Monday, March 28, 2011

සුපර් මාරියෝ ට ස්ලිට් කුරුල්ලා මුන ගැසේ...



එදා හවස 4 ට විතර සුපර් මාරියෝ ගේ ජංගම දු.ක. හදිස්සියේ කෑගැසීමට විය. අරං බැලීනම් බොක්කේ ෆිට් එකකි.

"මචන් මම දැන් එනවා උබව මීට් වෙන්න". 
ඔහු කීය.

"ඕකේ මචං මම ******* ඉන්නවා උබ වරෙන්". මම කීවෙමි.


ටික වෙලාවකින් ඔහු පැමිණින. මා දුටු විගස මුලින්ම ඇසුවේ සුපර් මාරියෝ උඹලා ගේ එකෙක් නේ ද?  යන්නය.

කුරුල්ලා මේක දැනගත්තත් මූ මේක දැන ගැනීමට කොහෙත්ම බැරිය. මගේ සැකය තවත් වැඩිවිය. 

"ස්ලිට් කුරුල්ලා උඹ නේද?" මම ෆිෆ්ටි ෆිෆ්ටි තියාගෙන ඇසිමි.

ඔහුට කට උත්තර නැතිවිය. ටික වේලාවක් කල්පනා කර "ඔව්" කීය. 

ස්ලිට් කුරුල්ලා මුනගැසීමේ සිද්දිය නම් මේකය.

බලාගෙන යනකොට දෙන්නාටම බ්ලොග් ලිවීමේ අදහස ඇවිල්ලා තියෙන්නේ එක්කෙනෙකුගේ බ්ලොග් එකක් නිසාය.. ඒ වෙන කවුරුවත් නෙවෙයි ය. ඒ රත්ගමයා ය. රත්ගමයාත්, ස්ලිට් කුරුල්ලාත්, සුපර් මාරියෝත් ඉගෙන ගත්තේ ගාලු පුරවරයේ ඇති කීර්තිමත් ම විද්‍යාලයෙනි. තිදෙනාම එකම වයසේය. මට කුරුල්ලා හා රත්ගමයා යන දෙදෙනාම මුලින්ම හමුවන්නේ 7 වසරේදී ය. රත්ගමයා නම් ඒ කාලයේ සිටම මෙහෙමය. ඒත් කුරුල්ලා අහින්සක චරිතයකි. රත්ගමයා වගේ කුප්ප හෝ වාචාල නැත. දැන් නම් දෙන්නාම මාර එක්ස්පීරියන්ස් පොරවල් ය. උන්ගේ බ්ලොග්ස් දැක්කාම ඒක සිරාවටම පේනවාය.

සුපර් මාරියෝට මුලින්ම බ්ලොග් ලියන්න හිතුනේ ද රත්ගමයා ගේ බ්ලොග් එක දැක්කම  කියලා මම කලිනුත් කිව්වද, සක්‍රීයන ශක්තිය ඉක්මවා ගියේ ස්ලිට් කුරුල්ලාගේ මුල්ම බ්ලොග් එක දැක්කාමය.

ස්ලිට් කුරුල්ලා ලියන බ්ලොග් වල අතින් දාන කෑලි වැඩිය. ඒ නිසා එවා සිරාය.. සුපර් මාරියෝට බොරු කීමට පුරුද්දක් නැත. ඒ නිසා මගේ ඒව්වා එතරම් සිරා නැත.

කුරුල්ලා මේ දවස් වල කෑල්ලට ලිව්මක් ලියන බව ආරංචිය. ඒකා කොලඹ ආවත් හරි මේ කෑල්ලට ලියන මුල්ම ලිපිය ය. කෑල්ල මුගේ බ්ලොග් එක දැක්කොත් එක්කො ඒකි මේකාව පරිස්සම් කරන්න කොලඹ එනවාය. නැත්තම් මූ එහෙ ගෙන්න ගන්නවා ය.

කෙසේ වුවත් දැන් ස්ලිට්ටරේ බ්ලොග් ගැන වැඩිපුර කතා කරනවා ය. එකෙක් අවුරුදු ගානකට කලින් හදාපු බ්ලොග් එකක් මුල්ම ලිපිය දැම්මේද ලගඳීය. වේලි වේලි තිබ්බ බ්ලොග්ස් ද දැන් අලුත් පනක් ලබා ඇති බවක් පෙනේ.. මේ ඔක්කොටම මුල් ගල තැබුවේ කුරුල්ලා බව කිව යුතුය. එය යුතුකමක් ය. ඉන්පසු ඇතිවූ පසු කම්පන සඳහා සුපර් මාරියෝ ගෙන් ද බල පෑමක් ඇති වි ඇති බව නොරහසකි. එය මට පුංචි ආඩම්බරයකි....


____________________________

ප.ලි. :- මෙහි කුරුල්ලාගේ අනන්‍යතාවය හෙලිවන කරුණු වසන් කර 
            ත.           

11 comments:

  1. සුරිපි මාරි අය්යේ දැම්ම ෆලෝ පාරට ඉත්තූති හොදේ

    ReplyDelete
  2. ස්තුති වේවා මචෝ...
    කෑල්ලට ලියන්න ටික දවසක් යයි. ඒක ටිකක් සංකීර්ණ ප්ලෑන් එකක් මචං

    ReplyDelete
  3. එල එල දාපු ගමන් කියපන්.. මම දෙන්නම් පුල් පබ්ලිසිටියක්..

    ReplyDelete
  4. අඩෝ...මම ද දැන් ගුරා...
    අම්මට සිරි...මම හෙන චරිතයක් නේ...උඹලට මගේ අත්සන් ඕන්ද? හික් :) ඉකේයියා

    ReplyDelete
  5. රත්ගමයා වෙත :-
    උඹ හිත හිටියට උඹ හෙන පොරයි කියල මුලු ගාල්ලම දන්නව උඹ හෙන නෝන්ඩි චරිතයක් කියලා....

    ජස්ට් අ ජෝක්. ටේක් ඉට් ඊසි..

    ReplyDelete
  6. ලොල්ය... රත්ගමයාගෙ චූ කාලෙ පිට් නම් මාරය. :P මාර චූ කාලෙ.. 7 වසර නේද??

    ReplyDelete
  7. රත්ගමයා ගැන ඉතින් මොනවා කියන්නද..

    ඔන්න මමත් මෙ පැත්තට ආවා...

    ReplyDelete
  8. බලාගෙන යද්දී රත්ගමයා මාර පොරක් තමයි හීනියට හිටියට....

    ReplyDelete
  9. එල එල... කට්ටියම ආදරයෙන් පිලිගන්නවා...

    ReplyDelete
  10. හප්පේ... උඹ රත්ගමයාගේ යාලුවෙක්ද? මටත් එහෙනම් මුලින්ම අහන්න වෙන්නේ.. "උඹ ගේ ද?" කියලා තමා... :D

    ReplyDelete
  11. බය වෙන්නට කාරි නැත. මම ඌව ඉස්කොලෙ කාලෙ ආශ්‍රය කරේ අතේ දුරින් ය. අනික අපේ ඉස්කොලේ ගේ චරිත නැත. ලොල් ....

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...