන්න...(දෙවනි පාර ලෝකල් යුනිවර්සිටි යන්න පුලුවන් වුනත් නොගියේ මේ කියන්න යන කට්ටිය දාල යන්න මේ පුන්චි හිතට මොකද්ද වගෙ නිසයි..).සුපර් මාරියෝ ගේ ජීවිතේ වෙනස් කරපු තෑනක් තමයි ස්ලිට් එක. ඒක නිසා මම හිතුවා එතනින්ම කතාව පටන් ගන්න. නෑතුව ගමේ යාලුවෝ සෙට් එක අමතක කරා නම් නෙවෙයි..

ඔන්න සෙකොන්ඩ් ශයි එක කරන්න බද්දෙ සර් ගෙ ක්ලාස් ගිහිපු දවසක සුපර් මාරියෝ දැක්ක නිකන් දස මහ යෝදයන් ගෙන් ඉතුරු වෙච්ච පොරක් ක්ලාස් ඈවිල්ල ඉන්නවා. කතාවෙන් කතාවෙන් බලද්දි පොරත් ස්ලිට් එකට ගිහින් උසස් පෙල කෙල වෙච්ච් නිසා අයෙ ඒ ලෙවල් කරන්න සෙට් වෙච්ච් එකෙක්. එයා තමයි දැන් ස්ලිට් එකේ ඉතුරු වෙලා ඉන්න අයගෙන් මුලින්ම හම්බෙච්ච යෝදයා. ආදරේ ට කියන්න "පචා" කියල. (ඒකත් එයාම දාගත්ත නමක්.. ;-))
එදා ඒ ක්ලාස් එකේ මේ යකා මගෙ දකුනු පැත්තෙන් ම හිටියෙ දෛවයේ සරදමකට දෝ කියලයි මේ සුපර් මාරියෝ ට නම් හිතෙන්නේ.ඇවිදිද්දී සකල සරීරෙම සරල අනුවර්තී චලිතයේ යෙදෙන මේ කගේ බර කිලෝ 120 ටත් වැඩි කියලයි ආරංචි වෙන්නේ.


ඊලගට කියන්නම් තව එකෙක් ගැන.මේ යකා මාතර හාදයෙක් මෙයාට ආදරේ ට කියන්නෙ ටාසන් කියල.ඒ නම නම් වැටුනේ මේ යකා කොන්ඩෙට දාන ගිනි විජ්ජුම්බර නිසා. මෙයාගෙ "වැල්" වලටත් ලොකු සම්බන්ද්යක් තියන නිසා ඒ නම ගොඩක් හරි කියලයි සුපර් මරියෝ ට නම් හිතෙන්නේ... මාලබේ යාලුවෙක් මෙයාට කෙල්ලෙක් සෙට් කරල දෙනව කියල හොද දතකුත් පන්නල කියල තමයි ආරන්චි වෙන්නේ...

බෙන්තර ගගෙන් මෙහා ඉන්න දකුනෙ සිරා පොරවල් නම් ඔච්චරයි ඉන්නේ...දැන් කියන්නම් බෙන්තර ගගෙන් එහා,ඒ කිව්වෙ කොලඹ පැත්තෙ කට්ටිය ගැන...

ඔන්න ඉස්සෙල්ලම සුපර් මාරියෝ ට මතක් වෙන්න කොට්ටාව පැත්තේ හිත හොද කොල්ලෙක්ව. මාත් ඉතින් ගියා නොවැ ඒ පැත්තෙ ප්‍රොජෙක්ට් එකක් කොරන්න ශොපින් කාර්ට් එකක. ;-).. 

මෙයා ගැන කියනවනම්,මුලින්ම කියන්න තියෙන්නේ මෙයා වාහනයකට නැග්ගහහම වාහනයට කතා කරන්න පුලුවන් නම් වාහනය මුලින්ම කියන්නේ "බුදු අම්මෝ... මෙන්න සොයියා වාහනේට නැග්ගෝ..... මාව බේරගනියෝ......" කියලාය.ඒ තරම් මෙයාගේ වාහන එලවීම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ය.  දන්න එක්කෙනෙක් වාහනේට ආදරේ නම් මෙයාට වහනය දෙන එකක් නෑ කියලයි සුපර් මාරියෝ ට නම් හිතෙන්නේ... 
(ප.ලි. එදා කඩවත ඉදන් ගාලු පාර වෙනකම් ආපු ගමන නම්, සුපර් මරියෝ ටත්, ටාසන් ටත්, පචා ටත්, කවදාවත් අමතක නොවනු ඇත).   

ඊ ලගට තෝර ගත්තා මාරවිල කොන්ඩෙ කුරු හදයෙක් ගැන කියන්න. මෙයාගෙ ලැන්ග්වෙජ් පැකේජ් එක මේ දවස් වල හොදටම අවුල් වෙලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඔටෝ ටියුන් වෙලා දීපු ආතල් නම් එමටය. ඒවා සෙකන්ඩ් උනේ "අපේ සින්හල ජෝක්ස්" වලට විතරයි කියලයි සුපර් මාරියෝ ට නම් හිතෙන්නේ.

"අපේ සින්හල ජෝක්ස්" කියන කොටම මතක් වෙන්නෙ අපේ බැජ් එකේ රෙපා නඩිසා ය. තවත් එඩිතර ඕන වැඩකට අත ගහන කොල්ලෙකි. මෙයා කුලියාපිටිය ගොස් දීපු ආතල් කීමට මට අවසර නැත. අපේ කැම්පස් එකේ දීපු ආතල් කීමට මේ බ්ලොග් එක මදිය. ලෙක්චර්ස් වල දොයියා ගැනීමේ හසල හැකියාවක් ද මොහු සතුය. එය මොහුගේ විනෝදාන්ශය ය.    

මෙච්චර වෙලා කිව්වෙ කොල්ලො ගැනනෙ.කෙල්ලෙක් ගැනත් නොකිව්වොත් ඒක හරි නෑ නෙ. ඉතින් එතකොටම මතක් වෙන්නෙ කොල්ලුපිටියෙ වගේම මාලබේ ත් සුප්‍රසිද්ද "ඩොටේ නගා" ය. ඩොටේ නගා කියන්නේ මේකි ඉන්නෙ හද්ද ඩොටේ නිසාය. කොච්චර ඩොටෙ ද කියනවනම් Sprite බෝතල් මේකිගෙ ගමට එන්නේද එක්ස්පයර් වෙන්න ඔන්න මෙන්න තියලා ය. 

දැනට මම මෙතනින් නවතින්නේ මගෙ ටයිපින් ස්පීඩ් එක තවම හොද නැති නිසාය.මේ ටික ගහන්නත් රවුටර් විස්සක් විතර කොන්ෆිගර් කරන්න යන වෙලාව ගියා ය. ලගදි ම මේකෙ ඉතුරු ටික මම කොන්ටිනිව් කරනවාය..
සුපර් මාරියෝ.

5 comments:

  1. loweth nae lowi gaheth nae machan.....

    ReplyDelete
  2. පට්ට.... පට්ට............

    //කොච්චර ඩොටෙ ද කියනවනම් Sprite බෝතල් මේකිගෙ ගමට එන්නේද එක්ස්පයර් වෙන්න ඔන්න මෙන්න තියලා ය. //

    ReplyDelete
  3. හික් හික්.. ඒ කතාව ඇත්ත මලෝ.. මට වෙච්ච දෙයක්. මම ඔය කියන කෙල්ලගෙ ගමෙන් ස්ප්‍රයිට් එකක් ගත්තා. ඒක එක්ස්පයර් වෙලා මාසයක් ගිහිල්ලා. එපාර මම ඒක කඩේට කිව්වම මුදලාලි කිව්වම මිනිහ කිව්ව "මේව ආවෙ ගිය මාසෙ" කියලා.....

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...